ඔව් ඇත්තටම හිතුනා. ඒකාකාරි උනා. මැද වියේ ක්රයිසිස් එකට මුහුණ දුන්නා.
ජිවිතේ වැඩි කාලයක් ඉගෙන ගෙන,ලොකු කැපවිමක් කරලා තැනකට ඇවිත් සස්ටෙන් වෙද්දි ඒකාකාරි ජිවන ගමනක යෙදෙද්දි මේකද මෙිවා කලේ කියලා හිතෙනවා. ලමයි හැදුවා. උන් ගේ කෙලිකම් හැමදාම නැ. ලොකු වෙද්දි උන් ස්වාධින වෙනවා. ඒ වෙනසත් ඉවරයි. අපි දෙන්නා නැවත මුලට.
ඉතින් මම ෆිල්ම් නෙනෙවත්වා බලන්න,පොත් කියවන්න, සංවාදයට යොමු වුනා. මේක කෙටි කාල සිමාවක ලොකුවට කරපු නිසා ඒකත් එපා වුනා. පස්සෙ ෆිල්ම් බැලිල්ල පවා එපා වුනා, මොන අලුත් කතාව උනත් යද්දි තේරෙනවා.
මම ඒකට හේතුව සොයාගත්තා.
වයසට යද්දි අපිට අලුත් ඉලක්ක නැ. ඒවාට මොටිටවසන් දෙන දෙයක් නැ.ඉතින්මම ජිවිතේ ඉදිරි කාලේ සති වලින් ප්ලැන් කලා. මම ජිවත් වෙන්න හිතන්නේ ව අවුරුදු 15කට.. ඒක සති වලින් බලලා මේ සති වල මට කරන්න පුලුවන් වැඩ හිතනවා. හැම සතියම මට ඉලක්කයක්. වේගවත් ගමන ස්ලො කරලා සති ගානට වැඩ.
අලුත් දෙයක් ඉගෙන ගන්නවා. පාටි දානවා. රටකට යනවා. හැබැයි සතියෙ ඉලක්ක වලට.
වෙනසක් ඔනා උනානම, ස්ලො වෙලා ප්ලැන් කරන්න. මැද වියකදි උනත් ජිවිතේ පටන් ගන්න පුලුවන්.