බරපතල කාරනා දෙක තුනක් මේ කතාවේ තියෙනවා .
1. උඹට කියන්නේ නැතුව පින් අතේ වැඩක් තියා බුදු හාමුදුරුවන් හම්බෙන්න උනත් අරුත් එක්ක ගියපු එක. කෙල්ල අරූගේ තර්ජන හින්ද අසරණ උනා වෙන්න පුළුවන් නමුත් කරන්න දෙයක් නැහැ.
2. රැයක් තමන්ගේ කලින් පෙම්වතා එක්ක නතරවීම. (නිදා ගත්තද නැත්ද කියන එක වෙනම කතාවක්) සහ එදා රෑ වෙච්ච දේ මොනවද කියල උඹ හරියට දන්නේ නැති එක.
3. පින් අතේ වැඩක් උනත් මට නම් හිතෙන්නේ ඌ කෙල්ලව දවසකට හරි ලඟට ගන්න කරපු උප්පරවැට්ටියක් විදියට.
කෙල්ල මෙතැනදී වෙන කරන්න දෙයක් නැතුව අසරණ උනා වෙන්න පුළුවන්. හැබැයි උඹේ පැත්තෙන් උඹ කරන්න යන්නේ අනුන්ගේ පව් ගොඩකට කර ගැහීමක්.
උඹේ පැත්තෙන් උඹ ගන්න ඕනේ හොඳම දේ තමයි ඔය කෙල්ලව අත් හරින එක. එහෙම නැත්නම් දෙන්නම වෙන රටකට හරි යන්න ඕනේ. එහෙම නැතුව උඹ කවද හරි බැන්දට පස්සෙත් ඔය කලින් කොල්ල ඔය විදියටම පස්සෙන් ආවොත් උඹ අමාරුවේ වැටෙනවා. (උඹ ඒ කෙල්ලව බඳින්න හිතා ගෙනයි ආශ්‍රය කරන්නේ කියන උපකල්පනය මතයි මේක ලියන්නේ.)
ආදරේ කරනකොට උඹට හිතෙන්නේ ඒ කෙල්ලවමයි ඕනේ මොනවා උනත් මන් බඳින්නේ එයාවමයි. මට වෙන කවුරුර්ත් හරියන්නේ නැහැ. එයා නැත්නම් මම ජීවිතේටම නොබැඳ ඉන්නවා... ඔය වගේ එකී නොකී මෙකී දහසක් දේවල් උඹේ හිතට එන්න පුළුවන්. උඹ සාමාන්‍ය පුද්ගලයෙක්නම් ආදරය සම්බන්දයෙන් ඔය අදහස් සියල්ල උඹට එන එක සාමාන්‍යයි. එහෙම එන්නේ නැත්නම් තමයි අසාමාන්‍ය. ඔය කතාව මේ කියන මටත් අපි හමොටමමත් පොදු සාදකයක්.
හැබැයි ඒක නෙමෙයි සත්‍ය. ආදරය, සත්‍ය අපෙන් වසන් කරනවා. තව ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවා මේ ලෝකේ. ඔය කෙල්ල නැති උනා කියල උඹට කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඕකට විසදුම් දෙන්න පුළුවන් කාලයට විතරයි.
මම නම් කියන්නේ නිකන් හරකෙක් නොවී ඔය කෙල්ලව අත ඇරපන් කියලයි.