කොල්ලා(ෙපාඩි කතාවක්)

simsam

Member
Apr 20, 2013
96
29
0
Matara
කතාවකොටස් දෙකකට කැඩුවෙ ටයිප් කරන්න අමාරැ නිසා.උඹල මේක කියල ඉවර වුණාම මට බනින්න එහෙම එපා.එක්කො බැන්නත් කමක් නෑ..:rolleyes:

ඔන්න මම කලින් කිව්වනෙ සතා කෑලි දෙකකට කැඩුන කියල කොල්ලගෙ ගෙදර ලගට එද්දි.කොල්ල ඒක දැකල ගල් උනා.ඒ ලැජ්ජාවට.ලැජ්ජාව තේ හැදි දෙකක් විතර..මොකද දන්නවද කේස් එක.අර සතා කෑලි දෙකකටනෙ කැඩුන කිව්වෙ.මචංලා ඒ කෑලි දෙකක්ම තමයි.කෑලි දෙකක් කිව්වෙ කෑලි දෙකක් ඒ කියන්නෙ කෙල්ලො දෙන්නෙක්. ...:love:

මේ ඇවිල්ල ක්ලාස් යන කෑලි දෙකක්.මේ ගෝතයට ඒ කෙල්ලො දෙන්න පෙනිල තියෙන්නෙ සතෙක් වගේ.ඇයි හෙන දුරින්නෙ දැක්කේ ඒකයි සීන් එක.කොල්ලට තේරැනා මේ බස් එකක් අල්ල ගන්න මේන් රෝඩ් එකට යන කෙල්ලො දෙන්නෙක් කියල.හරි හරි ඒව බල්ලට දාමුකො.දැන් මේ අසරණය ගැන පොඩ්ඩක් බලමුකො.

(ඒක නෙවෙයි මචන් කැලි දෙක කොහොමද????:frown::frown:අපෝ ලැඡ්ඡාවක් නැද්ද බන් ඕව අහන්නෙ..කමක් නැ අහපු නිසා කියන්නම්.පට්ටයි ඕයි කෑලි දෙක ඇඩෙනවා.Rateඑක 8.5-9 විතර)

කොල්ල බිම බලා ගත්ත ඇස් දෙක අමාරැවෙන් අඹරල අඹරල අර පැත්ත බලන ගමන් අතුගානව.කෙල්ලො දෙන්න එන්නෙ පාරෙ දකුණු පැත්තෙන්. කොල්ලගෙ ගේ තියෙන්නෙත් ඒ පැත්තෙමයි.පාරෙ අයිනෙන් ගියපු කෙල්ල මොනවද මන්ද අනිත් කෙල්ලත් එක්ක කියවනව ඉවරයක් නැතුව.අනිත් කෙල්ල වැඩි සද්දයක් නෑ ලේන්සුවත් අතේ තියාගෙන ඔහේ පාර දිහා බලාගෙන එනව.දැන් එන්න ගේ ලගටම මේ දෙන්න ටික ටික ලං වෙනව.කොල්ලට දැන් ලැඡ්ඡාව බාල්දි එකහමාරක් විතර.කෙල්ලො දෙන්න ඔහොම එනකොට පාර පැත්තෙන් අපු කෙල්ල කොල්ලව දැක්ක.කොල්ලත් ඒක දැක්ක ඒ උනාට දැක්කෙ නෑ වගේ හිටිය.වැඩේ කියන්නෙ දැන් අර කෙල්ල ඒ පැත්ත බලාගෙනම පාර දිගේ එනව.මේක දැකපු අනිත් කෙල්ලත් කියවිල්ල නවත්තල ඒ පැත්ත බැලුව.:P:P

කොල්ලට ඇහුන පාර පැත්තෙන් “හික්‘ ගාල සද්දයක් එනව.බැලින්නම් අර පාර පැත්තෙන් ආපු කෙල්ල අතින් කට වහගෙන හිනා වෙනව.ඒකිගෙ හිනාවට ද කොහෙද අනිත් කෙල්ලත් ලේන්සුවෙන් කට වහගෙන හිනා වෙනව.දැන් නම් කොල්ලට ලැඡ්ඡාව බාල්දි 10ක් විතර.ඒ මදිවට තරහත් ගිහින් ඇයි යකෝ දැන් කාලෙ කොල්ලෙක්ට කොස්සක් ඉදලක් අල්ලන්න හොද නැද්ද??ඒව ඇල්ලුවම හෙන ගහනවද?ඒක මේ මැටි කෙල්ලො දෙන්නට තේරෙන්නෙ නැති හැටි.කොල්ලට දැන් අදහස් පහල වෙන්න පටන් ගත්ත මොකද කරන්නෙ?ඉදල බිම දාල අන්ඩාගෙන ගෙට දුවනවද..චෑ චෑ ඒක හරි නෑ ඒව පොඩි කාලෙ කරපු වැඩනෙ.අනික පිරිමිකමටත් හරි නෑ අප්පා.එහෙම නැත්තම් හොද දෙකක් කියනවද මුන්ගෙ හිනාව නවතින්න:no::no::no:.

නෑ නෑ ඒක කැතයි.මොනව උනත් කෙල්ලොනෙ.එච්චර දරැණු වෙන්න ඔනෛ නෑ.බල්ලො බිරැවට කදු පහත් වෙන්නෑ කියල හිත හදාගෙන කොල්ල දිගටම අතුගෑව.හිනා සද්දෙ දැන් ටිකක් තදට ඇහෙනව.කොල්ල අතුගාන පාරට පොළවත් හෑරෙනව දැන්.:lol::lol:
මේක මම හිතුවට වඩා දිගට යනව.ඒක නිසා මේක තව කොටසකට කඩන්න වෙනව.ඕන කමින් කරනව නෙවෙයි.මීළග කොටස දානකොට සීන් එක කොට කරල දාන්නම්.හිතෙන දේවල් කමෙන්ට් කරන්න.බම්ප් උනත් කමක් නෑ.


5 පිටුව බලන්න
 
Last edited:
  • Like
Reactions: prageeth119lk