කොල්ලා(ෙපාඩි කතාවක්)

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ඇයි යකෝ උබ මේ අපි වගේ අහිංසක කොල්ලොන්ගේ කුතුහලේ මේ විදියට අවුස්සන්නේ?? :growl::growl::P
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    කෝ බොල උඹ බණ්ඩාරවෙල ගියාද අර ටන්කෙද ටකරන්ද කියන එකත් එක්ක :baffled::baffled:
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    ඔන්න ඉතින් ඒව එහෙම වෙද්දි කොල්ල ගම වටා ඇවිද ඇවිද දවස ගත කරා.ඌ කෑවෙ බිව්වෙ කොහෙන්ද අරකද මේකද අහන්න එපා.එදා හවසත් ටන්කෙ පීරිසි දඩයමේ ගිහින් තියනව කියල කොල්ල පසුව දැනගත්ත.එදා රෑ කොල්ලො සෙට් එක ඉතින් පොඩි පාටියකුත් දැම්මලු මුංගෙ ගෙදර . උඹලත් ඉතින් පාටි දානවනෙ. එතෙන්දි ප්රැකාශයක් නිකුත් උනා ගමන සෙනසුරාදට කල් ගිය බව.ගොඩක් විරෝධතා එහෙමත් තිබ්බ ඒ ගැන..:yes:

    ඔන්න පසුදාට පහන් උනා කොල්ලට ඊයෙ කේස් එක වැඩිය මතක නෑ.ඇයි ඊයෙ පාටි තිබ්බනෙ ඒකයි.මූ එලියට බැහැල කබ කඩ කඩ ගිහින් බලු කූඩුව ඇරිය ඌටත් ඉතින් නිදහසක් තියෙන්න එපැයි.ඒ නැතත් මේකව එලියට දැම්මෙ නැත්තම් කූඩුවෙම මලපහ කරගන්නව කිසි ලැඡ්ඡාවක් නැතුව.:eek::eek:බල්ලනෙ ඉතින්..කූඩුව ඇරපු ගමන් ඌ දිව්ව බරවල් නිදහස් කරගන්න.ඒ කරල කොල්ල ගියා ගේට්ටුව පැත්තට ඒක හරියට වහලද බලන්න නැත්තං බලු තඩිය පාරට පැන්නොත් මාස ගානකට අල්ලල හමාරයි.අනික ඌ හෙන වසයි, පාරෙ යන එකෙක්ව අල්ලන් කාල දැම්මොත් දානෙ දවසට පොලීසියේ හිර දානෙ තමයි කන්න වෙන්නෙ.හිර බත් තියනවනම් හිර දානෙත් ඇතිනෙ එහෙ.කොල්ල ගිහින් බලද්දි ගේට්ටුව වහල ඉබ්බත් දාල යකෝ එතකොට ඊයෙ රෑ පාටි ඉවර වෙලා ගිය ඈයො කොහොමද ගියේ?ගේට්ටුව වැහුවෙ මොකාද කියලත් කොල්ලට ඒ හැටි මතකයක් නෑ.ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට මෙන්න එනෝ පාර දිගේ ඊයෙ ආව මල් දෙකෙන් එකක්.මේ එන්නෙ ඊයෙ පාර පැත්තෙන් ගිය කතා බහ නැති ඩීසන්ට් මල.ඔහොම වරකො කියල කොල්ල මූණ ටිකක් දරුණු විදියට හදාගත්ත.එතකොට ඒකිට නෝන්ඩියට හිනාවෙන්න බෑනෙ.:angry:


    කෙල්ලත් මගදිම දැක්ක කොල්ල ගේට්ටුව බදාගෙන ඉන්නව.ඒ උනාට දැක්කෙ නෑ වගේ ආවෙ.ඕක ඉතින් කෙල්ලොන්ගෙ හැටිනෙ මචංල එදා ඉදලම.දැන් ඔන්න මල යනව ගෙට්ටුව ඉස්සරහින් ඇවිදගෙන.වැඩේ කියන්නෙ එතකොටම මලට හිකි හිකි ගාල හිනා ගියා.ටක් ගාල මල ලේන්සුවෙන් කට වහගත්ත.ඒ වහගෙනත් හිනා වෙනව හයියෙන් නෙවෙයි ලාවට.ඇත්තට මචංල කෙල්ලො කට වහගෙන හිනා වෙන්නෙ මොකද? වටේ පිටේ ඉන්න මැස්සො මදුරුවො කටේ යන නිසාද?හිනා නොවීම හිටියනම් ඉවරනෙ.හිනාව ලාවට උනත් කොල්ලට යකා නැග්ග අද නං,ඇයි බං ඊයෙ කේස් එකට අදත් හිනා වෙන්න ඕන නෑනෙ.තනිකරම මානව අයිතිවාසිකම් උල්ලංගනයක්නෙ උදේ පාන්දරම. ඒක නිසා මේ වෙනුවෙන් අදවත් නැගී හිටින්න ඕන කියල කොල්ලට හිතුන.මේක කොල්ලො ඡාතියම වෙනුවෙන් කරන සේවයක් නේද කියලත් කොලුවට හිතුන.නැත්තං තව ටික දවසක් මෙහෙම බලන් හිටියොත් මුන් අපේ කරේ යන්නත් ඒවි.එක්කො කරේ ගියාට නම් කමක් නෑ කියලත් අන්තිමම තප්පරේදි හිතුන.කොහොමින් කොහොම හරි කොල්ල ටෝන් එකත් අම්බානෙට වැඩිකරගෙන කෙල්ලව මෙහෙම ඇමතුව.... මේ හලෝ..මොකද හිනාව නවතින් නැද්ද??මචංල කොල්ල හිටියෙ යකා වැහිල. මේ ඇමතිම ඇහිච්ච ගමන් කෙල්ල ඩිස්ක් බ්රේකුත් ගහල හෑන්ඩ් බ්රේක් එකත් ඇදල ගැස්සිලා නැවතුනා. මල හොදටම බය වෙලා.:yes:


    ම්ම්ම්....?මල කොල්ලගෙන් එහෙම ඇහුව.දැන් මල පාර අයිනෙ ඉදන් කොලුව ඉන්න පැත්තට හැරිල ඉන්නෙ.මලේ කකුල් දෙක එක තැන සීරුවෙන් එකකට එකක් හැප්පිලා.මොනවද පොත් වගේකුත් බදාගෙන අත් දෙකෙන්ම.එක උරහිසක බෑග් එකකුත් එල්ලිලා.පොත් අතේ ගෙනියනවනම් බෑග් උස්සන් යන්නෙ මොන මගුලටද බන්?සමහරවිට ක්ලාස් ගියාම නිදාගන්න ඕන කරන කොට්ට පැදුරු එහෙම ඒකෙ ඇති කියල කොල්ලට පොඩියට හිතුන.අතේ පොඩි ඔරලෝසුවක් තියනව කලුපාට එකක්.බ්රේස්ලට් එකක් නෑ.ඇගිලි වල මුදු?ඒත් නෑ.නියපොතු වවලත් නෑ.කියුටෙක්ස් ගාලත් නෑ.කොණ්ඩෙ පිටිපස්සට පීරල බූල් එකක් දාල.කන් වල චුට්ටි කරාබු දෙකක්,ඒවයි විශේෂ හැඩයක් නෑ.බෙල්ලෙ මාලයක් තියද?නෑ කමක් නෑ ඒක පස්සෙ බලමු.අයිබ්රෝයස් හදලද නැද්ද කියල හිතාගන්න ප්ර්මාණවත් සාක්ෂි නෑ.ඇදල හිටියෙ අත්දිග ෂර්ට් එකක්, ඒකෙ අත් වැලමිට ලගට නවල.ආ..තව කලිසමකුත් ඇදල හිටිය.නැත්තං විලි ලඡ්ඡයිනෙ.මලේ ඇස් දෙක අංශක 45 ක් විතර බිමට හැරිල.කොල්ල ඒව දන්නව ඌ මැත්ස්නෙ කරල තියෙන්නෙ.මලේ කට චූට්ටක්.. චූට්ටක් කියන්නෙ හෙන චුට්ටක් ඇරිල තිබ්බ. නිකට එහෙම ටිකක් උල් හැඩයක් තිබ්බෙ .තොල් දෙක පොඩ්ඩක් වෙවුලන ගතියකුත් කොල්ලට නිරික්ෂණය උනා..මේ මල බය වෙලා කියල කොල්ල ඒ අනූව නිගමනයකට ආව.මොකද කොල්ල ටවුන් එකේ ලොකු ඉස්කෝලෙකට ගිහිල්ල එක වසරෙ ඉදන් ඒව ගැන හොදට ඉගනගෙන තිබ්බ.ඔය සමහර හෙන සල්ලිකාර කොල්ලො නම් ඉස්කෝලෙ යන කාලෙම මල් ගැන ඩිග්රි එහෙම කරනව පාසලට බාහිරව.ඒවට ඉතින් හෙනට සල්ලි ඕන ඇයි මල් වගාවල් නඩත්තු කරන්නත් එපැයි.කොල්ලට ඉතින් ඉස්කෝලෙ යන කාලෙ වැඩිය සල්ලි බාගෙ නොතිබ්බ නිසා මල් ඩිප්ලෝමාවක් විතරක් හදාරල නැවතුනා.ඒ උනාට කොල්ලගෙ යාලුවො ඉන්නව මල් ඩිග්රි කරල දැන් ඒ සයිඩ් එකෙන්ම ලොකු මල් වගාවන් කරන අය.