පිස්සන් කොටුවෙ තාප්පෙ කඩලද බන්ස්ලා ??
තාම ඒකට ට්රයි කරනව බන් මම...




බල්ලනෙ ඉතින්..කූඩුව ඇරපු ගමන් ඌ දිව්ව බරවල් නිදහස් කරගන්න.ඒ කරල කොල්ල ගියා ගේට්ටුව පැත්තට ඒක හරියට වහලද බලන්න නැත්තං බලු තඩිය පාරට පැන්නොත් මාස ගානකට අල්ලල හමාරයි.අනික ඌ හෙන වසයි, පාරෙ යන එකෙක්ව අල්ලන් කාල දැම්මොත් දානෙ දවසට පොලීසියේ හිර දානෙ තමයි කන්න වෙන්නෙ.හිර බත් තියනවනම් හිර දානෙත් ඇතිනෙ එහෙ.කොල්ල ගිහින් බලද්දි ගේට්ටුව වහල ඉබ්බත් දාල යකෝ එතකොට ඊයෙ රෑ පාටි ඉවර වෙලා ගිය ඈයො කොහොමද ගියේ?ගේට්ටුව වැහුවෙ මොකාද කියලත් කොල්ලට ඒ හැටි මතකයක් නෑ.ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට මෙන්න එනෝ පාර දිගේ ඊයෙ ආව මල් දෙකෙන් එකක්.මේ එන්නෙ ඊයෙ පාර පැත්තෙන් ගිය කතා බහ නැති ඩීසන්ට් මල.ඔහොම වරකො කියල කොල්ල මූණ ටිකක් දරුණු විදියට හදාගත්ත.එතකොට ඒකිට නෝන්ඩියට හිනාවෙන්න බෑනෙ.
