කොල්ලා(ෙපාඩි කතාවක්)

simsam

Member
Apr 20, 2013
96
29
0
Matara
ඒ බයිල වලින් වැඩක් නෑ.මේ මල බය වෙලානෙ දැන් ඉන්නෙ.කොහොම උනත් මල කොල්ලගෙ දිහා බැලුවෙත් නෑ.බැලුවොත් ආයෙ බත් කන්න එපා වෙයි කියල බය වෙන්න ඇති.ඒක නෙවෙයිනෙ වැඩේ දැන් මේක බයවෙලානෙ ඉන්නෙ. අඩයිද දන්නෙත් නෑනෙ. කොල්ලත් ටිකක් මෙව්ව උනා.මෙව්ව උනා කිව්වෙ පූස් පැටිය වගේ උනා, ඤාව් කිව්වෙ නැති එක විතරයි.එවෙලෙ උගේ වයර් මාරු වෙලා වැරදි පණිවිඩයක් නිකුත් උනා. නෑ.... මේ...ගුඩ් මෝනිං,කොල්ලට කියවුනා:sorry:.ප්ර තිචාරෙ එන්න තප්පර දෙකක් විතර ලේට් වුනා,“ගුඩ් මෝනිං, මල කිව්ව.එහෙම කිව්වට මචංලා මේක හරියටම අහගන්න කොල්ලට විශේෂ ශබ්ද සංවේදී උපකරණ යොදා ගන්න උනා.ගුඩ් කෑල්ල ටිකක් හොදට ඇහුන ඒත් මෝනිංකෑල්ල නිකං ඇහුනෙ නෑ නෑ වගේ.බලු තඩිය හිටියනං ඌට ඇහෙයි,ඇයි උට හෙන පරාසයක සංඛ්යාබත ඇහෙනවනෙ.ඒ උනාට ඌනම් ඒ වගක් දන්නෑ.ඌ දන්නෙ මහ හයියෙන් වහිද්දි පිස්සු හැදිල වගේ උඩු බුරන්නයි,දෙන කෑම ටික කාල හරක වගේ නිදා ගන්නයි,වත්තට මොකෙක් හරි පැන්නම විලාප ගහන්නයි විතරයි.අනේ මන්ද ගෙදරට උස්සන් ආවෙ නං ඌ හෙන ලොකු වංසෙක බල්ලෙක් කියල තමයි.ඌ මිනී මස් කන්නත් හරි ආසයි කියල කොල්ලගෙ ගෙදර අය මේ ළගදි වෙච්ච සීන් එකකින් දැන ගත්ත.


ඔන්න ඉතින් ගුඩ්....එක්ක තව මොකද්ද එකක් කියපු මල ආයෙ හැරිල කලින් දිශාවටම ශබ්දයේ වේගෙන් ගමන් කරා.ආයෙ නම් මල මනුස්සකමට වත් හිනා වෙන එකක් නෑ.කොල්ල ඉතින් මල ආ මග බැලුව,ටන්කෙ පේන තෙක් මානෙක නෑ.මේ යකාට නින් ද ගිහින් වත්ද?එහෙම වෙන්නත් බෑ මොකද මල් සම්බන්ධ කටයුතු වලදි මූ පුදුම කැපවීමකින් වැඩ කරනව.එහෙම යාලුවෙක් ඉන්න එක ගැන කොල්ලට පොඩි ආඩම්බරේකුත් ආව.කොල්ල එතන ඉදන්ම තමංගෙ සුපිරි දුරකථනය අරන් ටන්කෙ ඇමතුව.සුපිරි වැඩිකමට ඒකෙ චාජරේ කැඩිල,දැන් චාජ් කරන්නෙ ගෙම්බ චාජරේකින්.මිළදී ගනිද්දි ඒකෙ කැමර් එකක් තිබ්බෙ නෑ කොල්ල පසු කාලෙක ඩිජිටල් කැමර් එකක් ගත්ත ෆෝන් එකට තියල ගැට ගහගන්න හිතාගෙන.හෙඩ් සෙට් එකෙන් ඇහෙනව විතරයි කතා කරන්න බෑ,කොලුව ඒක යොදා ගන්නෙ බස් එකේ දිගු දුර මෙහෙයුම් වලට යද්දි සින්දු අහන්න.

හලෝ.....ටන්කෙ ආන්සර් කරා.මොකෝ බං අද පාන් ගන්න ආවෙ නැත්තෙ? කොල්ල ඇහුව.අද අරකි ආවෙ නෑනෙ බං ඒකනෙ කේස් එක,ඌ කිව්ව. අරකි කව්වෙ මොකීද බං?කොල්ල ගොනා වගෙ ඇහුව.අර අර කොට මොඩල් එක බන්...අර නට නට පාරෙ යන සෝක් කෙල්ල ,ඌ ෆෝන් එකෙන් ලැජ්ජ උනා.මේ බූරුව මොන්ටිසෝරි යන කාලෙ ඉදලම නැට්ටිච්චියොන්ටමයි ආස, ඌත් ඒකට හරියට හේතුවක් කියන්න දන්නෑ.අද ආවෙ අනිත් කෑල්ල විතරයි බං... දුකින් වගේ ඌ කිව්ව.ඒක නෙවේ ඒ කෙල්ල බොලයි ගේ ගාවින් අතුරු අන්තරාවක් නොකර යැව්වනෙ උඹ?ඌ ඇහුව කැත ප්රාශ්ණයක්.ඒකට අදාළ උත්තරෙත් ලුනු ඇඹුල් දාල කියල කොල්ල කෝල් එක කට් කරා.නොදකිං ඕකගෙ කට කියල හිතින් ශබ්ද නගා කියන ගමන් කොල්ල ගේ පැත්තට යන්න හැරුන.


නාල කාල බීල කොල්ල පුට්ටාර් එකට නැග්ග වට වන්දනාවෙ යන්න හිතාගෙන.ඒ කිව්වෙ කස්ටිය මීට් වෙලා හෙට යන ගමන ගැන මතක් කරන්නයි, යන උන්ට රෙදි කොට්ට පැක් කර ගන්න කියන්නයි,ගමන යන්න එන්නෙ නැති උන්ට කරුණු කාරණා පහදල දීල හරි මගට ගන්නයි තමයි.බණ්ඩාරවෙල ගිහින් ඒ පැත්තෙන්ම නුවරඑළියටත් සැපත් වෙන්න තමයි ගොඩක් අයගෙ අදහස උනේ.ඒක ඊයෙ රෑ සම්මත වෙලා තිබ්බෙ.තව කොහේ කොහේ යන්න ඕනද කියල කස්ටියට හරි අරමුණක් තිබ්බෙ නෑ.මොන මගුලෙ ගියත් ලංකාව ඇතුලෙ ස්ථාන වලට විතරයි යන්නෙ කියල සෙට් එකම තරයේ හිතට අරන් තිබ්බෙ.මොකද ගමන අතරමගදි කැවෙන පෙවෙන ජාති වලින් පිටරට උනත් යැවෙන්න පුලුවන්නෙ.
 

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ane chuti raththarn oka ikmanata iwara karapan mage puthe.... mata hithenne naki wenakam me kathawa kiyawanna wei wage... :frown:.. ara satha oneth na kaali oneth kollata mokoune kiyapanko e athi..
     
    Last edited:
    • Like
    Reactions: Roxxx

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ

    අපි බොහොම අසරණ මිනිස්සු මචන්,
    අපේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව ඉක්මනට අනිත් ටිකත් දාපන් :lol::lol::lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මූ මෙගා ටෙලි ලියන්න පුරුදුවෙනවද කොහෙද..... කෙල්ලට පඩයක් ගියත්, එක එපිසෝඩ් එකකට ඇති...... මූත් සුළු සිද්ධියක් කරකව කරකව අපිව වටේ අරිනවා...... ඉක්මනට දාපං බං ...........
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේක අන්තිමට මෙකේ මොකද වේන්නෙ. පිරියක් ගේ ගාව නවතියිද?:confused::confused:
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ane chuti raththarn oka ikmanata iwara karapan mage puthe.... mata hithenne naki wenakam me kathawa kiyawanna wei wage... :frown:.. ara satha oneth na kaali oneth kollata mokoune kiyapanko e athi..


    ha ha ha ubath kiyonawada meka patta interstin ne bn
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    සුපිරි ෆොන් එකේ එළාම් එක වැදුන. 5.30 යි වෙලාව.කොල්ල නැගිට්ල පෙර සදහන් කරපු ගමනට ලෑස්ති වෙන්න ගත්ත.බෑග් එක එහෙම කලින්ම පැක්නෙ, ඒ උනාට අඩුපාඩු මොනවද කියල ආයෙත් චෙක් කරල බැලුව.මොකද මුන් එක්ක ට්රිඩප් ගියාම ආයෙ කවදා ගෙදර එන්න පුලුවන් වෙයිද කියල හරියටම කියන්න බෑ.ඔය අස්සෙ පොඩි බඩගින්නකුත් ආව.මංචි සුපර් නෑනෙ ඒක නිසා අවසාන මැගී දෙකත් හදල එකක් බල්ලට දීල එකක් කොල්ල කෑව.ඊයෙ හැම එකාවම තනි තනිව අරගෙන අම්බානෙක දැනුවත් කරල තිබ්බෙ 7වෙද්දි වත් ලෑස්ති වෙලා කොල්ලගෙ ගෙදරට පැමිණීමේ අවශ්යබතාවය ගැන.බණ්ඩාරවෙලට බස් එකක් තියන වෙලාවක් එකෙක් වත් හරියට දන්නෑනෙ ඒකයි.උදෙන්ම බස් ස්ටෑන්ඩ් එකට ගි‍යොත් කොයි වෙලාවක හරි බස් එකකට නැගගන්න පුලුවන් නිසයි එහෙම දැනුවත් කරේ.

    කොල්ල කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩෙ හද හද ඉන්නකොට ටන්කෙයි අමිලයයි ආව.උදේ පාන්දර නැගිටල පුරුද්දක් නැති අමිලය නිදිමරගාතෙම ඇවිත් සෙටිය උඩ මැරිල වැටුන. අනිත් එකා කෙලින්ම ආව කණ්නාඩිය ළගට,සෙන්ට් එක අරන් හතර දිබ්බාගෙටම ගහගත්ත. පරණ පවුඩර් එකකුත් අර‍ගෙන ඒකත් මූණෙ උලාගත්ත.ඊට පස්සෙ ඊඊඊ කියල කණ්නාඩියට විරිත්තුව කණ්නාඩියත් ඌට විරිත්තුව.මේව බලන් හිටපු කොල්ලට කාපු මැගී එක උගුරට ආව.ඌ ජෙල් ටිකක් ගාල කොන්ඩෙත් උල් උල් හදාගත්ත.එතකොට වලියකදි උනත් හරක වගේ ඒවයින් අනින්න පුලුවන් නිසා වෙන්න ඇති.නැත්තං කාක්කො කූඩු හදන එක වළක්වන්න වෙන්න ඇති.තව මොනවත් උලාගෙන ඉස්පිරිතාල ගත වෙන්න කලින් කොල්ල උගෙ පශ්චාත් බාගෙට පයින් ගහල දොට්ට දැම්ම.සෙටිය උඩ මැරිල හිටි එකාටත් පණ එන්න පයින් ගහල උන්ගෙ බඩු බාහිරාදියත් එක්කම දෙන්නම ගෙයින් එලියට දාල කොල්ලත් බෑග් එක උස්සගෙන එලියට බැස්ස.ඒ කරල තුන් දෙනාම ගියා ගේට්ටුව පැත්තට.ගිහිල්ල බලනකොට ඉතිරි සෙට් එක එනව පාර දිගේ,කස්ටියම ෂූස් එහෙම දාල ඇවිල්ල හිටියෙ.එකෙක් උදේ පාන්දර කියල බලන්නැතුව සන් ග්ලාසුත් දාල.තව දෙන්නෙක් සෙට් එකේ ඈයොද කියල අදුර ගන්න බැරුව අයිඩෙන්ටි එහෙම චෙක් කරල හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නත් උනා.ඔක්කොම අටක් විතර හිටිය ඊට වැඩි මිසක් අඩු නම් නෑ.


    ඔන්න ඉතින් හැත්ත බුරුත්තම සෙට් වෙනකම් ඉදල කට්ටිය ම ගියා හන්දිය පැත්තට. එහෙම යනකොට පාර දිගට එක කෙළියයි,එකෙක් ජෙල් පැකට් කටින් කඩන්න ගිහින් ජෙල් කනව,තව එකෙක් ෆෝන් එකේ මැසේජ් කොට කොට යන්න ගිහින් ලයිට් කණු වල හැප්පෙනව, තව එකෙක් ළග ඉන්න එකාගෙ කෑල්ල ගැන අහන්න ගිහින් කුණුහරුප අහගන්නව,තවත් එකෙක් ෂර්ට් එකේ අත් නව නව දිග අරිනව,වැඩ කෝටියයි.ඔය අස්සෙ එක ගොයියෙක් ෆෝන් එක කනේ තියන් කුටු කුටු ගානව.ඒ පාර කොල්ලො කුරුටුටො ඔක්කොම සවන් ඒ පැත්තට යොමු කරා.“ඔව් අලේ බණ්දාලවෙල ගිහින් නුවලත් නනව අපි,ඔයත් හිතියනම් මලු අනේ...ඌ මනසින් පොඩි කාලෙට ගිහින් ඒ කාලෙ උගෙ මොන්ටිසෝරි කෑල්ලටද කොහෙද කතා කරනව කියල කොල්ලොන්ට හිතුන.පව් බන් උදේට කෑවෙ නැති නිසා බඩගින්නට උගෙ මොලේ විකාර වෙලාද කොහෙද,තව එකෙක් කිව්ව.

    ඔහොම ඉතින් එක එකාගෙ ඕප දූප අහ අහ හිමින් හිමින් කස්ටිය හන්දිය ලගටම ආව.හ්දිය හරියට එද්දි හිටි ගමන් ටන්කෙගෙ ගති ගුණ වෙනස් වෙන්න ගත්ත.


     
    • Like
    Reactions: mkranga