ඒ බයිල වලින් වැඩක් නෑ.මේ මල බය වෙලානෙ දැන් ඉන්නෙ.කොහොම උනත් මල කොල්ලගෙ දිහා බැලුවෙත් නෑ.බැලුවොත් ආයෙ බත් කන්න එපා වෙයි කියල බය වෙන්න ඇති.ඒක නෙවෙයිනෙ වැඩේ දැන් මේක බයවෙලානෙ ඉන්නෙ. අඩයිද දන්නෙත් නෑනෙ. කොල්ලත් ටිකක් මෙව්ව උනා.මෙව්ව උනා කිව්වෙ පූස් පැටිය වගේ උනා, ඤාව් කිව්වෙ නැති එක විතරයි.එවෙලෙ උගේ වයර් මාරු වෙලා වැරදි පණිවිඩයක් නිකුත් උනා. නෑ.... මේ...ගුඩ් මෝනිං,කොල්ලට කියවුනා
.ප්ර තිචාරෙ එන්න තප්පර දෙකක් විතර ලේට් වුනා,“ගුඩ් මෝනිං, මල කිව්ව.එහෙම කිව්වට මචංලා මේක හරියටම අහගන්න කොල්ලට විශේෂ ශබ්ද සංවේදී උපකරණ යොදා ගන්න උනා.ගුඩ් කෑල්ල ටිකක් හොදට ඇහුන ඒත් මෝනිංකෑල්ල නිකං ඇහුනෙ නෑ නෑ වගේ.බලු තඩිය හිටියනං ඌට ඇහෙයි,ඇයි උට හෙන පරාසයක සංඛ්යාබත ඇහෙනවනෙ.ඒ උනාට ඌනම් ඒ වගක් දන්නෑ.ඌ දන්නෙ මහ හයියෙන් වහිද්දි පිස්සු හැදිල වගේ උඩු බුරන්නයි,දෙන කෑම ටික කාල හරක වගේ නිදා ගන්නයි,වත්තට මොකෙක් හරි පැන්නම විලාප ගහන්නයි විතරයි.අනේ මන්ද ගෙදරට උස්සන් ආවෙ නං ඌ හෙන ලොකු වංසෙක බල්ලෙක් කියල තමයි.ඌ මිනී මස් කන්නත් හරි ආසයි කියල කොල්ලගෙ ගෙදර අය මේ ළගදි වෙච්ච සීන් එකකින් දැන ගත්ත.
ඔන්න ඉතින් ගුඩ්....එක්ක තව මොකද්ද එකක් කියපු මල ආයෙ හැරිල කලින් දිශාවටම ශබ්දයේ වේගෙන් ගමන් කරා.ආයෙ නම් මල මනුස්සකමට වත් හිනා වෙන එකක් නෑ.කොල්ල ඉතින් මල ආ මග බැලුව,ටන්කෙ පේන තෙක් මානෙක නෑ.මේ යකාට නින් ද ගිහින් වත්ද?එහෙම වෙන්නත් බෑ මොකද මල් සම්බන්ධ කටයුතු වලදි මූ පුදුම කැපවීමකින් වැඩ කරනව.එහෙම යාලුවෙක් ඉන්න එක ගැන කොල්ලට පොඩි ආඩම්බරේකුත් ආව.කොල්ල එතන ඉදන්ම තමංගෙ සුපිරි දුරකථනය අරන් ටන්කෙ ඇමතුව.සුපිරි වැඩිකමට ඒකෙ චාජරේ කැඩිල,දැන් චාජ් කරන්නෙ ගෙම්බ චාජරේකින්.මිළදී ගනිද්දි ඒකෙ කැමර් එකක් තිබ්බෙ නෑ කොල්ල පසු කාලෙක ඩිජිටල් කැමර් එකක් ගත්ත ෆෝන් එකට තියල ගැට ගහගන්න හිතාගෙන.හෙඩ් සෙට් එකෙන් ඇහෙනව විතරයි කතා කරන්න බෑ,කොලුව ඒක යොදා ගන්නෙ බස් එකේ දිගු දුර මෙහෙයුම් වලට යද්දි සින්දු අහන්න.
හලෝ.....ටන්කෙ ආන්සර් කරා.මොකෝ බං අද පාන් ගන්න ආවෙ නැත්තෙ? කොල්ල ඇහුව.අද අරකි ආවෙ නෑනෙ බං ඒකනෙ කේස් එක,ඌ කිව්ව. අරකි කව්වෙ මොකීද බං?කොල්ල ගොනා වගෙ ඇහුව.අර අර කොට මොඩල් එක බන්...අර නට නට පාරෙ යන සෝක් කෙල්ල ,ඌ ෆෝන් එකෙන් ලැජ්ජ උනා.මේ බූරුව මොන්ටිසෝරි යන කාලෙ ඉදලම නැට්ටිච්චියොන්ටමයි ආස, ඌත් ඒකට හරියට හේතුවක් කියන්න දන්නෑ.අද ආවෙ අනිත් කෑල්ල විතරයි බං... දුකින් වගේ ඌ කිව්ව.ඒක නෙවේ ඒ කෙල්ල බොලයි ගේ ගාවින් අතුරු අන්තරාවක් නොකර යැව්වනෙ උඹ?ඌ ඇහුව කැත ප්රාශ්ණයක්.ඒකට අදාළ උත්තරෙත් ලුනු ඇඹුල් දාල කියල කොල්ල කෝල් එක කට් කරා.නොදකිං ඕකගෙ කට කියල හිතින් ශබ්ද නගා කියන ගමන් කොල්ල ගේ පැත්තට යන්න හැරුන.
නාල කාල බීල කොල්ල පුට්ටාර් එකට නැග්ග වට වන්දනාවෙ යන්න හිතාගෙන.ඒ කිව්වෙ කස්ටිය මීට් වෙලා හෙට යන ගමන ගැන මතක් කරන්නයි, යන උන්ට රෙදි කොට්ට පැක් කර ගන්න කියන්නයි,ගමන යන්න එන්නෙ නැති උන්ට කරුණු කාරණා පහදල දීල හරි මගට ගන්නයි තමයි.බණ්ඩාරවෙල ගිහින් ඒ පැත්තෙන්ම නුවරඑළියටත් සැපත් වෙන්න තමයි ගොඩක් අයගෙ අදහස උනේ.ඒක ඊයෙ රෑ සම්මත වෙලා තිබ්බෙ.තව කොහේ කොහේ යන්න ඕනද කියල කස්ටියට හරි අරමුණක් තිබ්බෙ නෑ.මොන මගුලෙ ගියත් ලංකාව ඇතුලෙ ස්ථාන වලට විතරයි යන්නෙ කියල සෙට් එකම තරයේ හිතට අරන් තිබ්බෙ.මොකද ගමන අතරමගදි කැවෙන පෙවෙන ජාති වලින් පිටරට උනත් යැවෙන්න පුලුවන්නෙ.
.ප්ර තිචාරෙ එන්න තප්පර දෙකක් විතර ලේට් වුනා,“ගුඩ් මෝනිං, මල කිව්ව.එහෙම කිව්වට මචංලා මේක හරියටම අහගන්න කොල්ලට විශේෂ ශබ්ද සංවේදී උපකරණ යොදා ගන්න උනා.ගුඩ් කෑල්ල ටිකක් හොදට ඇහුන ඒත් මෝනිංකෑල්ල නිකං ඇහුනෙ නෑ නෑ වගේ.බලු තඩිය හිටියනං ඌට ඇහෙයි,ඇයි උට හෙන පරාසයක සංඛ්යාබත ඇහෙනවනෙ.ඒ උනාට ඌනම් ඒ වගක් දන්නෑ.ඌ දන්නෙ මහ හයියෙන් වහිද්දි පිස්සු හැදිල වගේ උඩු බුරන්නයි,දෙන කෑම ටික කාල හරක වගේ නිදා ගන්නයි,වත්තට මොකෙක් හරි පැන්නම විලාප ගහන්නයි විතරයි.අනේ මන්ද ගෙදරට උස්සන් ආවෙ නං ඌ හෙන ලොකු වංසෙක බල්ලෙක් කියල තමයි.ඌ මිනී මස් කන්නත් හරි ආසයි කියල කොල්ලගෙ ගෙදර අය මේ ළගදි වෙච්ච සීන් එකකින් දැන ගත්ත.ඔන්න ඉතින් ගුඩ්....එක්ක තව මොකද්ද එකක් කියපු මල ආයෙ හැරිල කලින් දිශාවටම ශබ්දයේ වේගෙන් ගමන් කරා.ආයෙ නම් මල මනුස්සකමට වත් හිනා වෙන එකක් නෑ.කොල්ල ඉතින් මල ආ මග බැලුව,ටන්කෙ පේන තෙක් මානෙක නෑ.මේ යකාට නින් ද ගිහින් වත්ද?එහෙම වෙන්නත් බෑ මොකද මල් සම්බන්ධ කටයුතු වලදි මූ පුදුම කැපවීමකින් වැඩ කරනව.එහෙම යාලුවෙක් ඉන්න එක ගැන කොල්ලට පොඩි ආඩම්බරේකුත් ආව.කොල්ල එතන ඉදන්ම තමංගෙ සුපිරි දුරකථනය අරන් ටන්කෙ ඇමතුව.සුපිරි වැඩිකමට ඒකෙ චාජරේ කැඩිල,දැන් චාජ් කරන්නෙ ගෙම්බ චාජරේකින්.මිළදී ගනිද්දි ඒකෙ කැමර් එකක් තිබ්බෙ නෑ කොල්ල පසු කාලෙක ඩිජිටල් කැමර් එකක් ගත්ත ෆෝන් එකට තියල ගැට ගහගන්න හිතාගෙන.හෙඩ් සෙට් එකෙන් ඇහෙනව විතරයි කතා කරන්න බෑ,කොලුව ඒක යොදා ගන්නෙ බස් එකේ දිගු දුර මෙහෙයුම් වලට යද්දි සින්දු අහන්න.
හලෝ.....ටන්කෙ ආන්සර් කරා.මොකෝ බං අද පාන් ගන්න ආවෙ නැත්තෙ? කොල්ල ඇහුව.අද අරකි ආවෙ නෑනෙ බං ඒකනෙ කේස් එක,ඌ කිව්ව. අරකි කව්වෙ මොකීද බං?කොල්ල ගොනා වගෙ ඇහුව.අර අර කොට මොඩල් එක බන්...අර නට නට පාරෙ යන සෝක් කෙල්ල ,ඌ ෆෝන් එකෙන් ලැජ්ජ උනා.මේ බූරුව මොන්ටිසෝරි යන කාලෙ ඉදලම නැට්ටිච්චියොන්ටමයි ආස, ඌත් ඒකට හරියට හේතුවක් කියන්න දන්නෑ.අද ආවෙ අනිත් කෑල්ල විතරයි බං... දුකින් වගේ ඌ කිව්ව.ඒක නෙවේ ඒ කෙල්ල බොලයි ගේ ගාවින් අතුරු අන්තරාවක් නොකර යැව්වනෙ උඹ?ඌ ඇහුව කැත ප්රාශ්ණයක්.ඒකට අදාළ උත්තරෙත් ලුනු ඇඹුල් දාල කියල කොල්ල කෝල් එක කට් කරා.නොදකිං ඕකගෙ කට කියල හිතින් ශබ්ද නගා කියන ගමන් කොල්ල ගේ පැත්තට යන්න හැරුන.
නාල කාල බීල කොල්ල පුට්ටාර් එකට නැග්ග වට වන්දනාවෙ යන්න හිතාගෙන.ඒ කිව්වෙ කස්ටිය මීට් වෙලා හෙට යන ගමන ගැන මතක් කරන්නයි, යන උන්ට රෙදි කොට්ට පැක් කර ගන්න කියන්නයි,ගමන යන්න එන්නෙ නැති උන්ට කරුණු කාරණා පහදල දීල හරි මගට ගන්නයි තමයි.බණ්ඩාරවෙල ගිහින් ඒ පැත්තෙන්ම නුවරඑළියටත් සැපත් වෙන්න තමයි ගොඩක් අයගෙ අදහස උනේ.ඒක ඊයෙ රෑ සම්මත වෙලා තිබ්බෙ.තව කොහේ කොහේ යන්න ඕනද කියල කස්ටියට හරි අරමුණක් තිබ්බෙ නෑ.මොන මගුලෙ ගියත් ලංකාව ඇතුලෙ ස්ථාන වලට විතරයි යන්නෙ කියල සෙට් එකම තරයේ හිතට අරන් තිබ්බෙ.මොකද ගමන අතරමගදි කැවෙන පෙවෙන ජාති වලින් පිටරට උනත් යැවෙන්න පුලුවන්නෙ.

.. ara satha oneth na kaali oneth kollata mokoune kiyapanko e athi..