කොල්ලා(ෙපාඩි කතාවක්)

simsam

Member
Apr 20, 2013
96
29
0
Matara
බස් නැති තරහට කොල්ල බුම්මගෙන ඉන්න අස්සෙ ටන්කෙ ප්රේනමයෙන් මත්වෙලා කන සාක්කුවට වැටෙන සයිස් එකටම ආව.අහල පහල ඉන්න එකෙක් පැහැරගෙන ගියත් මූ දැන් දන්නෑ.ඌ කෙල්ල දිහා බලනව ,කොණ්ඩෙ හදනව,විසිල් කරනව,පොලව හාරනව එකම ගිනිවිජ්ජුම්බරයයි.ඉක්මනට නැගගන්න පුලුවන් බස් එකක් නාවොත් තත්වෙ මීටත් දරුණු වෙන බව කොල්ල දැනගෙන හිටිය.කොහෙද මේ යකාව තැනකට එක්කන් යන්නම බෑනෙ මුගෙ චර්යාවත් එක්ක.


කොහොම හරි කලින් ආව බස් වල ඔය ඔෆිස් යන ඈයො එහෙම එකා දෙන්න නැගල ගියා.හෝල්ට් එකේ ඉතුරු උනේ වයසක ආච්චිල දෙන්නෙකුයි බබෙක් වඩන් හිටපු අක්ක කෙනෙකුයි අර මල් දෙකයි විතරයි.කොල්ල හුරු පුරුදු මල දිහා පොඩියට බැල්මක් දැම්ම,ඒක බෙල්ල කඩාගෙන පාර දිහා බලන් ඉන්නව.නිකංවත් හැරිල බැලුව නෑ.තරහවෙලාද දන්නෑ.තරහ වෙන්න කොහොමත් යාලුවෙලා හිටියෙ නෑනෙ.අනික මේ කොහෙවත් යන කෙහෙල්මල් වල ලොකු ලයින් බලන්නෙ මොකටද?ඔයිට වඩා මල් වල ලොකු ලයින් ඉස්කෝලෙ යන දවස් වල බලල තියනවනෙ,කියල කොල්ල හිත හදාගත්ත.ඔන්න එතකොටම බස් කට්ටක් ආවයි කියමුකො,ටන්කෙට සපත්තුවෙන් වල හාරගෙන ඒකෙම වැලලියන් කියල කොල්ල ගියා ඉස්සරහට බස් එකට නගින්න .එතකොට එතන වල්පල් කියව කියව හිටපු සෙට් එකේ ඉතිරි ඈයො ටිකත් දඩබඩ ගාල අලු ගසා දාල ආව බස් එකට නගින්න.

බස් එක ඇවිල්ල ගැහුව හෙන බ්රේක් පාරක්,කොන්ද පැන්න බස් එකෙන් එලියට,හා හා මේ අම්මල දෙන්නට නගින්න ඉඩ දෙන්න කියල කොන්ද කෑ ගැහුව.ටන්කෙගෙ මූණ ඇඹුල් වෙලා ගියා.ඌ හිතුවෙ අර කෙල්ලො දෙන්නට එහෙම කිව්ව කියල.උන් දෙන්නට නෙවෙයි කියල තියෙන්නෙ අර ආච්චිල දෙන්නට.ආච්චිලගෙ පස්සෙන්ම අර අක්කත් කොහොම හරි පොඩි එකත් කර ගහ ගෙන බස් එකට නැග ගත්ත.කෙල්ලො දෙන්න කෙලි කමට ගිහින් බස් එකේ ඉස්සරහ දොරෙන් නැගගත්ත.ඒක දැක්ක ටන්කෙ කොල්ලවත් බලහත්කාරෙන් ඇදන් ගිහින් ඉස්සරහ දොරෙන් රිංගුව.කවදා කාපු ටකරන්ද කියල හිත හිත කොල්ලත් බස් එකට නැග්ග.සෙට් එකේ ශේෂ පිරිස පිටිපස්සෙ දොරෙන් නැගගත්ත.කොන්දත් යන්තං අයිනකින් එල්ලුනාට පස්සෙ බස් එක යන්න පටන් ගත්ත.කෙල්ලො දෙන්නගෙන් කොට මොඩල් එක සෙනග අස්සෙන් බස් එක මැදටම ගියා.ටන්කෙත් ඒකිව ලුහුබැදගෙන ගියා.ඌ හරක වගේ කකුල් පාගන් යද්දි දෙතුන් දෙනෙක් උට බනිනවත් ඇහුන.ඕකාට බැනල වැඩක් නෑ කියල දන්න අය දිව හපාගෙන කට වහන් හිටිය.ඕකට දෙයක් කියනවට වඩා හොදයි පාරෙ තියන ලයිට් කණුවකට කියන එක.ටන්කෙ සෙනග අතරෙ නොපෙනී ගියාට පස්සෙ කොල්ල නිකං බස් එක ඇතුලෙ අනාතඋනා වගේ උනා.

ඔහොම අනාත ස්වරූපෙන් කොල්ල ඉන්නකොට කොල්ල දැක්ක අනිත් මල ඉන්නව සීට් දෙකකට විතර එහායින්.කොල්ල බෙල්ල දාල බැලුව අරුන් ටික කොහෙද කියල,උන් ඉන්නව ෆුට් බෝඩ් එක ලග කූඩාරම් එහෙම ගහගෙන කොන්දව බයිට් කර කර,සෙට් එකේ සමහරු ක්ලාස් යන නංගිලාට පාඩම් කියල දෙන්නත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නව කොල්ල දැක්ක.මුන් ඒ වගේ වැඩ වලට මාර ලැදියි එදා ඉදලම.ඔය ටිකක් අමාරුම දෙයක් තිබ්බොත් කෝල් කරල අහගන්න කියල තමයි එකෙක් නංගි කෙනෙක්ට ෆෝන් නම්බරෙත් දීල තියෙන්නෙ.ඉගනගන්න ළමයෙක්ට එහෙම උදව්වක් කරන එක කොච්චර පිනක්ද.අනේ සාදු...! සෙට් එක තම තමන්ගෙ රාජකාරි වල ඉන්න අතරෙ කොල්ල හිමින් ගියා අර කෙහෙල් මල ලගට.ඒක ඉන්නව බයෝ පොත් ටිකකුත් එක අතකින් අල්ලගෙන අනිත් අතින් සීට් එකකුත් අල්ලගෙන.පොත් ටික කාටවත් නොදෙන්නෙ ඒවයි ගොඩක් වටින දේවල් ඇති කියල කොලුවට හිතුන.තනි අතින් අල්ලන් ඉදල බ්රේක් ගැහුවම වැටිල බෙල්ල කඩාගන්නවට වඩා හොද නැද්ද පොත්ටික කාට හරි දෙන එක,සමහර විට බය ඇති ඒ පොත් ටික කියවල බස් එකේ ඉන්න එකෙක් එතෙනදිම ඩොක්ටර් කෙනෙක් වෙයි කියල,ගෑණු ජාතියේ හැටිනෙ...මේ විදියට කොල්ල හිතින් තර්ක කරා.

මේක ඇවිල්ල මේ ලෝකෙ කෑල්ලක් වෙන්න බෑ.ලෝකෙ අතෑරල දාමුකො මේ රටේ ඉන්නවද බ්රේස්ලට් එකක් මුද්දක් නොදාපු කියුටෙක්ස් උලපු නැති අඩු තරමෙ නිය පොත්තක් වත් වවල නැති කෙල්ලෙක්?ඉන්නව ඉතින් මාස හයේ හතේ පොඩි කෙලි බබාල නම්.ඒව හිත හිත ඉන්නකොට කොල්ලට මතක් උනා ඉස්සර ටීවි එකේ ගිය එක්ස් ෆයිල්ස්,සයි ෆැක්ටර් වගේ කතා.මේකත් ඒ වගේ ඒලියන් කෑල්ලක් වෙන්න ඇති,මේ ලෝකෙට එන්න ඇති ක්ලාස් යන්න බයෝ වලට.එහේ ක්ලාස් ෆීස් වැඩි ඇති නැත්තම් හොද සර්ල නැතුව ඇති...
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ත්‍රේඩ් එක ලියන කොලුවා වෙත,

    ඔබ දමන කතාවේ පොස්ට් මුල් පිටුවට දැමිමට tintin123 මොහුගෙන් උපකාර ගන්න :yes: ඔබ දැමු සැම පොස්ටුවක්ගෙම ලින්ක් හා ත්‍රේඩ් එකේ ලින්කුවත් සමගම ඔහුට pm එකක් මගින් දැනුම් දෙන්න.....

    මෙයට,
    අගක් මුලක් හොයා ගන්න බැරිව ඉන්න මල් පප්පා:baffled::baffled:
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    බස් එක යනව නිකං අවසන් ගමන් යන්න වගේ.ඩ්රැකයිවර් අයියට උදේ පවුල බැනලද කොහෙද, පොඩි එකෙක් කට කැඩිච්ච කතාවක් කිව්ව.අම්මප දැන් හැදෙන පොඩි ඈයො කියල හිත හිත කොල්ල මල ලගටම ආව.අදුරන කමට නිකං ගුඩ් මෝනිං කියනව විතරයි කියල කොල්ල හිතාගෙන “ගුඩ් මෝනිං කිව්ව මලට.සද්දයක් නෑ..ලැජ්ජාව බාල්දියයි..ලග හිටපු අන්කල් කෙනෙකුත් කොල්ල දිහා බැලුව.උදේම ලැජ්ජාව බාල්දිය නා ගත්තු කොල්ල බැලුව ලග පාතක ටන්කෙ එහෙම ඉන්නවද කියල.ඌ කොට මොඩල් එකට පාඩම් කියල දෙනව,ඒකිත් ගුරු භක්තියෙන් අහගෙන ඉන්නව. කොල්ල මේ පාර විතරයි කතා කරන්නෙ කියල තරයේ හිතාගෙන ඇහුව “බයෝ ද කරන්නෙ?,කියල.සද්දයක් නෑ.පෙර සදහන් කරපු අන්කල් ආයෙ හැරිල බැලුව.කොල්ල තව බාල්දියක් නෑව.

    පව් ඊයෙ බය වෙච්ච නිසා ඒ කම්පනේට කතා කරන්න බැරි වෙන්න ඇති,කොලුවට හිතුන.නැත්තං පොඩි කාලෙ ඉදලම කියන්න පුලුවන් ගුඩ් මෝනිං කියන එක විතරක් වෙන්න ඇති. කොන්දා පිටිපස්සෙ ඉදන් කෑගැහුව “ටිකට් ටිකට්, කියල.“අයියෙ සීසන් වලින් බැරිද? කියල අමිලය අහනව කොල්ලට ඇහුන.ඌට සමාජය ගැන වැඩි දැනුමක් තිබ්බෙ නෑ ඒ කාලෙ.එතන හිටපු සෙට් එකේ එකෙක් කට වහපිය කියල ඌට බැනල කට්ටියටම ටිකට් ගත්ත.කොන්ද ආව කොල්ල ඉන්න තැනටත් “ආ මල්ලි කියල,හොදට නාගෙන හිටපු කොල්ලටත් හිනාවක් දාල මලට “ටිකට් ටිකට්, කිව්ව.පව් ඒකි කොහොම ටිකට් ගන්නද?කොල්ලට හිතුන මල දැන් කොන්දට “ගුඩ් මෝනිං කියයි කියල,ඇයි ඉතින් ඒක විතරනෙ යන්තං කියා ගන්න පුලුවන්..


    කොල්ල එහෙම හිතාගෙන හිටියට මල එකපාරටම කතා කරල තනි අතින්ම කොන්දගෙන් ටිකට් එකක් ඉල්ල ගත්ත.ඒ ගනිද්දි නිකංවත් කොල්ලගෙ මූණ බැලුවෙ නෑ.අද මං මූණ හෝදල පිලිවෙලකට ඉන්න නිසා වෙන්න ඇති,අපරාදෙ මූණ හෝදන්නෙ නැතුවම ආවනම් ඉවරයි,කොල්ලට හිතුන.කොල්ල ආයෙ ට්රවයි එකක් දානව කියල හිතන් ඇහුව“අද මොනවද ක්ලාස්?,කියල.ඒ ඇහුවට ඌ දන්නව අද තියෙන්නෙ පිකිස් ක්ලාස් කියල.මොකද ඌත් පිකිස් ක්ලාස් ගියානෙ නිදාගන්න හරි.ඒක ඇහුවත් වැඩක් උනේ නෑ,රිප්ලයි ආවෙ නෑ.ඒ උනාට අර අන්කල් නම් ආයෙ බැලුව කොල්ල දිහා නිකං පොරගෙන් ඇහුව වගේ....මොකද අන්කල් බලන්නෙ?අවුල්ද?අන්කල් නිකං ඒ කාලෙ මේව නොකරපු ගානට අපි දිහා බලන්න එන්න එපා හරි..අන්කල්ලත් ඒ කාලෙ මල් වතු වල ඇවිදින්න ඇතිනෙ,දැං නිකං එනව මෙතන බලන්න.නහින දෙහින කාලෙ බණක් අහගෙන ගෙදරට වෙලා ඉන්නවකො මෙතන අකුල් හෙලන්න එන්නෙ නැතුව....කොල්ල එහෙම කිව්වෙ නෑ.කොල්ලට එහෙම හිතුන.සාධාරණයිනෙ අප්ප එහෙම හිතෙන එක.ඒ ගොල්ලො කොටු දහඅටම පැනල එනව මෙතන අපේ කොටු කපන්න.

    ''

    ඔහොම කාලය ගෙවෙන අස්සෙ ඩ්රඅයිවරය බ්රේක් ගහනව පිස්සු වැටිල වගේ.ඒ බ්රේක් පාරවල් වලට මල එහෙට මෙහෙට විසිවෙනව හෝ ගාල.අර පොඩි එකාගෙ කතාව හරි.ඩ්රැෝයිවරයට අමු කැවිලද යකෝ මෙහෙම බ්රේක් ගහන්නෙ..ඌට ඇක්ස්ලේටරෙයි බ්රේක් එකයි මාරු වෙලාද මන්ද..කොල්ල හිතපු දේ ඩ්රැටයිවරයට ඇහිලද කොහෙද ඌ ඒ සැරේ බ්රේක් එක පෑගුව ලෑල්ලටම..ආයි මක්කයි බස් එකේ හිටපු ඔක්කොම මල් විසි උනා ඒ බ්රේක් පාරට.අර මලත් විසි උනා.එතකොටම කොල්ල ටක් ගාල සීට් එකේ යකඩ බාර් එක හයියෙන් අල්ල ගත්ත.ඒක ඇවිල්ල යහපත් අරමුණක් ඇතුව කරපු වැඩක්. මල ඇවිල්ල කොල්ලගෙ අතේ හැප්පිල නතර උනා.නැත්තං බිම තමයි..“හොද වැඩේ පොර වගේ තනි අතින් අල්ලන් ගියාට,කොල්ල හිතුව.හුලං පාරට මලේ කොන්ඩෙත් සුනාමිය වගේ ඇවිල්ල කොල්ලගෙ ඇස්වල හිට.කෙස් ගහක් දෙකක් කැවුනදත් කොහෙද..මලගෙ අතේ තිබ්බ පොත් ටික එක එක දිශාවලට හැරුන හැබැයි එකක්වත් වැටුනෙ නෑ.බෑග් එක උරහිසෙන් පැනල වැලමිටේ නතර උනා..“හොදම වැඩේ ,කොල්ලට ආයෙ හිතුන.මල ඒ පාර අනිත් අතත් අතඇරල බෑග් එක වාඩිවෙලා හිටපු ඇන්ටි කෙනෙක්ට දීල පොත් ටිකත් එකම දිශාවකට හරවල ඒ ඇන්ටිටම දුන්න අල්ලන් හිටපිය කියල.කොල්ලත් ඉතින් ඔය ටික කරල ඉවර වෙනකම් අත ගත්තෙ නෑ මල වැටුනොත් කියල.කාගෙ උනත් දරුවෙක්නෙ මචංලා..පොත් ටිකත් ඇන්ටිට දීල මල ආයෙ නිසි පරිදි ස්ථානගත වෙනකම් ඉදල කොල්ල කිව්ව“ඕය ටික කලින්ම කරා නම් හරිනෙ ,කියල.එතකොට නම් ඔන්න මලට ලාවට හිනාවක් ආව.හිනා තමයි වැටෙන්න ගිහින් ලාවට හිනා වෙනවනම් වැටුනම තදේටම හිනා යයි,තව පොඩ්ඩෙන් මගෙ අතට තමයි කෙලවෙන්නෙ ඇවිත් වැදුන පාරට.මල මල කිව්වට මොකෝ මේක මල් පෝච්චියක්...බර විතරක් මේකෙ.කිලෝ පනහක් වත් ඇති අඩුම,කොල්ල වැල් වටාරම් හිතන ගමන් දළ වශයෙන් ගණනය කරල බැලුව.

     
    • Like
    Reactions: keerthi.mac