බස් එක යනව නිකං අවසන් ගමන් යන්න වගේ.ඩ්රැකයිවර් අයියට උදේ පවුල බැනලද කොහෙද, පොඩි එකෙක් කට කැඩිච්ච කතාවක් කිව්ව.අම්මප දැන් හැදෙන පොඩි ඈයො කියල හිත හිත කොල්ල මල ලගටම ආව.අදුරන කමට නිකං ගුඩ් මෝනිං කියනව විතරයි කියල කොල්ල හිතාගෙන “ගුඩ් මෝනිං කිව්ව මලට.සද්දයක් නෑ..ලැජ්ජාව බාල්දියයි..ලග හිටපු අන්කල් කෙනෙකුත් කොල්ල දිහා බැලුව.උදේම ලැජ්ජාව බාල්දිය නා ගත්තු කොල්ල බැලුව ලග පාතක ටන්කෙ එහෙම ඉන්නවද කියල.ඌ කොට මොඩල් එකට පාඩම් කියල දෙනව,ඒකිත් ගුරු භක්තියෙන් අහගෙන ඉන්නව. කොල්ල මේ පාර විතරයි කතා කරන්නෙ කියල තරයේ හිතාගෙන ඇහුව “බයෝ ද කරන්නෙ?,කියල.සද්දයක් නෑ.පෙර සදහන් කරපු අන්කල් ආයෙ හැරිල බැලුව.කොල්ල තව බාල්දියක් නෑව.
පව් ඊයෙ බය වෙච්ච නිසා ඒ කම්පනේට කතා කරන්න බැරි වෙන්න ඇති,කොලුවට හිතුන.නැත්තං පොඩි කාලෙ ඉදලම කියන්න පුලුවන් ගුඩ් මෝනිං කියන එක විතරක් වෙන්න ඇති. කොන්දා පිටිපස්සෙ ඉදන් කෑගැහුව “ටිකට් ටිකට්, කියල.“අයියෙ සීසන් වලින් බැරිද? කියල අමිලය අහනව කොල්ලට ඇහුන.ඌට සමාජය ගැන වැඩි දැනුමක් තිබ්බෙ නෑ ඒ කාලෙ.එතන හිටපු සෙට් එකේ එකෙක් කට වහපිය කියල ඌට බැනල කට්ටියටම ටිකට් ගත්ත.කොන්ද ආව කොල්ල ඉන්න තැනටත් “ආ මල්ලි කියල,හොදට නාගෙන හිටපු කොල්ලටත් හිනාවක් දාල මලට “ටිකට් ටිකට්, කිව්ව.පව් ඒකි කොහොම ටිකට් ගන්නද?කොල්ලට හිතුන මල දැන් කොන්දට “ගුඩ් මෝනිං කියයි කියල,ඇයි ඉතින් ඒක විතරනෙ යන්තං කියා ගන්න පුලුවන්..
කොල්ල එහෙම හිතාගෙන හිටියට මල එකපාරටම කතා කරල තනි අතින්ම කොන්දගෙන් ටිකට් එකක් ඉල්ල ගත්ත.ඒ ගනිද්දි නිකංවත් කොල්ලගෙ මූණ බැලුවෙ නෑ.අද මං මූණ හෝදල පිලිවෙලකට ඉන්න නිසා වෙන්න ඇති,අපරාදෙ මූණ හෝදන්නෙ නැතුවම ආවනම් ඉවරයි,කොල්ලට හිතුන.කොල්ල ආයෙ ට්රවයි එකක් දානව කියල හිතන් ඇහුව“අද මොනවද ක්ලාස්?,කියල.ඒ ඇහුවට ඌ දන්නව අද තියෙන්නෙ පිකිස් ක්ලාස් කියල.මොකද ඌත් පිකිස් ක්ලාස් ගියානෙ නිදාගන්න හරි.ඒක ඇහුවත් වැඩක් උනේ නෑ,රිප්ලයි ආවෙ නෑ.ඒ උනාට අර අන්කල් නම් ආයෙ බැලුව කොල්ල දිහා නිකං පොරගෙන් ඇහුව වගේ....මොකද අන්කල් බලන්නෙ?අවුල්ද?අන්කල් නිකං ඒ කාලෙ මේව නොකරපු ගානට අපි දිහා බලන්න එන්න එපා හරි..අන්කල්ලත් ඒ කාලෙ මල් වතු වල ඇවිදින්න ඇතිනෙ,දැං නිකං එනව මෙතන බලන්න.නහින දෙහින කාලෙ බණක් අහගෙන ගෙදරට වෙලා ඉන්නවකො මෙතන අකුල් හෙලන්න එන්නෙ නැතුව....කොල්ල එහෙම කිව්වෙ නෑ.කොල්ලට එහෙම හිතුන.සාධාරණයිනෙ අප්ප එහෙම හිතෙන එක.ඒ ගොල්ලො කොටු දහඅටම පැනල එනව මෙතන අපේ කොටු කපන්න.
''
ඔහොම කාලය ගෙවෙන අස්සෙ ඩ්රඅයිවරය බ්රේක් ගහනව පිස්සු වැටිල වගේ.ඒ බ්රේක් පාරවල් වලට මල එහෙට මෙහෙට විසිවෙනව හෝ ගාල.අර පොඩි එකාගෙ කතාව හරි.ඩ්රැෝයිවරයට අමු කැවිලද යකෝ මෙහෙම බ්රේක් ගහන්නෙ..ඌට ඇක්ස්ලේටරෙයි බ්රේක් එකයි මාරු වෙලාද මන්ද..කොල්ල හිතපු දේ ඩ්රැටයිවරයට ඇහිලද කොහෙද ඌ ඒ සැරේ බ්රේක් එක පෑගුව ලෑල්ලටම..ආයි මක්කයි බස් එකේ හිටපු ඔක්කොම මල් විසි උනා ඒ බ්රේක් පාරට.අර මලත් විසි උනා.එතකොටම කොල්ල ටක් ගාල සීට් එකේ යකඩ බාර් එක හයියෙන් අල්ල ගත්ත.ඒක ඇවිල්ල යහපත් අරමුණක් ඇතුව කරපු වැඩක්. මල ඇවිල්ල කොල්ලගෙ අතේ හැප්පිල නතර උනා.නැත්තං බිම තමයි..“හොද වැඩේ පොර වගේ තනි අතින් අල්ලන් ගියාට,කොල්ල හිතුව.හුලං පාරට මලේ කොන්ඩෙත් සුනාමිය වගේ ඇවිල්ල කොල්ලගෙ ඇස්වල හිට.කෙස් ගහක් දෙකක් කැවුනදත් කොහෙද..මලගෙ අතේ තිබ්බ පොත් ටික එක එක දිශාවලට හැරුන හැබැයි එකක්වත් වැටුනෙ නෑ.බෑග් එක උරහිසෙන් පැනල වැලමිටේ නතර උනා..“හොදම වැඩේ ,කොල්ලට ආයෙ හිතුන.මල ඒ පාර අනිත් අතත් අතඇරල බෑග් එක වාඩිවෙලා හිටපු ඇන්ටි කෙනෙක්ට දීල පොත් ටිකත් එකම දිශාවකට හරවල ඒ ඇන්ටිටම දුන්න අල්ලන් හිටපිය කියල.කොල්ලත් ඉතින් ඔය ටික කරල ඉවර වෙනකම් අත ගත්තෙ නෑ මල වැටුනොත් කියල.කාගෙ උනත් දරුවෙක්නෙ මචංලා..පොත් ටිකත් ඇන්ටිට දීල මල ආයෙ නිසි පරිදි ස්ථානගත වෙනකම් ඉදල කොල්ල කිව්ව“ඕය ටික කලින්ම කරා නම් හරිනෙ ,කියල.එතකොට නම් ඔන්න මලට ලාවට හිනාවක් ආව.හිනා තමයි වැටෙන්න ගිහින් ලාවට හිනා වෙනවනම් වැටුනම තදේටම හිනා යයි,තව පොඩ්ඩෙන් මගෙ අතට තමයි කෙලවෙන්නෙ ඇවිත් වැදුන පාරට.මල මල කිව්වට මොකෝ මේක මල් පෝච්චියක්...බර විතරක් මේකෙ.කිලෝ පනහක් වත් ඇති අඩුම,කොල්ල වැල් වටාරම් හිතන ගමන් දළ වශයෙන් ගණනය කරල බැලුව.