කොල්ල අතට හානි වෙලාද කියල බල බල ඉද්දි කොන්ද ආයෙ යනව ටිකට් ටිකට් ගගා බස් එක මැදින් ටාසන් වගේ.සෙනග ඉන්න බස් එකක මැදින් යනව කියන්නෙ කාලෙ හැටියට හෙන ගේමක්නෙ.පොඩි එකෙක් එහෙම වැරදිලා හරි බස් එකේ මැදට ආවොත් ආයි බහිනව බොරු.ඌ ඉන්න තැන හොයා ගන්න වෙන්නෙ පොලීසියෙන් දාල තමයි.ඔය ක්ලාස් යද්දි එහෙම කොල්ලගෙ සෙට් එකේ සමහර ඈයො පන්ඩිතකමට බස් එක මැදට ගින් අතරමං වෙලා තියනව.අන්තිමට අතරමං උන එකා ෆුට් බෝඩ් එක හරියෙ ඉන්න එකෙක්ට කෝල් කරල කියනව “මචං මාව හොයා ගනිං ,කියල. ඒ විදියට තමයි අතුරුදහන් වෙන ඈයො හොයා ගත්තෙ.
බස් එක ආව නගර සීමාවටම..තව ටිකකින් බස් එකේ මල් ඔක්කොම බහියි ක්ලාස් තියන තැන.කොල්ල නම් ඉතින් යන්න එපැයි ටවුන් එකටම.මල කලින් දාපු හිනාවට අමතරව හිනාවක් ආයෙ ආවෙ නෑ, කලින් හිනාවත් වෙන කොහෙද බලාගෙනනෙ හිනා වුනේ.මල බහින්න ලෑස්ති වෙලා ගත්ත බෑග් එක,අරන් දාගත්ත කරේ.ඊට පස්සෙ අර ඇනටිගෙන් ඉල්ල ගත්ත හෙන වටින බයෝ පොත් ටික,අරන් ඇන්ටිටත් “තැනක් යූ, කියල පොත් ටික එක අතකින් බදා ගත්ත.. ඔය මට පේන්නනෙ ඇන්ටිට තැන්ක් යූ කිව්වෙ,අපරාදෙ කලින් වැටන්න දෙන්න තිබ්බෙ,කොල්ල පසුතැවෙන ගමන් හිතුව.බස් එක නැවැත්තුව ක්ලාස් යන කොල්ලො කෙල්ලො ඔක්කොම දඩ බඩ ගාල බස් එකෙන් බහිනව.කොල්ල උදාසීන වෙලා වගේ හිටිය.
“මං යන්නම්ම්ම්....මල කිව්ව.කොල්ල බැලුව මල දිහා.ලාවට හිනාවක් වගේ එකකුත් තිබ්බ,එක කම්මුලක් වල ගැහිල තිබ්බ.ඒ කියන්නෙ ඉතින් හිනාවෙනව කියන එකනෙ.මේ කාලෙ ඩෙංගු බෝ වෙන එකේ කම්මුලේ වතුර පිරුනොත් මලට ආණ්ඩුවෙන් දඩ ගහයි.“හා...කොල්ල මලට කිව්ව..මල බස් එකෙන් බැස්ස..
“මං යන්නම්ම්..කිව්වෙ?
ඒ ප්රංශ්ණයක්ද ඇහුවෙ?
මාත් හා කිව්වනෙ..එතකොට මං එපා කිව්වනම් බහින එකක් නැද්ද? කොල්ල වටේ ඒ වගේ ප්රංශ්ණ කැරකෙන්න ගත්ත
...හා.. කියපු එක ටිකක් චාටර් වගේ......වෙන මොකක් හරි කියන්න තිබ්බෙ.....
පරිස්සමින් යන්න කිව්ව නම් හරි
ඒක වැඩියි වගේ,කිව්වෙ නැතත් පරිස්සමට යනවනෙ කොහොමත්..
බුදු සරණයි කිව්ව නම් හරි.......
එහෙම කියන්න ඒකි මට වැන්දෙ නෑනෙ..අනික බුදු සරණයි කියන්න මං ඒකිගෙ තාත්තත් නෙවෙයිනෙ....කොල්ල හිතුව.
කොල්ල බැලුව බස් එක සිසාරා..සෙනග ටිකයි ඉන්නෙ..නසරානියො සෙට් එක ඉන්නව පිටිපස්සෙම සීට් එකේ වාඩි වෙලා.ටන්කෙගෙ නීති විරෝධී වැඩ උන්ට උහුවෙලා..සෙට් එකට නොදන්වා මල් ව්යාෙපාර වල යෙදීම,යන චෝදනාව යටතේ ඌ අත් අඩංගුවට අරන්.කට්ටිය තදින්ම ප්රමශ්ණ කරනව.අමිලය ටිපි ටිප් එකක් කන ගමන් ඌට තර්ජණය කරනව..ඌට ටිපි ටිප් පෙන්නල මානසිකව වට්ටන්නනෙ ඔය හදන්නෙ.ඒත් ඌ එහෙම ඕවට යට වෙන ජාතියේ එකෙක් නෙවෙයි,ඔන්න පාන් ගෙඩියක් එහෙම පෙන්නුවනම් මොකක් හරි තොරතුරක් ගන්න තිබ්බ. ඒත් දැන් නම් ටන්කෙ කට අරින පාටක් නෑ.ඌ එල්ලුම් ගහට යන්න හරි හිත හදන් ඇත්තෙ,පව් හිත හොද එකා පොඩ්ඩක් මොලේ හොද නැති උනාට.
ඈ......පොඩ්ඩක් ඉමු බලන්න..ඒ මොකද්ද ඒ හුට්ටප්පරේ??අමිලයට කොහෙන්ද බොලව් ටිපි ටිප්?කව්ද යකෝ බස් එකේ ටිපි ටිප් කඩ දාගෙන ඉන්නෙ?බස් එකට නගිනකන්ම අමිලය අතේ ටිපි ටිප් පැකට් එක තිබ්බෙ නෑ කියල කොල්ලට හොදටම ශූවර්..මූ පොඩි එකෙක්ගෙ අතේ තිබ්බ ටිපි ටිප් පැකට් එකකට වත් ගේම දුන්නද? එහෙව් අයියලනෙ මුන්.අපරාදෙ කියන්න බෑ හැබැයි කට්ටියම බෙදාගෙන කනව...