කොල්ලෙක්ට හරියනම වොලට්
වොලට් එහෙම නැතිනම් මුදල් පසුම්බිය කියන එක අතීතයේදි අවශ්‍යතාව සම්බන්ධයෙන් පමණක් වැදගත් වෙන භාණ්ඩයක් වුනත් අද වෙනකොට විලාසිතාව කියන කාරණාවත් අපේ පසුම්බිය සමඟ බැඳී පවතින බව ඇත්තක්. කොල්ලෝ අද වෙනකොට තමන්ගේ සාක්කුවේ දාගෙන යන වොලට් එක අතේ අරගෙන යන්නේ තමන් සතුව තිබෙන්නේ අහවල් වර්ගේ වොලට් එකක් බව ලෝකෙට පෙන්වන්න දෝ කියලා අපිට වෙලාවකට හිතෙනවා.
ඒ මොනවා උනත් අද අපි කියන්න යන්නේ, කොල්ලෙක් වුනාම නිවැරදි ආකාරයට වොලට් එකක් තෝරාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි. කෙල්ලෙක් උනත් මේ ලිපිය කියෙවුවට කිසිම වරදක් නෑ. මොකද කොල්ලට තෑග්ගක් හැටියට දෙන්නත් වොලට් එකක් කියන්නෙ මරු බඩුවක්නෙ.
වොලට් වර්ග කීයද? ඒ මොනාද??
ප්‍රධාන වශයෙන් වොලට් වර්ග තුනයි. ට්‍රයි ෆෝල්ඩ්, බයිෆෝල්ඩ් සහ ක්ලිප් ආදී වශයෙන්. දැන් අපි හඳුනගමු මේ වර්ග වල වෙනස්කම්.
ට්‍රයිෆෝල්ඩ් (Trifold)
Choosing a Men's Wallet
Source – ebay.com
නම ඇහුවම හිතාගන්න බැරිද?
බැරි නම් අවුලක් නැහැ. කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි කතාව. ට්‍රයි ෆෝල්ඩ් කියන්නේ තුන් තැනෙකින් නැවෙන හැඩයට හදලා තිබෙන පසුම්බි. විවිධ කාර්ඩ් වර්ග, තමන්ගේ නම්පත, සහ කාසි හොඳින් තබාගන්නත් මේ ට්‍රයිෆෝල්ඩ් පසුම්බියේ ඉඩ තිබෙනවා.
බයි ෆෝල්ඩ් (Bifold)
Choosing a Men's Wallet
Source – ebay.com
නම අහපු ගමන් බය වෙන්න එපා. මේක පාවිච්චි කරන්න පුළුවන් ඒ පාර්ශවේ කට්ටියට විතරක් නෙවෙයි. බයි ෆෝල්ඩ් කියන්නේ දෙකට නැවෙන, එහෙමත් නැති නම් දෙපියනකින් යුතු පසුම්බියකටයි.
මනී ක්ලිප් (Money Clip)
Choosing a Men's Wallet
Source – palmwest.com
නිදහස් සවසක සියලුම බැඳීම් වලින් නිදහස් වෙන්න උවමනා වෙලාවක, නිදහසේ මුදල් සැනින් ගනිමින් වියදම් කරන සැන්දෑවක මෙහෙම මනි ක්ලිප් එකක් භාවිතා කරන එකේ කිසිම අවුලක් නැහැ. මුදල් මිටිය දෙකට නවලා නැවුම් පාර මැදින් ගසා සාක්කුවේ රුවා ගන්න මේ අමුතු පහේ පසුම්බිය ලංකාවේ ඉහලම පැලැන්තියේ අයට නම් ආගන්තුක නැහැ.
යුනිවර්සල් වොලට් (Universal wallet)
Choosing a Men's Wallet
Source – caseofmine.com
මේ මොකද්ද? නමත් අමුතුයි නේද? ඒ වුනාට කලබල වෙන්නෙපා. මුදල් එක්කම තව එක එක මාදිලියේ තමන්ට උවමනා කරන දේවල් රාශියක් දාගෙන බොහොම පහසුවෙන් සිපර් එකකින් වසාගෙන ආරක්ෂාව තර කරගන්නට පුළුවන් මේ පසුම්බිය, වඩාත් වැදගත් වෙන්නේ අතිශය කාර්යබහුල වුනත් තමන්ගේ සියලුම වැදගත් දේ අත අසලම තියාගන්නට මනාප කට්ටියට තමයි.
වොලට් එකක් ගන්න කලින් බලන්න ඕනෙ දේවල්
1. මෙටිරියල් මැටර්ස්
වොලට් එකක් ගන්න කලින් හැම වෙලාවේම එහි මෙටිරියල් එක ගැන කල්පනා කරන්න. විවිධ වර්ග වල මෙටීරියල් තිබෙනවා, ෆැබ්රික්, සින්තටික් ලෙදර්, ඔතෙන්ටික් ලෙදර් ආදී වශයෙන්. මෙහිදී
ෆැබ්රික් (Fabric)
Choosing a Men's Wallet
Source – brit.co
විවිධ රෙදි වර්ග ඇසුරින් නිර්මාණය කරන පසුම්බි මේ මෙටිරියල් එක යටතට වැටෙනවා. ඒ වගේම, මිලෙන් ටිකක් අඩු වුනත් කල් පැවැත්මෙන් නම් එතරම් සාර්ථක නැති නිසා මිලදී ගන්න කලින් වරක් නෙවෙයි දෙවරක් ම හිතුවට පාඩු නැහැ.
සින්තටික් ලෙදර් (Synthetic leather)
Choosing a Men's Wallet
Source – everafterguide.com
පෙනුමින් නියම ලෙදර් කියලා හිතුනට ටික කාලයක් යනකොට පොඩි පොඩි කෑලි කෑලි වශයෙන් ගැලවෙන නිසා සින්තටික් ලෙදර් ගන්න එක එතරම් හිතකර නැති වුනත්, ෆැබ්රික් පසුම්බි වලට වඩා මේක ශක්තියෙන් වැඩියි. ඒ වගේම ඊට වඩා වැඩි කාලයක් භාවිතා කරන්නත් පුළුවන්. සාමාන්‍ය මිල මට්ටමක් වගේම පෙනුමින් බොහොම ලස්සන විලාසිතා එහෙම මේ සින්තටික් ලෙදර් මෙටිරියල් එක තුලින් ඔබට තෝරාගන්නට පුළුවන්.
ඔතෙන්ටික් ලෙදර් (Authentic)
Choosing a Men's Wallet
Source – catholiccompany.com
නියමම ලෙදර් වොලට් එකක් ඔබට ගන්නට හැකි නම් එය ඔබේ වාසනාව, ඒ වගේම තමා නියමම ලෙදර් වොල්ට් එකක කල් පැවැත්ම බොහොම වැඩියි. භාවිතය අනුව ගෙවුනොත් මිසක් කැඩෙන්නේ නම් නැති සමහර ඔතෙන්ටික් ලෙදර් වොලට් අවුරුදු 20 භාවිතා කරන අය අපි අතරේ ඕන තරම් ඉන්නවා. ඒ වගේම තමා මේවායේ මිල. වැඩි වුනත් ගත්තට පාඩු නැහැ කවදාවත්.
2. කාසි පොකට් එක
Choosing a Men's Wallet
Source – joojoobs.com
කාසි පොකට් එකක් තියෙනවද බලන්න. කාසි වලටම වෙන් වුන පොකට් එකක් තියෙන එකේ වාසිය තමා ඔබ සතුව තිබෙන කාසි එක තැනක රඳවා ගන්න එක. නිකම්ම වොලට් එකේ තියාගෙන ඉන්නකොට කාසි නිසා ඔබේ වොලට් එක ඉරෙන්න පුළුවන්.
3. වඩා හොඳ මොන වොලට්ද?
Choosing a Men's Wallet
Source – purseblog.com
අහලා තියෙනවද Turned edges එහෙමත් නැතිනම් දාරය නවලා මහපු වොලට් ගැන. කපන්නේ නැතිව එකම සම් කැබැල්ල නවා මූට්ටුව සෑදීම නිසා, මේ වර්ගයේ වොලට් ශක්තිය සහ කල්පැවැත්ම අතින් ඉහල තැනක තිබෙනවා. ඒවගේම කැපු දාරයකින් යුතුව නිර්මාණය කල වොලට් එහෙමත් නැතිනම්, Cut edges සහිතව නිර්මාණය කර තිබෙනවා නම් එහි කල්පැවැත්ම නම් අනෙක්වාට වඩා අඩුයි.
මේ නිසා වොලට් එකේ තිබෙන දාර වල ඇති මැහුම් ගැන අවධානය යොමු කරන්න. ඉහතින් කියූ දාර වල ගුණය සහිතව හොඳින් මූට්ටු සැකසු වොලට් එකක් නම් ඔබට බිය වන්නට කිසිදු හේතුවක් නැහැ.
4. රැළි සහිත කොන්
Choosing a Men's Wallet
Source – padandquill.com
ඕනෙම හොඳ වොලට් එකක කොන් සියල්ලම එකට හැකිලිලා ගියපු ආකාරයක් ගන්නවා. මෙයට හේතුව තමා වැඩි පීඩනයක් දරාගන්නට ඇති හැකියාව. මෙය නොකැපූ ඔරිජිනල් ලෙදර් වලින් සකසා ඇති බව අපට නිහඬව කියාපානවා.
aniwa.lk

Last edited: