Copy paste. උඹටත් අදාළ වෙයිනෙ.
කට්ටිය live කරන්ඩ starlink ගන්න පටන් අරන් නේත. දැන් දෙන්නෙක්ම අැහුවා. ඔන්න එ‍් නිසා වැදගත් විස්තර ටික ලියලා දානවා.

1. හැමෝටම තියෙන ප්‍රශ්නෙ latency එකනෙ. එ‍්ක අැත්තටම එච්චර practical අවුලක් නැහැ. Fiber තරම්ම ping එක අඩු නෑ හැබැයි අැත්තටම phone එකේ data වලින් යනවටත් වඩා හොඳ latency එකක් තියෙනවා. ඉතින් කිසිම අවුලක් නෑ.
2. එකම දේ starlink හදල තියෙන්නෙ ප්‍රධාන වශයෙන්ම downloading side එකට නිසා uploading speed එක ගොඩක් වැඩි නෑ කියල මතක තියා ගන්න. හැබැයි live කරන්න නම් ඕනවටත් වඩා අැති. එකම දේ downloading වගේම speed එකක් නැති වෙන්න පුළුවන්. (200+ mb/s download vs 20-50 mb/s upload)
3. ඊට වඩා ගොඩක් අයට වැදගත්ම දේ තමයි starlink එක fiber වගේ තැනකින් තැනකට ගෙනියන්න කරදර නෑ. Fiber ගත්තා වගේ නෙවෙයි ගෙවල් මාරු කරන්න වුණොත් දිගටම අවුරුද්දක් නිකන් ගෙවන්නත් වෙනවනෙ. Starlink එහෙම නෑ ඕන තැනකට ගෙනියන්න පුළුවන්.
4. කොටින්ම ට්‍රිප් එකක් යද්දි අරන් ගිහින් වාහනේම හරි සෙට් කරගන්න වුණත් පුළුවන්. (power ගන්න inverter එකක් වගේ ඕන එච්චරයි. ලොකු power එකක් යන් නෑ, සාමාන්‍ය බල්බ් එකක් දැම්මා වගේ තමයි. 20-30W)
5. එකම දේ තමන් ඉන්න තැන හරියට සෙට් කරන්න පුළුවන්ද කියල බලන්න වෙනවා. අහස පැහැදිලිව පේන තැනක ගහන්න access අවශ්‍යයි. ගස්වලට ගොඩක් වැහිලා නම් අතු කපා ගන්න එහෙම වෙයි. වහළෙක වගේ හුළං වැඩි තැනක නිකන් තියන්න බෑ හරියට securely හයි කරගන්න වෙනවා.
6. වත්තක් නැති room එකක් විතරක් වගේ තැනක නම් වහලෙ මේක හයි කරන්න, cable එකක් අැතුළට ගන්න පුළුවන්ද කියල අනිවාර්යයෙන්ම ටිකක් බලන්න. ගොඩක් අයට මේක මහා ලොකු අවුලක් නැති වෙයි මම හිතන්නෙ.
7. ගාණ කිව්වොත් මුලින් රු. 120k හෙවත් $399. එ‍්ක pay කරල order කරාම (COD නෑ) සතියක් අැතුළත ගෙදරටම එනවා. ඊට පස්සෙ මාසෙට රු. 9200 ගෙවන පැකේජ් එකත් live කරන්න නම් ඕනවටත් වඩා අැති. 15000 එකට යන්න පුළුවන් ඕනම නම්, හැබැයි ගොඩක් වෙලාවට එහෙම අවශ්‍ය වෙන් නෑ.
8. නෑ නෑ වැස්සයි අව්වයි කියල කිසිම ප්‍රශ්නයක් නෑ. Slow වෙන් නෑ. නිතර අතු වැනෙන ගස්වලට ගොඩක් වැහිලා තියෙන තැනක වගේ වුණොත් සමහරවිට ටිකක් හරවන්න කියල notification එයි එච්චරයි. හිම වැටුණත් අවුලක් නැති විදිහට design කරල තියෙන්නෙ.


වැදගත් : Terms of services අනුව මේක personal පාවිච්චියට විතරයි ගන්න වෙන්නෙ. තමන් අරන් යාලුවොන්ට බෙදන්න වගේ හිතනවා නම් ටිකක් විතර පරිස්සමින්. එහෙම වැඩ කරන එ‍්වා throttle කරන, ban කරන කතාවක් තියෙනවා. ලොකු පිරිසකට ගන්න ඕන නම් starlink business kit එක තියෙනවා ලක්ෂ 9 ක් වගේ වෙන එක. Personal එක ගන්නවා නම් තමන්ගෙ ගෙදර අයගෙ පාවිච්චියට විතරක් ගන්න මතක තියා ගන්න. හොර වැඩ කරන්න නම් පුළුවන් වෙයි හැබැයි පරිස්සමින්.
ඔය ටික තමයි. ඕනම පැකේජ් එකක් Personal පාවිච්චිය සඳහා unlimited, no FUP, හැබැයි හොර වැඩ කරන්න යන්න එපා.
මම හිතන්නෙ කාටත් තියෙන ප්‍රශ්න සේරම වගේ cover කරා. වෙන ප්‍රශ්න තියෙනවා නම් කියන්න