කොලු කාලෙ කරපු අමන වැඩ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්කෝලෙන් පැනල ගගේ නාන්න යනවා යන ගමන් වතු පාලු කරගෙන තමයි යන්නේ. බේකරියෙන් පාන් ඉස්සුවා එක සැරයක්. ඉස්කෝලේ කැන්ටිමට පැනල එකේ කෑම ඉස්සුවා. ගමේ මළගෙයක් පිරිත් ගෙයක් තිබ්බොත් තැබිලි කුරුම්බා බිල බිල කෝම්බ එක එක ගෙවල් වලට විසි කරගෙන යනවා. මළගෙවල් වල නිදි මරද්දී ගමේ තරහ උන්ගේ ගෙවල් වල මල් පෝච්චි මාරු කරනවා. එතකොට උන් උදේට මරාගන්නවා අපි දන්නේ න වගේ ඉස්කෝලේ යනවා. ගමේ පඩ දන උන්ගේ ගෙවල් වල තියන මල්පෝච්චි උස්සල අපි යාලු වෙලා ඉන්න කෙල්ලන්ගේ ගෙවල් වලින් තියනවා රෑට.

    මල පනින එකෙක් ඉන්නවා ගමේ කොල්ලන්ගෙන් ගේම ඉල්ලන, උගේ ගෙදරට ටයිමින් තියල බට්ටෙක් දැම්ම පාන්දර 2 ට විතර.

    ඉස්කෝලේ කෙල්ලන්ගේ ගෙඩි මිරිකනව. බැට් එකට වැලි අරන් කෙල්ලන්ගේ ගවුම අස්සට ගහනවා. අල්ලපු ගෙදර අක්කට ගල් කපල තියනව
    ඩෑල් එකක් හිටියා පට්ට කයිවාරුව ඔෆිස් එකේ.... ඒ කාලේ ම හිටපු Director ලොක්කා ගේමක් ගහලා මාරු. ඉතින් ලොක්කෙක් නෑ..... වැඩ ටික වෙනදටත් වඩා හොඳට ගියා..... ඉතින් අපේ ප්‍රොජෙක්ට් එකකට ගත්ත Manager ඩයල් එකක් හිටියා, මිනිහා මැලේ (ඌරු මස් කන සීලාංකිකයෙක්) ආතල් පොර....

    මෑන් ට කිව්වා කයිවාරුකාරයාට ඇමක් දෙන්න යන්නේ, කැමති ද කියලා.... ඌ එකෙන්ම කැමති....

    ඉතින් මැලේ කාරයා උදේ ඇවිත් ඔක්කොටම මෝර්නින් පාර දාලා යනවා.... එකෙක් දෙන්නෙක් අල්ලගෙන සමාගම දියුණු කරන්න පුලුවන් ක්‍රම සාකච්ඡා කරනවා.....
    Positive management influences

    අපි වටේ නිව්ස් එකක් යැව්වා..... මැලේ කාරයා CEO වෙන්න යන්නේ කියලා....... කයිවාරුවාට ඒක ලයින් වෙලා..... මෑන් reports, summary, presentations හදනවා පන දාගෙන..... දවසක් තඩි file තොගයක් අරගෙන මැලේකාරයා හම්බෙන ගිහින්.... Explain කරනවා පැය ගාණක්..... අපිත් හොම්බ දාලා අරූට කින්ඩි හිනා දාලා යනවා.

    එළියේ සෙට් වෙන්නත් කතා කරලා..... මැලේ එකා ඇවිත් department මැද දුන්නා... කෙල්ලෝ එහෙම හිනා වෙලා වැඩි වෙලා අඬනවා...... කයිවාරු කාරයා ට වැඩේ නෝන්ඩි නෑ...... අයින් වුන දවසක ඌට කියන්න ඉන්නේ.
    ඉස්කෝලේ යන කාලේ මම කැඩෙට් කලා, මම ඒ කාලේ කෝප්‍රල් ඉතින් එක වයසේ යාලුවෝ තමා ටික පැටුන් එකේ ඉතින් දැන් කැම්ප් යන්න තියන දවට කලින් දවසේ රැ අපි ඉස්කෝලේ නැවතිලා නයිටක් අදිනවා මොකෝ වෙලාවට උදේට එන්න බෙරිවෙඉ හිතලා , ඉතින් අපි ලාවට පාටියක් දාන්න අපේ සාජන් කාරයා බියර් ටින් හතරකුත් ගෙන්නල්ලා තිබ්බා පොරගේ ගෙවල් ඉස්කෝලේ පිටිපස්සේ. ඉතින් අපි එකත් ගහලා අපේ එන්න බැරුව හිටිය එකෙක්ව ගෙන්න සාජන් ගේ තාත්තගේ විල් එක අරන් ගියා ටික දුරක් යද්දී පොලිස් චෙක් පොයින්ට් එකක් දාලා හෝගාලා නවත්තනවා වාහන. බෝතල් ටිකත් විල් එකේ. එකෙක් කියපි නවත්තන්නේ නැතුව යමු කියල අනික කියනවා හර්වගනින් කියල, එකෙක් මල ලතෝනි දෙනවා මම හිතුව මෙහෙම වෙයි කියලා කියලා, ලං වෙනකොටම ටෝච් එක ගහලා නවත්තන්න අත දැම්මා. සාජන් කාරයා ගිහින් අත දාපු එකා ගාවම නවත්තලා අහපි.
    සාජන් - " සර් තාලාතුඔය පොලිසිය තව ඉස්සරහද කියලා"
    පොලිස් කාරයා - " ඔයාලා පාස් කරන් නේ ඇවිත් තියෙන්නේ කලින් හම්බුන හන්දියෙන් වමට දාන්න ඕනි කිව්වා "
    සාජන් - " අය්යෝ සර් මුන් හයර් යන්න එනවා පාරවත් නොදැන මේ මහා රැ අහන්න එකෙක්වත් නැ වෙලාවට සර්ලා හම්බුනේ ගිහින් එන්නම්" කියාගෙන හැරෙව්වා විල් එක ආපස්සට.

    අපි හරවන් යනකම්ම උන් බලන්හිටියා නොපෙනී යනකම්ම අපිත් පිටිපස්ස බලන් අවා පස්සෙන් එයිද කියලා.
    ඔන්න අපි A/L කරන කාලේ හිටියා සර් කෙනෙක් මිනිහ ඉතින් අපේ බයිට් එකක්.අපේ එකෙක් දැන් සර් board එකේ ගානක් හදනකොට සර්ගේ phone එකට call එකක් ගන්නවා.සර් ෆෝන් එක ගන්න යද්දීම කට් කරනවා ඔහොම දැන් 7-8 වතාවක්ම කළා.සර්ට ගානේ මුල් අකුරවත් ලියාගන්න බැරි උනා.දැන් සර්ට පට්ට මල.මිනිහ ගත්ත කෝල් එකක් විනය බාර සර්කාරයට.විනයබාර බුවාම තමා එ කාලේ කැඩෙට් බාරව හිටියෙත් පට්ට සැරයි.විනයබාරකාරයා තව සර්ලා තුන් දෙනෙකුත් එක්ක ආවා.දැන් හැම එකාම ගල් ගිලල වගේ ඉන්නවා බයේ දන්නවා පොරව අහුවෙනකම් පන්තියටම සද ගුට්ටක් කන්න වෙනවා කියලා.මුලින්ම හැම එකාවම චෙක් කරලා ෆෝන අරන් එක එකාව එලියට දැම්ම.දැන් හැම එකාගෙම ෆෝන් මාට්ටු.ඒ දවස්වල තමයි apple 5s එක ආපු කාලේ.අපේ එකෙක්ගේ 5s එකත් මාට්ටු.දැන් හැමෝටම කිව්වා ෆෝන් එක ඕනෙනම් ගෙදරින් එක්කවර කියල වැල මාට්ටු උනොත් ගෙදරට කියනවා කියල .ඔන්න දැන් අපේ සර්කාරයාගේ ෆෝන් එකෙන් විනයබාර බුවා ගත්ත කෝල් එකක් අර මිස් call ගහපු නම්බරේට.හුටා අපේ ගණන් සර් කාරයාගේ සාක්කුවෙන් රින්ග්ස් යනවා කියහන්කෝ.ගණන් සරුත් උඩ බිම බලනවා මෙ මොකක්ද කියල.අපේ කොල්ල පන්තියෙන් එලියට එද්දී ගණන් සර්ගේ සාක්කුවට ෆෝන් එක දාල තමයි එලියට පැනල තියෙන්නේ පිස්සු බුවෙක්.ඊට හපන් ඌ සර්ගේ නම save කරද්දී අඩු ගානේ සර් කියලවත් ගහලා නෑ.සර්ගේ නම විතරයි ගහල තියෙන්නේ.ඔක්කොමටත් එක්ක වැරදී ඔක්කොම අල්ලලා උට දුන්න වට කරගෙන සුපිරි ගුට්ටක් .කොල්ලෝ ටිකට ෆෝන් ටික ගන්න ගෙදරින් එක්ක එන්නත් උනා.ඔන්න එකෙක් කරපු හරිය
    ලංකාවෙ ඉන්න සුපිරිම අමනයො සෙට් එක ඉන්නෙ කිරියෙද කොහෙද,

    @visalbro ගෙ කතාව කියෙවුවම මතක් උණේ, ඔය වගේ ජොලි සීන් එකක් අපේ ඉස්කෝලෙත් උණා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවෙ ඉන්න සුපිරිම අමනයො සෙට් එක ඉන්නෙ කිරියෙද කොහෙද,

    @visalbro ගෙ කතාව කියෙවුවම මතක් උණේ, ඔය වගේ ජොලි සීන් එකක් අපේ ඉස්කෝලෙත් උණා.
    Kiyanna balanna
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Kiyanna balanna
    අපේ එකෙක් ඉස්කෝලෙට ගෙනත් තිබුන මෝටරෝල ෆෝන් එකක්. මොඩ්ල් එකනං මතක නෑ. ඩිස්ප්ලේ එක ෆ්ලිප් කරන්න පුලුවන් ජාතියෙ එකක්. ඒ කාලෙ හැටියට සෑහෙන්න වටිනව.
    කොහොම හරි ඕක බෑග් චෙක් කරන වෙලාවක අහුවෙලා ප්‍රින්සිපල් අතටම ගියා. ලොකුම ගැටලුව තිබුණෙ. මූ ඉස්කෝලෙ ඇතුලෙ බෙදාහරින්න ගෙනාපු ජරාව පුරවපු චිප් එකකුත් ෆෝන් එක ඇතුලෙ තිබ්බ එක.
    ප්‍රින්සිපල් අනික් වගකිවයුතු පාර්ශවේ එක්ක එකතු වෙලා ෆෝන් එකට ෆුල් සර්ච් එකක් දාල. ඔෆිස් එකේ කබඩ් එකක ආරක්ෂා සහිතව ෆෝන් එක තියල, තම දරුවාගේ හපංකං පෙන්වීමට මා,පිය කැඳවීමක් කලා.
    මේ වෙන්න යන විනාසයෙන් අපේ මිත්‍රයව ගලවා ගැනීමට කරන්න තිබුන එකම දේ ප්‍රින්සිපල්ගෙ ලොකර් එකෙන් ෆෝන් එක උස්සන එක විතරයි.
    ඒකට අපි යොදාගත්ත පුද්ගලය තමයි අපේ මැත්ස් ක්ලාස් එකේ අපි එක්කම එකට ඉගෙනගත්ත, ඔෆිස් එකේ ඕන තැනකට ඕන වෙලාවක යන්න තරමෙ බලයක් තිබුණ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකය.
    හෙඩ් ප්‍රිෆාගෙ බැජ් ගැලවිලා ෆයිල් වලට ලියුමක් යන්න තරම් කේස් එක බරපතල් හින්ද ෆෝන් එක ගෙඩිය පිටින් උස්සන්නැතුව චිප් එක විතරක් පන්නන්න අපේ යාලුව එකඟ උණා.
    කොහොම හරි වැඩේ ගොඩදාගත්ත. පස්සෙ අපේ යාලුවගෙ අම්ම ඉස්කෝලෙට ආපු දවසෙ නඩුව අහන තැනට ඔලුව දාන්නත් අපේ මිත්‍ර ප්‍රිෆාවම යොදාගත්ත.
    මිනිහට ඇහිල තියෙන්නෙ මෙච්චරයි.
    " කෝ.. සර්.. මේකෙ තිබුණනෙ... අන්න ඒ අයිකන් එක තමයි... එතන.. නැද්ද..ඊට පහල එක බලන්න.."
    පස්සෙ ෆෝන් එක ආපහු දීල අම්මව යවල තිබුණ. ජරාව කේස් එක එතනින්ම යට ගියා.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    images.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    Natural Science Teacher කියලා පට්ට semi nude film එකක් ආවා 2000 විතර...ඔන්න ගැන්සිය ගියා එකෙන්ම 10.30 show , එදා ඉස්කෝලේ උත්සවේකට ලෑස්ති වෙන දවසක්......film බලලා ආපහු ඉස්කෝලේ එනකොට හදිසි assembly එකක් පටන් ඉතින් ඔක්කොම නෝන්ඩි.ඒත් ඔප්පු කොරන්න බැහැ නේ.අපි school land ඇතුලේ.

    ඉතින් film එක වර්ණනා කලා අතිනුත් දාලා, ඔන්න වෙන්ඩ පොරවල් පහුවදා ගියා.

    ගුරුවරුන්ගේ ළමයි, ශිෂ්ය නායකයෝ එහෙම ලොකු සෙට් එකක් ආවේ පොලිස් ජිප් දෙකක.

    අරුන් මාට්ටු වෙලා වැටලීමකට ගිය පොලිස් team . Prefect බැජ් එහෙම ගැලෙව්වා.සමහර ගුරුවරු මාරු හදාගෙනත් ගියා.

    ඇම්ඩා බාගේ එවුන්ට වුණ වැඩේ. උන්ට කියන්නේ PHD Natural Sciences
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Bigmatch kale kellonge iskolawalata paninna gihin mattu wela kollupitiya policiye hitiya dawasak hawasa 6wenakan withara
    100k withara matttu. hena athal seen eka. gedaratath mattu habai boruwak kiwwe. thama ahanawa eda koheda giye kiyala
    loku amathiyonge puthtu ehemath hitiya ithin seen eka lokuwata giye ne
    Pujith Jayasundara thama ekale kolpity oic.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    කරපු දේවල් වල හැටියට මෙහෙම ඉන්නවා පුදුමයි. :P
     
    • Like
    Reactions: PHBhagya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අපි කරපු වැඩ මේකෙ දැම්මොත් කවුද කියලා දැනගන්නවා. ඉස්කෝලේ පතනේ. මේ දාලා තිබ්බ ඒවට ඒහා පට්ට් කතා තියෙනවා 😂😂😜
     
    • Like
    Reactions: PHBhagya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Bigmatch kale kellonge iskolawalata paninna gihin mattu wela kollupitiya policiye hitiya dawasak hawasa 6wenakan withara
    100k withara matttu. hena athal seen eka. gedaratath mattu habai boruwak kiwwe. thama ahanawa eda koheda giye kiyala
    loku amathiyonge puthtu ehemath hitiya ithin seen eka lokuwata giye ne
    Pujith Jayasundara thama ekale kolpity oic.
    Iya royal needa?
    අපි කරපු වැඩ මේකෙ දැම්මොත් කවුද කියලා දැනගන්නවා. ඉස්කෝලේ පතනේs. මේ දාලා තිබ්බ ඒවට ඒහා පට්ට් කතා තියෙනවා 😂😂😜
    Batch eka mokakda?
     
    • Like
    Reactions: PHBhagya

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ එකෙක් ඉස්කෝලෙට ගෙනත් තිබුන මෝටරෝල ෆෝන් එකක්. මොඩ්ල් එකනං මතක නෑ. ඩිස්ප්ලේ එක ෆ්ලිප් කරන්න පුලුවන් ජාතියෙ එකක්. ඒ කාලෙ හැටියට සෑහෙන්න වටිනව.
    කොහොම හරි ඕක බෑග් චෙක් කරන වෙලාවක අහුවෙලා ප්‍රින්සිපල් අතටම ගියා. ලොකුම ගැටලුව තිබුණෙ. මූ ඉස්කෝලෙ ඇතුලෙ බෙදාහරින්න ගෙනාපු ජරාව පුරවපු චිප් එකකුත් ෆෝන් එක ඇතුලෙ තිබ්බ එක.
    ප්‍රින්සිපල් අනික් වගකිවයුතු පාර්ශවේ එක්ක එකතු වෙලා ෆෝන් එකට ෆුල් සර්ච් එකක් දාල. ඔෆිස් එකේ කබඩ් එකක ආරක්ෂා සහිතව ෆෝන් එක තියල, තම දරුවාගේ හපංකං පෙන්වීමට මා,පිය කැඳවීමක් කලා.
    මේ වෙන්න යන විනාසයෙන් අපේ මිත්‍රයව ගලවා ගැනීමට කරන්න තිබුන එකම දේ ප්‍රින්සිපල්ගෙ ලොකර් එකෙන් ෆෝන් එක උස්සන එක විතරයි.
    ඒකට අපි යොදාගත්ත පුද්ගලය තමයි අපේ මැත්ස් ක්ලාස් එකේ අපි එක්කම එකට ඉගෙනගත්ත, ඔෆිස් එකේ ඕන තැනකට ඕන වෙලාවක යන්න තරමෙ බලයක් තිබුණ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකය.
    හෙඩ් ප්‍රිෆාගෙ බැජ් ගැලවිලා ෆයිල් වලට ලියුමක් යන්න තරම් කේස් එක බරපතල් හින්ද ෆෝන් එක ගෙඩිය පිටින් උස්සන්නැතුව චිප් එක විතරක් පන්නන්න අපේ යාලුව එකඟ උණා.
    කොහොම හරි වැඩේ ගොඩදාගත්ත. පස්සෙ අපේ යාලුවගෙ අම්ම ඉස්කෝලෙට ආපු දවසෙ නඩුව අහන තැනට ඔලුව දාන්නත් අපේ මිත්‍ර ප්‍රිෆාවම යොදාගත්ත.
    මිනිහට ඇහිල තියෙන්නෙ මෙච්චරයි.
    " කෝ.. සර්.. මේකෙ තිබුණනෙ... අන්න ඒ අයිකන් එක තමයි... එතන.. නැද්ද..ඊට පහල එක බලන්න.."
    පස්සෙ ෆෝන් එක ආපහු දීල අම්මව යවල තිබුණ. ජරාව කේස් එක එතනින්ම යට ගියා.
    Oya wagema seen ekak ape ekektath una. Ekanam cd ekak. Hurala hurala apahu thiyala thibba. Full gammata cd eka check karanna yaddi badu wada na. :P
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,206
    113
    Bigmatch kale kellonge iskolawalata paninna gihin mattu wela kollupitiya policiye hitiya dawasak hawasa 6wenakan withara
    100k withara matttu. hena athal seen eka. gedaratath mattu habai boruwak kiwwe. thama ahanawa eda koheda giye kiyala
    loku amathiyonge puthtu ehemath hitiya ithin seen eka lokuwata giye ne
    Pujith Jayasundara thama ekale kolpity oic.
    YAKO MEKA news WALATH GIYA NEDA? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපි ඕලෙවල් ක්ලාස් ඇරිල එන පාරෙ එක පැත්තක් රේල්පාරට මායිම් වෙලා තිබුණෙ. පාරෙන් අනික් පැත්තෙ උසට වැවුන ලොකු ඉලුක් ගාලක් තිබුණ. අපි ටවුන් එකට එන්නෙ රේල් පාර දිගේ.
    ඉලුක් ගාල නිසා පාරට එහාපැත්ත මුකුත් පේන්නෙ නෑ.
    දවසක් හවස එනකොට පාරෙ කරන්ට්වයර් එකේ මැරිච්ච වවුල් කුණක් එල්ලිලා තිබුණ. අපේ එකෙක් "වවුලව බිම දාමු" කියල රේල්පාරෙන් ගල් අරං ගහන්න ගත්ත. අපිත් ඉතිං පේලියට වවුලට ගල් කෙලින්න ගත්ත. ගල් වැටෙන පැත්තෙන් දඩ දඩ ගාල සද්දයක් ආවත් ගනං ගත්තෙ නෑ.
    ටිකකින් එකෙක් "කවුද යකෝ ගෙදරට ගල් ගහන්නෙ" කියල එලවං ආව. අපි දුවල බේරුණා.

    ඊලඟ දවසෙ යද්දි ක්ලාස් එකට නඩුව ඇවිත් තිබුණත් අපිව හොයාගන්න බැරි උණා. මොකද ඒ පාරෙ අපි ගියාට අපේ ගෙවල් වලට යන්න තියෙන්නෙ වෙන පාරකින්. ඔය කිවුව පාර හෙන දුර පාරක්.
    කොහොමටත් කාලයක් යනකල් ඒ පැත්තෙ පස් පෑගුවෙ නෑ.....