ඉස්කෝලෙන් පැනල ගගේ නාන්න යනවා යන ගමන් වතු පාලු කරගෙන තමයි යන්නේ. බේකරියෙන් පාන් ඉස්සුවා එක සැරයක්. ඉස්කෝලේ කැන්ටිමට පැනල එකේ කෑම ඉස්සුවා. ගමේ මළගෙයක් පිරිත් ගෙයක් තිබ්බොත් තැබිලි කුරුම්බා බිල බිල කෝම්බ එක එක ගෙවල් වලට විසි කරගෙන යනවා. මළගෙවල් වල නිදි මරද්දී ගමේ තරහ උන්ගේ ගෙවල් වල මල් පෝච්චි මාරු කරනවා. එතකොට උන් උදේට මරාගන්නවා අපි දන්නේ න වගේ ඉස්කෝලේ යනවා. ගමේ පඩ දන උන්ගේ ගෙවල් වල තියන මල්පෝච්චි උස්සල අපි යාලු වෙලා ඉන්න කෙල්ලන්ගේ ගෙවල් වලින් තියනවා රෑට.
මල පනින එකෙක් ඉන්නවා ගමේ කොල්ලන්ගෙන් ගේම ඉල්ලන, උගේ ගෙදරට ටයිමින් තියල බට්ටෙක් දැම්ම පාන්දර 2 ට විතර.
ඉස්කෝලේ කෙල්ලන්ගේ ගෙඩි මිරිකනව. බැට් එකට වැලි අරන් කෙල්ලන්ගේ ගවුම අස්සට ගහනවා. අල්ලපු ගෙදර අක්කට ගල් කපල තියනව
ඩෑල් එකක් හිටියා පට්ට කයිවාරුව ඔෆිස් එකේ.... ඒ කාලේ ම හිටපු Director ලොක්කා ගේමක් ගහලා මාරු. ඉතින් ලොක්කෙක් නෑ..... වැඩ ටික වෙනදටත් වඩා හොඳට ගියා..... ඉතින් අපේ ප්රොජෙක්ට් එකකට ගත්ත Manager ඩයල් එකක් හිටියා, මිනිහා මැලේ (ඌරු මස් කන සීලාංකිකයෙක්) ආතල් පොර....
මෑන් ට කිව්වා කයිවාරුකාරයාට ඇමක් දෙන්න යන්නේ, කැමති ද කියලා.... ඌ එකෙන්ම කැමති....
ඉතින් මැලේ කාරයා උදේ ඇවිත් ඔක්කොටම මෝර්නින් පාර දාලා යනවා.... එකෙක් දෙන්නෙක් අල්ලගෙන සමාගම දියුණු කරන්න පුලුවන් ක්රම සාකච්ඡා කරනවා.....
Positive management influences
අපි වටේ නිව්ස් එකක් යැව්වා..... මැලේ කාරයා CEO වෙන්න යන්නේ කියලා....... කයිවාරුවාට ඒක ලයින් වෙලා..... මෑන් reports, summary, presentations හදනවා පන දාගෙන..... දවසක් තඩි file තොගයක් අරගෙන මැලේකාරයා හම්බෙන ගිහින්.... Explain කරනවා පැය ගාණක්..... අපිත් හොම්බ දාලා අරූට කින්ඩි හිනා දාලා යනවා.
එළියේ සෙට් වෙන්නත් කතා කරලා..... මැලේ එකා ඇවිත් department මැද දුන්නා... කෙල්ලෝ එහෙම හිනා වෙලා වැඩි වෙලා අඬනවා...... කයිවාරු කාරයා ට වැඩේ නෝන්ඩි නෑ...... අයින් වුන දවසක ඌට කියන්න ඉන්නේ.
ඉස්කෝලේ යන කාලේ මම කැඩෙට් කලා, මම ඒ කාලේ කෝප්රල් ඉතින් එක වයසේ යාලුවෝ තමා ටික පැටුන් එකේ ඉතින් දැන් කැම්ප් යන්න තියන දවට කලින් දවසේ රැ අපි ඉස්කෝලේ නැවතිලා නයිටක් අදිනවා මොකෝ වෙලාවට උදේට එන්න බෙරිවෙඉ හිතලා , ඉතින් අපි ලාවට පාටියක් දාන්න අපේ සාජන් කාරයා බියර් ටින් හතරකුත් ගෙන්නල්ලා තිබ්බා පොරගේ ගෙවල් ඉස්කෝලේ පිටිපස්සේ. ඉතින් අපි එකත් ගහලා අපේ එන්න බැරුව හිටිය එකෙක්ව ගෙන්න සාජන් ගේ තාත්තගේ විල් එක අරන් ගියා ටික දුරක් යද්දී පොලිස් චෙක් පොයින්ට් එකක් දාලා හෝගාලා නවත්තනවා වාහන. බෝතල් ටිකත් විල් එකේ. එකෙක් කියපි නවත්තන්නේ නැතුව යමු කියල අනික කියනවා හර්වගනින් කියල, එකෙක් මල ලතෝනි දෙනවා මම හිතුව මෙහෙම වෙයි කියලා කියලා, ලං වෙනකොටම ටෝච් එක ගහලා නවත්තන්න අත දැම්මා. සාජන් කාරයා ගිහින් අත දාපු එකා ගාවම නවත්තලා අහපි.
සාජන් - " සර් තාලාතුඔය පොලිසිය තව ඉස්සරහද කියලා"
පොලිස් කාරයා - " ඔයාලා පාස් කරන් නේ ඇවිත් තියෙන්නේ කලින් හම්බුන හන්දියෙන් වමට දාන්න ඕනි කිව්වා "
සාජන් - " අය්යෝ සර් මුන් හයර් යන්න එනවා පාරවත් නොදැන මේ මහා රැ අහන්න එකෙක්වත් නැ වෙලාවට සර්ලා හම්බුනේ ගිහින් එන්නම්" කියාගෙන හැරෙව්වා විල් එක ආපස්සට.
අපි හරවන් යනකම්ම උන් බලන්හිටියා නොපෙනී යනකම්ම අපිත් පිටිපස්ස බලන් අවා පස්සෙන් එයිද කියලා.
ලංකාවෙ ඉන්න සුපිරිම අමනයො සෙට් එක ඉන්නෙ කිරියෙද කොහෙද,ඔන්න අපි A/L කරන කාලේ හිටියා සර් කෙනෙක් මිනිහ ඉතින් අපේ බයිට් එකක්.අපේ එකෙක් දැන් සර් board එකේ ගානක් හදනකොට සර්ගේ phone එකට call එකක් ගන්නවා.සර් ෆෝන් එක ගන්න යද්දීම කට් කරනවා ඔහොම දැන් 7-8 වතාවක්ම කළා.සර්ට ගානේ මුල් අකුරවත් ලියාගන්න බැරි උනා.දැන් සර්ට පට්ට මල.මිනිහ ගත්ත කෝල් එකක් විනය බාර සර්කාරයට.විනයබාර බුවාම තමා එ කාලේ කැඩෙට් බාරව හිටියෙත් පට්ට සැරයි.විනයබාරකාරයා තව සර්ලා තුන් දෙනෙකුත් එක්ක ආවා.දැන් හැම එකාම ගල් ගිලල වගේ ඉන්නවා බයේ දන්නවා පොරව අහුවෙනකම් පන්තියටම සද ගුට්ටක් කන්න වෙනවා කියලා.මුලින්ම හැම එකාවම චෙක් කරලා ෆෝන අරන් එක එකාව එලියට දැම්ම.දැන් හැම එකාගෙම ෆෝන් මාට්ටු.ඒ දවස්වල තමයි apple 5s එක ආපු කාලේ.අපේ එකෙක්ගේ 5s එකත් මාට්ටු.දැන් හැමෝටම කිව්වා ෆෝන් එක ඕනෙනම් ගෙදරින් එක්කවර කියල වැල මාට්ටු උනොත් ගෙදරට කියනවා කියල .ඔන්න දැන් අපේ සර්කාරයාගේ ෆෝන් එකෙන් විනයබාර බුවා ගත්ත කෝල් එකක් අර මිස් call ගහපු නම්බරේට.හුටා අපේ ගණන් සර් කාරයාගේ සාක්කුවෙන් රින්ග්ස් යනවා කියහන්කෝ.ගණන් සරුත් උඩ බිම බලනවා මෙ මොකක්ද කියල.අපේ කොල්ල පන්තියෙන් එලියට එද්දී ගණන් සර්ගේ සාක්කුවට ෆෝන් එක දාල තමයි එලියට පැනල තියෙන්නේ පිස්සු බුවෙක්.ඊට හපන් ඌ සර්ගේ නම save කරද්දී අඩු ගානේ සර් කියලවත් ගහලා නෑ.සර්ගේ නම විතරයි ගහල තියෙන්නේ.ඔක්කොමටත් එක්ක වැරදී ඔක්කොම අල්ලලා උට දුන්න වට කරගෙන සුපිරි ගුට්ටක් .කොල්ලෝ ටිකට ෆෝන් ටික ගන්න ගෙදරින් එක්ක එන්නත් උනා.ඔන්න එකෙක් කරපු හරිය
@visalbro ගෙ කතාව කියෙවුවම මතක් උණේ, ඔය වගේ ජොලි සීන් එකක් අපේ ඉස්කෝලෙත් උණා.

