කොවිඩ් සමග ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    කොවිඩ් නයින්ටීන් වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බැවින් එය ශ්‍රී ලංකාව තුළ පාලනය කළ පමණින් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියාසිටියේය.

    “මේ අවස්ථාවේ දී කොවිඩ් -19 සමග ජීවත්වීමට අපි ඉගෙන ගන්න ඕනේ. කොවිඩ් -19 කියන්නේ, ගෝලීය වසංගතයක්. එය අද හෙට ඉවර වෙන දෙයක් නෙමෙයි. අපේ රටට විතරක් මෙය පාලනය කරලා නිදහසේ ඉන්න බැහැ. ඒක නිසා ලෝකයෙන්ම කොවිඩ් - 19 වසංගතය තුරන් වෙන තාක් අපිටත් කොවිඩ් 19 සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා. වෙනදා වගේ සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය පනවලා සමාජ ක්‍රියාකාරීත්වය නවත්වලා අපිට මේ කොවිඩ් - 19 රෝගයට දිගින් දිගටම මුහුණ දීමට හැකියාවක් නෑ. සාමාන්‍ය ජන ජීවිතය අපට හැකි උපරිම මට්ටමින් පවත්වාගෙන යන ගමන් කොවිඩ් - 19 රෝගය පාලනය කිරීම වැදගත් වෙනවා. උසස් පෙළ විභාගය ආරම්භ වී මාසයක් පුරා පැවැත් වෙනවා. ඉතින් මෙතැනදී දරුවන්, දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් විශාල කාර්යභාරයක් තියෙනවා කොවිඩ් -19 තියෙන කොටම කිසිදු බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත් වීමට. උසස් පෙළ විභාගයට රෝහල්වල සිටින අයට, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට, විභාගයට ලියන්න පහසුකම් සලසා තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ අභියෝගය කොවිඩ් -19 තියෙන කොටම ඉතාම සාර්ථකව රටේ දරුවන්ගේ අනාගතය තීරණය කරන විභාගයක් පැවැත් වීමයි.“
     

    Attachments

    • Annotation.png
      Annotation.png
      235.3 KB · Views: 60

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    අනිවර්යෙන් ඕක කොහොමත් තව අවුරුදු 1.5 ක් වත් තියෙනවා. එතකන් ලොක්ඩවුන් කරගෙන ඉන්න බෑනේ. දැන් ලොක්ඩව්න් කලත් ආයේ ටික දවසකින් තව එකෙක් සෙට් වෙලා ආයේ ක්ලස්ටර් එකක් හැදෙයි. 100% ඉවර කරන්න අමාරුයි. ඒ නිසා නිව් නොර්මල් එකට මිනිස්සු පුරුදු වෙන්න වෙනවා.
     
    • Like
    Reactions: Erzo

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දවසේ හොඳම විහිලු කතාව 😂😂😂

    මේ රටේ උන් ඔය කියන විදිහට හැඩ ගැහෙන්නෙ කොවිඩ් වලින් හොඳට පු* ඇරගත්තට පස්සෙ තමා. එත් ෂුවර් නෑ
     
    • Like
    Reactions: RLT4U

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    ඉතාමත් හොද තීරණයක්.. :angry:
    අපේ මිනිස්සු බෙල්ලට මාස්ක්ස් දාගෙන පිලිවෙතින් පෙරහැරින් පෙලගැහිල ඉන්නේ කොවිඩ් වලට මූන දෙන්න. :lol:
    කොවිඩ් පාලනය කරා කියලා අධි තක්සේරුවෙන් හිටපු ඒවාගේ විපාක ඕවා. :baffled:
    කොවිඩ් සමග ජීවත් වෙන්න කියන එක හොද බ්‍රේකීන් නිව්ස් එකක් මල්ශාලා කාරයොන්ට නම්.. :love2:
    අන්න බ්සිනස් :lol:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Aparade bn kalin masa ganak curfew dala minissu badaginne thibbe.
    Hariyata job/business eka wath kara ganna bari unane.

    ekko dan election eka iwara nisada? :P
    Giya paara kare yaka kaluda sududa kiyala balana eka mage hithe. Eken passe hithenna athi hithuwa tharan kalu nane kiyala
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Aparade bn kalin masa ganak curfew dala minissu badaginne thibbe.
    Hariyata job/business eka wath kara ganna bari unane.

    ekko dan election eka iwara nisada? :P
    රටක් විදියටඅපි කර්ෆියු දාල රට ලොක් කරල කොරෝනාවලින් වැලකුනත් වැඩක් නැ බන්..... අපට ලෝක ආර්ථිකයත් එක්ක යන ගමනක් තියෙන්නේ......එතනදි අපට කවිඩ් අතර පරිස්සමින් ඒ ගමන යන්න වෙනවා.... ඒ උනත් ඉතින් අද තියෙනව වගේ බලෙන් කොරෝනා ගෙනැල්ල මෙහෙ බෝ කරගෙන මේ ගමන යන්න බෑ.....