කොහෙවත් ගියෙ නැද්ද - විල්පත්තු - කොක්මොටෙ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,212
    113
    97
    හෝමාගම
    විල්පත්තු පාක් එක ලන්කාවෙ විශාලම ජාතික වන උද්‍යානය විදියට සලකනව, හෙක්ටයාර ~ 131000 පුරාවට විහිදෙනව වගේම
    මේක ලන්කාවෙ පැරනිම ජාතික වනෞදායනය විදියට නම් කරලත් තියනව.

    1905 දි අබයබූමියක් විදියට නම් කරල ඊට පස්සෙ 1938 දි තමයි පාක් විදියට ගැසට් කරල තියෙන්නෙ.
    මෙහි විල්ලු 40ක්ට අදික ප්‍රමාන‍යක් පිහිටල තියනව, එ නිසාම " විල් + පත්තු " යන නම යෙදෙන්න ඇති බව කිය වෙනව

    විල්පත්තු පාක් එක වැඩි වසයෙන් වලස්සු දැක බලගැනීමට පුලුවන් කියල තමා කියන්නෙ.
    ඊට අමතරව බහුල වසයෙන් ගෝනා, වැලි මුවා/ඕලු මුව, තිත් මුවා, අලි සහ දිවියන් ද දැක බලගන්න පුලුවන්.

    වියලි කලාපෙට ගැලපෙන පලු, වීර වගෙ ගස් ඉතා බහුලයි.
    මෙහෙ වැඩිපුරම තියෙන්නෙ මේ sand tracks වගෙ තමයි.







    දැනට වනජීවි එක විසින් පවත්වාගෙන යන බන්ගලා 7කට අදික ප්‍රමානයක් මේක ඇතුලෙ තියනව, එතනින් කොක්මොටෙ බන්ගලාව
    විශේස වෙන්නෙ එක පාක් එන්ට්‍රන්ස් එකෙ ඉදන් දුරින්ම තියන එක වීමත්, ඊට අමතරව කීර්තිමත් ජෙෆ්‍රි බාවා විසින් ඩිසයින් කරල තියන බවත් කියවෙන නිසා.
    පාදම සහ වහලෙ ශීට් ඇරුන කොට මේක තනිකරම හදල තියෙන්නෙ ලී වලින්.







    තම්බපන්නි/ කුදිරමලෙයි


    පාක් එකෙ සත්තු බලනවට වඩා මට යන්න ඕන වෙච්ච තැන් 2-3ක් තිබුන, එතනින් එකක් තමයි තම්බපන්නි.
    එන්ට්‍රන්ස් එකෙ ඉදන් කිමි 50-52ක් වගෙ දුරින් තමයි මෙ ස්තානය පිහිටල තියෙන්නෙ.

    තම්බපන්නි ( ප්‍රබන්ද )

    විජය ඇතුලු පිරිස මෙතනට ගොඩ බැහැපු බවත්, කුවෙනි කපු කැට කැට හිටපු බවත් අපි අහල තියනවනෙ.
    එ වගෙම මේ ප්‍රදෙසයෙ කපු ගස් ඇත්තටම තියනව, මට පොටො ගහගන්න බැරි උනා, යන පාර දුස්කර නිසා ටිකක් හෙම්බත් වෙල හිටියෙ, වාහ්නෙ කරකෝලම.

    විජය බුවා වෙරලට බැස්සට පස්සෙ, මහන්සියට ඉද ගත් බවත්, ආයෙ නැගිටින කොට අත්ල තඹ පාට වෙලා තිබ්බ කියලත් කියනව
    එ වගේම , මේ පස විශෙස රතු පාටක් ගන්නව,

    හැබැයි තවමත් විජය ගැන පුරාවිද්‍යා සාක්කි නන් හම්බෙල නෑ කියල තමයි කියන්නෙ







    තම්බපන්නි ( භූ විද්‍යාත්මක )

    මෙතන තියන භූගෝලීය පිහිටීම අනුව, මෙක භූ තැටි 2ක් එකට හැප්පිලා නිර්මානය වෙච්ච ප්‍රදෙයසක් කියල කියනව.
    එකට සාක්කි වෙන්නෙ මේ වගෙ දුබුරු පාට පාශාන විශෙයක්, මේව හම්බෙන්නෙ ගැබුරු මූදෙ විතරලු.
    එ වගෙම මේ වට පිටාව බැලුවමත් එහෙම ෆීල් එකක් එනව.







    මේ උන්නැහෙලට මතකද දන්නෙ නැ, මන් කලිනුත් මේ තැනට ආව බයික් එකෙ
    හැබැයි හොරෙන්, පුත්තලම - මන්නාරම පරන පාර ඕපන් වෙල තිබ්බ කාලෙ
    එ විස්තර මෙතනින් here


    කුවේනි මාලිගාව


    තම්බපන්නි වලට කිමි 12ක් වගෙ මෙහායින් තමා මෙ ගල් කනු ටික හම්බෙන්නෙ.
    මෙක මාකට් කරන්නෙ කුවෙනිගෙ මාලිගාව කියල,
    නමුත් මේක අනුරාදපුර යුගයෙ ඉදි වෙච්ච ආවාස ගෙයක් විය හැකි බව සාමාන්‍ය මතයයි.





    කුමන පාක් එක වගෙම මෙහෙත් විශාල ප්‍රදෙස වල පැතිරුන ගල් ගුහා, ගල් කනු, පිලිම පිහිටල තියනව,
    එ එකක්වත් මහජන ප්‍රදර්ශනය සදහා විවුර්ත නෑ, දකින්න් ආස උනත්, එව හන්ගලම තියන එක හොදයි කියල මට හිතෙනව.


    නිවාඩුවක් ලැබුනම කොක්මොටෙ බන්ගලාවෙ ඉදල එන්න
    එතන 10කට ඉන්න පුලුවන්, 14500ක් වෙනව ගාන එක දවසට.
    කැම උයල දෙන්න අය ඉන්නව.

    සෆාරි වාහනයක් පිටින් ගන්නව නන් දවසට 25000ක් වෙනව, වරුවට 12000ක් වෙනව
    වර්තමාන ගනන්.

    ගැලරිය ( සත්තු නන් නැ )
    ගෝන්නු, වැලි මුවො වගෙ එවුන්ගෙ පොටො ගහන්න මහන්සි උනෙ නැ, අනික උන් වාහනෙ දැක්ක ගමන් මිසින් වෙනව.
    දිවියෙක් සෙට් උනා, ඌ පෝන් එකෙන් පොටො ගහන දුරක හිටියෙ නැ

    https://photos.app.goo.gl/YC77QCr5xUp79mHE7

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,212
    113
    97
    හෝමාගම
    උබලට මතකද 2006 වගෙ විල්පත්තු පාක් එක ඇතුලෙ LTTE එකෙන් සෆාරි ජීප් එහෙකට ගැහුව
    Pressure bomb එකක් කියල කියන්නෙ.


    https://colombogazette.com/2012/01/25/suspect-involved-in-wilpattu-bombing-arrested/

    https://www.aljazeera.com/news/2006/5/28/tourists-die-in-sri-lanka-park-blast


    එතනින් ජීප් එකෙ හිටපු 7 දෙනාම මැරුන, එ ගොල්ලො ඔය කොක්මොටෙ බන්ගලාවෙ ඉදල, උදෙ සෆරියට යන ගමන්.
    එ පවුලෙ ඉතුරු උනෙ, එක ලමයෙක් විතරයි, එයා සෆාරි යන්නෙ නැතුව බන්ග්ලො එක නතර වෙල.

    මන් ගියා එතනට, main track එකෙ ඉදල sub route එහෙක යන්න ඕන පොඩි දුරක්.
    දැන් එතන තිබ්බෙ මේ ටයර් කෑල්ල විතරයි
    මේ වගෙ පොඩි කෑළි 2-3ක් තිබ්බ, චැසිය අරගෙන ගියාලු. දැන් අවුරුදු 17ක් වගෙ වෙනව.








    නිසාන් පෙට්‍රොල් එකක්.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,744
    113
    උබලට මතකද 2006 වගෙ විල්පත්තු පාක් එක ඇතුලෙ LTTE එකෙන් සෆාරි ජීප් එහෙකට ගැහුව
    Pressure bomb එකක් කියල කියන්නෙ.


    https://colombogazette.com/2012/01/25/suspect-involved-in-wilpattu-bombing-arrested/

    https://www.aljazeera.com/news/2006/5/28/tourists-die-in-sri-lanka-park-blast


    එතනින් ජීප් එකෙ හිටපු 7 දෙනාම මැරුන, එ ගොල්ලො ඔය කොක්මොටෙ බන්ගලාවෙ ඉදල, උදෙ සෆරියට යන ගමන්.
    එ පවුලෙ ඉතුරු උනෙ, එක ලමයෙක් විතරයි, එයා සෆාරි යන්නෙ නැතුව බන්ග්ලො එක නතර වෙල.

    මන් ගියා එතනට, main track එකෙ ඉදල sub route එහෙක යන්න ඕන පොඩි දුරක්.
    දැන් එතන තිබ්බෙ මේ ටයර් කෑල්ල විතරයි
    මේ වගෙ පොඩි කෑළි 2-3ක් තිබ්බ, චැසිය අරගෙන ගියාලු. දැන් අවුරුදු 17ක් වගෙ වෙනව.








    නිසාන් පෙට්‍රොල් එකක්.

    E kellath loku wela safari yanawa kiyala photo thibba neda awuruddakata dekakata kalin.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    28,859
    144,496
    113
    Los Alamos
    පට්ට සහෝ. 😍👍👍👍

    WfCQKB1.jpg