අපි ඊ ලගට රට බාර දෙන්න පුළුවන් , අවංකම පුද්ගලයා සොයමින් ඉන්න වෙලේ, මම පලවෙනි පාරට , පැතුම් ඔය සිද්දිය වෙන්න කලින් කරපු කතාව අහම්බෙන් වගේ අහන් හිටිය.
මේ ලෝකේ 100% අවංක මිනිසුන් නැහැ. 100% අදුෂිත මිනිසුනුත් නැහැ. මිනිසා කියන්නේ ඔය කියන හොද නරක සියල්ලන්ගෙන්ම අඩුවැඩි වශයෙන් නිර්මාණය උනු සත්වයෙක්. ඒකයි සත්‍ය . මිනිසා ඒ ඒ තත්වයන්ට අනුව වෙනස් වෙනවා, වෙනස් තීරණ ගන්නවා. අන්න ඒ නිසා තමයි , අපි අවුරු 72 ක්ම කරපු, අවන්කයයි සිතන නායකයෝ පත් කරපු එක දැන්වත් නතර කරන්න ඕනි.
අපි වෙනස් කරන්න ඕනි නිතිය. නායකයාගේ සිතේ ඉපදෙන දුෂිත ක්‍රියා මාර්ග එලියට එම පාලනය කරලා, යහපත් ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක කල හැකි නීති පද්ධතියක් නිර්මාණය කිරීමෙන් පමණයි, රටක් සංවර්ධනය කරන්න පුළුවන්. දියුණු රටවල් ඒ දියුණුවට ඇවිත් ඉන්නේ , ඒ රටවල ඉන්න මිනිස්සු වෙනස් නිසා නොවෙයි, ඒ රටවල තියෙන නීතියේ ආදිපත්‍ය වෙනස් නිසයි .
එක උදාහරණයක් දෙන්නම්. JVP එක තමයි අද අපිට වඩාත්ම විශ්වාසය තියන්න පුළුවන් පක්ෂය, තර්කයක් නැහැ . මොකද අනික් දෙගොල්ලොම කලේ කොහොමද කියල අපි දැකල තියෙනවා. නමුත් ඔවුනුත් කියන දේ නොකරන්න ඕනි තරම් ඉඩ තියෙනවා.
උදාහරනයක් කියන්නම්, පසුගිය මැතිවරණයකදී, JVP එක List එකෙන් යෝජනා කරලා තිබුණු පළමු අපේක්ෂකයා උනේ හිටපු විගණකාධිපති. හරිම හොදයි. ජන්දෙන් පස්සේ JVP එකට ලැබුණු ආසන සංක්‍යාව අනුව හිටපු විගණකාධිපති පාර්ලිමේන්තුවට එන්න තිබුන. නමුත් මොකද උනේ. ඔහු වෙනුවට ජන්දෙන් පැරදුනු හදුන්න්නෙති හෝ වෙනත් අයෙක් list එකෙන් ගෙනාවා, හිටපු විගනකදිපතිට ඉල්ලා අස්වෙන්න කිව්වා. . ඒ නිසයි මම කියන්නේ අවංක මිනිස්සු ලෝකේ නැහැ, බලාපොරොත්තු වෙන්නත් එපා කියල. නිතිය තමයි අපිට යොදා ගත හැකි එකම, එකම මෙවලම දේශපාලනය පාලනය කරන්න.
පැතුම් දිහා මම බලන්නෙත් ඒ කෝනයෙන්මයි. ඔහුගේ යටි අරමුණු ඇති. නමුත් ඔහු කියපු කරුණු කීපයක් ඉතා වැදගත්. පළමු වරටයි මට අහන්න හම්බ උනේ.
1. අපේ රටේ රජවරු යටතේ හිටිය මිනිස්සු පාලකයෝ යටතට ආවේ අරගලයකින් නොවෙයි. එනිසා අදටත් මිනිසුන් යටත් වැසියන් ලෙසටයි සිතන්නේ. මෙම galleface අරගලය එය වෙනස් කරනවා. පාලකයෝ දෙස, පොලිසිය දෙස පළමු වර, පුරවැසියන් ලෙස බලන්න අපි යොමුවෙලා තියෙනවා.
2. රාජපක්ෂලා මෙතරම් කල් හොරා කෑවේ නැද්ද. නමුත් මිනිස්සු අරගලය පටන් ගත්තේ ආර්ථික පීඩනයත් එක්ක. ඒ නිසා වඩා වැදගත් ආර්ථික පිඩනයට විසදුම් සෙවීම. හොරු ඇල්ලීම දෙවන කාර්යක් . ඒ වගේම ඉදිරියටවත් මෙවැනි හොරාකන පාලකයි බිහිවීම නතර කිරීමට , system එක (නීතියේ ආදිපත්‍ය ) හැදීම.