කොළබ කවිය !!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
කොළබ ගැන නූලක් දැකලා ලියන්න හිතුනා මටත් හිතෙන දේ




ඔන්න එහෙනම් අහගන්ඩෝ .........................!!!!!!



ගැනලා සියලු දින බල බල .....කැලැන්ඩරේ
ගොස් interview සහතික ...එල්ලගෙන කරේ
දෙදහස් දහයේ අග එලබුන ...නොවම්බරේ
රැකියාවකට ආවා මම ...කොලොම්පුරේ !


නැත කිසිවෙකුත් මම මේ පුර ........අදුනන්නේ
නොකරම බැරි නිසා රැකියාවට........... එන්නේ
නිදහස් නැති සිතට කවි සිතුවිලි........... එන්නේ
කවියෙන් කොළබ ගැන නුබ හට ....පවසන්නේ


නැත මුව සිනහවක් කිසි කෙනෙකුගේ ...අම්මේ
විපතට වැටෙන තුරු සැම බලමින්....... ඉන්නේ
රැකියාවෙන් ඉහල යන්නට වලි ..........කන්නේ
යහපත් මිතුරු දම් විසිකර ............ පිළිකන්නේ


අන්තර්ජාතිකව පාසැල් ගිය.............උන්ගේ
නැහැ සිංහල වදන් මුවගින්........පිටවෙන්නේ
බටහිර ක්‍රමයටයි ඔක්කොම ....හැසිරෙන්නේ
දම්පල් තුමන් කියූ කළු සුද්දන් .....වැන්නේ


දවල්ට ගොසින් KFC ................නමදින්නේ
වස විස ජරාවයි ඔක්කොම උන්........කන්නේ
අම්මා දුන් බතයි තනිවම මම...........කන්නේ
ගොඩයා මමද? ඇයි උන් මට... හිනැහෙන්නේ


ඉන්නේ සක්‍රවට්ටම් වැනි ........කෙල්ලන්නේ
අට කොන පලා විලි බිය උන්හට .....නැත්තේ
පිවිතුරු ආදරය මට සිහිනෙකි .............අම්මේ
කාමය පමණි මෙහි සැමතැන....විකිනෙන්නේ


ගෝසා කාරී ගී යති කන................පලාගෙන
ඉමිහිරි සංගීතේ අද රෙදි...........පොරෝගෙන
පනුවන් විලස මුන් club වල.........නටාගෙන
බොනවා තියෙන තඹ සතයට ...කෙලෝගෙන


අනලා දියකරලා අරගෙන..........පාප්පේ
අලවා ජන්ද පෝස්ටරය..............තාප්පේ
දමලා දිනපු දා ලොකුවට...........සාජ්ජේ
යති මුන් කන්න ජැකලීන්ගේ.....ආප්පේ


දමනා party කොම්පැනියෙන් ......සතිඅන්තේ
අනිවා යන්න ඕනේ නිසයි මම............යන්නේ
සෝබන දුටුව විට මේ කළු...............සුද්දන්ගේ
බුදු හිමි දෙසු බණ නොවැ මට ....සිහිවෙන්නේ


අපි සිංහලයෝ ඇයි බටහිරට......නමදින්නේ
සිංහල බසට ඇයි අද සැම...........බියවන්නේ
මවු බස බාවිතෙන් මොන අඩුවද....වෙන්නේ
සිංහල අපි අපිම ඇයි පර බස..හසුරන්නේ


MC එක මුන්ට දේවාලය...............වැන්නේ
ගිනිගානට ලාබ බඩු මුන්...........අරගන්නේ
පිටකොටුවෙන් ගත්ත කමිසෙයි මම...ඇන්දේ
වෙනසක් කියන්නට උන්වත් නැහැ....දන්නේ


මේවා දැකල දුක හිතුනා මට............අම්මේ
දැන් මෙය පිට රටක් මම වැරදිද....... අම්මේ
සිංහල කම රැදුන සුන්දර ගම.........පැත්තේ
දුවලා එන්න හිතෙනවා මට එක......පිම්මේ


බලලා කවිය සිත දුක් කරගන්න...............එපා
එකග නොවේ නම් මට දොස් නගනු..........එපා
අදහස් තිබේනම් දෙවරක් සිතනු ................එපා
"BUMP " එක වත් නොදා මෙතනින් යන්න එපා


හැමෝටම සුබ දවසක් !!!!!!
:yes::yes:
 
Last edited:

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උපරිමයි කොලුවො. +10
    11.gif
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ