කොළඹට_වෙනසක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    14199362_1047801961935143_4193011781165064465_n.jpg

    කොළඹ නගරයේ අනවසර පදික වෙළදුන් ඉවත් කරන බවත් අතුරු මාර්ග කිහිපයකදම වාහන නැවැත්වීම තහනම් කරන බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (30දා) පස්වරුවේ කොළඹ නගරයේ පදික වේදිකාවල සංචාරය කිරිමෙන් අනතුරුවය.

    මෙම ගැටලු අවම කිරීම සඳහා කොළඹ පළමුවන හරස් වීදිය, දෙවන හරස් වීදිය, පස්වන හරස් වීදිය, මල්වත්ත පාර, ඕල්කට් මාවත, ප්‍රධාන වීදිය, බෝධිරාජ මාවත සහ ගෑස් පහ හන්දිය යන ප්‍රදේශ වල වාහන නැවැත්වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නේය.

    “කොළඹ පදික වේදිකාවේ අනවසර වෙළෙන්දෝ, මගීන් යන්නේ පාරේ. වාහන වලට ගමන් කරන්න තැනක් නෑ. මේ තත්ත්වය තවදුරටත් කොළඹ නගරයේ තියෙන්න බෑ. දේශපාලඥයන්ගේ ලිපි වලට පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න මම ඉඩදෙන්න නෑ. පසුගිය රජය නගර අලංකරණයට ගෙන ගිය වැඩසටහනත් අපි ආදර්ශයට ගන්න ඕන. මේක අපේ ප්‍රධාන වානිජ අගනගරය. ඒක පිළිවෙළට තියාගන්න එක අපි හැමදෙනාගෙම වගකීමක්” යැයිද අමාත්‍යවරයා පැවැසීය.

    කොළඹ නගරයේ පදික වේදිකා වල මේ වන විට පුද්ගලයින් 1,158 අනවසරයෙන් වෙළඳාමේ නිරත වන බවට තොරතුරු අණාවරණය වි තිබේ. එසේම පදික වේදිකාවල අනවසරයෙන් ස්ථානගත කර ඇති ලොතරැයි කුටි සංඛ්‍යාව 221 ක් වන අතර ජංගම රථ 120 ක් පදික වේදිකාවේ සිට අනවසරයෙන් වෙළෙඳාමේ නිරත වෙයි.

    නගරයේ පදික වේදිකාවේ අනවසරයෙන් පවත්වාගෙන යන පත්තර තට්ටු සංඛ්‍යාව 45 ක් වෙන අතරම අත් කරත්ත 52 ක් පදික වේදිකාවේ අනවසරයෙන් වෙළෙඳාමේ නිරත වෙයි.

    ඒ අනුව සැප්තැම්බර් 15 වෙනිදායින් පසු කොළඹ නගරයේ අනවසරයෙන් පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන්, අනවසර දැන්වීම් පුවරු සහ අත් කරත්ත වෙළෙඳුන් ඉවත් කිරීමට රජය තිරණය කර තිබේ.

    එසේ ඉවත් කෙරෙන පදික වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන් සඳහා කොළඹ නගර සභාව විකල්ප ස්ථාන හඳුනාගෙන ඇත. සැප්තැම්බර් 15 වැනිදායින් පසුව, කොළඹ මහ නගර සභාව සහ පොලිසිය හඳුනාගත්, පදිකයින්ට බාධා නොවන, ස්ථානවල ලොතරැයි කුටි සහ පත්තර තට්ටු නැවත ස්ථානගත කිරීමට නියමිතය. එමෙන්ම ලොතරැයි කුටි වල ඩෙසිබල් පහට අඩු ශබ්දයක් භාවිත කිරීමටත් නීති සම්පාදනය කොට තිබේ.

    unnamed-112.jpg

    unnamed-122.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්දල ගෝටල ඉන්න කාලෙ අයිං කරල තිබිච්ච ආව ගමං ආයෙ දාන්න දීල දැන් බොරුවට අණබෙර ගහල අයිං කරනව :dull: :dull:
    ඊට පස්සෙ කියයි මහින්ද කුණු කරපු කොළඹ අපි ලස්සන කලා කියල නළුවෙක් නෙමේ මොලයක් :dull: :dull:
     
    • Like
    Reactions: Shaiman

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    වැඩේ හොදයි. හැබැයි ඔතන ඉන්නෙ පොඩි මිනිස්සු. එයාලටත් අනිවා සාදාරණයක් කරන්න ඔනේ.........
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    පොඩි මිනිහටමයි බඩේ පාර ගහන්නේ. අයින් කරනවා නම් උන්ට වෙන තැනක් හදල දීපියව් :growl::growl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මහින්ද ඕව කරද්දී ටොයියෝ කෑගැහුවා අසරන මිනිස්සු පව් ගගා... බයියෝ ශා හොදයි කිවුවා...

    දැන් රනිල් කරද්දී බයියෝ කෑගහයි අසරන මිනිස්සු පව් ගගා.... ටොයියෝ ශා හොදයි කියයි...

    ඕකයි අපේ රටේ තත්වේ... අපිට හරියන්නේ නැත්තේ ඒකයි...
     
    • Like
    Reactions: cns11

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මහින්ද ඕව කරද්දී ටොයියෝ කෑගැහුවා අසරන මිනිස්සු පව් ගගා... බයියෝ ශා හොදයි කිවුවා...

    දැන් රනිල් කරද්දී බයියෝ කෑගහයි අසරන මිනිස්සු පව් ගගා.... ටොයියෝ ශා හොදයි කියයි...

    ඕකයි අපේ රටේ තත්වේ... අපිට හරියන්නේ නැත්තේ ඒකයි...

    :yes::yes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මහින්දල ගෝටල ඉන්න කාලෙ අයිං කරල තිබිච්ච ආව ගමං ආයෙ දාන්න දීල දැන් බොරුවට අණබෙර ගහල අයිං කරනව :dull: :dull:
    ඊට පස්සෙ කියයි මහින්ද කුණු කරපු කොළඹ අපි ලස්සන කලා කියල නළුවෙක් නෙමේ මොලයක් :dull: :dull:

    කවුරු මොනවා කිව්වම අපිට මොකද බං වැඩේ කෙරෙනවා නං එච්චරයි..:rolleyes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Street Vendors

    I don't understand how these people can relocate to a place where "pedestrians can not be disturbed by these street stalls" . So, the relocation place must be somewhere away from pedestrians. The bean brains behind this might think these vendors to do "online sales" because nobody there to buy their stuff.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෝටා මේව කරේ ප්ලෑනක් ඇතිව. අයින් කරපු අයට වෙනත් තැන් දුන්න බිසිනස් කරන්න. යහපාලනේ ආපු ගමන් අලුත් තැන් වලට ගියපු උනුයි නැති උනුයි ආයම පාරට ආව... දැන් ඕක අච්චාරැවක් වෙලයි තියෙන්නේ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දල ගෝටල ඉන්න කාලෙ අයිං කරල තිබිච්ච ආව ගමං ආයෙ දාන්න දීල දැන් බොරුවට අණබෙර ගහල අයිං කරනව :dull: :dull:
    ඊට පස්සෙ කියයි මහින්ද කුණු කරපු කොළඹ අපි ලස්සන කලා කියල නළුවෙක් නෙමේ මොලයක් :dull: :dull:

    :yes::yes::yes::yes::yes:

    ඒ මිනිස්සු කරපුවා විතරයි අන්තිමේදී ඉතුරු උනේ. පදිකයින්ට බාධා නොවෙන ඒවා එහෙමම තියනවා කියන්නේ , අන්තිමේදී එකක් වත් පදිකයින්ට බාධා නොවෙන ඒවා උනොත් පුදුම වෙන්න දේකුත් නෑ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඨාභය ඔව කරේ අසරන වෙලන්දන්ට වෙලදාම් කරගන්ඩ තැන් හදල දීල, නැතුව මුන් වගේ ගහල එලවල නෙමේ. කොහොමත් ඔකුන්ට කෙලෙහිගුනයක් තිබ්බෙ නැ මහින්දට චන්දෙ දුන්න නැනෙ ඒක නිසා හොද වැඩේ කන්ඩ නැතුව වේලෙද්දි මොලේ පැදෙයි.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ගොඨාභය ඔව කරේ අසරන වෙලන්දන්ට වෙලදාම් කරගන්ඩ තැන් හදල දීල, නැතුව මුන් වගේ ගහල එලවල නෙමේ. කොහොමත් ඔකුන්ට කෙලෙහිගුනයක් තිබ්බෙ නැ මහින්දට චන්දෙ දුන්න නැනෙ ඒක නිසා හොද වැඩේ කන්ඩ නැතුව වේලෙද්දි මොලේ පැදෙයි.

    මෙන්න ආවා පුකෙන් කතා කරන එකා...:growl::growl::growl:

    උබ ඇයි බන් හැම නූලේම රෙන්නේ...:angry::angry::angry:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මහින්ද ඕව කරද්දී ටොයියෝ කෑගැහුවා අසරන මිනිස්සු පව් ගගා... බයියෝ ශා හොදයි කිවුවා...

    දැන් රනිල් කරද්දී බයියෝ කෑගහයි අසරන මිනිස්සු පව් ගගා.... ටොයියෝ ශා හොදයි කියයි...

    ඕකයි අපේ රටේ තත්වේ... අපිට හරියන්නේ නැත්තේ ඒකයි...

    වැඩක් නෑ බන් කතා කරලා
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ආන්ඩුව මාරු වෙච්ච ගමන් පහුවදාම හම්බයෝ ටික පිටකොටුවේ පාරවල් වල කඩ දාගත්තා. කලින් කොච්චර ලස්සනට තිබ්බද. අපේ පොන්නයන්ට වෙනසක්නේ ඕන උනේ. දෑන් බලපන් කොලබ හෑටි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    කොළඹට_වෙනසක් 08-31-2016 03:24 PM mahindata kiyala puke araganin ethakota duka thuni wei

    ඔබතුමාට මංගල කරන ඒව මහින්ද තමන්ගෙ පාක්ශිකයන්ට කරන්නෑ :lol: :lol:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මහින්ද ඕව කරද්දී ටොයියෝ කෑගැහුවා අසරන මිනිස්සු පව් ගගා... බයියෝ ශා හොදයි කිවුවා...

    දැන් රනිල් කරද්දී බයියෝ කෑගහයි අසරන මිනිස්සු පව් ගගා.... ටොයියෝ ශා හොදයි කියයි...

    ඕකයි අපේ රටේ තත්වේ... අපිට හරියන්නේ නැත්තේ ඒකයි...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කොළබ විතරක් නෙමේ හැමතැනම pavement එකේ තියෙන කඩ අයින් කරන්න ඕන
    ලොතරැයි කූඩු වලත් සද්දේ අඩු නෙමේ නැති කරලම දාන්න ඕන