කොළඹ කොවිඩ්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ලබන සතියේ ගෙදර වැඩකට අනිවා යන්න වෙනවා කොළඹ (දැන් ඉන්නේ කොළඹ නෙමේ) වාහනෙක යන්න ඉන්නේ. නොයාම බෑ බං. මාස්ක් 2ක් දාලා , ෆේස්ශීල්ඩ් දාලා යනවා. කොළඹ තත්ත්වේ අඩුවක් නැද්ද මචං. නාරහෙන්පිට පැත්තට යැවෙන්නේ. වාහනවල යද්දි ග්ලාසස් ඕපන් කරගෙන යන එක හොදද? නැත්නම් වහගෙන යන එකද හොද? පට්ට රිස්ක් එකක් තියෙනවා. වැඩිපුර අවුල තියෙන්නේ අපේ ගෙදර අම්මයි තාත්තයි ඉන්නේ. කොළඹ ගිහින් ඇවිත් ගෙදර ආපුවම දවසක් දෙකක් වෙනම ඉන්න බැලුවේ. සේෆ්ටි ටිප්ස් ටිකක් කියාගෙන යමං
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දවසක්‌ දෙකක් වෙනම ඉදීම බොරු වැඩක්.‌ වයිරස් එක නහයෙන් රිංගලා පොසිටිව් වෙන්න සතියක් යන්නත් පුළුවන්.

    කොලඹ නම් ඔක්කොටම වගේ‌ කොවිඩ්

    ගෙදර නොයා‌ ඉදපන් කෝ
     
    • Love
    • Like
    Reactions: Ozone4 and elektro

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Dnt eat anything, if ur want to eat step away from crowd and eat, drink something hot every 2hrs at least
    dont eat anything that is not hot,
    without proper hand cleaning,
    better to have a hot tea or plane tea

    කෑම වලින් හැදෙන්න තියන ඉඩ බොහොම අඩුයි
    කෑම අතපත ගාගා ඉදල එහෙමම අත හෝදන්නේ නැතුව මූණ කසන්න අල්ලන්න යනවා නම් තමා ස්වසන සද්දතියට යන්න පුළුවන්
    ආහාර ජීරණ පද්දතියට ගියා කියල උන්ට ලෙඩේ හදන්න අමරුරුයි
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ලබන සතියේ ගෙදර වැඩකට අනිවා යන්න වෙනවා කොළඹ (දැන් ඉන්නේ කොළඹ නෙමේ) වාහනෙක යන්න ඉන්නේ. නොයාම බෑ බං. මාස්ක් 2ක් දාලා , ෆේස්ශීල්ඩ් දාලා යනවා. කොළඹ තත්ත්වේ අඩුවක් නැද්ද මචං. නාරහෙන්පිට පැත්තට යැවෙන්නේ. වාහනවල යද්දි ග්ලාසස් ඕපන් කරගෙන යන එක හොදද? නැත්නම් වහගෙන යන එකද හොද? පට්ට රිස්ක් එකක් තියෙනවා. වැඩිපුර අවුල තියෙන්නේ අපේ ගෙදර අම්මයි තාත්තයි ඉන්නේ. කොළඹ ගිහින් ඇවිත් ගෙදර ආපුවම දවසක් දෙකක් වෙනම ඉන්න බැලුවේ. සේෆ්ටි ටිප්ස් ටිකක් කියාගෙන යමං
    කොළඹ ජීවත් වෙන අසරණ කමට හැමදාම වැඩට යන්න වෙන, ගෙදර වයසක මිනිස්සු ඉන්න මම මේ වෙලාවේ හිතන දේවල්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තනිවම හරි ගෙදර කෙනෙක් එකක් හරි විතරක් වාහනේ යනවා නම් විදුරු වහගෙන යන්න. මාස්ක් දාගෙන යන්න අවශ්‍ය නෑ.
     
    • Love
    Reactions: elektro

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ලබන සතියේ ගෙදර වැඩකට අනිවා යන්න වෙනවා කොළඹ (දැන් ඉන්නේ කොළඹ නෙමේ) වාහනෙක යන්න ඉන්නේ. නොයාම බෑ බං. මාස්ක් 2ක් දාලා , ෆේස්ශීල්ඩ් දාලා යනවා. කොළඹ තත්ත්වේ අඩුවක් නැද්ද මචං. නාරහෙන්පිට පැත්තට යැවෙන්නේ. වාහනවල යද්දි ග්ලාසස් ඕපන් කරගෙන යන එක හොදද? නැත්නම් වහගෙන යන එකද හොද? පට්ට රිස්ක් එකක් තියෙනවා. වැඩිපුර අවුල තියෙන්නේ අපේ ගෙදර අම්මයි තාත්තයි ඉන්නේ. කොළඹ ගිහින් ඇවිත් ගෙදර ආපුවම දවසක් දෙකක් වෙනම ඉන්න බැලුවේ. සේෆ්ටි ටිප්ස් ටිකක් කියාගෙන යමං
    කෑම ගෙදරින් අරන් යන්න. වාහනෙන් බැහැපු වෙලාවේ ඉඳල නිතරම sanitizer පාවිච්චි කරන්න. කිසිම හේතුවකට මූන අල්ලන්න එපා. ගෙදර අපු ගමන් නාල ගෙට යන්න. ගියපු වාහනේ seats වගේ දේවල් දවස් කීපයක් යනකන් අල්ලන්න එපා.

    ඔය ටික තමයි ඉතින් කරන්න පුළුවන්
     
    • Love
    Reactions: elektro

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,721
    4,956
    113
    ඔය තරම් බය වෙන්න දෙයක් නම් නැ. හැමදාම වැඩට යන පහුගිය කාලෙම බස් එකේම ගිය නිතරම මිනිස්සු එක්ක ම ඉන්න මට එහෙම එහෙමනම් 10 වතාවක් විතර covid හැදෙන්න ඕන.

    මාස්ක් එක හරියට දාල කොහෙදිවත් මාස්ක් එක ගලවන්නෙ නැතුව මිනිස්සු අල්ලන තැනක් ඇල්ලුවොත් අත් sanitizer කරල හිටිය නම් අවුලක් වෙන්නේ නැති වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනව.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිකන් බොරුවට බය නොවී හිටපන් ගමයො.

    බලපන් IDH staff එක හැමදාම වැඩට යනවා එනවා. උඹ මේ දවස් දෙකට අඩනවා.

    Suwapetha app එකෙන් බැලුවම මම ඉන්න ගෙදර අවට within 500m ලෙඩ්ඩු 9යි. within 1km -56 යි.

    ඔෆිස් එකේ මාස්ක් ගලවන් ආතල් එකේ ඉදලා මටත් හැදුනා. පැණි, බෙහෙත් කුඩු බීලා සතියෙන් හොදකරගත්තා. ඇල් වතුර නාලා උණුවතුර නොබීපු නිසාද මන්දා නහයෙ ගැජට් වලට ලොකු ඩැමේජ් එකක් වෙලා තවම ගද සුවද අඩුවෙන් දැනෙන්නෙ.

    මට හැදුන සති දෙකම ගෙදර හිටියෙ. වෙනම කාමරේක, වෙනම බාත්රූම් පාවිච්ච කල නිසා ගෙදර කාටවත් මගෙන් හැදුනෙ නැහැ.

    දැන් සතියකට කලින් අම්මට හැදුනා. ඇස්ට්‍රසෙනිකා දෙකම ගහපු නිසා අමාරු වුනේ නැහැ. එයත් ආයුර්වේද බෙහෙත් කුඩු ජාති කාලයක් තිස්සෙ බිව්වා. ඒ නිසා සතියෙන් හොද වුනා.

    මම වැඩකරන තැන නිතරම කට්ටිය වැඩියෙන් පොසිටිව් වෙන තැනක්.

    උඹට කොළඹ ඇවිත් යහතින් යන්න ඕන නම් ;

    මාස්ක් එක හරියට දාපන්.

    පිට එවුන් වාහනේට නොගන්න තරමට හොදයි.

    කන බොනකොට තනියම ඕපන් තැනකින් කාපන්.

    ඒසී තැන්වල ඉන්නව නම් ෆේස් ෂීල්ඩ් එකක් දාන එක වඩාත් සෙේෆ්.

    ඊට අමතරව තැන් තැන්වල අල්ලලා වලල කහන්න, නහය ඇස් කට අල්ලන්න එපා.

    ගෙදර ගිහින් ඇදුම් එලියෙන් ගලවලා ෂෝටක් දාගෙන නාපන්. ඒකත් වයසක දෙමාපියො නිසා. අර විදියට ඇවිත් ගියොත් බය වෙන්නම දෙයක් නැහැ.

    සැනිටයිසර් බෝතලේකුත් අරන් වරෙන්.

    ඊට අමතරව කොළඹ පාරවල් හැහැමතැනම හිගන්නො. හිිගන්නො කිව්වට පාරට වැටුන අසරන මිනිස්සු. සීයෙ කොල ටිකක් මාරු කරන් ආවට පාඩුනැහැ. ලොකු පිනක්.

    එන්න කලින් ඉදන් ඔය උනුකරලා බොන immunity වැඩිකරන බෙහෙත් එහෙම බොන එකත් වාසියක්.

    වැක්සින් ගහලා නැත්තං කොළඹ ඕන තරම් තැන් තියෙනවා. කොළඹ තාවකාලිකව පදිංචි කියලා ඒකත් ගහගනින්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    දවසක්‌ දෙකක් වෙනම ඉදීම බොරු වැඩක්.‌ වයිරස් එක නහයෙන් රිංගලා පොසිටිව් වෙන්න සතියක් යන්නත් පුළුවන්.

    කොලඹ නම් ඔක්කොටම වගේ‌ කොවිඩ්

    ගෙදර නොයා‌ ඉදපන් කෝ
    ගෙදර නොයා කොහේ ඉන්නද බං
    තනියම තමන්ගේ වාහනේකද යන්නේ?
    නෑ. හිතවත්ම කෙනෙක්ගේ වාහනෙක. පොරත් ගෙදරමයි ඉන්නේ. දැනට නම් කිසිම අවුලක් නෑ
    බලපන් IDH staff එක හැමදාම වැඩට යනවා එනවා. උඹ මේ දවස් දෙකට අඩනවා.

    Suwapetha app එකෙන් බැලුවම මම ඉන්න ගෙදර අවට within 500m ලෙඩ්ඩු 9යි. within 1km -56 යි.

    ඔෆිස් එකේ මාස්ක් ගලවන් ආතල් එකේ ඉදලා මටත් හැදුනා. පැණි, බෙහෙත් කුඩු බීලා සතියෙන් හොදකරගත්තා. ඇල් වතුර නාලා උණුවතුර නොබීපු නිසාද මන්දා නහයෙ ගැජට් වලට ලොකු ඩැමේජ් එකක් වෙලා තවම ගද සුවද අඩුවෙන් දැනෙන්නෙ.

    මට හැදුන සති දෙකම ගෙදර හිටියෙ. වෙනම කාමරේක, වෙනම බාත්රූම් පාවිච්ච කල නිසා ගෙදර කාටවත් මගෙන් හැදුනෙ නැහැ.

    දැන් සතියකට කලින් අම්මට හැදුනා. ඇස්ට්‍රසෙනිකා දෙකම ගහපු නිසා අමාරු වුනේ නැහැ. එයත් ආයුර්වේද බෙහෙත් කුඩු ජාති කාලයක් තිස්සෙ බිව්වා. ඒ නිසා සතියෙන් හොද වුනා.

    මම වැඩකරන තැන නිතරම කට්ටිය වැඩියෙන් පොසිටිව් වෙන තැනක්.

    උඹට කොළඹ ඇවිත් යහතින් යන්න ඕන නම් ;

    මාස්ක් එක හරියට දාපන්.

    පිට එවුන් වාහනේට නොගන්න තරමට හොදයි.

    කන බොනකොට තනියම ඕපන් තැනකින් කාපන්.

    ඒසී තැන්වල ඉන්නව නම් ෆේස් ෂීල්ඩ් එකක් දාන එක වඩාත් සෙේෆ්.

    ඊට අමතරව තැන් තැන්වල අල්ලලා වලල කහන්න, නහය ඇස් කට අල්ලන්න එපා.

    ගෙදර ගිහින් ඇදුම් එලියෙන් ගලවලා ෂෝටක් දාගෙන නාපන්. ඒකත් වයසක දෙමාපියො නිසා. අර විදියට ඇවිත් ගියොත් බය වෙන්නම දෙයක් නැහැ.

    සැනිටයිසර් බෝතලේකුත් අරන් වරෙන්.

    ඊට අමතරව කොළඹ පාරවල් හැහැමතැනම හිගන්නො. හිිගන්නො කිව්වට පාරට වැටුන අසරන මිනිස්සු. සීයෙ කොල ටිකක් මාරු කරන් ආවට පාඩුනැහැ. ලොකු පිනක්.

    එන්න කලින් ඉදන් ඔය උනුකරලා බොන immunity වැඩිකරන බෙහෙත් එහෙම බොන එකත් වාසියක්.

    වැක්සින් ගහලා නැත්තං කොළඹ ඕන තරම් තැන් තියෙනවා. කොළඹ තාවකාලිකව පදිංචි කියලා ඒකත් ගහගනින්.
    තෑන්ක්ස් බං.

    හැමෝටම ස්තූතියි රිප්ලයි දැම්මට
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,590
    113
    Piliyandala
    කෑම කන්න මාස්ක් එක ගැලවන්න එපා බන් කන බොන දෙයක් වාහනේ ඉඳල කාල ආපු වැඩේ කරන පලයන්..

    ඔය වෙඩින් වලට ගිය ගොඩක් සෙට් එකට සහ අපේ ඔෆිස් එකෙත් කෝල් සෙන්ටර් එකේ දෙන්නෙක් ට සෙට් වෙලා තියෙන්නේ කෑම කන්න මාස්ක් එක ගලවල එතන ඉඳල තියෙන්නේ දෙන්නයි... උනුත් මාස්ක් නැතුව එක ළඟ කෑම කාල තියෙන්නේ එකම ටේබල් එකේ පහුවෙනිදා බඩු හරි ලු...

    බඩගින්නේ වරෙන් මාස්ක් එක නම් ගලවන්න එපා
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    හිතවත්ම කෙනා ගෙදර හිටියා උනත් මේ කාලේ සුවර් නෑ. ඒ නිසා මේ දේවල් කරන්න.

    වාහනේ ඇතුලේ මාස්ක් එක අනිවර්යෙන්ම දෙන්නාම දාගෙන යන්න. වාහනේ ජනෙල් ඇරගෙන යන්න අවශය නෑ.

    දාන මාස්ක් එක හොදට සීල් වෙන අලුත් එකක් වෙන්න ඔනේ. (KN95 වගේ හොඳයි) රැවුල තියෙනවානම් කපලා දාන්න. මාස්ක් එක වටේට සර්ජිකල් ටේප් ගහලා වටෙන් හුලග යන එක නවත්තන්න පුලුවන්. හැබැයි මෙහෙම කරන්න ඔනේ මාස්ක් එක ගලවන්නෙම නැතුව ඉන්නවා නම් විතරයි. සර්ජිකල් ටේප් ගැහුවට පස්සේ එකපාරටම මාස්ක් එක ගලවගන්න බෑ. වතුරවත් නොබී මාස්ක් එක ගලවන්නේ නැතුවම ඉන්න පුලුවන් නම් ඉන්න.

    කෑම, වතුර දෙන්නා වෙන වෙනම අරගෙන යන්න. මොනම හෙතුවක් නිසාවත් ඒවා බෙදා හදා ගන්න මරු කරගන්න එපා. එලියෙ කඩ වලින් හෝ යන තැනකින් දෙන කිසිම දෙයක් කන්න බොන්න එපා.

    වාහනෙන් එලියට බහිද්දී face shield එක දාගෙන යන්න. වාහනේ ඇතුලෙදි ගලවල තියන්න.

    hand sanitizer එකක් ලඟ තියාගන්න. එලියෙ ඉදන් වාහනේට නැග්ගට පස්සේ පාවිච්චි කරන්න.

    ඔලුව මූන මාස්ක් එක අල්ලන්න එපා.

    පිට අය වාහනේට නග්ග ගන්න එපා. වාහනේ ලඟට සල්ලි ඉල්ලගෙන එන අයට සල්ලි දෙන්න වීදුරුව අරින්න එපා.

    කෑම වතුර ගන්න කොට මාස්ක් එක ගලවද්දි දෙන්නම එකම වෙලාවට ගලවන්න එපා. ගලවද්දිත් වාහනෙන් එලියේ කවුරුවත් නැති තැනක ගලවන්න. එහෙම බැරි නම් වාහනේ ඇතුලෙදි තමයි. දෙන්නම එකම වෙලාවේ මාස්ක් ගලවලා ඉන්න එපා. හිතවතාට තිබුනොත් බෝවෙන්නේ මෙතනින් තමයි.

    උදාහරනයක් වශයෙන් උබට වතුර බොන්න ඔනේ නම් වාහනේ කවුරුවත් නැති තැනක නවත්තලා හිතවතාට වාහනේ ඉන්න කියලා උබ වාහනෙන් එලියට බැහැලා උබේ වතුර බෝතලෙන් වතුර බීලා ආපහු මාස්ක් එක දාගෙන වාහනේට නගින්න ඔනේ.

    ගෙදර ආවාට පස්සේ ඇතුල් වෙන්නේ නැතුව එලියෙන් නාගෙන එන්න පුලුවන් නම් හොඳයි. එහෙම බැරි නම් ගෙට ඇතුල් වෙන්න ඉස්සෙල්ල එලියෙන් අත් කකුල් සබන් වලින් හෝදලා ගෙට යන්න. ඊට පස්සෙ කෙලින්ම washroom.

    පර්ස් එක ෆෝන් එක ගෙදර වෙනම තියලා තියන්න. නාගෙන ඉවර වෙලා ෆෝන් එක අල්ලන කලින් hand sanitizer වලින් clean කර ගන්න.

    මෙහෙම කිව්වට මේවා ප්‍රායොගිකව කරන්න අමාරු වෙන්න පුලුවන්. කරොත් තමන් හා ගෙදර අය safe.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලබන සතියේ ගෙදර වැඩකට අනිවා යන්න වෙනවා කොළඹ (දැන් ඉන්නේ කොළඹ නෙමේ) වාහනෙක යන්න ඉන්නේ. නොයාම බෑ බං. මාස්ක් 2ක් දාලා , ෆේස්ශීල්ඩ් දාලා යනවා. කොළඹ තත්ත්වේ අඩුවක් නැද්ද මචං. නාරහෙන්පිට පැත්තට යැවෙන්නේ. වාහනවල යද්දි ග්ලාසස් ඕපන් කරගෙන යන එක හොදද? නැත්නම් වහගෙන යන එකද හොද? පට්ට රිස්ක් එකක් තියෙනවා. වැඩිපුර අවුල තියෙන්නේ අපේ ගෙදර අම්මයි තාත්තයි ඉන්නේ. කොළඹ ගිහින් ඇවිත් ගෙදර ආපුවම දවසක් දෙකක් වෙනම ඉන්න බැලුවේ. සේෆ්ටි ටිප්ස් ටිකක් කියාගෙන යමං

    වීදුරු වහන් පලයන්. ඒසී එක වාහනේ ඇතුලේම සර්කියුලේට් වෙන්න සෙට් කරපන්. එලියට බැස්සම ආයේ වාහනේට නගින්න කලින් ඔක්කොම සැනිටස් කරපන්. වාහනෙන් එලියේ කිසිම හේතුවකට මාස්ක් එක ගලවන්න එපා. පරිස්සමෙන් ගිහින් වරෙන්. බය වෙන්න එපා.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    dont eat anything that is not hot,
    without proper hand cleaning,
    better to have a hot tea or plane tea

    කෑම වලින් හැදෙන්න තියන ඉඩ බොහොම අඩුයි
    කෑම අතපත ගාගා ඉදල එහෙමම අත හෝදන්නේ නැතුව මූණ කසන්න අල්ලන්න යනවා නම් තමා ස්වසන සද්දතියට යන්න පුළුවන්
    ආහාර ජීරණ පද්දතියට ගියා කියල උන්ට ලෙඩේ හදන්න අමරුරුයි
    Ne ban Kanna epa kiwwe, Mask ayin karanna wena nisa