නිකන් බොරුවට බය නොවී හිටපන් ගමයො.
බලපන් IDH staff එක හැමදාම වැඩට යනවා එනවා. උඹ මේ දවස් දෙකට අඩනවා.
Suwapetha app එකෙන් බැලුවම මම ඉන්න ගෙදර අවට within 500m ලෙඩ්ඩු 9යි. within 1km -56 යි.
ඔෆිස් එකේ මාස්ක් ගලවන් ආතල් එකේ ඉදලා මටත් හැදුනා. පැණි, බෙහෙත් කුඩු බීලා සතියෙන් හොදකරගත්තා. ඇල් වතුර නාලා උණුවතුර නොබීපු නිසාද මන්දා නහයෙ ගැජට් වලට ලොකු ඩැමේජ් එකක් වෙලා තවම ගද සුවද අඩුවෙන් දැනෙන්නෙ.
මට හැදුන සති දෙකම ගෙදර හිටියෙ. වෙනම කාමරේක, වෙනම බාත්රූම් පාවිච්ච කල නිසා ගෙදර කාටවත් මගෙන් හැදුනෙ නැහැ.
දැන් සතියකට කලින් අම්මට හැදුනා. ඇස්ට්රසෙනිකා දෙකම ගහපු නිසා අමාරු වුනේ නැහැ. එයත් ආයුර්වේද බෙහෙත් කුඩු ජාති කාලයක් තිස්සෙ බිව්වා. ඒ නිසා සතියෙන් හොද වුනා.
මම වැඩකරන තැන නිතරම කට්ටිය වැඩියෙන් පොසිටිව් වෙන තැනක්.
උඹට කොළඹ ඇවිත් යහතින් යන්න ඕන නම් ;
මාස්ක් එක හරියට දාපන්.
පිට එවුන් වාහනේට නොගන්න තරමට හොදයි.
කන බොනකොට තනියම ඕපන් තැනකින් කාපන්.
ඒසී තැන්වල ඉන්නව නම් ෆේස් ෂීල්ඩ් එකක් දාන එක වඩාත් සෙේෆ්.
ඊට අමතරව තැන් තැන්වල අල්ලලා වලල කහන්න, නහය ඇස් කට අල්ලන්න එපා.
ගෙදර ගිහින් ඇදුම් එලියෙන් ගලවලා ෂෝටක් දාගෙන නාපන්. ඒකත් වයසක දෙමාපියො නිසා. අර විදියට ඇවිත් ගියොත් බය වෙන්නම දෙයක් නැහැ.
සැනිටයිසර් බෝතලේකුත් අරන් වරෙන්.
ඊට අමතරව කොළඹ පාරවල් හැහැමතැනම හිගන්නො. හිිගන්නො කිව්වට පාරට වැටුන අසරන මිනිස්සු. සීයෙ කොල ටිකක් මාරු කරන් ආවට පාඩුනැහැ. ලොකු පිනක්.
එන්න කලින් ඉදන් ඔය උනුකරලා බොන immunity වැඩිකරන බෙහෙත් එහෙම බොන එකත් වාසියක්.
වැක්සින් ගහලා නැත්තං කොළඹ ඕන තරම් තැන් තියෙනවා. කොළඹ තාවකාලිකව පදිංචි කියලා ඒකත් ගහගනින්.