කොළඹ ගෙවල් කඩපු හැටි මතක් කර ගන්න

Sep 24, 2011
324
113
0
කොළඹ ගෙවල් කඩපු හැටි මතක් කර ගන්න

demolition.jpg



ආණ්ඩුව කොළඹ මිව් වීදියේ ගෙවල් කැඩූ හැටි මේ වීඩියෝවේ දැක්වේ. මිනිසුන්ට ඉවත් වීමට දුන්නේ පැය දෙකකි. ගෙවල් කැඩුවේ සුනාමිය ගෙවල් කැඩූ තාලයට ය.



මේ නිවාස වනාහි මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත් වූ ඒවා ය. ඇතැමුන්ට නීත්‍යානුකූල ඔප්පු තිරප්පු ද තිබිණි. රජයට බදු ගෙවා තිබිණි.


ඒ නිවාස අනවසර නිවාස ලෙස නම් කරන ලදී.


පොදු ජනතාවට කොළඹ ජීවත් වීමට නැති මේ අවසරය ආණ්ඩුව දෙන්නට යන්නේ කාට ද? චීනයෙන් හා වෙනත් රටවලින් එන ආයෝජකයන්ට ය.


ආණ්ඩුව සිය නාස්තිකාර වියදම් වෙනුවෙන් මුදල් සොයා ගන්නට කොළඹ එහි වැසියන්ගෙන් උදුරාගෙන පිටරටට විකුණමින් සිටියි.


මෙවර කොළඹ ඡන්දයට පාලක පවුලේ තාත්තලා, පුතාලා, බාප්පලා බැහැලා ඉන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම සරළය.


කොළඹ නගරයෙන් දුප්පතුන් ඉවත් කිරීමේ සැලසුම නිල වශයෙන්ම ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කරන්නේ 2010 අගෝස්තු 12 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. එහිදී අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රකාශ කරන්නේ කොළඹ හා ඒ ප‍්‍රදේශයේ සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම් වෙනත් කටයුතු සඳහා බදුදීම හෝ විකිණීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය ලැබුණු බවය.

අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අනවසර පදිංචිකරුවන් සිටින අක්කර 142ක භූමි ප‍්‍රමාණයක්, ආණ්ඩුවට හඳුනාගෙන ඇති බවත්, ඒ තුළ පවුල් 66,000ක් වාසය කරන බවත්ය. මේ අක්කර 142න් අක්කර 78ක භූමි ප‍්‍රමාණයක් පර්චසය රුපියල් ලක්ෂ 20 බැගින් ආයෝජකයන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවත්, මෙම ඉඩම් බදු දෙනතුරු ණයකර නිකුතුවක් මගින් රුපියල් කෝටි 500ක මුදලක් ලබාගැනීමට තීරණය කර ඇති බවත්, ඉඩම් බදුදී ලැබෙන මුදලින් කොටසක් මෙසේ නගරයෙන් ඉවත් කරන ජනයාට නිවාස සෑදීම සඳහාත්, ඉතිරිය නගරයේ දියුණුව සඳහාත් යොදවන බවය. (ලසන්ත රුහුණගේ, රාවය 2011-10-02)

රට සංවර්ධනය කරන්නේ කුමටදැයි ඇසුවොත් නව ලිබරල්වාදී ධනපති පාලකයන් කියන්නේ දුප්පත්කම නැති කරන්නට ය කියා ය. දුප්පත්කම නැති කරන්නට යන්නේ දුප්පතුන් කබලෙන් ලිපට ඇද දමා ය.


~W3Lanka~
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :angry: ඒත් බය වෙන්න දෙයක් නෑ, අපේ එකාලට ඕවා මතක් වෙන්නේ නෑ ජන්දේ වෙලාවට..... :lol:
     

    kamalsab

    Member
    Mar 23, 2010
    263
    9
    0
    Srilanka
    Hareema sad feeling machan !!! apata deyak ehama unuth kiyala hithuwama !!! government a minusungen discuss karagena karaganta thibuna
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කට්ටිය මේකත් පොඩ්ඩක් බලාගෙන යන්න


    එතකොට මේකත් බැලුවොත් හොඳයි

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    හැබැයි ඉතිං ආණ්ඩුව පරදිනව කියන්නෙ UNP එක බලයට එනව කියන එක... :(
     

    dkp

    Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    machn anduwa dan mey karanne boruwa bun, unta mey land wikanala hena ganak hamba wenawa , mokada eka parata gewal hadanna matak wune, mechchra kal pol gawada?
    boruwa bun anduwa danne, kawru awat dupath minhata sethak wenna nah bun.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෙවල් කඩන්නෙ නැතුව කොහොමද අලුතෙන් ගෙවල් හදන්නෙ? නැතුව ඉඩමි ඉබෙි පහල වෙන්නෙ නැනේ .අනික ඒවගෙන් ඉවත් කරපු මිනිස්සුන්ට ඉන්ඩ වෙනම තැන් දිලනෙ තියෙන්නෙ. මහ පාරේ නෙමේනෙ ඉන්නෙ.අලුත් මහල් නිවාස හැදුවාම ඔක්කොම ඒ මිනිස්සුනට. මුඩුක්කු ටික එහෙමම තියෙනවට සතුටු .ඇති ලැජ්ජා වෙයල්ල බන් :growl:

    මෙවර කොළඹ ඡන්දයට පාලක පවුලේ තාත්තලා, පුතාලා, බාප්පලා බැහැලා ඉන්නේ ඇයි? නැත්තන් කියන්නෙ UNP රනිල්ගෙ කණ්ඩායමයි සජිත්ගෙ කණ්ඩායමයි වගේ දෙකට කැඩිල වෙනවෙනම තරග කරන්ඩ කියලද:lol::lol::lol::lol::lol: අස ඇති:P:P:P