ප්‍රීති සාර වේ කොලඹ නගරේ | 1939 | W A ජෝසප් පෙරේරා
Lyrics: W.D.M. Albert Melody: Joseph Perera ප්රීතිසාරවේ කොළඹ නගරෙ - ජෝසප් පෙරේරා 1939 දී ගායනා කල අති දුර්ලභ ගීත වලින් එකකි. Prithisarave Kolamba Nagare - Maestro Joseph Perera. A rare Gramophone song published in 1939 in Sri Lanka (Old Ceylon). වර්ෂ 1906-43 දක්වා පූර්ව සිනමා යුගයේ මෙරට බිහිවුණු පුරෝගාමී සංගීතඥයන් අතුරින් ඔබ අප බොහෝ දෙනා හඳුනන පුරෝගාමී සංගීතඥයන් අතරට ඇම්. ජී. පෙරේරා, ජේ. සාදිරිස් සිල්වා, එච්. ඩබ්ලිව් රූපසිංහ, බී. එඩී. ද සිල්වා, මොහොමඩ් ගවුස් ආදීහු ප්රමුඛ ස්ථානයක් ගනිති. නමුත් මේ යුගයේම අතිශය ප්‍රසිද්ධියක් සහ ජනාදරයක් දිනා සිටි වල්පොල ආරච්චිගේ ජෝසප් පෙරේරා යන එවකට ජනප්‍රිය වූ සංගීතඥයා, හාර්මෝනියම් වාදකයා පිළිබඳව ඔබා අසා නොමැති වන්නට පුළුවන. නමුත් එතුමා විසින් ගායනා කරන ලද ඔබ අප හොදින් හදුනන එක් ගීතයක් දශක අටකට ආසන්න කාලයක් ගෙවී ගියත් අදටත් අතිශය ජනප්‍රිය ගීයකි. “ප්‍රීති සාර වේ කොළඹ නගරෙ රෑට සුරපුර මෙන” ගීතය මගින් එතුමා ස්වකීය අනන්‍යතාවය ඔහුගේ අභාවයෙන් දශක ගණනාවකට පසුවද සටහන් කළේ ඔහුගේ ස්වරයේත්, ගීත තනුවෙත් ඇති මාධූර්යය නිසාවෙන් ම ය. මේ ගීතය පිළිබඳ කෙටි විස්තරයක් අප මීට ප්‍රථම කොළඹ නගරය ගැන කියවුණු ගී යන ලිපිය යටතේ පළ කළ බැවින් අද අප තෝරා ගත්තේ එතුමා විසින් ඒ අයුරින්ම ගැයූ තවත් ගීතයකි. “කොළොඹ නගරේ” ගීත තැටියේ අනෙක්පස අඩංගු වූ මෙම සන්ධ්‍යා වර්ණනා ගීතය ද එවකට සංගීත මාස්ටර් ලා සහභාගී වෙමින් කොළොඹ මරදාන අවට පවත්වන්නට යෙදුණු “බජව් සාජ්ජ” වල ඉතා ජනප්‍රිය ගීතයක් විය.
ප්‍රීතීසාරවේ කොළඹ නගරෙ රෑට සුරපුර වෙන
ප්‍රීතීසාරවේ කොළඹ නගරෙ රෑට //
පුරා ආලෝකේ යන එන තැන සෑම වීථියේ
පෙනේ දෙව්ලෝකේ සෑම එළිය වර්ණ වර්ණයෙන්
කොළඹ නගරෙ රෑට සුරපුරවෙන ප්‍රීතීසාරවේ ...
ඉංග්රීසිකාර ලියෝ යාය යාය රූසිරි පාලා
ලක්වැසි නේක ලියෝ පාට පාට සාරිය ඇඳලා
බයිස්කෝප් ශාලාතුළේ පේළි පේළියේ ගැවසීලා //
නෙත්ගත් යෞවනයෝ පාරෙ පාරෙ බෝ ගැවසීලා
කොළඹ නගරෙ රෑට සුරපුරවෙන ප්‍රීතීසාරවේ...
පුරා ආලෝකේ යන එන තැන සෑම වීථියේ
පෙනේ දෙව්ලෝකේ සෑම එළිය වර්ණ වර්ණයෙන් //
කොළඹ නගරෙ රෑට...
ඉංග්රීසිකාර ලියෝ යාය යාය රූසිරි පාලා
ලක්වැසි නේක ලියෝ පාට පාට සාරිය ඇඳලා
බයිස්කෝප් ශාලාතුළේ පේළි පේළියේ ගැවසීලා //
නෙත්ගත් යෞවනයෝ පාරෙ පාරෙ බෝ ගැවසීලා..
කොළඹ නගරේ රෑට සුරපුරවෙන ..."