පොසිටිව් දෙයක් තිබ්බොත් එව්වත් අතාරින එක අපරාදයක්නේ. එහෙම එකක් තිබ්බොත් ඒක පට්ට මොටිවේෂන් එකක් වෙනවා.මාසයකට සල්ලි ගෙවලා ඒ ඇප් එකෙන්ම පලාඵල ටික බලාගනින්. ඒ ඇප් එක 90%කට වඩා හරි. මාසෙකට රු 300ක් විතර ගෙවන්න ඕනි. රු300ගෙවලා සබ්ස්ක්රිප්ෂන් එක අයින් කරපන්.
හැබැයි මෙහෙම දෙයක් තියනවා. මමත් ජෝතිෂ්ය ඉගෙන ගෙන තියනවා ආතල් එකට. කේන්දරේ ඔලුවේ තියන උන්ට හැමදාම ප්රශ්න. ඒ නිසා ඕක අමතක කරලා, අපල අමතක කරලා ආතල් එකේ ඉදපන්. කරදර එනව නම් එයි. මැරෙනව නම් මැරෙයි. ඕවා ගැන හිත හිත හිටියොත් ආතල් ගනන් වෙන්නෙත් නැතුව නාකි වෙලා මැරිලා යයි