ගඩාෆි ගෙන් ලිබියානු ජනතාව බේර ගන්නලු බෝම්බ දාන්නෙ.
දැනටම සාමාන්‍ය ජනතාවගෙන් 90ක් එක රැයකින් බේරලා කියලා නිව්ස් එනවා.
ගඩාෆි සිවිල් ජනතාවගෙන් මිලියනයකට ආයුද නිකුත් කරලාලු.(
www.presstv.ir )
ලිබියාවේ අවසානය ඉතා ලඟයි.
හිලේරියස් ක්ලින්ටන් නම් කියන්නෙ ජනතාවගෙ ආරක්ෂාව පලමු අරමුණ කියලා.
එතකොට ඩ්‍රෝන් ඇටෑක් වලින් දවස් ගානෙ මිය යන පාකිස්තාන්,ඇෆ්ගන් ජනතාව ගැන ඒ නෝනාට මතක නෑ.
ගඩාෆිගෙ වැරදි ඇති....ඒ උනාට තමන්ගේ අවි බලය ටෙස්ට් කරන්නයි,ලිබියාවෙ තෙල් සම්පතටයි කෙල හලාගෙන
ඊනියා මිත්‍ර හමුදා කරන ජරා වැඩේ අනුමත කරන්න බෑ.
ඊජිප්තුවෙ ජන රැල්ලට සහය දීලා මුබාරක් එලවන්න සහය දුන්න ඇමරිකාව ඇතුළු රටවල්....බහරේන් ජනරැල්ලට විරුද්ධව අවි ඔසවන උන්ට දැන් සහය දෙනවා.
බහරේන් වලට අනවශ්‍ය විදිහට කඩා වැදුන සවුදි හමුදාවට උදව් කරනවා.
කුවෙට් වලට කඩා වැදුනු ඉරාකයට නැතිවෙන්න ගැහුවනම්......
සවුදියට එරෙහිව වචනයක් කියන්න හිලේරියස් ක්ලින්ටන්ට දිව නැමෙන්නෙ නැත්තෙ ඇයි???
ලිබියාවෙ ආණ්ඩුවිරෝධීන් කොහොමත් සාමකාමි විදිහට නෙවෙයි පාරට බැස්සෙ.
උන්ට ආයුධ තිබුනා.
ගඩාෆිගේ දීර්ඝ පාලනය වරදක් උනත් ඉන් ප්‍රයෝජනය ගන්න යන්නෙ බොර දියේ මාළු බාන බටහිර ඊනියා මානව හිතවාදියෝ.
මහලොකු සාම බිස්නස් කාරයො වෙලා හිටිය නෝර්වේ කාරයොත් එෆ්-18 ෆයිටර් ජෙට් 8ක්ම දීලා.(
www.aljazeera.com/english ) ඊනියා මිත්‍ර හමුදා කරන ජරා වැඩේ අනුමත කරන්න බෑ.
voted for gadafi for his braveness.