මේක මුස්ලිම් වරු සහ ක්‍රිස්තියානි අතර සටනක් නම් අනිවාර්යයෙන්ම මම සහයෝගය දෙන්නේ ක්‍රිස්තියානි පිළට මොකද මගේ පවුල් පසුබිමත් එහෙම් පිටින්ම ක්‍රිස්තියන්. මම පසුව බුදු දහම වැළද ගත්තට.
මේ ප්‍රශ්න වලට කරුනාකරල ආගම් වාදය ඇදල ගන්න එපා. මුස්ලිම් උනත්, ක්‍රිස්තියන් උනත් බෞද්ධ උනත් හැමෝම මිනිස්සු. මෙතන තියෙන ලොකුම විහිලුව ගඩාෆි මිනිමරුවෙක් කියල පිලිගැනීමට ඔබතුමා පැකිලීම. එහෙම වෙලත් කියනව අනෙ මට ගඩාෆිගෙන් වැඩක් නැහැලු.
මොන රජත් එකය්, උට ඕන වෙලාවට අතවැසියන්ගෙ ගෑනු ඇදන් ගිහින් අන්තප්පුරේට දාගන්නය්, උට ඕන විදියට මිනිස්සුන්ගෙ බෙලි කපන්නය්. රජේක් ඉන්නකොට මිනිස්සුන්ට නිදහසක් කියල නැහැ. ඔයාට ඔනෙනම් බයේ ජීවත් වෙන්න එහෙනම් රජෙක් ඉන්න රටකට යන්න. අපිටනම් ඕනෙ නිදහසේ ජීවත් වෙන්න.
මම ගඩාෆිට විරුද්ධ වෙන්නෙ මහින්ද ගෙ කෙහෙල්මලක් නෙමෙය්. "ගඩාෆිට විරුද්ධ වෙන්නෙ මහින්ද එක්ක photo ගත්ත නිසා" වගේ සිගිති ප්‍රකාශ කරන්න එපා. හැමෝම ඔයා හිතන විදියට හිතන්න ඕන කියල නීතියක් නැහැ නේද. ඒක නිසා ගඩාෆිට විරුද්ධ හැමෝම උට විරුද්ධ වෙන්නෙ මහින්ද නිසා කියල කීම සාධාරන නැහැ. මම ගඩාෆිට කැමති නැත්තෙ ඌ ඒකාධිපතියෙක් නිසා. තව ටික කාලෙකින් ඔයා හිට්ලරුත් ශෝක් මනුස්සයෙක් කියල කියය්ද දන්නෙ නැහැ.






