ගණිකාවකගේ_දින_පොතින්...

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ගණිකාවකගේ_දින_පොතින්...

    attachment.php



    හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම..
    කෙස් ගහක් දෙකක් පැහුන ට
    පරණ පෙම් පාටමයි ඇස්වල..
    උඩු රැවුලකුත් වවල ඇත්තට
    මතකයි ඉස්කෝල කාලෙ
    තිබ්බ ආසව ඕකට...
    කියන්නකො ඉතින් කොහොම ද
    නෝනට එහෙම??????
    ඇයි ඉතින් කඳුලු ඇස් වල...
    ඔයා රට යනකොට
    බඩට මාස දෙකයි යන්තමට..
    අම්ම ට අහු වුණා
    කනකොට අන්නාසි ගැට..
    ඊට පස්සෙ මම හිටියෙ
    ලොකු අම්මලගෙ ගෙදර..
    හම්බ වෙනකොට ම නැති උණා
    ඔයාගෙ ලේ උරුමෙ මට..
    සමාව දෙන්න රත්තරන්
    මොනා කරන්න ද මම..
    ඊටත් පස්සෙ ,
    කාලයක් උන්න අංගොඩ..
    අම්මවත් ආවෙ නෑ බලන්න...
    එහෙන් පැනල යනකොටයි
    හම්බ උනේ "මැඩම්"ව මට...
    සලකපු තාලෙට හිතුනෙ ම නෑ
    නපුරක් මට....
    නාඳුනන මිනිහෙක් අතින්
    දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට
    යන්තම් විසි දෙකයි මට.....
    නාඩ ඉන්න ඔයා මොනා කරන්න ද
    මගෙ ම කරුමෙ ට....
    ගෙදර ගියෙ නෑ ඉතිං
    ආයෙත් මම....
    අම්මෝ!!!!!අවුරුදු විස්සකට කිට්ටුයි
    මේ වෙනකොට.....
    බිස්නසුත් නෑ දැන්නම් මට,
    ඉඳල හිටල එන කස්ටමර් කෙනෙක් අරුනම....
    වෙන වෙන බිස්නස් තමයි වැඩිපුර..
    ඒත්,
    හීනෙකින් වත් හිතුවෙ නෑ
    ජීවිතෙ හම්බ වෙයි කියල
    හොටෙල් කාමරයක් ඇතුලෙ
    ආයෙමත් මට......
    අනේ රත්තරන් ,
    ඔළුව උස්සල බලනව ද
    ඉස්සර වගේ ලස්සන නැද්ද මම...
    එකම එක පාරක් අයෙත් කියනව ද
    ආදරෙයි කියල මට
    සල්ලි නම් එපා මට ........
     

    Attachments

    • 20992756_162955277595957_7526024477914282403_n.jpg
      20992756_162955277595957_7526024477914282403_n.jpg
      52.4 KB · Views: 916

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවංකව ම කියන්නං කියවද්දි ඇස් වලින් කදුළු පැන්න.......
    උඹට සහ මගේ එළකිරි වයිබර් ගෘෘප් එකේ මෙහෙම එකක් දාල කියල නිවුස් එක දුන්න සහෝදරයට ස්තූතියි!
     
    • Like
    Reactions: hiranlahiru2015

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Fuck.... that sad.....
    You can destroys ones life without knowing... be careful...
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    පව් බං.. ගණිකාවක් උනත් ගෑණියෙක්නෙ. උන්ටත් අපේ ගෑණුන්ට තියන හැඟීම් ඇති...:sorry:
     
    • Like
    Reactions: hiranlahiru2015