ගණිකා නිළිය අල්ලාගත් හැටි - දෙබස් සහිතයි !

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ගණිකා නිළිය අල්ලාගත් හැටි - දෙබස් සහිතයි !

    මහනුවරින් ගණිකා නිළිය අල්ලාගත් හැටි - දෙබස් සහිතයි

    alcohol-and-unsafe-sex.jpg


    මං විකුණුවේ මගේ ශරීරේ.. ඒක මේ රටේ නීතියට අනුව වරදක් වුණාට මගේ හිතට එකඟව වරදක් නොවෙයි..

    පහත දැක්වෙන්නේ ලොව පැරැණිම රැකියාවේ නියැළෙන ස්ත්‍රියක් හා ඇගේ පහස අපේක්ෂා කරන තරුණ ගනුදෙනුකරුවකු අතර සිදුවූ දුරකතන සංවාදයකි. විශේෂ කාරණය වන්නේ මෙහි කතානායිකාව වෘත්තියෙන් "නිළියක්" වීමය.
    පෙර දිනයේ නියම කරගත් ආකාරයට නිළියට දුරකතන ඇමතුම ලබා දුන් ගනුදෙනුකරුවා හරියට හවස හතරට දංගොල්ල හන්දියට ගොස් ඇගේ ජංගම දුරකතනයට ඇමැතුමක් ලබා දුන්නේය.

    "මම දැන් දංගොල්ල හන්දියේ ඉන්නේ ඔයා කොහේද ඉන්නේ" ඔහුගේ ස්වරයේ තිබුණේ දැඩි නොඉවසිලිමත් බවකි.

    ඔයා ඔතනින් කිලෝමීටරයක් විතර ඉස්සරහට එන්න ඇය පැවැසුවාය. ඔහුද ඇය පැවැසූ පරිදි ඉදිරියට ගොස් නැවත ඇය ඇමතුවාය. "දැන් ඔයා ඔතනින් වමට දාලා තව කිලෝමීටරයක් පස්සට යන්න" ඇය නැවැත විධාන කළාය. ඔහුද එසේ කළේය. නමුදු එකී ස්ථානයේද ඇය සිටියේ නැත.

    ඔතැනින් දකුණට හැරිලා කිලෝමීටරයක් ඉස්සරහට එන්න. දකුණට යන්න, වමට හැරෙන්න. කිහිප වතාවක් ඇගේ එවැනි විධානවලට ඔහුට යටත් වන්නට සිදුවිය. අවසානයේ කිහිප වතාවක්ම එහෙටත් මෙහෙටත් රස්තියාදු වී ඇයව තම මෝටර් රථයට නංවා ගන්නට ඔහු සමත් වූවේය.

    සුරූපිනියගේ විළවුන් සුවඳ ඔහුගේ නාස් පුඩු පසු කරගෙන ගොස් මුළු සර්වාංගයම වෙළා ගත්තේය.

    දෑසේ තිබූ කළු පැහැති අවුකණ්ණාඩිය ගලවා හෑන්ඩ් බෑගයේ දමා ගත් ඇය සරාගී සිනහවකින් ඔහුට සංග්‍රහ කළේ සිදුවූ සියල්ලටම සමාවන්නැයි කියන්නාක් මෙනි.

    "ඔයා නිළියක් නිසාද මෙහෙම මිනිස්සු රස්තියාදු කරන්නේ?"

    "නෑ. මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑනේ. ඒකයි එහෙම කළේ. ඇය ඔහුට පිළිවදන් දුන්නාය."

    මහනුවර මං දන්න ආරක්ෂාව තියෙන හොඳ හෝටලයක් තියෙනවා. අපි එතැනට යමු. යෝජනාව ඇගෙන්ය. යෝජනාව පරිදි ඔහු ඇය සමඟ එම හෝටලය වෙත ගියේය. හෝටලය වෙත ඇතුළු වූ ඔවුහු සුහද කතාබහකට මුල පිරූහ.

    "මම ඉතාලියේ ඉන්නේ. මාසෙක නිවාඩුවකට ලංකාවට ආවේ. ඒ ආපු වෙලාවේ මගේ යාළුවෙක් තමා ඔයා ගැන මට කිව්වේ. ඔයා ලංකාවේ හරි ජනප්‍රියයිලු නේද? ළඟදී අලුත් චිත්‍රපටයකත් හිටියලු නේද?"

    ඔහු ඇසුවේ ඇගේ කරවටා අතක් යවා ඇගේ නිකට සොලවමිනි.

    සැණෙකින් ඔහුගේ දෑත පසෙකට දැමූ ඇය පොරොන්දු වූ රුපියල් පන්දහසේ මුදල ඉල්ලා සිටියේය. "මුලින් ගාණ" යැයි පවසමිනි. සාක්කුවට අත දමා රුපියල් 5000 නෝට්ටුවක් ඇදගත් ඔහු එය ඇගේ අත තැබුවේය. වහා හෑන්ඩ් බෑගය විවෘත කළ ඇය නෝට්ටුව එහි තැන්පත් කෙරුවාය.

    දොර අසලට නැවත වාරයක් ගිය ඇය එහි ‍දොරගුළු පරීක්ෂා කොට නැවත ඔහු වෙත පැමිණියාය. එහෙත් එක විටම ඇසුණ මිනිස් කටහඬකින් ඔවුහු පුදුමයට පත්වූහ.

    "අපි පොලිසියෙන් කරුණාකරලා මේ ‍ දොර අරින්න" පිටතින් සිටි පිරිස කතා කරන්නට වූහ.

    කලබලයට හා බියට පත්වූ ඇය ඔහුගේ දෑතේ එල්ලී දඟලන්නට පටන් ගත්තාය.

    "අපි දැන් මොකද කරන්නේ, පැනලා යන්න තැනකුත් නෑනේ. පොලිසිය ඇහුවොත් ඔයා කියන්න, මං ඔයාගේ පෙම්වතිය, අපි කසාද බඳින්න ඉන්නෙ කියලා. ඇය ඔහුගේ දෑතේ එල්ලෙමින් පින්සෙණ්ඩු වූවාය. හරි අපි එහෙම කියමු. ඇගේ සිත සැනසූ ඔහු කාමරයේ ‍ දොර විවෘත කළේය.

    කාමරයට කඩා වැදුණු මහනුවර දූෂණ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරිහු කාමරය පරීක්ෂා කරන්නට පටන් ගත්හ. කාන්තා පොලිස් පරීක්ෂකවරිය ඇයව පරීක්ෂා කළාය.

    "රඟපානවා කියලා මේවද කරන්නේ? පොලිසිය විමසද්දී ඇය ඔහුගේ තුරුලට රිංගා ගත්තාය."

    "මොකද ඔයාලා මේ කරන්නේ?"

    "මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්. ලබන මාසේ අපි බඳින්න ඉන්නේ. අපිට නිදහසක් නැද්ද මේ වගේ තැනකට එන්න. ඔයාලා කරන්නේ ලොකු වරදක්, මං ඔයාලාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා."

    ඇය පොලිසියට දෝෂාරෝපණය කරන්නට පටන් ගත්තාය. ඇගේ කීම නොපිළිගත් පොලිස් කණ්ඩායම ඔවුන් දෙදෙනා ජීප් රථයට නංවා ගත්තේ "පොලිසියට ගිහින් බේරගමුයි" පවසමිනි.

    ප්‍රශ්න කිරීමට ගෙන ආ වේලාවේදීත් ඇය එක තත්පරයක්වත් ඔහුගේ අත අතහැරියේ නැත. ප්‍රශ්න කිරීම් හමුවේ දෙදෙනාම එකහෙළා කියා සිටියේ ඔවුන් පෙම්වතුන් බවය.

    එකවිටම දෑසට කඳුළු පුරවා ගත් ඇය මහ හඩින් හඬන්නට පටන් ගත්තාය. ඇයම ලියාගත් තිරපිටපතට අනුව ඇය රිසි සේ රංගනයේ යෙදෙන්නට පටන් ගත්තාය.

    "ඇයි අපිට මෙහෙම අපහාස කරන්නේ, මම නිළියක්, කොහොමද රටට මූණ දෙන්නේ. මෙයා මං බඳින්න ඉන්න කෙනා, මේවා සේරම මං ජනප්‍රිය නිසා ගහන මඩ" කඳුළු වගුරවමින් ඇය අසල සිටි ඔහුගේ උරහිසට වත්තම් වූවාය.

    "දැන් තමුසෙගේ රඟපෑම නවත්වනවා. අපි දන්නවා තමුසෙගෙ කැරැට්ටුව ගැන. තමුසේ දැන් මේ පෙම්වතා කියන මහත්තයා, අපේ පොලිසියේ එස්.අයි. මහත්තයෙක්. අපිට ඊයේ ඔත්තුව ලැබුණු වෙලේම තමයි මේ මහත්තයාව මේකට යෙදෙව්වේ. දැන් බොරුවට රඟපාලා වැඩක් නෑ. සේරම අතටම අහුවෙලා ඉවරයි. හැමදේම මේ මහත්තයා අපිට දැනුම් දුන්නා.

    පොලිසියේ ප්‍රකාශයට ඇය තිගැස්සී ගියාය. කර කියා ගන්නට දෙයක් නැති වූ තැන ඇය ඔහුගෙන් ඈතට වී බිම බලා ගත්තාය. දෑසේ කිඹුල් කඳුළු තුනී ටිෂූ කඩදාසියකින් පිසදමා ගත් ඇය සියල්ල පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කළාය.

    "මං ........... (34) රඟපානවා තමයි, බත්තරමුල්ලේ තමයි මං පදිංචි වෙලා ඉන්නේ. මං නිළියක් නිසා මට ගනුදෙනුකාරයො හොයා ගන්න ලේසියි. ඒ නිසයි මං මහනුවරින් ගෙයක් කුලියට අරන් එහෙ බිස්නස් කළේ."

    "මේ දවස්වල මට වැඩ නැහැ. මට දරුවෙක් ඉන්නවා. මගේ මහත්තයා මගෙන් වෙන්වෙලා ඉන්නේ. ජීවත් වෙන්න අමාරු නිසයි, දරුවගේ බඩ පුරවන්න ඕන නිසයි මං මේ රස්සාව කළේ. මං විකුණුවේ මගේ ශරීරේ. ඒක මේ රටේ නීතියට අනුව වරදක් වුණාට මගේ හිතට එකඟව වරදක් නොවෙයි."

    ඇය ආවේගයෙන් යුතුව සිය කටඋත්තරය ලබා දුන්නාය. ඇයව 2012.12.07 දින නීතිය හමුවට රැගෙන යෑමෙන් අනතුරුව මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ලබන 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම කරන ලද්දේය.

    මෙම සුරූපී රංගන ශිල්පිනිය ගණිකා වෘත්තීයේ යෙදී සිටියදීම ඇයව නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වූයේ පොලිසිය විසින් උපාය දූතයකු යෙදවීම හේතුවෙනි.

    2012-12-06 දින මහනුවර පොලිසියට ලැබුණ දුරකතන ඇමැතුමකට අනුව ඔවුන් රහසේම තම සැලසුම දියත් කෙළේ. ඒ අනුව උපාය දූත කාර්යයෙහි නියැළුණ උප පොලිස් පරීක්ෂකවරයා මාර්ගයෙන් ඇය අතටම අල්ලා ගැනීමට ඔවුහු සමත් වූහ.

    වර්තමානයෙහි ඇතැම් නිළියන්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා සමස්ත රංගන ශිල්පිනියන්ටම සිදුවී ඇත්තේ "නිළියො කියන්නේ ගණිකාවෝ" කියන කළු ලේබලය ගසාගෙන අපහාස හා ගර්හාවට ලක්වීමටය. කලාවට නිගරු දෙමින් තම ප්‍රසිද්ධිය අයථා ලෙස පාවිච්චි කරමින් ක්‍ෂේත්‍රයට පැමිණෙන නවක නිළියන් නිසා රංගන කලාවට සිදුවී ඇත්තේ විශාල අභාග්‍යයක්.

    මේ සම්බන්ධයෙන් එක්තරා ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පිනියක් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක මෙසේ සඳහන් කර තිබිණි. ඇගේ ප්‍රකාශයෙන් මෙම කතාව අවසන් කිරීමට මම කැමැත්තෙමි.

    "මම නිළියක් නෙමෙයි, නිළියො කියන අයව දැන් පොලිසියෙන් අල්ලනවානේ, ඔය වචනේ මට කියන්න එපා. මාවත් අල්ලගෙන යයි, මං ඇත්තටම රංගන ශිල්පිනියක්."

    ඇගේ ප්‍රකාශයෙහි සිතන්නට බොහෝ දෑ තිබෙන බව ඔබට පසක්වනු ඇත.

    උපුටාගැනීම- මව්බිම
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද, මේ රැකියාව අනුමත කරන්නත් බෑ....
    එත් ඔය කියන විදියට තනියම ලමයව හදාගෙන ජීවත් වෙන්නත් ඕනිනම්....
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    gossip9-main-pic.jpg

    මේ ඇමතියයි නිලියයි අල්ලන්නේ නැද්ද? mun denna prasiddiye sukanava
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දැන් මිනිසුන්ට සුකන්න කෙල්ලො නැති වුනත් පොලිසියට ගිහින් පොලිස් කාරයන්ට සුකලා එන්න ඕන.:lol::lol:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කවුද කිව්ව වගේ, "නිලියන් සියල්ල ගණිකාවන් වන නමුත්, ගණිකාවන් සියල්ල නිලියෝ නොවෙති." :D:D:D