ගණුදෙනු අරඹා පැයකින් කොළඹ කොටස් ඒකක 370කින් කඩා වැටේ.. විකුණන්න පොරකති..
April 4, 2025 at 11:20 am | lanka C news
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අරඹා කෙටි වේලාවක් තුල මිල දර්ශක සියල්ලේ පහල ගොස් ඇත.
ගණුදෙනු ආරම්භ කර පැයක් ගතවෙද්දී සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 377.13 කින් පහල ගොස් ඒකක 15,280ක් ලෙස දැක්වින.
