ගම්මන්පිලයා හොඳටම නෑවලු නේද

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නෑව නෑව.. :lol::lol: ඔක්කොම බලපන්කො. විජිතය නානව කාලෙකට ඇතිවෙන්න :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    ජේ ආර් හොද සහ නරක තියෙනව...විවස්තාව රටේ වාතාවරනයත් එක්ක හොදාටම ගැලපෙනව, අනිව ලoකාවට විධායක ජනාධිපතික්‍රමය අත්යවශ්යයි...

    ඔව් තනි අතක් ඕනේ :yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    විවස්තාව රටේ වාතාවරනයත් එක්ක හොදාටම ගැලපෙනව, අනිව ලoකාවට විධායක ජනාධිපතික්‍රමය අත්යවශ්යයි...

    Products of UNP :cool::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ජ.වී.පෙ ට තියන අවශ්‍යතාවය විධායක ජනාධිපතිකම අහෝසි කරන්න????


    මහින්ද ඇවිත් ජෙප්පන්ට වැලේ වැල් නැති උනා. හරියට ඕක කරන එකක් අවොත් ජවිපෙ හාන්සියි. අන්න එක නිසා තමන්ගේ පැවැත්මටයි ඔය ජවිපෙ අරගල කරන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    ඇයි ජ.වී.පෙ ට තියන අවශ්‍යතාවය විධායක ජනාධිපතිකම අහෝසි කරන්න????


    මහින්ද ඇවිත් ජෙප්පන්ට වැලේ වැල් නැති උනා. හරියට ඕක කරන එකක් අවොත් ජවිපෙ හාන්සියි. අන්න එක නිසා තමන්ගේ පැවැත්මටයි ඔය ජවිපෙ අරගල කරන්නේ.

    චන්ද්‍රිකාව ගේන්න ජවිපෙ උදව් කරා. මහින්දව ගෙනාවෙත් ජවිපෙමනෙ බන්. ඒ දෙකේදිම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවයි කියලා පොරොන්දු කරවගෙන ආවෙ. මට තේරුන විදිහට අර මොකක්ද කරනවයි කියන විප්ලවේ කරන්න ජනාධිපති ධූරය ලොකු බාදකයක් වෙන්න ඕනේ.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම නම් ඔක බැලුවෙ නැ නොබල නැවෙ කවුද කියල වැඩක් නැ...ඒත් 20 පොන්න රනිල සතුටු කරන්ඩ ජෙප්පො උස්සන් ආව දෙයක්..මන්ත්‍රීවරුන්ට සල්ලි බෙදල රටේ ජනාධිපති වෙන්ඩ අර්ජුන ඇලෝසියස්ටත් පුලුවන් 20 සම්මත උනොත්..ඒ වගේ පල්බූරු යෝජනා ඇතුලත් පනතක් ගෙනාපු එකම ඇති ජෙප්පන්ගෙ නිරුවත අවබෝධකර ගන්ඩ..
    tho ithin danne baiyata dena ekane melo hasara balan na pissek
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මාරුවෙන් මාරුවට නාගැනීමක් තියෙනවා ඇති. ඒත් බන් ඕකට විමල්ව යැව්ව නම් ඌ ලෙසටම කතා කරනවා. ඌත් එක්ක හැප්පෙන්න අරූට ලොවෙත් බෑ. 20 කියන්නෙ තනිකරම පුස් දෙයක්. ජවිපෙන් ගෙනාපු 20 අඩුපාඩු කියනවට වඩා 20 අපේ රටට සුදුසු නෑ කියන එක පෙන්නලා දෙන එකයි වටින්නෙ. 20ට විරුද්ධව කතා කරලා පොඩ්ඩක්වත් නාගන්න අවශ්‍යතාවයක් නෑ. 20න් පාගලා දාන්න හදන ජනවරමෙන් පත්වෙන ජනාධිපති කෙනෙක් නැති උනොත් අපේ රටට බඩුම තමයි.

    :oo:man nam hithanne ne bn wimalta mehema neethi tharka walin mewage yai kiyl.eya awama meka unp ekata ona widihata heduwa kiyl prove karai... Anika awa nm methana Maha goshawak wenne...
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මම බැලුවා. වීරවංශට බයේ ජෙප්පෝ විජිත හේරත්ව විතරක් එවනවා. එතැනින්ම ජෙප්පෝ ගූ. පස්සේ විජිතට උත්තර නෑ ගම්මන්පිල අහන ප්‍රශ්න වලට. විජිත උත්තර නොදී මඟ අරිනවා. වටේ යනවා. කෙලින්ම උත්තර දෙන්නේ නැතුව. ජෙප්පෝ 20 ගේන්නේ UNP එකේ උවමනාවට දිගටම රනිල් අගමැති වෙලා බලය දිගටම තියා ගන්න. ගම්මන්පිල කියන දේ හරි. අයින් කරන්න ඕන විධායක බලතල නෙමෙයි. විධායකයට තියෙන අනිසි පහසුකම්. ජනාධිපති කෙනෙක්ට නඩු දාන්න බෑ වගේ තියෙන ඒවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    :oo:man nam hithanne ne bn wimalta mehema neethi tharka walin mewage yai kiyl.eya awama meka unp ekata ona widihata heduwa kiyl prove karai... Anika awa nm methana Maha goshawak wenne...

    විමල්ට දැනුමක් නැති එක ඇත්ත. ඒත් කවුරු හරි පොයින්ට්ස් ටිකක් කියලා දුන්නොත් ඒවා කියවලා මතක තියන් ඇවිල්ලා කතා කරන්න බැරි තරම් ගොනෙක් නෙවේ. ඌ මෙච්චර කාලයක් තිස්සේ කරන්නේ ඕක තමයි. විමල් ඒකට දක්ශයි. විමල් හරස් ප්‍රශ්න අහන්නත් දක්ශයි. ගම්මන්පිල තනපටේ ගහලා ලෑස්ති වෙනකොට විජිතයා ඔක්කෝම කියලා ඉවරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මම බැලුවා. වීරවංශට බයේ ජෙප්පෝ විජිත හේරත්ව විතරක් එවනවා. එතැනින්ම ජෙප්පෝ ගූ. පස්සේ විජිතට උත්තර නෑ ගම්මන්පිල අහන ප්‍රශ්න වලට. විජිත උත්තර නොදී මඟ අරිනවා. වටේ යනවා. කෙලින්ම උත්තර දෙන්නේ නැතුව. ජෙප්පෝ 20 ගේන්නේ UNP එකේ උවමනාවට දිගටම රනිල් අගමැති වෙලා බලය දිගටම තියා ගන්න. ගම්මන්පිල කියන දේ හරි. අයින් කරන්න ඕන විධායක බලතල නෙමෙයි. විධායකයට තියෙන අනිසි පහසුකම්. ජනාධිපති කෙනෙක්ට නඩු දාන්න බෑ වගේ තියෙන ඒවා.

    ජනාධිපතිට නඩු දාන්න පුළුවන් සීමවක් තියෙනවනෙ. ඒකත් අයින් කරොත් ජනාධිපතිට උසාවියටම වෙලා තමයි ඉන්න වෙන්නේ.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    විමල්ට දැනුමක් නැති එක ඇත්ත. ඒත් කවුරු හරි පොයින්ට්ස් ටිකක් කියලා දුන්නොත් ඒවා කියවලා මතක තියන් ඇවිල්ලා කතා කරන්න බැරි තරම් ගොනෙක් නෙවේ. ඌ මෙච්චර කාලයක් තිස්සේ කරන්නේ ඕක තමයි. විමල් ඒකට දක්ශයි. විමල් හරස් ප්‍රශ්න අහන්නත් දක්ශයි. ගම්මන්පිල තනපටේ ගහලා ලෑස්ති වෙනකොට විජිතයා ඔක්කෝම කියලා ඉවරයි.

    ow ithin gammanpilata vimal wage wegen wachana galan ena widihata enne nam ne.. eka therenawa.. e unata tharka karann ewa bidinna ganna ona example udayata tharam nm ne. loke wela thiyenne kohomada? mokk hari wena rataka deyak kala nm ei eka kale kiyl hoda denumak thiyenawa... vimal point ekak aran kathakarana nisa meeting wala katha walata hodata gelapena kenek... point walatama debate ekaka kathakalath anith peththe point boru kiyanna denuma onine..
    sujeewayath ekka debate walata vimal enna kemathi ne..hebai sujeewa gammanpila ekka debate walat aai nm enne ne kiyl sujeewama kiww
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    ow ithin gammanpilata vimal wage wegen wachana galan ena widihata enne nam ne.. eka therenawa.. e unata tharka karann ewa bidinna ganna ona example udayata tharam nm ne. loke wela thiyenne kohomada? mokk hari wena rataka deyak kala nm ei eka kale kiyl hoda denumak thiyenawa... vimal point ekak aran kathakarana nisa meeting wala katha walata hodata gelapena kenek... point walatama debate ekaka kathakalath anith peththe point boru kiyanna denuma onine..
    sujeewayath ekka debate walata vimal enna kemathi ne..hebai sujeewa gammanpila ekka debate walat aai nm enne ne kiyl sujeewama kiww

    ගම්මන්පිලයා පජාතයි බන්. ලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ. ව්‍යවස්ථාවක් ගැන කතා කරන්න පලවෙනි පාරට පා.මේ ආපු එකෙක්ව කොහොමත් ගැලපෙන්නෙ නෑ. ඕකා නැතුව වෙන උන් කොච්චර ඉන්නවද. මූ මොකෙක්ද බන් පාටලියට පුක දීල දීල ආපු එකෙක්නෙ. ඇටෙන් පොත්තෙන් ආපු එවුන්. විමල්ට බෑයි බෑයි කිව්වට ඌ දන්න ටිකෙන් ඕන දෙයක් ගැටගහගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අනික විමල්ට දේශපාලන අත්දැකීමක් තියෙනවා. මූ මොන සිපයියෙක්ද ලඳ වගේනේ. මූගෙයි රනිල්ගෙයි ලොකු වෙනසක් නෑ.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම බැලුවා. වීරවංශට බයේ ජෙප්පෝ විජිත හේරත්ව විතරක් එවනවා. එතැනින්ම ජෙප්පෝ ගූ. පස්සේ විජිතට උත්තර නෑ ගම්මන්පිල අහන ප්‍රශ්න වලට. විජිත උත්තර නොදී මඟ අරිනවා. වටේ යනවා. කෙලින්ම උත්තර දෙන්නේ නැතුව. ජෙප්පෝ 20 ගේන්නේ UNP එකේ උවමනාවට දිගටම රනිල් අගමැති වෙලා බලය දිගටම තියා ගන්න. ගම්මන්පිල කියන දේ හරි. අයින් කරන්න ඕන විධායක බලතල නෙමෙයි. විධායකයට තියෙන අනිසි පහසුකම්. ජනාධිපති කෙනෙක්ට නඩු දාන්න බෑ වගේ තියෙන ඒවා.

    :yes::yes::yes:

    ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් කිරිබිබි හැදෙන රතු අලි පැටියාගේ රෙදි ගැලවුනු වගයි......
    අද ජෙ.වි.පි යක් නැත. ජෙ.වි.පි ය මිය ගොස්බොහො කල්ය .ඔවුන්ගේ අනුගාමිකයන්ට මේ කටුක ඇත්ත වැටහේවා:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    මාරුවෙන් මාරුවට නාගැනීමක් තියෙනවා ඇති. ඒත් බන් ඕකට විමල්ව යැව්ව නම් ඌ ලෙසටම කතා කරනවා. ඌත් එක්ක හැප්පෙන්න අරූට ලොවෙත් බෑ. 20 කියන්නෙ තනිකරම පුස් දෙයක්. ජවිපෙන් ගෙනාපු 20 අඩුපාඩු කියනවට වඩා 20 අපේ රටට සුදුසු නෑ කියන එක පෙන්නලා දෙන එකයි වටින්නෙ. 20ට විරුද්ධව කතා කරලා පොඩ්ඩක්වත් නාගන්න අවශ්‍යතාවයක් නෑ. 20න් පාගලා දාන්න හදන ජනවරමෙන් පත්වෙන ජනාධිපති කෙනෙක් නැති උනොත් අපේ රටට බඩුම තමයි.

    Wimalta law points katha karanna ba ban e welawe hoyala Vijithata wage. Oya debates walata enne kata waachala un vs kata waachala un. Point ekata katha karana un vs Point ekata katha karana un. JVP eken general dewal katha karanna ekek enne naththan Wimal enne na. Depaththen kattiya daaddi eha paththen ena eka balala awasiya adu wena widihata owwa wenne. JVP eka Wimal enawa kiwwama unge ekaawa akula gaththa moko unta paaduyi.

    20 genne Paliament deal walin President wena eka lesi wena eka Ranilta hoda hinda. JVP eka anaatha wela inna thanin nagitinna unta shape eke puluwan hinda. Moko 2020ta kalin mokak hari karagaththe naththan aayith enawa boru degolloma. Parliament ekekn president select kaloth Ministerslata power eka enawa Janadipathi path karaddi. Ethakota President ta sellan daanna ba kalin wage. Eth oka Salli/power deal ekak wenawa anthimata. Suddage Parliament krame dan fail :no: Anika mona krame genawath Mahinda/Ranil wage waatha dekak ididdi oka abuse karanawa loweth. Dan thiyana krame hodai. Aduma tharame deal daaganne un un newe. Wade lesi na e hinda. Naththan Pakshayak dinogena harakek janaadipathi wenawa. Paksha deshapalanaya maha waathayak. :angry:
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    20 වෙනි සංශෝධනයට අපි විරුද්ධයි
    එමගින් බරපතල ලෙස රට අස්ථාවර වීමටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් එල්ලවීමටත් හැකියි
    .

    ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කර සිටියේ අද(28) දින ජාතික හෙළ උරුමය කාර්යාලයේ 20 වෙනි ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථා සංශෝදනය පිළිබඳව පක්ෂයේ මතය ප‍්‍රකාශ කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා,‘‘පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට 20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සංශෝදනයක් ඉදිරිපත් කළා. එවැනි ලියවිල්ලක් ඔවුන් ඉදිරිපත් කරන එක ගැන කලින් සඳහන් කර තිබුණා. ඒ ගැන සමාජය නොයෙක් දෙනා නොයෙක් අදහස් පළකළා. නමුත් අපි මේ පිළිබඳව අපේ ස්ථාවරය කලින් ප‍්‍රකාශ කර තිබූ නිසා නිශ්චිත ලියවිල්ලක් කලින් ඉදිරිපත් වී නොතිබූ නිසාත් අපි ඒ ගැන අදහස් පළ කරන්න ගියේ නැහැ. දැන් නිශ්චිත ලියවිල්ලක් එතුමන්ලා ඉදිරිපත් කර තිබෙනවා. ඒ ලියවිල්ල පාදක කරගෙන අපේ ස්ථාවරය ප‍්‍රකාශ කිරීමයි අද සිදු කරන්නේ.

    එම ලියවිල්ල මගින් කරුණු කිහිපයක් අවධාරණය කර තිබෙනවා. පළමුවෙන්ම අපේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 4. ආ. වගන්තිය, දැනට තිබෙන්නේ ජනතාවගේ විධායක බලය ආරක්‍ෂාවත් සමග ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කරනවා කියන එක තමයි තිබෙන්නේ. එම වගන්තිය ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයා හා කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් කි‍්‍රයාත්මක කළ යුත්තේය කියලා වෙනස් කර තිබෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා සතුව තිබූ ජාතික ආරක්‍ෂාව ප‍්‍රමුඛ විධායක බලය කැබිනට් මණ්ඩලයත් සමග බෙදා හදා ගැනීමක් යෝජනා කර තිබෙනවා. ඊ ළඟට ජනතා පරමාධිපත්‍යය කියන ඊ වගන්තියේ තිබුණා ජනාධිපතිවරයා මුළු රටේම පවත්වනු ලබන ඍජු ඡන්දයකින් එහි 50% යි එක් ඡුන්දයක් අරගෙන පත්විය යුතුයි කියන යෝජනාව. එය ඉවත් කර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පත්කරගෙන ඒ අනුව ජනාධිපතිවරණයත් අහෝසි වෙනවා.
    ඒ වගේම ඉතාම වැදගත් වගන්තිය 30 වෙනි වගන්තියේ තිබුණා ජනාධිපතිවරයා දැනට අපේ රටේ ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ, විධායකයේ, ආණ්ඩුවේ ප‍්‍රධානියා සහ සේනාධිනායකයා කියලා. මෙයින් මේ ආණ්ඩුවේ ප‍්‍රධානියා කියන එක ඉවත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඒ අනුව රාජ්‍ය හා විධායකයේ ප‍්‍රධානියා කිව්වට එය අමාත්‍ය මණ්ඩලයත් සමග බෙදා හදා ගන්න එකක් සහ සේනාධි නායකයා පමණයි. ඔහු ආණ්ඩුවේ ප‍්‍රධානියා නොවේ. ආණ්ඩුවේ ප‍්‍රධානියා මෙම යෝජනාවට අනුව අග‍්‍රාමාත්‍යවරයායි. ඒ අනුව පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දැනට ජනාධිපතිවරයාට තිබෙන ඇතැම් බලතල මේ මෑතදී සිදුවුනා වැනි කල්තැබීම්, විසුරුවා හැරීම් වැනි බලතල සියල්ලම ඉවත් කර තිබෙනවා. ඒවා පාර්ලිමේන්තුවේ උපදෙස් මත සිදු කරන්න යෝජනා කර තිබෙනවා. ඒ වගේම ඉතා වැදගත් විදිහට 43 වෙනි වගන්තියේ තිබෙන අමාත්‍ය මණ්ඩලය පත් කිරීම දැනටත් ජනාධිපතිවරයා අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් පසුවයි ඇමති මණ්ඩලය පත් කරන්නේ. දැන් මේකේ හැටියට අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව සිදු කළ යුතුයි කියන එක තමයි යෝජනා කර තිබෙන්නේ.
    ඒ වගේම ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක් නොවෙයි. දැනට සාමාජිකයෙක්. ඒ අනුව රාජ්‍ය ආරක්‍ෂක ඇමති ධූරය වැනි ඇමති ධූර ඉදිරි කාලයේදී නිසැකයෙන්ම ජනාධිපතිට දරන්න බැහැ. මොකද මේ සම්බන්ධයෙන් විවාද සම්පන්න තත්වයක් ඇතිවුණා 2002/2004 දි. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා, සේනාධිනායකයා හා ආරක්‍ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට දී තිබෙන නිසා අනිවාර්යයෙන්ම ආරක්‍ෂක ඇමතිධූරය ජනාධිපතිවරයා විසින් දැරිය යුතුයි කියා. ආරක්‍ෂාව පිළිබඳ වගන්තිය ජනාධිපතිවරයාගෙන් අයින් කර තිබෙන නිසා ජනාධිපතිවරයා කිසිම ඇමති ධූරයක් ආරක්‍ෂාවක් ඇතුළුව දරන්න හැකියාව නැහැ. ඔහු කැබිනට් මණ්ඩලයට සහභාගී වෙන්නේ නැහැ. නමුත් කැබිනට් තීරණ ගැනීමේ අයිතිය ඔහුට ලබාදී තිබෙනවා. ඒ වගේම තවත් පොඩි පොඩි කාරණා සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර තිබෙනවා. උදාහරණයක් හැටියට අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම, තානාපතිවරු පත් කිරීම වැනි කාරණාවලදී දැන් ජනාධිපතිවරයාට අභිමතයක් තිබෙනවා එය ඉවත් කර කැබිනට් මණ්ඩලයට අනුමැතියට ඒවා යටත් කර තිබෙනවා. ඒ වගේම දැනට ජනාධිපතිවරයාට අභිමතයක් තිබෙනවා නඩු තීන්දුවකින් වැරදි කාරයෝ වෙච්ච වරදකරුවන්ට සමාව දීම පිළිබඳව එම අභිමතයත් ඉවත් කර කැබිනට් මණ්ඩල අනුමැතියකට යටත් කර තිබෙනවා. ඒවා සුළු සුළු කරුණු. ධූරය අහිමිවීම, ඒ වගේම වැඩබලන අග‍්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම වැනි සුලූ සුළු වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා. සාරාංශයක් හැටයට ගතහොත් මෙමගින් මේ රටේ ජනාධිපතිධූරයට තිබූ ඉතාම වැදගත් ආණ්ඩුවේ ප‍්‍රධානියා ය යන වගන්තිය ඉවත් කර විධායක අගමැති හා ඇමති මණ්ඩලය අතර බෙදාහැරීම තමයි සිදු කර තිබෙන්නේ. එවිට මේ මගින් 1970/77 කාලයේ තිබූ පර්ලිමේන්තු ක‍්‍රමයට සමාන ක‍්‍රමවේදයක් යෝජනා කර තිබෙනවා.
    එතකොට අපේ ස්ථාවරය කුමක්ද? අපේ ස්ථාවරය තමයි පළමුව මේ සම්බන්ධයෙන් ලෝකයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ලෝකයේ, ලිඛිත ව්‍යවස්ථා පවතිනවා, සම්මත ව්‍යවස්ථා පවතිනවා. ඒ කවර ආකාරයකින් උවත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා වර්ගීකරණයේදී ඉතාම වැදගත් වෙන්නේ එහි විධායකය ආණ්ඩුකරණය, එනම් ආණ්ඩුව කොයි ආකාරයෙන්ද පවතින්නේ කියන තත්වය. එය පැහැදිලි කිරීම තමයි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ හරය. මූලිකම කාරණාව. ඒ කියන්නේ මේ අනුව බැලූවහම ලෝකයේ ආණ්ඩු ක‍්‍රම 3 ක් තිබෙනවා. එකක් තමයි ජනාධිපතිවරයා කේන්ද්‍ර කර ගත් ආණ්ඩු ක‍්‍රමය. ජනාධිපතිවරයා ඍජු ජන්දයෙන් පත් වෙනවා. ඔහු අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවේ ප‍්‍රධානියා වෙනවා. ඇතැම් විට නිලධාරීන් පත් කිරීම වැනි කාරණාවල අභිමතය ඔහු සතු වෙනවා. දැන් මෙවැනි ආණ්ඩු ක‍්‍රමයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන්නේ. ඇමති මණ්ඩලය පත් කිරීම, නිලධාරීන් පත් කිරීමේ අභිමත බලය ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා. එය මෙරටේ ඉතාමත්ම වැරදි විිදිහට පාවිච්චි වෙනවා. වාමාංශික වචන පද්ධතියක් මගින් විධායක ජනාධිපතිධූරය කියලා. ඇත්ත වශයෙන්ම ගොපල්ලවත් විධායක ජනාධිපති. බි‍්‍රතාන්‍ය මහරැජිනත් විධායකයේ ප‍්‍රධානියා. හැබැයි ආණ්ඩුවේ ප‍්‍රධානියෝ නෙමෙයි. ඒ නිසා මේ ජනාධිපති ධූරය පිළිබඳව ජනාධිපති ක‍්‍රමයේ තිබෙනවා. ජයවර්ධන ජනාධිපතිතුමා කිසියම් දුරකට ඇමරිකා එක්සත් ජනපදයට සමාන්තර ක‍්‍රමයක් තමයි 1977 දී අපට හඳුන්වා දුන්නේ.
    ඊ ළඟට තිබෙනවා පාර්ලිමේන්තු ක‍්‍රමය, ඒක තමයි බෝහෝ විට මේ ඉන්දියාවේ සහ දැනට ලිඛිත ව්‍යවස්ථාවක් නැතත් එංගලන්තයේ සම්ප‍්‍රදායෙන් පවත්වාගෙන යන්නේ. එතකොට එංගලන්තේ මහ රැජිනට නොයෙක් බලතල තිබෙනවා. රාජ්‍යයේ නායකයා, සේනාධි නායකයා විධායකයේ ප‍්‍රධානියා ආදී වශයෙන්. නමුත් එම රැජින කටයුතු කළ යුත්තේ අග‍්‍රාමාත්‍යවරයාගේ අභිමතය අනුව. කටකතාවට කියන්නේ රැජිනගේ මරණ වරෙන්තුව පවා අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුව සම්මත කළ හොත් රැජිනට එයට අත්සන් කළ යුතු වෙනවා. එය තමයි එංගන්තයේ රජාගේ තත්වය. ඒවා නාම මාති‍්‍රක ජනාධිපතිධූර. එය තමයි අපේ රටේත් මුලින් අග‍්‍රාණ්ඩුකාරධුරය, රැජිනගේ නියෝජිතයා හැටියට 1948 ඉඳන් 72 දක්වා. ඊට පස්සේ 72 ඉඳන් 78 දක්වා නාම මාත‍්‍රික ජනාධිපතිධූරය. ඒක තමයි පාර්ලිමේන්තු ක‍්‍රමය, ඉන්දියාවේ තිබෙන්නේත් එයට සමාන්තර ක‍්‍රමයක්. පාර්ලිමේන්තුව සහ ලෝක සභාව එහි උත්තරායායතනය විසින් එකට එකතු වෙලා ඡන්ද විමසීමක් කර ජනාධිපතිවරයා පත් කර ගන්නවා. ඔහු නාම මාත‍්‍රික ජනාධිපතිවරයෙක්. අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි ඔහු කි‍්‍රයා කරන්නේ. හැබැයි ඔහු රාජ්‍යයේ නායකයා, විධායකයේ නායකයා, සේනාධි නායකයා. නමුත් ඔහු අග‍්‍රාමාත්‍යවරයාගේ බලයට යටත්ව ඒ උපදෙස් මත තමයි කටයුතු කරන්නේ. පාර්ලිමේන්තු ක‍්‍රමය, කැබිනට් ක‍්‍රමය නැතිනම් වෙස්ට් මිනිස්ටර් ක‍්‍රමය කියා හඳුන්වන්නේ එය තමයි.
    තුන්වෙනි ක‍්‍රමය මිශ‍්‍ර ක‍්‍රමය. එහිදී කිසියම් දුරකට මේ ව්‍යවස්ථාධායකයත්, විධායකයත් - ජනාධිපතිවරයාත් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ කැබිනට් එකත් අතර කිිසියම් මිශ‍්‍ර ආකාරයකින් ඇතිවන සම්බන්ධයක් මගින් ආණ්ඩු ගෙනයන්න. උදාහරණයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ ඇමතිවරු පත් කරන්නේ සෙනෙට් මන්ත‍්‍රී සභාවෙවත් කොංග‍්‍රසයේවත් අය නෙමෙයි ඕනේ කෙනෙක් පත් කරන්න පුළුවන් ජනාධිපතිතුමාට. අපේ එහෙම බැහැ. අපේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙනෙක්මයි පත් කරන්නේ. එතකොට අපේ රටේ අද අග‍්‍රාමාත්‍යවරයා විමසීමෙන් තමයි ජනාධිපතිවරයාට ඇමතිවරු එහෙම පත් කරන්න තිබෙන්නේ. ඒ වගේම ස්වාධින කොමිෂන් සභා හදලා තිබෙනවා. නිලධාරීන් පත් කරන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට, රාජ්‍ය සේවයට, පොලීසියට තමන්ට අවශ්‍ය අය පත් කරන්න බැහැ. ඒ නිසා කිසියම් දුරකට අද ලංකාවේ කි‍්‍රයාත්මක වෙන්නේ ප‍්‍රංශයේ මෙන් මිශ‍්‍ර කමයක්. එතකොට මේ ක‍්‍රම තුන තමයි දැන් අපේ රටේ තිබෙන්නේ.
    19 වෙනි සංශෝධනයෙන් මේ මිශ‍්‍ර ක‍්‍රමය කරා අප ගෙන ගියා. ජනධිපති ධූරය ප‍්‍රජාතන්ත‍්‍රකරණයකට ලක් කළා. පූර්ණ ජනාධිපතිධූරයේ සිට මිශ‍්‍ර ක‍්‍රමයකට අප ගෙන ගියා. දැන් මේ යෝජනා කර තිබෙන්නේ ජනාධිපති ක‍්‍රමයෙන් පාර්ලිමේන්තු ක‍්‍රමයකට යන්න. ඒ නිසා මෙය කිසිසේත්ම සංශෝධනයක් නෙමෙයි. මේක ව්‍යවස්ථාවේ පූර්ණ වෙනසක්. හරයාත්මක වෙනසකට බල කරන ලියවිල්ලක්. ඒක අපි බොහොම පැහැදිලිව කියනවා. ඒ අනුම මේ වගේ එහෙන් මෙහෙන් කෑලි ගෙනැල්ලා අතරමගින් පූට්ටු කරලා හරයාත්මක වෙනස්කම් කරන්න යාම භයානක ප‍්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. එය පළවෙනි කාරණය හරයාත්මක වෙනස් කමක් සංශෝධනයක් මගින් කරන්න යාම.
    දෙවෙනි එක මෙයත් සමගම ගලා යන අනෙක් කාරණය මේ ව්‍යවස්ථාවක් මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේම ස්ථාවර භාවය රටකට ගෙන එන්න ඕනේ. රටක් ස්ථාවර නැතිනම්, පාලනය ගෙනයන්න බැරිනම්, ඒ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතුරු වෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන වඩා ලිහිල් ක‍්‍රම අනුගමනය කරන්න ගිහිල්ලා ස්ථාවර භාවය අපි අතින් කෙලෙසෙනවා නම් ස්ථාවරය භාවය අප අතින් පලා යනවා නම් එවිට එරට ආණ්ඩු ගෙනයන්න බැරි වෙනවා. අද බලන්න මාලදිවයිනට, නේපාලයට වෙලා තිබෙන දේ. වැඩිය හොඳ ව්‍යවස්ථා හදන්න ගිහිල්ලා රටේ ස්ථාවරත්වය නැති කරගෙන තිබෙනවා. රට සම්පූර්ණයෙන්ම අරාජිකත්වය කරා ගමන් කර තිබෙනවා. ඒ නිසා මේ තත්වය සම්බන්ධයෙන් අපි බොහෝ දෙනෙක් වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කර ගන්න ගිහිල්ලා ස්ථාවරත්වය නැති කර ගන්න ඕනේ නැහැ. දැන් අර පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය කියන්නේ හරයාත්මක වෙනසක් නෙමෙයි. මැතිවරණ තියෙනවා කොහොමත්, මැතිවරණය වෙනස් කළා නම් හරයාත්මක වෙන්නේ. නමුත් මැතිවරණ ක‍්‍රමය අපි වෙනස් කළා. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම අතරේ අද හැමොගේම චෝදනාව මොකද්ද? මේක ස්ථාවර නැහැ කියන එක. ස්ථාවර පාලනයක් නැහැ කියන එක. මෙය පාර්ලිමේන්තුවේත් කර ගත්තොත් එහෙම අපට රටක් ගෙනයන්න බැරිවෙනවා.
    තුන්වෙනි කාරණය ජයවර්ධන ජනාධිපතිවරයා මේ ජනාධිපතිධූර ක‍්‍රමය ඇති කරද්දී ඔහු පාර්ලිමේන්තුවේ අත්තනෝමතික බලයක් ඇතිවීම වැලැක්වීම සඳහා අනුපාත ක‍්‍රමය හඳුන්වා දුන්නා. නැත්නම් අපේ රටේ 50% ක් ඡන්දය ගත්තා නම් බොහෝ විට අනුපාත ක‍්‍රමය නම් තිබුණේ ඒ පක්ෂයට විශාල බලයක් ලැබෙන එක වලක්වන්න බැහැ. ජයවර්ධන ජනාධිපතිතුමාට 78 ඡන්ද ලැබුණේ 50.34% යි. හැබැයි ආසන වලින් 5/6 ක් හම්බ උනා. පසුගිය මැතිවරණයේදී ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට 39% ඡන්ද හම්බ උනේ. ආසනවලින් බහුතරය හම්බ උනා. ඒ වගෙම පසුගිය කර්ණාටක මැතිවරණයේදී 36% ක් ගත්ත භාරතීය ජනතා පක්ෂයට වැඩි ආසන හම්බ උනා 104ක්. 38% ක් ගත්ත කොංග‍්‍රසයට හම්බ උනේ ආසන 79 යි. මේක තමයි අනුපාත ඛන්ඩ ක‍්‍රමය නොවන ඡන්ද ක‍්‍රමවල ස්වභාවය. ඒ නිසා සමහරවිට බහුතර කැමැත්ත නැතිවත් ආණ්ඩු පිහිටුවන්න පුළුවන්. ඒ නිසා ඒ පැරණි කොට්ඨාශ ක‍්‍රමයයි ජනාධිපති ධූරයයි දෙකම එකට තිබ්බා නම් මහා අත්තනෝමතික භාවයක් ඇතිවෙනවා.
    ඒක තමයි ජයවර්ධන ජනාධිපතිතුමා පළවෙනි අවුරුදු 10 දි කළේ. තමන්ට 77 හම්බ වූ ආසන මට්ටමින් පැවැත්වූ ඡන්දයේ බලයයි ජනාධිපතිධූරයේ බලයයි දෙකම පාවිච්චි කර අත්තනෝමතික විදිහට කි‍්‍රයා කරන්න එතුමට බලය ලැබුණා. ඒ නිසා තමයි අපි ඡන්ද ක‍්‍රමය වෙනස් කරලා අනුපාත ඡන්ද ක‍්‍රමයක් ගෙනාවේ. ඊට පස්සේ කිසිම අවස්ථාවක 2/3 බලය ආණ්ඩුවකට හිමි උනේ නැහැ. කිසියම් ස්ථාවර පාලනයක් ලැබුණේ 89 සහ 2010 පමණයි. ඒ දෙකම විශේෂ අවස්ථා දෙකක්. එකක් ජනතා විමුක්ති පෙරමුණ සහ කොටි සංවිධානයේ ත‍්‍රස්තවාදය පිළිබඳව බලගතු තත්වයක් සහ ඡන්ද වර්ජනයක් තියෙද්දි ජනාධිපති පේ‍්‍රමදාස මැතිතුමා එම ජයග‍්‍රහණය ලබාගත්තා. දෙවෙනි එක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදය පරාජය කරලා ජයග‍්‍රහණයේ හිනි පෙත්තේ ඉන්න කොට ජනාධිපතිවරණය ජය අරගෙන දෙවන ජයග‍්‍රහණය ලබාගත්තා. ඒ වගේ අවස්ථාවක් ආයෙ එනවා කියන්න අමාරුයි. ඒ අවස්ථා දෙකේදිත් 2/3 ලැබුනේ නැහැ.
    ඒ නිසා මේ මැතිවරණ ක‍්‍රමයත් මෙහෙමම තියාගෙන අනුපාත ක‍්‍රමය. ජනාධිපති ධූරයත් අහෝසි කරලා අගමැතිට බලය දුන්නොත් රටේ මොනවගේ තත්වයත් ඇතිවෙයිද? මේ ආණ්ඩුව, පුද්ගලයෝ පිල් මාරු කරන විදිහයි මේ කාරණා කටයුතුයි බැලූවහම ඉතාම සුළු කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ පුලූවන් වෙනවා මුලූ රටේ ආණ්ඩු බලය තමන්ට ඕන විදිහට හසුරුවන්න. ඒ කණ්ඩායම කවරාකාරයේ කණ්ඩායමක් උනත් එය එහෙම සිදුවිය හැකියි. අපි දැක්කා මේ රටේ පරිවාස ආණ්ඩු හැදුවා. නොයෙක් දෙනාගේ සහයෝගයෙන් ආණ්ඩු ගෙනයන්න උත්සාහ කලා. ඒ හැම අවස්ථාවකම නොයෙකුත් අන්තවාදී න්‍යාය පත‍්‍රයන්ට අනුව කටයුතු කරන්න සිදු උනා. ඒ නිසා ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට යෝජනා නොකොට මේ ජනාධිපතික‍්‍රමය පමණක් වෙනස් කිරීමට හැරීමෙන් ඇත්තටම ඉතාම භයානක ප‍්‍රතිපළ ලැබෙන්න පුළුවන්. මේ ඡන්ද ක‍්‍රමයයි, ජනාධිපතිධූරයයි එකිනෙකට අනුපූරකයි. ඒ දෙක එකට තිබිය යුතුයි. ඒ දෙක වෙන්කර ගත්තාහම රට සම්පූර්ණයෙන් අස්ථාවර තත්වයකට ගමන් කරන්න ඉඩ තිබෙනවා.
    ඒ වගේම මේ රටේ මතයක් තිබෙනවා ජනාධිපතිධූරය අත්‍යයන්තයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි කියලා. මේ ජනාධිපතිධූරය නොයෙක් රටවල තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙනවා. මිශ‍්‍ර ක‍්‍රමයක් හරි ප‍්‍රංශයේ තිබෙනවා. ඒවා අත්තනෝමතික ජනාධිපති ක‍්‍රම කියා කවුරුත් කියන්නේ නැහැ. ඇයි වෙනත් තැන්වල ඒ ජනාධිපතිවරයාගේ ධූරය ප‍්‍රශ්න කිරීමට ක‍්‍රමවේද හදලා තිබෙනවා. උදාහරණයක් ලෙස ට‍්‍රම්ප් ජනාධිපතිතුමාට තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා එක්තරා ආයතනයකට ප‍්‍රධානියා කරන්න ඕනේ උනා. ඔහු බීමත්ව හිටියා කියා චෝදනාවක් එල්ල උනා. එය සෙනෙට් මන්ත‍්‍රණ සභාවට ගියා අන්තිමට ඔහුට තමන්ගේ නාම යෝජනාව ඉවත් කර ගන්න සිදු වූනා. ඒ මොකද වෙන තැනකින් එය පරීක්‍ෂාවට ලක් වෙනවා. ඒ වගේ ප‍්‍රංශයෙත් එහෙමයි. ජනාධිපතිවරයාට බලය තිබුණට ඒ බලය තවත් තැන්වලින් පරීක්‍ෂාවට ලක් කෙරෙනවා. ඒ නිසා හැම ආකාරයකටම මෙය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි කියන්න බැහැ. ලංකාවේ තිබූ ජනාධිපතිධූරයේ අත්තනෝමතික බලතල අපි 19 වෙනි සංශෝදනයෙන් ඉවත් කලා එය තමයි හංගලා ගහන කතාව. දැන් තිබෙන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික ජනාධිපතික‍්‍රමයක් මේ රටේ තවදුරටත් විධායක ජනාධිපති ක‍්‍රමයක් නැහැ. දැන් තිබෙන්නේ මිශ‍්‍ර ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රමයක්.
    ඒ වගේම අපි මෙතනදී බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ව්‍යවස්ථා සංශෝධනවලට අපි විරුද්ධ නැහැ. මෙය මේ විදිහටම තිබිය යුතුයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් සමස්ථයක් හැටියට ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. පොඩි පොඩි කාරණා වෙනස් කිරීම ගැන අපට සාකච්ඡුා කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම ගැන කතා කරන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට තවත් ආයතනයක් හදන්න කතා කරනවා නම් අපට, ඒ කියන්නේ ද්විත්ව ක‍්‍රමයක්, සෙනෙට් මන්ත‍්‍රණ සභාවක් වගේ දෙයක් කරනවා නම් පැහැදිලිව එය ව්‍යවස්ථාවේ හරය වෙනස් කිරීමක්. එවැනි දෙයක් කරනවා නම් ව්‍යවස්ථාවේ වෙනසක් කළ යුතුයි. එවිට හරයාත්මක වෙනසක් සහ මතුපිටින් කරන වෙනසත් අතර වෙනසක් තිබෙනවා. ඒ නිසා සංශෝධන හැටියට මතුපිටින් වෙනස්කම් කරන්න පුළුවන්, අලූත් අධිකරණ හදන්න, අලූත් මැතිවරණ ක‍්‍රම ගේන්න නමුත් හරය ජනාධිපතිධූරය, පාර්ලිමේන්තු මැතිවරණය ආදී දේවල් වෙනස්කරන්න යනවා නම් ද්විත්ව ව්‍යවස්ථා සභාවක් හෙම ඇති කරන්න යනවා නම් එය හරය වෙනස් කිරීමක්.
    ඒ නිසා සමස්ථය ගැන ජනතා විමුක්ති පෙරමුණත් අවධාරණය කරනවා. සමස්ථයම මේ ජනාධිපතිධූරය වෙනස් කිරීම ගැන කටයුතු කරනවා නම් අපි කැමතියි සලකා බලන්න. උදාහරණයක් හැටියට පැරණි මැතිවරණ ක‍්‍රමය, කොට්ඨාශ මැතිවරණ ක‍්‍රමය සමග නම් එන්නේ සලකා බලන්න පුළුවන්. එතකොට ඒ ස්ථාවරත්වය පිළිබඳ කාරණය සහතික වෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනයේ පොඩි පරස්පරතාත් තිබෙනවා. උදාහරණයක් හැටියට ආණ්ඩුකාරවරු පත්කරන්නේ පළාත් සභාවට ජනාධිපතිවරයා නියෝජනය කරන්න. ඔහුගේ විධායක බලය නියෝජනය කරන්න. එයට කිසිම සංශෝධනයක් ජනතා විමුක්ති පෙරමුණ ගෙනල්ලා නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ ජනාධිපතිවරයා එතන නියෝජනය වෙනවා කියන එකයි. හැබැයි ජනාධිපතිවරයාට දැන් බලයක් නැහැ. ජනාධිපතිවරයා උඩින් නිෂ්කි‍්‍රය කරලා. එතකොට ආණ්ඩුකාරයටත් ඒ බලය අහිමි වෙනවා. ඒ අනුව විසංවාදයක් අනිවාර්යයෙන්ම එතන හට ගන්නවා. විසංවාදී අවස්ථා ගණනාවක් මෙහි තිබෙනවා. ඒ අනුව මේ කාරණා ගැන දීර්ඝව, විස්තරාත්මකව කතා කරන්නේ නැහැ. නමුත් සමස්ථයක් හැටියට මේ සංශෝධනය මේ රටේ අස්ථාවරත්වයට හේතු බූත වෙන සංශෝධනයක්. මේ වෙනුවට කළ යුතුව තිබෙන්නේ හරයාත්මක හැටියට සමස්ථයක් ලෙසට ව්‍යවස්ථාවට සංශෝධනය කිරීමට කාගෙත් එකඟතාවයෙන් හැකි නම් එය ඉටු කිරීමයි, කි‍්‍රයාකිරීමයි.
    ඒ වගේම අපි අවධාරණය කරනවා දැන් මේ රටේ අත්තනෝමතික බලතල සහිත ජනාධිපතික‍්‍රමයක් නැහැ මිශ‍්‍ර ක‍්‍රමයක් තිබෙන්නේ. ඒ වගේම සමහරු කියනවා මේ ජනාධිපති පොරොන්දුවක් දුන්නා ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා, ජනාධිපති පොරොන්දු කඩ කලා කියලා. ජනාධිපතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නොකියවපු අය තමයි චෝදනා කරන්නේ. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පැහැදිලිව තිබෙනවා ජනමත විචාරණයට තුඩු දෙන කිසිම ආකාරයක ව්‍යවස්ථාව සංශෝදනයක් හෝ ව්‍යවස්ථා වෙනස් කිරීමක් කරන්නේ නැහැ කියලා. ඒ වගේම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, ජනතා විමුක්ති පෙරමුණ අද ඉදිරිපත් කර තිබෙන ලියවිල්ලේ තිබෙන ආණ්ඩුවේ නායකයා අගමැතිය කියන වදන 19 වෙනි සංශෝදනයේ උසාවියට, ශ්‍රේෂ්ඨාධිකරණය ගිය කෙටුම් පතේ තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කිව්වේ ඒක 4 වෙනි වගන්තියට, ජනතාවගේ පරමාධිපත්‍යයට පටහැනියි, ඒනිසා ජනතමත විචාරණයක යවන්න ඕනේ කිව්වා. එය ප‍්‍රතික්ෂේප උනේ එහෙමයි. එහ නිසා 20 සංශෝධනයේ ඉදිරිපත්කර තිබෙන මූලික හරයාත්මක කරුණ 19 වෙනි සංශෝධන කෙටුම් පතින් ලොකුවට වෙනස් වන්නේ නැහැ. ඒ 19 වෙනි සංශෝදනයේ කෙටුම්පතේ තිබිච්ච එක ජනමත විචාරණයකට ගෙනයන්න ඔනේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියපු නිසා තමයි පාර්ලිමේන්තුව එය නොකර හිටියේ.
    එම නිසා එයත් මෙතනදී පැන නගින්නේ නැති බව අපි බොහොම පැහැදිලි අවධාරණය කරනවා. ඒ අනුව මේ 20 වෙනි සංශෝදනය අඩු වැඩි වශයෙන් ගත් කලත්, සමස්ථයක් වශයෙන් ගත් කළත් සිදු කරන්නේ දැනට පවතින ජනාධිපතිධූරය මැතිවරණ ක‍්‍රමය ආදී වෙනත් දේවල් වෙනස් නොකොට අහෝසි කිරීමයි. නාම මාත‍්‍රික කිරීමයි. එමගින් රට බරපතල ලෙස අස්ථාවර වීමටත් ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එමගින් තර්ජනයක් එල්ලවීමටත් බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඒනිසා අපි ඒකට එකහෙලාම විරුද්ධයි. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ ජනාධිපතිධූරය අහෝසි කර ඒ වෙනුවට ස්ථාවර පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයක් එක්ක නව ව්‍යවස්ථාවක් යෝජනා කරනවා නම් ඒ යෝජනා කෙටුම්පත සලකා බලල එයට සහය දීමටත් අපි සූදානම් කියන එකත් ප‍්‍රකාශ කළ යුතුයි" යැයි පැවසීය.

    ජාතික හෙළ උරුමය මාධ්‍ය ඒකකය
     
    • Like
    Reactions: ARDS