ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    පරිප්පු කිරට හදලා, මයියොක්කා කොල කොටල (වං ගෙඩියේ) තෙල් පරාදු කරලා, කරවල හරි බැදපු හාල් මැස්සො එක්ක බත් එකක් තිබ්බා නම්....
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පැටියා;19091683 said:
    කෝප්ප කොල මැල්ලුම :yes:

    ඒකත නියම කෑමක් තමා,

    රෙප් දෙන්නම් අනිද්දට විතර හොඳේ
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කෙහෙල් කොලේ ඔතපු කීරි සම්බා බත්, තිබ්බ‍ටු, තුඹ කරවිල, වැව්මාලු නැත්නම් ගල්මාලු, අඹ කරියක් නැත්නම් ඇඹ‍රැල්ල, කොස් තම්බල... තව නම් ටයිප් කරන්න බෑ. බඩගිනියි

    ෂා..... නියම මෙනු 1ක් තමා.

    එක කිව්ව ගමන් කටට කෙල උනනව.

    රෙප් දෙන්නම් අනිවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොලොස්
    කිරි කොස්
    නෙලුම් අල
    සම්බෝල
    කෙකටිය මැල්ලුම
    චව් චව් පොල් දාලා උයලා
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    දෙල් කිරට උයල, කාරල්ලො බැදල, හොද පොල් සම්බෝල

    කාරල්ලො කියන්නෙ මාර රස කෑමක්,

    දැන් නම් හොයාගන්නත් අමාරුයි.

    රෙප් අනිවා
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පරිප්පු කිරට හදලා, මයියොක්කා කොල කොටල (වං ගෙඩියේ) තෙල් පරාදු කරලා, කරවල හරි බැදපු හාල් මැස්සො එක්ක බත් එකක් තිබ්බා නම්....

    මයියොක්කා කොල කොටල (වං ගෙඩියේ) තිබ්බටු දාලා තෙල් පරාදු කරලා...........:):):):):):)

    නියම කෑමක් තමා,

    රෙප් අනිවා.........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් Rightdistributors, සෑහෙන කාලෙක ඉදන් මගේ අදහසක් තියෙනවා කෑම කඩයක් දාන්න. තනිකරම වෙජිටේරියන්... ගමේ කෑම... කොස් පොළොස්, දෙල් වගේ කටට කෙළ උණන කෑම වර්ග.. බෙදාගෙන කන්න, මැටි වළං වල සාධාරණ ගාණකට, උපරිම සර්වස් එකක් එක්ක..
    ඒත් ඒ අදහස තාම අදහසක් විතරයි..
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පොලොස්
    කිරි කොස්
    නෙලුම් අල
    සම්බෝල
    කෙකටිය මැල්ලුම
    චව් චව් පොල් දාලා උයලා

    අමතක වුනා කොට්ට පොල් සම්බෝල

    කෙකටිය මැල්ලුම මම කාල නැද්ද කොහෙද....

    චව් චව් තම්බලත් නියමයි පොල් එක්ක

    රෙප් අනිව දෙනව ඔක්කොටම
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කැකිරි ඇඹුලක් කෑව මචං ගමක පන්සලකට ගෙනාපු දානෙකින් අනුරාධපුර පැත්තේ. අදුරන ලොකු හමුදුරුවෝ නමක් හිටියේ. වැඩි හින්දා අපිටත් කන්න කිව්වා. අම්මෝ ජීවිතේට එච්චර රහට කෑමක් කාලා නෑ බං. අනුරාධපුර Town එකේ තියෙනවා ගමේ රසට කන්න පුලුවන් සුපිරි තැනක් මහගෙදර කියලා. පට්ට රහයි බං එතන. නෙලුම් කොලේ දෙන්නේ කෑම. අායේ ඒ ‍වගේම තැනක් තියෙනවා A9 පාරේ උඹල යාපනේ එහෙම යනවා නම් රඹැව ටවුන් එක පහු කරලා 1km වගේ ගියපුවම නෙලුම් කොලේ බත් කඩේ කියල තැනක්. අතනටත් වඩා මෙතන රහයි බං. වැව් මාලු නැතුවත් කන්න පුලුවන් බං veg කෙනෙක්ට උනත්. මතක් වෙද්දීත් මගේ නම් කටට කෙල උනනවා බං

    එතන දැන් චාටර් මචං. මම හැම සතියෙම බ්‍රහස්පතින්දා වවුනියා ඇද්දා අවුරුද්දක් පුරාවට බොහෝ වෙලාවට එතනින් තමයි කෑවෙ. සමහර දවසට වැව් මාළු කරවිල වගේ තිත්තයි. :no:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මචන් Rightdistributors, සෑහෙන කාලෙක ඉදන් මගේ අදහසක් තියෙනවා කෑම කඩයක් දාන්න. තනිකරම වෙජිටේරියන්... ගමේ කෑම... කොස් පොළොස්, දෙල් වගේ කටට කෙළ උණන කෑම වර්ග.. බෙදාගෙන කන්න, මැටි වළං වල සාධාරණ ගාණකට, උපරිම සර්වස් එකක් එක්ක..
    ඒත් ඒ අදහස තාම අදහසක් විතරයි..

    නියම අයිඩියා එකක්.
    දැන් අපි කෑම කඩවල් වලින් කන්නෙ සම්පූර්න වස නෙ.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    දෙල් උයල හෝ මැල්ලුම්. (පොල් දාල හදන්නෙ.)
    කොස් මැල්ලුම් හෝ කිරි කොස්.
    මාළු ඇඹුල්තියල්.
    ගොටුකොල සම්බෝල.
    කොහිල දළු උයල.
    මුකුණුවැන්න මැල්ලුම් හෝ මුකුණුවැන්න උයල.
    කරවිල සම්බෝලෙ.
    වම්බටු මෝජු.
    දඹල තෙල්දාල.
    කරවල බැදුම.
    කලවම් පලා මැල්ලුම්. (සිංගප්පූරු කොල, පැෂන්ෆෘට් දළු, මන්නොක්ක දළු, කතුරුමුරුංග කොල එහෙම දාල හදන්නෙ.)
    කතුරුමුරුංග තෙල් දාල හෝ කතුරුමුරුංග මල් තෙල් දාල.
    කෙසෙල්මුහ උයල.
    බණ්ඩක්ක තෙල් දාල.
    කොහිල උයල.
    පිපින්න උයල.
    අඹ උයල.
    ළූණු සම්බෝලෙ.
    ඇඹරල්ල උයල.

    ඔන්න ඔය වගේ ඒව තමයි අපේ ගෙදර කන්නෙ. ඕව හරි ගුණ කෑම, මම කොහෙ ගියත් ගෙදර එන්නෙ ගෙදර කෑම කන්න බලාගෙන එකක් එක්ක හරි. කඩ කෑම කාල මට හරියන්නෙ නෑ, ඒ වගේම කඩෙන් කන්නෙත් ඉඳල හිටල. කෑම කඩයක් දාන්න නම් මේ කෑම හරියට පහේ දාල රසට උයන්න දන්න කෙනෙක් එක්ක වැඩේ පටන් ගන්න සාධාරණ ගානට කෑම දීල (රසකාරක දාන්න එපා.). කවදාවත් වරදින් නෑ. මිනිස්සු කන කෑමට බොන බීමටත් සාධාරණයක් කරන්න. එහෙම කරන කෙනාට හරියනව.
     
    • Like
    Reactions: Rightdistributors

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මචන් Rightdistributors, සෑහෙන කාලෙක ඉදන් මගේ අදහසක් තියෙනවා කෑම කඩයක් දාන්න. තනිකරම වෙජිටේරියන්... ගමේ කෑම... කොස් පොළොස්, දෙල් වගේ කටට කෙළ උණන කෑම වර්ග.. බෙදාගෙන කන්න, මැටි වළං වල සාධාරණ ගාණකට, උපරිම සර්වස් එකක් එක්ක..
    ඒත් ඒ අදහස තාම අදහසක් විතරයි..

    මචන් පටන් ගමු.බිස්නස් තියෙයි අනිව. මොකද veg ලට හරියට කන්න තැනක් නෑනෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් Rightdistributors, සෑහෙන කාලෙක ඉදන් මගේ අදහසක් තියෙනවා කෑම කඩයක් දාන්න. තනිකරම වෙජිටේරියන්... ගමේ කෑම... කොස් පොළොස්, දෙල් වගේ කටට කෙළ උණන කෑම වර්ග.. බෙදාගෙන කන්න, මැටි වළං වල සාධාරණ ගාණකට, උපරිම සර්වස් එකක් එක්ක..
    ඒත් ඒ අදහස තාම අදහසක් විතරයි..

    පට්ට මචන් .කොහෙ කඩේ දෑම්මත් මම එනවා

    මචන් පටන් ගමු.බිස්නස් තියෙයි අනිව. මොකද veg ලට හරියට කන්න තැනක් නෑනෙ.

    අනිවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පට්ට මචන් .කොහෙ කඩේ දෑම්මත් මම එනවා

    අනිවා

    ඕකට මොන කඩද බං. මේ ජොබ කරන ගමන් ෆොටෝ ග්‍රැපි අල්ලගෙන ඒක කරන්නෙත් බොහොම අමාරුවෙන්ලු. :lol::lol:
     
    • Like
    Reactions: Rightdistributors

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකට මොන කඩද බං. මේ ජොබ කරන ගමන් ෆොටෝ ග්‍රැපි අල්ලගෙන ඒක කරන්නෙත් බොහොම අමාරුවෙන්ලු. :lol::lol:
    ඔව් බං හැමෝටම උම කරනවා වගේ දවල්ට සිම් විකුණලා..හවසට බේත් දීලා රෑට කොත්තු ගහන්න බෑ ලු :sorry::rofl:
     
    • Like
    Reactions: Rightdistributors