නාමල් ගේ වෙඩිම
==============
(නාමල් රාජපක්ෂ ගේ විවාහය අරලියගහ මන්දිරයේ සිදුකිරීම ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිදුකළ කතාව)
සහෝදරවරුනි,
කල්පනා කරලා බලන්න, අද නාමල් රාජපක්ෂ කසාද බඳිනවා…කවුද නාමල් රාජපක්ෂ කියන්නේ ? රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතා..කොහෙද බඳින්නේ? අරලියගහ මන්දිරේ…මොකද්ද අරලියගහ මන්දිරේ කියන්නේ? සුද්දගේ කාලේ හදපු දැන් අගමැති නිල නිවස…ඕන් තාත්තලා පුතාලා එකතු වෙලා රාජ්ය දේපල අවභාවිත කරන විදිහ…කාගේ සල්ලිද මේ ? මහජන මුදල්….ඊයා…
මෙන්න රාජපක්ෂලා ගේ කසාදේට වියදම් කරපු මුදල් කන්දරාව…
ඇඳුම් වලට – කෝටි 3 යි සත 64 යි
රත්තරන් බඩු වලට – කෝටි 4 යි
කෑම වලට (Shangri-la) – කෝටි 2 යි සත 33 යි
පෝරුවට- ලක්ෂ පනහයි.
ආරාධනා පත්රවලට – ලක්ෂ 33 යි
අෂ්ඨක කියන මනුස්සයට- ලක්ෂ 2යි
වෙඩින් කේක් එකට ලක්ෂ 6 යි
මත්පැන් වලට- ලක්ෂ 900 යි.
මල් වලට ලක්ෂ 200 යි
වාහන වලට කුලිය ලක්ෂ 300 යි
සංගීත කණ්ඩායමට ලක්ෂ 20 යි
නැටුම් කණ්ඩායමට ලක්ෂ 10 යි
මේ දැනට දැනගන්න ලැබිලා තියෙන වියදම් විතරයි…ආරංචියේ හැටියට කෝටි 30 කට වඩා වියදම් කරලා…මේ කාගේ සල්ලි ද ? මහින්ද රාජපක්ෂ තමුන්නාන්සේලාගෙන් හොරකම් කරපු සල්ලි… තමුන්නාන්සේලා නොකා නොබී ගෙවන බදු සල්ලි…නැතුව මැදමුලන වලව්වෙන් ගෙනාපුවා නෙමෙයි…අම්මපා…
තමුන්නාන්සේලා කියන්නේ අපි මේ පාදඩ ක්රමය වෙනස් කරන්න ඕනෙ ද? නැද්ද ?
මේ ක්රමය වෙනස් කරන්න පුළුවන් පක්ෂයක් තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි…ඒක නිසා මම නැවතත් කියනවා 2020 දී අපි මේ සටන ජයගන්නවා…ඒක හෙට ඉර පායනවා වගේ ස්ථිරයි.
අපි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනකම් මේ සටන නවත්තන්නේ නැති බව ඔබ තමුන්නාන්සේලාට කියන්න කැමතියි…
ස්තුතියි!
(මේ මා ඊයේ රාත්රියේ දුටු සිහිනයක් බව කරුණාවෙන් සලකන්න)
=============================
සොනාල ගුණවර්ධන