මෙතන බනින අයට දෙයක් කියන්නම්...
මේක නොදන්නවා ඇති.
භික්ෂුවක් සිල්වත් වෙන්නත්, දුශිල වෙන්නත් පුළුවන්.
තමුන්ගේ දුශිල කමක් තියනවා නම්, අදාළ භික්ෂුව මුලින් භික්ෂු ප්‍රේතයෙක් වෙලා හෝ පසුව අපාගත වෙයි.
නමුත් ඒ භික්ෂුවට දැඩි ලෙස පරිභව කරන්න යාමෙන්, අසැබි වදනින් බනින්න යාමෙන් එසේ කරන්නා නිකන් පවු රැස් කර ගන්නවා. සාමාන්‍ය මිනිහෙකුට බනිනවා වගේ නෙවේ දුශිල වුනත් භික්ෂුවකට බනින එක. ඒ වගේම සිල්වත් භික්ෂුවකට බැනීම බරපතල පාපකර්මයක් වෙනවා.
කරන හරි වැරදි විවේචන කිරීම වෙනම කතාවක්. කුණුහරපෙන් බැනීම, පහත් ලෙස පරිභව කිරීම වෙනයි.
භික්ෂුවක් අතින් ගිහියෙකුට වරදක් වුනොත් වෙන දේ දන්නවද?
වරද අනුව භික්ෂුවට පිරෙන පාපය වෙනස්.
ඒ වගේම භික්ෂුවට ගිහියන්ගෙන් සමාව ගැනීම විනයෙන් තහනම්.
ඒ අවස්ථාවේදී භික්ෂුව කරුණු දක්වයි. වැරැද්ද ගැන. නමුත් ගිහියා තමා වඳින්න ඕන.
භික්ෂුව සමාව ගන්න තත්වෙට පත් වුනොත් භික්ෂුනට, චීවරයට තියන ගෞරවය නැති වෙනවා.
ඒ නිසයි බුදු රදුන් එහෙම විනය නීති පනවලා තියෙන්නේ.
ඒ නිසා භික්ෂුව දැන ගන්න ඕන, ගිහියන්ගෙන් සමාව ගතයුතු විදිහේ වැඩ නොකරන්න.
ඒ නිසාමයි ගිහියන්ට වඩා භික්ෂුන්ට පවු පිරෙන්නේ.
කල පවු බරපතල නම්, භික්ෂුව කොහොමත් නිරයේ යනවා. ඒ භික්ෂුවට බැන බැන ඉඳලා අන්තිමට ගිහියත් නිරයේ යනවා. ඒ නිසා වරද විවේචනය කරන්න. හැබැයි ඉල්ලන් පරිප්පු කන්න එපා!
+++++++++++++++
මගේ අතිනුත් ආවේගය නිසා එහෙම බැනලා තියනවා හාමුදුරුවරුන්ට.
නමුත් ඒක වැරද්දක්.
එහෙම නොවෙන්න මමත් වග බලාගන්නවා දැන්.