ගලවාගැනීමේ මෙහෙයුම | දිවංගත ලුතිනන් කර්න&#3517

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ගලවාගැනීමේ මෙහෙයුම | දිවංගත ලුතිනන් කර්න&#3517

    FB_IMG_1574909937991.jpg

    ගලවාගැනීමේ මෙහෙයුම | දිවංගත ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ

    මාන්කුලම් සිට කි.මි 20ක් එපිටින් ඔඩ්ඩුසුඩාන් නිරිත දෙසට පිහිටි LTTE පාලන ප්‍රදේශයක සිට දිවංගත ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ දේහය රැගෙන ඒම යුද්ධය උච්චතම අවසාන කාලයේ ආරක්ෂක හමුදාවනට තිබු දැවැන්ත අභියෝගයක් විය. වෙඩි වැදී තුවාල ලත් තවත් සෙබලෙකු ද සමග, 2008 නොවැම්බර් මස 26 දින රට වෙනුවෙන් දිවි පිදු ලුතිනන් කර්නල් ජයසිංහගේ මෘත දේහය ගුවනින් රැගෙන ඒමට Bell -212 හෙලිකොප්ටරයක් සහ ආරක්ෂාවට පරිවාර Mi -24 ප්‍රහාරක හෙලිකොප්ටර 2කින් සමන්විත මෙහෙයුමක් වහා සුදානම් විය.

    ඒ අනුව බලඝන නායක ධම්මික ඩයස් විසින්, බලපන්ති ලුතිනන් ප්‍රසන්න ගුණරත්න සමග 2008 නොවැම්බර් මස 28 වෙනි දින සවස 5.00ට අනුරාධපුර ගුවන් කඳවුරෙන් ප්‍රධාන මෙහෙයුම් යානාව වූ Bell -212 හෙලිකොප්ටරය ගුවන් ගත කරනු ලැබීය. මෙහි කෝප්‍රල් ත්‍රීසිංහ සහ දිසානායක, ගුවන් අවි කරුවන් ලෙස ගමනට එක්වුහ. වින්ග් කමාන්ඩර් සම්පත් තුයාකොන්ත සහ බලඝන නායක චන්න දිසානායක විසින් මෙහෙයවනු ලැබූ Mi -24 ප්‍රහාරක හෙලිකොප්ටර දෙක සමග Bell -212 හෙලිකොප්ටරය ඉතා පහලින් අඩ අඳුරේම විනාඩි 40කින් සිය ගමනාන්තය දක්වා වහා ළඟා විය. මිසයිල තර්ජන මධ්‍යයේ වුවද සතුරු පාලන ප්‍රදේශයක සැනෙකින් Bell -212 යානය ගොඩබැස්වූ අතර එවිගස Mi -24 ප්‍රහාරක හෙලිකොප්ටර දෙක ඊට ගුවන් ආරක්ෂාව ලබා දුනි. තත්පර 40ක දී ලුතිනන් කර්නල් ජයසිංහගේ මෘත ශරීරය සහ දස දෙනෙකුගෙන් සමන්විත යුධ හමුදා විශේෂ බලකා අයවලුන් යානයට පටවා ගනු ලැබිණි. ක්‍ෂණිකව ඉහලට ගත් Bell -212 හෙලිකොප්ටරය අති දුෂ්කර මෙහෙයුමක් නිමවා සවස 6.20 පමණ වනවිට සාර්ථකව අනුරාධපුර ගුවන් කඳවුරට පරිවාර යානාද සමග නැවතත් ලඟා විය.

    සිය ජීවිත අවදානම නොතකා විශිෂ්ඨ මෙහෙයුමක නිරත වුනු ගුවන් වීරයින් හට 'වීර වික්‍රම විභූෂණ' පදක්කම නිර්දේශ විය. සංග්‍රාම භුමියේ දක්වන ලද සුවිශේෂී වීරත්වය සහ ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් දිවංගත ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ, 'පරම වීර විභූෂණ' පදක්කමෙන් බුහුමන් ලැබූ අතර 'වීර වික්‍රම විභූෂණ' පදක්කමෙන් තෙවරක් පිදුම් ලබා ඇත.

    විශේෂ තුති පුදකිරීම් : තිස්ස රවීන්ද්‍ර පෙරේරා (රිවිර පුවත් පත), SLAF මාධ්‍ය ඒකකය සහ ජායාරුප හිමිකරුවන්

    (මෙය, www. facebook.com/AeroInfographics හි, 2018 අගෝස්තු මස 04 දින පළවූ විශේෂාංගයෙහි සිංහල පරිවර්තනයකි. භාවිතා කරනු ලැබූ ඇතැම් චිත්‍ර /ජායාරූප සැබෑ ලෙසම නොවිය හැකිය. මුල් සිද්ධිය එලෙසම මින් පිළිඹිබු නොවිය හැකි අතර තොරතුරු වල නිරවද්‍යතාවය, මුලාශ්‍ර මත යැපෙනු ඇත. කිසියම් නිවැරදි කිරීමක් වෙතොත් දන්වන්නේ නම් මැනවි. මෙහි බුද්ධිමය දේපල අයිතිය AeroInfographics සතුය. අනවසරයෙන්, ප්‍රකාශන සඳහා හෝ වාණිජ පරමාර්ථ වෙනුවෙන් යොදාගැනීමසපුරා තහනම් ය)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ape innawa neda ban animation graphic video krana weddo.. eyalata barida meka hadanna video1kin supiriyatama... pissu hadenawa ban... TFS
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    ඔවුන් කළ මෙහෙය අති විශෂ්ටයි
    මිල කළ නොහැකියි
    ඔබ මිය ගියත් අපේ හද තුළමයි මතකයන් නම් නැත මිය ගියේ කිසි දිනෙක
     
    • Like
    Reactions: KDH and jeewan tk

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔවුන් කළ මෙහෙය අති විශෂ්ටයි
    මිල කළ නොහැකියි
    ඔබ මිය ගියත් අපේ හද තුළමයි මතකයන් නම් නැත මිය ගියේ කිසි දිනෙක

    :yes::yes::yes:ANIWA
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113

    ඔවුන් කළ මෙහෙය අති විශෂ්ටයි
    මිල කළ නොහැකියි
    ඔබ මිය ගියත් අපේ හද තුළමයි මතකයන් නම් නැත මිය ගියේ කිසි දිනෙක

    බම්ප්

    ape innawa neda ban animation graphic video krana weddo.. eyalata barida meka hadanna video1kin supiriyatama... pissu hadenawa ban... TFS

    +26 lilman tnx

    :yes::yes::yes::yes::yes::yes::yes: THANKS +++:yes::yes::yes::yes:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ඔවුන් කළ මෙහෙය අති විශෂ්ටයි
    මිල කළ නොහැකියි
    ඔබ මිය ගියත් අපේ හද තුළමයි මතකයන් නම් නැත මිය ගියේ කිසි දිනෙක

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඔය වගේ LRRP එකේ සෙට් එකක් extract කරන මිෂන් එකක වීඩියෝ තිබ්බා එයාෆෝස්/ආමි සයිට් එකේ, මතකෙ හැටියට එයාලව ගෙනාවෙ පොළොන්නරුවෙ ඉස්පිරිතාලෙට, කොටි ඇඳුම් පිටින්ම. මිෂන් එක ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා පොතේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලුතිනන කර්නල් ලලිත් මිය යන විට ඔහුගේ බිරිද ගැබිනියක්......
    මගේ ඒ ආදරණිය දුවණිය කෙදිනකවත් පියා ගේ මුහුණ දුටුවේ නෑ.....

    අපිට සිටින්නේ එවන් නියම මිනිසුන්....තමා ගේ ජීවිතය සහ පවුල ගැන නොතකා රට ගැන සිතු මිනිසුන්....
    ලුතිනන් සහාබ්.....අතීත සටන් සගයන්ගේ ගෞරවය ඔබට..!!!!!!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,580
    113
    රූකඩ රාජ්ජේ
    ලුතිනන කර්නල් ලලිත් මිය යන විට ඔහුගේ බිරිද ගැබිනියක්......
    මගේ ඒ ආදරණිය දුවණිය කෙදිනකවත් පියා ගේ මුහුණ දුටුවේ නෑ.....

    අපිට සිටින්නේ එවන් නියම මිනිසුන්....තමා ගේ ජීවිතය සහ පවුල ගැන නොතකා රට ගැන සිතු මිනිසුන්....
    ලුතිනන් සහාබ්.....අතීත සටන් සගයන්ගේ ගෞරවය ඔබට..!!!!!!

    උඹ FORCES වල හිටියද මචං?

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ලුතිනන කර්නල් ලලිත් මිය යන විට ඔහුගේ බිරිද ගැබිනියක්......
    මගේ ඒ ආදරණිය දුවණිය කෙදිනකවත් පියා ගේ මුහුණ දුටුවේ නෑ.....

    අපිට සිටින්නේ එවන් නියම මිනිසුන්....තමා ගේ ජීවිතය සහ පවුල ගැන නොතකා රට ගැන සිතු මිනිසුන්....
    ලුතිනන් සහාබ්.....අතීත සටන් සගයන්ගේ ගෞරවය ඔබට..!!!!!!

    අපි එහෙම හිතුවට සමහර අය කියන්නෙ ඒවට "රණවිරු ගාය" කියලා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ape innawa neda ban animation graphic video krana weddo.. eyalata barida meka hadanna video1kin supiriyatama... pissu hadenawa ban... TFS

    මේවගේ ඒවා ඇමෙරිකාවේ උනානම් මෙලහට ෆිල්ම් 4-5 ගහල. අපේ උකන්නල දන්නේ රජ කාලේ ෆිල්ම් හද හද නහින්න තමා