තෙත පත්තර පිටු වලින් ඔහුගේ කන් සිදුරු පුරවනවා..වැස්ලින් වගේ ලිහිසි ද්‍රාවනයක් ඇස් දෙකේ අතුල්ලනවා පෙනීම බොඳ කරන්න.ඔහුගේ හුස්ම ගැනීම දුර්වල කරනු වස් නාස් සිදුරු රෙදි කෑලි වලින් පුරවනවා.ලිංගේන්ද්‍රියට ඉඳිකටු දෙකක් ඇනලා හිරකරනවා.
තවද..
ඔහුගේ කුරවල ග්‍රීස් අතුල්ලනවා දුවද්දි සමබරතාවය නැති වෙන්න.
මේ හැමදේම කරන්නෙ ඌ පොලවෙ වැතිරෙන එක නවත්තන්න.යුද පිටියට දමන්න පෙරාතුව දවස් දෙකක් තිස්සෙ ඔහුව පටු සහ කලුවර කුටියක සිර කරනවා.
මේ දුක්කිත දවස් කිහිපයෙන් පස්සෙ ඔහුගෙ කූඩුවෙ දොර ඇරෙනවා.බොඳ උන ඇස් වලින් පේන ආලෝකය දිගේ ඌ දුවන්න ගන්නවා.ඌ හිතන්නෙ ඌට නිදහස හම්බුනා කියලා.ඌ හිතනවා උගේ විඳවීම් අහවර වෙලා උගේ නිදහස ඌට හම්බුනා කියලා..ඉතින් ඌ අර පේන ආලෝකය දිගේ දුවන්න ගන්නවා..
නමුත් ඇත්තටම ඌ දුවන්නෙ උගේ ගාතකයන් වෙතට.අවසානයේ අන්ත දුක් විඳපු ඒ අසරනයා අර වදකයන්ගේ සෙල්ලම් බඩුවක් වී ඔවුන්ව පිනවා අමානුශික ලෙස ගාතනයට ලක් වෙනවා..
ඉතින්...
මිනිසා නැමැති සත්වයාට මේ ලෝකය සුදුසුයැයි ඔබ තවමත් සිතනවාද?
- බුකියෙන් ගත්තේ -
