ග්‍රාමසේවක රාලහාමි
ග්‍රාමසේවක රාලහාමි වනාහි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම රාල+ හාමි කෙනෙකි.. එයට හේතුව එතුමා වෙලාවකට කොටි රාල කෙනෙක් වගේ නපුරු වන අතර වෙලාවකට හා හාමි කෙනෙකු වගේ හොයාගන්නට බැරි වෙන විදිහට හැංගීමයි.. ග්‍රාම සේවක රාලහාමි හොයාගන්න එක කලු නික හොයනවා වගේ අමාරු වැඩකි.. කිසිවෙකුටත් හොයාගන්නට බැරි උන ඔසාමා බින් ලාඩන්ව කොහේදෝ කඳුකරයක සැඟවී සිටියදී අල්ලාගත් නිලදාරියාට උපහාර දීමේදී ජනමාද්ය වේදියකු විසින් එම නිලදාරියා අමතා..
"කිසිවෙකුට හොයා ගන්නට බැරිව සිටි බින් ලාඩන්ව ඔබ සොයා ගත්තේ කොහොමද"
කියා ඇසූ විට ඔහු විසින් පිලිතුරු දී තිබුනේ
" ඇත්ත වශයෙන්ම ඒක මට හුරු වෙලා තිබුන දෙයක්.. මම පොලීසියට බැඳෙන්න ග්‍රාම සේවක සහතිකයක් ගන්නට ග්‍රාමසේවක රාලාහාමි හොයන්නට දරපු උත්සාහය තමයි මට ලැබුන පෙරහුරුව "
කියාය..
මිනිසුන් එර්දියෙන් යනවා කියලා මීට කලින් මම අහලා නොතිබුනත් මම නම් කියන්නේ ග්‍රාම සේවක රාලහාමිට එර්දි වීමේ බලය ඇත කියාය.. ඔන්න මේ දැන් කැන්ටිමේ හිටියා කියලා බලනකොට එතන නැත.. ඔතන එහාපැත්තේ හිටියා කියලා බලනකොට එතනත් නැත...
සමහර ග්‍රාමසේවක රාලහාමිලා ආසම කරන ගස් වර්ගය කොස් ගස්ය.. ඒ කොස් කන්නට ආසා නිසා නොව ලී මුදලාලිලා එක්ක තියෙන මෙවුවා එක නිසාය.. එවුවා එහෙම උනාට අපට ග්‍රාම සේවක රාලහාමිට නොදන්වා කොස් ගහක් කපනවා තියා කොස් ඇටයක් පුච්චාගෙන කන්ඩ වත් බැරිය..
ග්‍රාම සේවක රාලහාමිලා වැඩ බැරෑරුම් කිරීමට අධිපති දෙවි වරුය.. රාලහාමිගේ වසමේ වැඩකට අපේ කොස් ගහක් පරිත්යාග වශයෙන් දෙන්නට උනොත් එහෙම..
" අයියෝ ඕකට මොන පර්මිට් ද මමනේ ඉතින් ඉන්නේ ඔන්නොහේ කපලා දානවකො අපි ගෙනියගන්නං
කීවද
අපේ වැඩකට අපේ කොස් පැලයක් වත් කපාගන්නට උනොත්
" හා හා එපා එපා එපා ඔවා මේ මටත් ගස් යන්න වෙන වැඩ.. නීතිය නම් ඉතින් නීතිය.. හෙට ගිහින් ඔය ගහ තියෙන ඉඩමේ අයිති එකා හොයාගෙන ඌ උගේ තාත්තගෙම බව ඔප්පු කරන්න ඩී එන් ඒ වාර්තාව අරගන්න .. ඒක අරං සවුක්ය අමාත්යන්සේ වැඩබලන අද්යක්ශගෙන් සහතික කරවගන්න.. ඊට පස්සේ ඒ ගහේ කොස් ඒ අය විසින් වසර එකහමාරකින් කාලා නැති බවට දිවුරුම් පෙත්සම් පහක් පන්සලේ හාමුදුරුවන්ගෙන් ගන්න.. ඊට පස්සේ ගහ කපන්න බලාපොරොත්තු වන පොරව රාජ්ය වානේ සංස්තාවෙ නිශ්පාදනය කර අවි ආයුද පරිහරනය කිරීමේ මන්ඩලේ ලයිසන් කරපු පොරවක් බවට සහතික කරගෙන ඒකෙන් මිනී මරලා නෑ කියලා පලාතේ ස්තාන බාර පොලිස් නිලදාරි තුමාගෙන් ලිකිත අවසරයක් ගන්න ඕනේ.. ඊට පස්සේ වනසත්ව අඥා පණතේ විසි හත බී වගන්තිය අනුව මෙම ගහේ කුරුලු කූඩු නැති බවට වන ජීවී නිලධාරියා විසින් සහතික කල ලියවිල්ලේ පිටපත් හයක් අරන් මේ පෝර්ම් එක පුරවලා බාර දෙන්න....
අප විසින් පිරවිය යුතු පෝර්ම් එක මෙසේය..
1.. කපන කොස් ගසේ නම...
2..කොස් ගසේ මෙතෙක් හැදී ඇති ගෙඩි ගනන..
3.. කොස් ගෙඩි හැරෙන්නට මෙම ගසේ වෙනත් ගෙඩි සැදී ඇත්ද නැත්ද යන වග..
4.. හැදී ඇත්නම් ඒ මොනවාද..
5.. සෑදුන පලමු ගෙඩිය ආහාරයට ගත්තේද නැත්ද යන්න සහ ආහාරයට ගත්තේ නම් ඒ සඳහා සහබාගී වූ පිරිසගේ සම්පූර්න නම්..
6...ගසේ මුලු කොල ගණන සහ මුදුන් මුලක් ඇත්ද නැත්ද යන වග සහ මුදුන් මුලක් නැත්නම් ලඟම ඇති මුදුන් මුල ඇති ගසේ නම සහ එහි මුදුන් මුලේ දිග..
7.. ගස කැපීමෙන් පසු කරන්නට බලාපොරොත්තු වන දෙය පිලිබඳ විස්තර...
8.. කොස් ගස කපන්නට අවසර නොලැබුනහොත් ඔබ කපන්නට සිතා සිටින ගසේ නම ..
ආදී සහසක් ප්‍රශ්න අඩංගු පෝරමය ග්‍රාම සේවක රාලහාමිට පුරවා දීමෙන් අනතුරුව පර්මිට් එක ලැබේද නොලැබේද යන්න දයිවයට බාර දිය යුතු කරුණකි..
ග්‍රාමසේවක රාලහාමි සදා සැරදේවා..
( Author : ධනුෂ්ක කාංචන ජයවීර / FB)

Last edited: