ග්‍රාමසේවක රාලහාමි

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ග්‍රාමසේවක රාලහාමි

    ග්‍රාමසේවක රාලහාමි වනාහි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම රාල+ හාමි කෙනෙකි.. එයට හේතුව එතුමා වෙලාවකට කොටි රාල කෙනෙක් වගේ නපුරු වන අතර වෙලාවකට හා හාමි කෙනෙකු වගේ හොයාගන්නට බැරි වෙන විදිහට හැංගීමයි.. ග්‍රාම සේවක රාලහාමි හොයාගන්න එක කලු නික හොයනවා වගේ අමාරු වැඩකි.. කිසිවෙකුටත් හොයාගන්නට බැරි උන ඔසාමා බින් ලාඩන්ව කොහේදෝ කඳුකරයක සැඟවී සිටියදී අල්ලාගත් නිලදාරියාට උපහාර දීමේදී ජනමාද්ය වේදියකු විසින් එම නිලදාරියා අමතා..

    "කිසිවෙකුට හොයා ගන්නට බැරිව සිටි බින් ලාඩන්ව ඔබ සොයා ගත්තේ කොහොමද"

    කියා ඇසූ විට ඔහු විසින් පිලිතුරු දී තිබුනේ

    " ඇත්ත වශයෙන්ම ඒක මට හුරු වෙලා තිබුන දෙයක්.. මම පොලීසියට බැඳෙන්න ග්‍රාම සේවක සහතිකයක් ගන්නට ග්‍රාමසේවක රාලාහාමි හොයන්නට දරපු උත්සාහය තමයි මට ලැබුන පෙරහුරුව "

    කියාය..

    මිනිසුන් එර්දියෙන් යනවා කියලා මීට කලින් මම අහලා නොතිබුනත් මම නම් කියන්නේ ග්‍රාම සේවක රාලහාමිට එර්දි වීමේ බලය ඇත කියාය.. ඔන්න මේ දැන් කැන්ටිමේ හිටියා කියලා බලනකොට එතන නැත.. ඔතන එහාපැත්තේ හිටියා කියලා බලනකොට එතනත් නැත...

    සමහර ග්‍රාමසේවක රාලහාමිලා ආසම කරන ගස් වර්ගය කොස් ගස්ය.. ඒ කොස් කන්නට ආසා නිසා නොව ලී මුදලාලිලා එක්ක තියෙන මෙවුවා එක නිසාය.. එවුවා එහෙම උනාට අපට ග්‍රාම සේවක රාලහාමිට නොදන්වා කොස් ගහක් කපනවා තියා කොස් ඇටයක් පුච්චාගෙන කන්ඩ වත් බැරිය..

    ග්‍රාම සේවක රාලහාමිලා වැඩ බැරෑරුම් කිරීමට අධිපති දෙවි වරුය.. රාලහාමිගේ වසමේ වැඩකට අපේ කොස් ගහක් පරිත්යාග වශයෙන් දෙන්නට උනොත් එහෙම..

    " අයියෝ ඕකට මොන පර්මිට් ද මමනේ ඉතින් ඉන්නේ ඔන්නොහේ කපලා දානවකො අපි ගෙනියගන්නං

    කීවද

    අපේ වැඩකට අපේ කොස් පැලයක් වත් කපාගන්නට උනොත්

    " හා හා එපා එපා එපා ඔවා මේ මටත් ගස් යන්න වෙන වැඩ.. නීතිය නම් ඉතින් නීතිය.. හෙට ගිහින් ඔය ගහ තියෙන ඉඩමේ අයිති එකා හොයාගෙන ඌ උගේ තාත්තගෙම බව ඔප්පු කරන්න ඩී එන් ඒ වාර්තාව අරගන්න .. ඒක අරං සවුක්ය අමාත්යන්සේ වැඩබලන අද්යක්ශගෙන් සහතික කරවගන්න.. ඊට පස්සේ ඒ ගහේ කොස් ඒ අය විසින් වසර එකහමාරකින් කාලා නැති බවට දිවුරුම් පෙත්සම් පහක් පන්සලේ හාමුදුරුවන්ගෙන් ගන්න.. ඊට පස්සේ ගහ කපන්න බලාපොරොත්තු වන පොරව රාජ්ය වානේ සංස්තාවෙ නිශ්පාදනය කර අවි ආයුද පරිහරනය කිරීමේ මන්ඩලේ ලයිසන් කරපු පොරවක් බවට සහතික කරගෙන ඒකෙන් මිනී මරලා නෑ කියලා පලාතේ ස්තාන බාර පොලිස් නිලදාරි තුමාගෙන් ලිකිත අවසරයක් ගන්න ඕනේ.. ඊට පස්සේ වනසත්ව අඥා පණතේ විසි හත බී වගන්තිය අනුව මෙම ගහේ කුරුලු කූඩු නැති බවට වන ජීවී නිලධාරියා විසින් සහතික කල ලියවිල්ලේ පිටපත් හයක් අරන් මේ පෝර්ම් එක පුරවලා බාර දෙන්න....

    අප විසින් පිරවිය යුතු පෝර්ම් එක මෙසේය..

    1.. කපන කොස් ගසේ නම...

    2..කොස් ගසේ මෙතෙක් හැදී ඇති ගෙඩි ගනන..

    3.. කොස් ගෙඩි හැරෙන්නට මෙම ගසේ වෙනත් ගෙඩි සැදී ඇත්ද නැත්ද යන වග..

    4.. හැදී ඇත්නම් ඒ මොනවාද..

    5.. සෑදුන පලමු ගෙඩිය ආහාරයට ගත්තේද නැත්ද යන්න සහ ආහාරයට ගත්තේ නම් ඒ සඳහා සහබාගී වූ පිරිසගේ සම්පූර්න නම්..

    6...ගසේ මුලු කොල ගණන සහ මුදුන් මුලක් ඇත්ද නැත්ද යන වග සහ මුදුන් මුලක් නැත්නම් ලඟම ඇති මුදුන් මුල ඇති ගසේ නම සහ එහි මුදුන් මුලේ දිග..

    7.. ගස කැපීමෙන් පසු කරන්නට බලාපොරොත්තු වන දෙය පිලිබඳ විස්තර...

    8.. කොස් ගස කපන්නට අවසර නොලැබුනහොත් ඔබ කපන්නට සිතා සිටින ගසේ නම ..


    ආදී සහසක් ප්‍රශ්න අඩංගු පෝරමය ග්‍රාම සේවක රාලහාමිට පුරවා දීමෙන් අනතුරුව පර්මිට් එක ලැබේද නොලැබේද යන්න දයිවයට බාර දිය යුතු කරුණකි..

    ග්‍රාමසේවක රාලහාමි සදා සැරදේවා..


    ( Author : ධනුෂ්ක කාංචන ජයවීර / FB)
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    ඕකුං වැඩට යන්නෙ පට්ට දවල් වෙලා, ගියපුගමන් ආපහු ගෙදර, එක්කො දීල තියන බයික් එකේ වටේ යනව. කරන මගුලක් නැහැ. ඇත්තටම මුන්ට AG office වල වෙනම මේසයක් පුටුවක් දාල දෙන්න ඕන. හරියට උදේ 8.30 ට වැඩ පටන්ගෙන හවස 4.00 ගෙදර යන්න. ගමේ මිනිස්සු එතනට යන්න සතියේ දින 5 ම වැඩ. නැත්නම් මුන් පඩි ගන්නව, අඩු පොළී ණය ගන්නව විතරයි. රටට බරක්.:angry:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕකුං වැඩට යන්නෙ පට්ට දවල් වෙලා, ගියපුගමන් ආපහු ගෙදර, එක්කො දීල තියන බයික් එකේ වටේ යනව. කරන මගුලක් නැහැ. ඇත්තටම මුන්ට AG office වල වෙනම මේසයක් පුටුවක් දාල දෙන්න ඕන. හරියට උදේ 8.30 ට වැඩ පටන්ගෙන හවස 4.00 ගෙදර යන්න. ගමේ මිනිස්සු එතනට යන්න සතියේ දින 5 ම වැඩ. නැත්නම් මුන් පඩි ගන්නව, අඩු පොළී ණය ගන්නව විතරයි. රටට බරක්.:angry:


    huththo apita as penawa oka podiyata dapan:angry::angry::angry:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අපෝ ඕකුන් නම් මට පෙන්න බෑ :baffled:
    අව්රුදු බර ගානකට කලින් මම ඕකෙක්ව හොයාගෙන ගිහිං, ඒ ගෙදරින් ඇහුව ග්‍රාමසේවක ඉන්නවද කියල
    මූට ඕක ඇහිලා , ග්‍රාමසේවක කියන්නේ තමුන් දන්නේ නැද්ද අපි රාජ්‍ය නිලධාරීන් කියල ඇගට ආවේ
    පොරට රිදුන ග්‍රාම නිලධාරී කියල ඇහුවේ නැති නිසා :rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,484
    25,756
    113
    පෝරමයට අත්සන් ගන්න ගිහාම අහන ප්‍රශ්න, ඔවුන් ගොඩක් හීන මානේ , අහින්සකයන්ට පාර්ට් දාන අතර සල්ලි කාරයන්ට ගෙදරටම පැමිණ වැඩ කරලා දෙයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ පැත්තේ ග්‍රාම සේවකයා හිතන් ඉන්නේ උ පළාතේ ආණ්ඩුකාරය කියල ..:rofl::P


    එකට ,



    කියන්න සන්තෝසයි හිටන්පාල කියන ග්‍රාමසේවක තුමා නම් එහෙම හිතන්නේ නැ උ හිතන්නේ උ පියන් කියල එතරම් සරලයි :P:rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපෝ ඕකුන් නම් මට පෙන්න බෑ :baffled:
    අව්රුදු බර ගානකට කලින් මම ඕකෙක්ව හොයාගෙන ගිහිං, ඒ ගෙදරින් ඇහුව ග්‍රාමසේවක ඉන්නවද කියල
    මූට ඕක ඇහිලා , ග්‍රාමසේවක කියන්නේ තමුන් දන්නේ නැද්ද අපි රාජ්‍ය නිලධාරීන් කියල ඇගට ආවේ
    පොරට රිදුන ග්‍රාම නිලධාරී කියල ඇහුවේ නැති නිසා :rofl:

    sadaranai machan. ona kenekta wurthiya gawurawaya kiyala ekak thiyanawa ne :cool::yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකුං වැඩට යන්නෙ පට්ට දවල් වෙලා, ගියපුගමන් ආපහු ගෙදර, එක්කො දීල තියන බයික් එකේ වටේ යනව. කරන මගුලක් නැහැ. ඇත්තටම මුන්ට AG office වල වෙනම මේසයක් පුටුවක් දාල දෙන්න ඕන. හරියට උදේ 8.30 ට වැඩ පටන්ගෙන හවස 4.00 ගෙදර යන්න. ගමේ මිනිස්සු එතනට යන්න සතියේ දින 5 ම වැඩ. නැත්නම් මුන් පඩි ගන්නව, අඩු පොළී ණය ගන්නව විතරයි. රටට බරක්.:angry:

    අපේ පැත්තෙ( නුවර )නන් හුගක් හොදට වෙලාවට වැඩ.න්නෙ ගෑනු කෙනෙක්.