ග්‍රීස් යක්කු, ජවිපෙ, ආණ්ඩුව හා ජනමාධ්‍ය
ණ්ඩුව ග්‍රීස් යකා ද ජනතා විමුක්ති පෙරමුණට ගැට ගැසීමට දුෂ්ඨ උත්සාහයක යෙදෙයි.
"ගී්රස් යකා යන ව්‍යාජ සංකල්පයක් ඔස්සේ කටකතා පතුරුවා රට තුළ නොසන්සුන් බවක් ඇති කිරීමට මූලික වී ඇත්තේ පිරිහීමට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් බවට තොරතුරු අනාවරණය වෙයි. 1988 - 89 යුගයේ කඩදාසි කැබැල්ලකින් කඩ සාප්පු වසා දැමීමට කටයුතු කර පසුව එය භීෂණයක් දක්වා ගෙන යාමට මූලික වී ඇත්තේ ද මේ දේශපාලන ව්‍යාපාරය බව හෙළිව තිබේ." - අද දිනමිණ මුල් පුවතෙන්
ජවිපෙට ප්‍රාදේශීය සභාවක ආසනයක් හෝ දිනා ගත නො හැකි මේ ග්‍රීස් යකුන් සිටින ප්‍රදේශවල ඉතිරි වී සිටින එක් හෝ ජවිපෙ සාමාජිකයකු වේ නම් ඔවුන්ට ජීවිත අනතුරක් ඇති කිරීමට මේ ඔස්සේ ආණ්ඩුව මාන බලන බව පෙනේ.
ඇත්ත වශයෙන් ම මෙවැනි කතා කියන්නෝ නම් සැබැවින් ම ග්‍රීස් යක්කු ය. මේ ග්‍රීස් යක්කු නිර්මානය කිරීමට දර දිය ඇද්ද ජවිපෙ ද මේ නෙළා ගනිමින් ඉන්නේ තමන් වැපිරූ බීජවල අස්වැන්නයි.
මෙවැනි මුග්ධ සමාජයක් මේ රටේ බිහි වීම සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන පාර්ශ්ව දෙක වන්නේ ජවිපෙ සහ කොටි සංවිධානයයි. සමාජය දේශපාලනික හා සබුද්ධික කරනවා වෙනුවට තමන් පසුපස එන අඥාන, මුග්ධ ජනරාශි බවට පත් කිරීම සඳහා කටයුතු කළ ඔවුහු පටු අරමුණු වෙනුවෙන් දූෂිත පිරිසක් බලයට පත්කිරීම සඳහා මුල් වූ හ. එම පිරිස විසින් ජවිපෙ හා කොටි සංවිධානය විසින් මුල පුරන ලද කාර්යය උපරිමය වෙත ගෙන යන ලදී.
අපගේ නිරීක්ෂණ අනුව නම්, දැන් ගම්වල ඉන්න ග්‍රීස් යකුන් හැදෙන්නේ මෙසේ ය.
ග්‍රීස් යකුන් ගැන මාධ්‍ය වාර්තා ඇසුරු කිරීම
තමන් හෝ පවුලේ අය එයට මුහුණ දුන්නොත් සිදු වන දේ ගැන දිගින් දිගට ම සිතීම
පොඩි දේකට බිය වී ඒ බිය පවුලේ අය සමග බෙදා ගැනීම
පවුලේ අය බිය අහල පහළ අය සමග ද බෙදා ගැනීම
පුංචි, පුංචි දේවල්වලට බිය වී එක්කෝ පසුව ඇත්ත තේරුම් ගැනීම, නැතිනම් ඇත්ත නො දැන ම සිටීම
ඇත්ත නො සොයා හෝ සඟවා හෝ එම සිද්ධි ගැන සෙසු අයට කීම
ග්‍රීස් යක්කු ගැන පැතිරෙන කටකතාවලට අභිරුචියෙන් සවන් දීම
තමන් ද බොහෝ විට නො දැන ම අතින් දමා එම කටකතා පැතිරවීම
මෙවැනි දේ බොරු බවට පොලිසිය හා වෙනත් අය කරන පැහැදිලි කිරීම්වලට එරෙහිව කටකතා පදනම් කරගෙන තර්ක කිරීම
මෙම සිද්ධි ගැන වාර්තා කරන ජනමාධ්‍යකරුවන් මෙසේ හැසිරෙන මිනිසුන් ම වීම
සිද්ධි සම්බන්ධව ජනමාධ්‍ය ගවේශනාත්මකව වාර්තා නො කිරීම
නිදසුනක් ලෙස, ඉරිදා ලංකාදීප පුවත්පතේ පිටුවක් පුරා ග්‍රීස් යකුන් පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යකරුවන් විසින් ලියා ඇති දේ කියවා බලන්න.
එහි මෙම ප්‍රශ්නවලට පිළිතුරු නැත.
හපුතලේ ව්ත්තකදී ග්‍රීස් යකුන් ය කියා පහර දී මරා දමන ලද මිනිසුන්ගේ ජීවිත තොරතුරු මොනවාද?
ඒ මිනිසුන් ගැන පවුල්වල අය හා අසල්වැසියන් කියන්නේ මොනවා ද? (එක් තරුණයකුගේ මවක පමණක් කියන දේ ඇය සිය දරුවන් වැරදි කළ බව කියන කොටස ඉස්මතු වන සේ ලංකාදීපයේ ලියා ඇත.)
ඒ මිනිසුන් කළ බව කියන ග්‍රීස් යක්ෂ වැඩ මොනවා ද?
ඒ ග්‍රීස් යක්ෂ වැඩවලින් බියපත් වූ මිනිසුන් කීදෙනෙක් ඉදිරිපත් වී විස්තර පවසනවා ද?
පොලිසිය ඒ අයගෙන් කටඋත්තර ගෙන තිබේ ද? හරස් ප්‍රශ්න අසා තිබේ ද?
මිනිස්සු වැරදි කරති. අහුමුළුවල හැංගෙමින් කසිප්පු, ගංජා, මත් කුඩු ආදී ජාවාරම් හා සොරකම් ආදිය ද කරති. රෙදි වැල්වලින් රෙදි සොරකම් කිරීම, නාන තැන්වල බලා ඉඳීම ආදී දේ කරන අය ද සිටිති.
එසේ ම, තමන් දෙස යමකු බලා සිටියා ය, මිර්කුවා ය, අතින් ඇද්දා ය කියන ඇතැම් ගැහැනු ද මානසික වශයෙන් නිරෝගී අය නො වෙති. මෙවැනි බොහෝ අය තුළ කෙනෙකුට රාගී හැඟීම් ඇති කර ගන්නට තරම් කාමුකබවක් ද නැත. ඔවුන්ගේ ඇත්ත ප්රශ්නය ඔවුන් කෙරෙහි කිසිවකුගේ අවධානය යොමු නො වීම වන්නට ද පුළුවන.
එසේ ම, මිනිසුන් ජනරාශි හෙවත් මොබ් බවට පත්වීම ද අවධානයට ලක් විය යුතු තත්වයකි.
වර්තමාන සමාජයේ මිනිස්සු දැඩි ලෙස ආත්මාර්ථකාමී, පවුල්වාදී හා සංවිධාන විරෝධී වී ඇත. එහෙත්, ඔවුහු හිටි හැටියේ දැඩි කෝපය පොදු හැඟීම බවට පත් කරගෙන ක්ෂණික ජනරාශි සාදා ගනිති. ඒවායේ නායකයන් බවට බොහෝ විට පත්වන්නේ දුරාචාරී පුද්ගලයෝ ය. එහෙත්, ඔවුහු ඒ මොහොතේ බොහෝ ජනයාගේ වීරයෝ බවට පත් වෙති. ජනරාශිය හසුරුවන්නෝ බවට ඔවුහු පත් වෙති. මෙම පිරිස් අතර සිටින ඇතැම් අශිෂ්ටන්ට සිය ම්ලේච්ඡ ආශාවන් සපුරා ගැනීමට මේවා අවස්ථා බවට පත් වේ.
විශේෂයෙන් ම, ජනමාධ්‍ය හා පොලිසිය මෙහෙයවන පුද්ගලයන් බුද්ධිමතුන් නො වීම මෙම තත්වය පාලනය කිරීමෙහි ලා බරපතල ගැටලුවක් වී තිබේ. ග්‍රීස් යකුන් පිළිබඳ සමාජයේ ඇති වී තිබෙන භීතිය තුරන් කරනවා වෙනුවට එය ජවිපෙ මත පටවා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් මහ තැන් විසින් ප්‍රදර්ශනය කර තිබෙන්නේ සිය තරාතිරම ය.
වෘත්තික නො වන අන්දමින් කටයුතු කරන පොලිසිය හා ආරක්ෂක අංශ ද ඇතැම් අවස්ථාවලදී ජනරාශියක් හෙවත් මොබ් එකක් ලෙස කටයුතු කරයි.
මෙහිදී බලපාන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, දීර්ඝ කාලයක් තිස්සේ ප්රභාකරන්ට බියෙන් සිටි සමාජය ප්‍රභාකරන්ගෙන් පසු කාටත් බිය වෙන්නට පුළුවන් යකෙකු සොයමින් සිටියි. මන්ද, බියක් නැතිව ජීවත් වන්නට ඔවුන්ට හුරුවක් නැත.
මෑතදී බ්‍රිතාන්‍යයේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා පීඩිත කළ ජනයාගේ නැගිටීමක් ලෙස හැඳින්වීමට ඇතැම් වාමාංශිකයෝ කැමති ය. එහෙත්, එය ද මෙවැනි ම ජනරාශි ප්රචණ්ඩත්වයකි. ආයුධයක් අත ඇතිව සිටියේ යයි කියූ කළු ජාතිකයකු පොලිස් වෙඩි පහරින් මිය යාම හා ඉන් පසු එයට එරෙහිව පවත්වන ලද විරෝධතාවකට පොලිසිය වෙඩි තැබුවා ය යන කටකතාව පැතිරීම මෙම ප්රචණ්ඩ රැල්ලේ ආරම්භය විය.
ජනමාධ්‍ය මෙතරම් දියුණු යුගයක කටකතාවට මෙතරම් තැනක් ලැබී ඇත්තේ ජනමාධ්‍ය අන්තර්ගතයන් කෙරෙහි ඇති විශ්වාසය කඩ වීම නිසා වන්නට පුළුවන.
ලංකාවේ ජනයා වැනි පීඩිත ජන කොටසක් වන බ්‍රිතාන්‍යයේ කළු ජනයා ද සිය අසහනය පිට කිරීමට මෙම අවස්ථාව උපයෝගී කර ගත් හ. ලංකාවේ වතුවල පීඩිතයෝ තමන් වැනි ම වූ පීඩිත, අසරණ මිනිසුන් පහර දී මරා දැමූ හ. බ්‍රිතාන්‍යයේ කළු මිනිස්සු කඩ සාප්පු මංකොල්ල කෑ හ. දෙගොල්ලෝ ම පොලිසිට පහර දුන් හ.
මේ ජනරාශි පිටුපස පැහැදිලි දේශපාලනයක් තිබේ. පසුගිය කාලය පුරාවට ම ලංකාවේ වාමාංශික, දක්ෂිණාංශික දේශපාලකයන් කළේ සබුද්ධික පුරවැසි සංවිධාන ගොඩනැඟීම නො ව, අදේශපාලනික, අඥාන ජන රාශි මෙහෙයවා ගනිමින් බල ඉලක්ක කරා ගමන් කිරීමයි.