ගැට පොලොස් !!!

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
රසවත් කෑමක් මේක. :yes: උයලා ටිකක් දවස් තියන්න බලන්න රස තව තව වැඩිවෙනවා. :D

අභ්‍යාස කෑල්ලකුත් යටින් වැටිලද මන්දා!!:rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අද දවල්ට කැවෙත් මෙවා එක්ක මම කැමතිම කැම තමයි පොලොස්, හතු :love::)
තක්කලි මෙහෙ ලොවෙත් නැ ඒක නිසා අද සියබලා ටිකක් දලා හදලා තිබුනෙ:yes:
එලකිරි ත්‍රෙඩ් එකක් ජයවේවා
11.gif
 
May 15, 2010
1,654
109
0
In your heart.....
Pressure cooker එකේ තම්බල ගන්නවට වඩා රසයි පොල් කිරෙන්ම ඉදෙන්න අරින එක...... එතකොට හොඳට තෙල් පෑදිල එනව....... ලස්සනයි....... හැබැයි ගෑස් ලිප් එක්කනම් ඉතින් ඒ සෙල්ලම් බෑ තමයි.... අපේ ගෙදර වෙලාවට දැලි කුස්සි පොඩ්ඩකුත් තියෙනව....... ඔය වගේ කෑම ටිකක් මහන්සි උනත් දර ලිපේම හදන්න ඕන කියලයි අපේ අම්ම කියන්නෙ.......
 
AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    කෑම එකට කටට කෙළ ඉනුවා! බඩ දැක්කම දවල් කාපුවත් එක්කම වමනෙට ආවා:lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුදු රෝස;11369151 said:
    Pressure cooker එකේ තම්බල ගන්නවට වඩා රසයි පොල් කිරෙන්ම ඉදෙන්න අරින එක...... එතකොට හොඳට තෙල් පෑදිල එනව....... ලස්සනයි....... හැබැයි ගෑස් ලිප් එක්කනම් ඉතින් ඒ සෙල්ලම් බෑ තමයි.... අපේ ගෙදර වෙලාවට දැලි කුස්සි පොඩ්ඩකුත් තියෙනව....... ඔය වගේ කෑම ටිකක් මහන්සි උනත් දර ලිපේම හදන්න ඕන කියලයි අපේ අම්ම කියන්නෙ.......

    කතාව ඇත්ත!! :yes::yes:දානෙකට හෝ වැදගත් අවස්ථාවකට හදන කොට මමත් දර ලිපේ කිරෙන්ම හින්දලා තමා ගන්නෙ!! නමුත් ඉතින් මේ රස්සා කෙරිල්ලත් එක්ක කඩිමුඩියෙ උයනකොට කෙටි මාර්ග හොයා ගන්න වෙනවනේ!! ඒකයි ගෑස් ලිපේම හදන හැටි දැම්මෙ!!
     
    • Like
    Reactions: sudu pusa

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔන්න sriboy ට ස්තූති වන්න මමත් කටාර් දේශයේ ඉඳන් හැදුව පොලොස් ඇඹුලක්..
    ……මෙන්න මෙහෙමයි වැඩේ කලේ..
    …
    …ඉස්සෙල්ලම පොලොස් ගෙඩිය කෑලි වලට කපාගෙන ගොරක,කහ එහෙම දාල තම්බගත්ත.
    …
    50s6kj.jpg

    ඊට පස්සෙ කටුව අයින් කරල කෑලි වලට කපාගත්ත. (මම පොඩි non-stick භාජනයක් තමයි පාවිච්චි කරන්නෙ, ඒකෙ පියන වහන්නත් බැරි තරමට තෙරපල තමයි කපපු කෑලි ටික දැම්මෙ, වැඩිපුර කෑලි විසිකරන්න ලෝබයි.ඒකයි.මෙහෙ මැටි වලං නෑනෙ. :( )
    …
    15drxh3.jpg

    …
    …ඊට පස්සෙ අඩුම කුඩුම ටික ලෑස්ති කොරා.. (හැබැයි රම්පෙ නම් හොයාගන්න බැරි වුනා.ගොරක හොයාගන්නත්, සේර ගස් හොයාගන්නත් ගේමක් දෙන්න වුනා.සෑහෙන්න දුර යන්න වුනා. අන්තිමේදි හොයාගත්ත. )
    …
    2rohml5.jpg

    ඊට පස්සෙ හිඳෙනකන් මද ගින්නෙ උයාගත්ත. (උයන අතරවාරයේදි ෆොටෝ එකක් ගන්න මතක බැරිවුනා. සමාව භාජනයට දානු මැනැවි. :P )
    …
    qstbf4.jpg

    …

    පොඩි ප්‍රශ්නයක් තියෙනව sriboy ගෙන් අහන්න.. අපි ගොරක පොලොස් උයනකොටත් දානවනෙ, ඒව අයින් කරන්නෙ නැද්ද අතරමගදි.? මොකද,මගෙ පොලොස් ටිකේ නම් ඇඹුලක් ආව කනකොට,අම්මගෙන් ඇහුවම කිව්ව ගොරක ටික හොද්දෙන් අයින් කරන්න ඕන කියල මගදි. ඒක තමයි කිව්ව ඇඹුලක් එන්නෙ කනකොට. මම ඉතින් දන්නෙ නැති නිසාත්,පොලොස් හදපු 1st පාර නිසත් පොඩි පොඩි වැරදි තියෙන්න ඇති, overall ගත්තම ඉතින් sriboy ට ස්තුති වෙන්න මම පොලොසුත් හැදුව ඉතින් පිට දේශයකදි, අඩුම කුඩුම මදි වුනත්. (ඇඹුල යන්න පස්සෙ මම ගොරක අයින් කරල ලුනු දැම්ම සාමාන්‍ය පදමට,රසට එන්න. ආ.. තව දෙයක්, මම මේක දවස් 4ක් විතර කෑව.තව ලංකාවෙ මාම කෙනෙකුටත් දීල හදපු දවසෙ. මෑන්ස් කියනව නියම පොලොස් ටික කියල. ගෙදර ගිය දවසක හදල දෙන්න ඕන ගෙදර අයට කන්න.. ලංකාවෙ ඉන්නකොට දන්නෙ පරිප්පු,පොල් සම්බොල, ගොටුකොල සම්බොල හදන්න විතරයි.. හැබැයි දැන් නම්.. )
     
    සතුට උපරිමයි!!!

    ඇඹුල වැඩි නම් ගොරකා ප්‍රමාණය අඩු කරන්න පුලුවන්!! සමහර ගොරකා පට්ට ඇඹුල්!! තව අම්මා කිව්වා වගේ අවශ්‍ය ප්‍රමාණයට ඇඹුල් ආවාම ගොරකා අයින් කරන්නත් පුලුවන්! පොලොස් කෑලි තව ටිකක් පොඩියට කැපුවනම් වඩාත් හොදයි!! එතකොට ලුණු ඇඹුල් හොදට අල්ලනවා!! නැතිනම් පොඩි කැපුම් දාන්නත් පුලුවන්!!
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බඩගිනියෝ...... දැන් හැදෙන කෙල්ලෝ මේවා උයන්න දන්න එකක්යෑ... අපිවත් හදමු..... :)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    සතුට උපරිමයි!!!

    ඇඹුල වැඩි නම් ගොරකා ප්‍රමාණය අඩු කරන්න පුලුවන්!! සමහර ගොරකා පට්ට ඇඹුල්!! තව අම්මා කිව්වා වගේ අවශ්‍ය ප්‍රමාණයට ඇඹුල් ආවාම ගොරකා අයින් කරන්නත් පුලුවන්! පොලොස් කෑලි තව ටිකක් පොඩියට කැපුවනම් වඩාත් හොදයි!! එතකොට ලුණු ඇඹුල් හොදට අල්ලනවා!! නැතිනම් පොඩි කැපුම් දාන්නත් පුලුවන්!!

    ඒකනම් එහෙම තමයි, තියෙන උවමනාවට කපපු කෑලි ලොකුද පොඩිද බැලුවෙත් නෑ බං.. ඕක ට්‍රයි කරල බලන්න ඉස්පාසුවක් නැතුව හිටියෙ. ඒකයි උනෙ.. කොහොමහරි අන්තිමට හරි ගොරක ටික අයින් කරල ලුණු පොඩ්ඩක් දිය කරල දාල අයෙමත් පොඩ්ඩක් ලිපේ තියල ගත්ත. ඊට පස්සෙ ඇඹුල සෑහෙන්න අඩු උනා. වේලුනු ගතියත් ටිකක් ගියා. රස නම් නියමයි. ඕක හදනකොට හැමෝම අහනව මොනාද හදන්නෙ කියල, උන්ට සුවඳ ඇවිල්ල සෑහෙන්න දුරට.... හික් හික්. :P:P:P:P:P