මම කලිනුත් මේක ත්රෙඩ් එකක දාල තියනවා මේකෙත් දැන්නම්
මාත් කැම්පස් ඉන්න කලේ හදුනා බන් , උගුරෙන් පහල නිකන් අලවන්ගුවක් හිරවෙලා වගේ පට්ටම අමාරු උනා ,මට වෙදෙක් කිව්වා කවදාවත් බෙහෙත් ගන්න එපා ඔය ලෙඩේට කියල එතකොට බෙහෙත් වලට ඇග හුරු වෙනවා කිව්වා ,කෑමෙන් ම ඕක සනීප කරගන්න කිව්වා
මන් ඒ නිසා බෙහෙත් ගත්තේ නෑ
හැමදාම උදේ 7 ට ගිහින් උදේට බත් කැවා (රතු බත් + බිත්තරයක් + සොයා සමග කිරි හොදි )
මුල් දවස් වල හෙනම අමාරු යි එක බත් කටක් කටට දාගන්නකොට වමනෙට වගේ එනවා,එත් සති දෙකක් තුනක් කරනකොට කටවල් දෙකක් තුනක් උදේට බඩට දාගන්න පුළුවන් උනා දවල් කෑමත් 1 වෙනකොට බඩට දාගත්ත පිටි කෑම සැහෙන්න අඩු කරා
දැන් නම් දෙයියනේ කියලා ඒ ලෙඩේ නෑ
මම බෙහෙත් අනන් මනං ගැන නම් දන්නේ නැ බන් ,ගැස්ට්රික් කියන්නේ මට නම් හෙන අමාරු ලෙඩක් මට ඒක හදුනා හින්ද මන් මේ කියන්නේ
පුළුවන් නම් කෑමෙන්ම හොද කරගන්න ට්රයි එකක් දියන්.