ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න ....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න ....

    ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගය ගොඩක් දෙනෙකුට තියනවා ...අද මම ටිකක් වෙනස් විදියේ ත්රෙඩ් එකක් පටන් ගන්න කල්පනා කරා...එක තමයි gastritis රෝගය තියන යාලුවොන්ගේ අත්දැකීම් බෙදාගන්න..මේ රෝගයේ රෝග ලක්ෂණ ගැන කතා කරන එක තමයි මේ ත්‍රෙඩ් එකේ අරමුණ..ඊට අමතරව සුව කරගත්ත අය සුව කරගත්තේ කොහොමද ...වගේ දේවලුත් කතා කරනවා .. මම හිතනවා මෙහෙම කතා කිරීමෙන් රෝගය තියන අයට උපකාරයක් වෙයි වගේම මානසික සහනයක් ලැබෙයි කියල..මොකද මේකට හේතුව gastritis තියන අය ගොඩක් මානසිකව පීඩා විදිනවා ..සමහරු gastritis නිසා සියදිවි නසාගන්න පවා උත්සහ කරලා තිබෙනවා ..එහෙම වෙන්නේ මේ රෝගය වකුගඩු පිළිකා වගේ මාරාන්තික නොඋනත් මේ රෝගය නිසා හැමදාම විදවන්න වෙන නිසා ..ඩොක්ට කෙනෙක් ලගට ගිහින් බෙහෙත් ගත්තත්..endoscopy වගේ පරීක්ෂණ කරත් රෝගය සුව නොවී අවුරුදු ගණන් තියනවා අන්න එතකොටයි මිනිස්සුන්ට එපා වෙන්නේ..අපි හිතමු gastritis නිසා අපිට උහුලගන්ඩ බැරි බඩේ අමාරුවක්.කරකැවිල්ල ගතියක් තියනවා කියලා,ඉතින් ඩොක්ට ලගට ගියාම මිනිහ ඔයාට gastrtis නේ කියල මොනවහරි පෙති ටිකක් දෙනවා.එත් අමාරුව එහෙමමයි ...සමහරුන්ට ඒ වෙලාවට විතරක් අඩු වෙනවා..අමාරුව උහුලගන්ඩ බැරි කමට ඉස්පිරිතාලේ ගියොත් දවස් දෙක තුනක් තියන් ඉදල ලොකු ලෙඩක් නැ කියල ගෙදර එවනවා ,,එත් රෝගියා හැමදාම විදවනවා ..මෙහෙම වෙච්ච gastritis රෝගියෝ ඉන්නවා ඕනි තරම්..එතකොට වෙන්නේ මෙහෙම කාලයක් යනකොට තමන්ට ජිවිතේ පවා එපා වෙනවා ..ගෙදර මිනිස්සුන්ටත් මේ රෝගියාව එපා වෙනවා අන්න එහෙම වෙච්ච අයට උපකාරයක් මානසික සහනයක් වෙයි කියල හිතලයි තමන්ට තියන රෝග ලක්ෂණ ගැන කතා කරන්න වගේම සුව වෙච්ච අය සුව කරගත්ත විදිය කතා කරන්නයි මේ නූල පටන් ගත්තේ...

    මේ නුල ලියන මම දැන් අවුරුදු තුනක් විතර gastritis රෝගයෙන් පීඩා විදිනවා ...මම endoscopy පරීක්ෂණයක් කලා එකෙන් කියවුනේ මගේ ගලනාලයත් ආමාශයත් අතර තියන කපාටය හරියට වැහෙන්නේ නැ කියල වගේම ගලනාලයේ තුවාල තියනවා කියල..ඉතින් මම මේ වෙද්දී මේ රෝගයට ප්‍රතිකාර නොගත්ත ඩොක්ට කෙනෙක් නැති තරම් ...තවමත් සුවයක් නැ ...

    මේ රෝගය නිසා තියන රෝග ලක්ෂණ එකිනෙක අයට වෙනස් ..මට තියන රෝග ලක්ෂණ තමයි.හැමවෙලාවකම ඇග රිදෙනවා ..ගමනක් ගිහින් ආවම ..නැත්තම් උණ හැදුනම මුළු ඇගම රිදෙනවා වගේ තෙහෙට්ටු ගතියක් තියනවා..කිසි වැඩක් කරන්න ෆිට් එකක් නැ ..බඩේ කැක්කුම ..කරකැවිල්ල ගතිය උගුරට එන ගතිය නිතරම තියනවා...ලොකු අමාරුවක් ඇගේ තියනවා වගේ තමා නිතර දැනෙන්නේ ..යාලුවෝ එක්ක ට්‍රිප් එකක් ගියත් මම ඔහේ පැත්ත ගහල ඉන්නවා..මොකද ඇගේ අමාරුව නිසා ...නිතර ලෙඩ ගතියක් දැනෙනවානම් දේක කිසි විනෝදයක් නැනේ ..අන්න එහෙම තත්වයක්...gastritis තියන යාලුවෙක් මට කිවුව දවසක් වෙලාවකට පන යයි කියල හිතෙන තරමේ අමාරුවක් එනවා කියල...මෙහෙම ගොඩ දෙනෙක් පීඩා විදින රෝගයක් තමයි මේක.. gastritis තියන කෙනෙක් විදියට මගේ තත්වය ඔන්න මම සටහන් කරා ...ඉතින් මේක කියවන ඔයාලත් gastritis තියනවනම් තියන රෝග ලක්‍ෂණ ...ඔයාලට තියන අමාරුකම්..සුව කරගත්ත නම් කොහොමද වගේ දේවල් මෙතන සටහන් කරන්න ...රෝගය තියන අයට උපකාරයක් වෙන නිසා bump එකකින් සම්බන්ධ උනත් ලොකු දෙයක්...
    unhappy-man-on-bed-640x300.jpg

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මටත් ඕක තියෙනවා බන්

    මමනම් හැමදාම උදේට බෙලි බීම එකක් බොනවා .. ඒකෙන් ගොඩක් දුරට අඩු උනා..

    මගේ යාලුවෙක් කිවා බෙලි දළු තම්බලා බොන්න කියල සතියක් විතර , ඒකෙන් පොරට සනීප උනා කීවා ,

    දැන්නම් ලාවට වගේ තම තියෙන්නේ ..

    පෙළක් දවස් වලට නම් වැඩි වෙනවා ..

    තෙල් ජාති එහෙමත් කනවා ...

    කාල වැඩි උනොත් ගැවිස්කොන් සිරප් එක බොනවා...
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Matath samaharak dawas walata enawa lede
    mata nam bada puro dala wage thiyenawa, pipila wage, bada ridenawa ambanata wathura tikakwath bonna bha ridenna patan gannawa,
    mama nam karanne ethakota, udeta his badama diya bath(Reta ithuru wena bath walata wathura tikak dala thiyala udeta ekata lunu(salt), lunuu(onion), amu miris tikak kapala dala thiyala) kanawa, aith reta kala iwara wela youghrt ekak kanwa. ehema sathiyak withara karama adu wenawa.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මටත් ඕක තියෙනවා බන්

    මමනම් හැමදාම උදේට බෙලි බීම එකක් බොනවා .. ඒකෙන් ගොඩක් දුරට අඩු උනා..

    මගේ යාලුවෙක් කිවා බෙලි දළු තම්බලා බොන්න කියල සතියක් විතර , ඒකෙන් පොරට සනීප උනා කීවා ,

    දැන්නම් ලාවට වගේ තම තියෙන්නේ ..

    පෙළක් දවස් වලට නම් වැඩි වෙනවා ..

    තෙල් ජාති එහෙමත් කනවා ...

    කාල වැඩි උනොත් ගැවිස්කොන් සිරප් එක බොනවා...

    ගොඩක් ස්තුති මචන්.. මමත් බෙලි බීම එක බිල බලන්නම්කෝ...මමනම් කෝමාරිකා මදය ජුස් එකක් හදල ගන්නවා මචන් ..එකටත් අඩු වෙනවා ...උබටත් වැඩි උනාම මට තියන රෝග ලක්ෂණම .තියනවද ...උබට වැඩි උනාම කොහොමද දැනෙන්නේ ...මොනවද තියන අමාරුකම් ...?
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    man danna kenek kiwa, porata oka wedi una welawata ara tv / radio eke ad daana 'panchabala amurtha panaya' kiyna eka bonawa kiyla. but eka bipuwahma toilet yanna wenawa tikakin. hebei okata ange ushne awissena gathiyakuth thiyenawalu.
    ikman suwaya pathanawa
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Matath samaharak dawas walata enawa lede
    mata nam bada puro dala wage thiyenawa, pipila wage, bada ridenawa ambanata wathura tikakwath bonna bha ridenna patan gannawa,
    mama nam karanne ethakota, udeta his badama diya bath(Reta ithuru wena bath walata wathura tikak dala thiyala udeta ekata lunu(salt), lunuu(onion), amu miris tikak kapala dala thiyala) kanawa, aith reta kala iwara wela youghrt ekak kanwa. ehema sathiyak withara karama adu wenawa.

    hmm...samaharunta diyabath walata hariyan na bn...yogat walanam podi sahanayak thiyanawa...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    man danna kenek kiwa, porata oka wedi una welawata ara tv / radio eke ad daana 'panchabala amurtha panaya' kiyna eka bonawa kiyla. but eka bipuwahma toilet yanna wenawa tikakin. hebei okata ange ushne awissena gathiyakuth thiyenawalu.
    ikman suwaya pathanawa

    oka boru bn..mama danna goda denekta oken harigiye na...hodauna ayath innawa...ane manda bn..matanam ekata hoda une na...thnks machan..jaya wewa..!!!:yes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    hmm...samaharunta diyabath walata hariyan na bn...yogat walanam podi sahanayak thiyanawa...

    Ehemada. mata nam dan masa 7, 8 idan thamai hadila thiyenne amaru wela thiyenne deparak withara. Ah anith eka eka parakdi nam elawalu thamabala kewa hama pradana kema welakam athara mada, godak kare gowa, carrot thamai.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මේකට තියෙන හොඳම බෙහෙත චතුමධුර .උදේ පාන්දර හිස්බඩ චතුමධුර තේ හැන්දක් කාලා මද උනුසුම් වතුර වීදුරුවක් පානය කරන්න , මාසයක් විතර ගන්නකොට වෙනස දැනෙයි, හැබැයි නියම චතුමධුර හොයාගන්ඩ වෙනව:):):):)
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේකට තියෙන හොඳම බෙහෙත චතුමධුර .උදේ පාන්දර හිස්බඩ චතුමධුර තේ හැන්දක් කාලා මද උනුසුම් වතුර වීදුරුවක් පානය කරන්න , මාසයක් විතර ගන්නකොට වෙනස දැනෙයි, හැබැයි නියම චතුමධුර හොයාගන්ඩ වෙනව:):):):)

    :)
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන් මන් ක්‍රමයක් කියන්නම්. මට නම් ඔය මගුල හැදුනේ වකුගඩු ගල් වලට ගත්ත බෙහෙත් නිසා. දැන් අවුරුදු ගානක් තිබ්බා. බත් කන එක ගොඩක්ම අඩු කරා, පිටි කෑම කන්නෙම නෑ. සීනිත් සහමුලින්ම නැති කරා. දැන් මාස ගානක් වෙනවා ගැස්ට්‍රිටිස් ආවේම නෑ. ඕක ඕකට විතරක් නෙවෙයි. ගොඩක් බරත් අඩු උනා.
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ගොඩක් ස්තුති මචන්.. මමත් බෙලි බීම එක බිල බලන්නම්කෝ...මමනම් කෝමාරිකා මදය ජුස් එකක් හදල ගන්නවා මචන් ..එකටත් අඩු වෙනවා ...උබටත් වැඩි උනාම මට තියන රෝග ලක්ෂණම .තියනවද ...උබට වැඩි උනාම කොහොමද දැනෙන්නේ ...මොනවද තියන අමාරුකම් ...?

    ගොඩක්ම බඩේ දැවිල්ල තම බන් , ඔලුවේ කැක්කුම , උගුරට එන එක , පපුව රිදෙන එක , ඕව තමා බන් , බෙලි එකේ තිත්ත නැති එක හදාගෙන බීපන් මචන් , අනිත් එක අවුල් , ආයේ අනෝද එහෙමත් හොදයි ....
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මචන් මන් ක්‍රමයක් කියන්නම්. මට නම් ඔය මගුල හැදුනේ වකුගඩු ගල් වලට ගත්ත බෙහෙත් නිසා. දැන් අවුරුදු ගානක් තිබ්බා. බත් කන එක ගොඩක්ම අඩු කරා, පිටි කෑම කන්නෙම නෑ. සීනිත් සහමුලින්ම නැති කරා. දැන් මාස ගානක් වෙනවා ගැස්ට්‍රිටිස් ආවේම නෑ. ඕක ඕකට විතරක් නෙවෙයි. ගොඩක් බරත් අඩු උනා.

    ගොඩක්ම අපේ කෑම රටාව තමා බන් ඕකට බලපාන්නේ ...