.ගැහැණු සිරුරේ සුන්දරම තැන

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
.ගැහැණු සිරුරේ සුන්දරම තැන

මට හිතෙන හැටි
......................ගැහැණු සිරුරේ සුන්දරම තැන
18920122_10211844297799666_6276288664787058747_n.jpg

ගැහැණියකහේ සිරුරෙහි වැදගත්ම් ඉන්ද්‍රිය ,අවයවය හෝ අංගය පිළිබඳව ශත වර්ෂ ගණනාවක් තිස්සේ පිරිමින්ගේ යටි සිත් උනන්දු විය .
ඒ බව දැන ගත් දා පටන් ගැහැණියද තම සිරුරේ විවිධ අඟ පසඟ පිළිබඳව පෙරට වඩා උනන්දුවක් දක්වන්නට විය .
ඇඳුම් ඇඳීමේදී නිරාවරණය කර හෝ යාන්තමින් පෙනෙන්නට සළස්වා ඔවුන් පිරිමි හද ගැස්ම වැඩි කිරීමේ මාර්කටිං උපක්‍රම අනුගමනය කළෝය .
දෑසේ අංජන ද ඇහි බැම හැඩතලද , දෙතොල දෙකොපුල වර්ණද
දෙකලවා පෙන්වන ගවුම්ද , දඟ යුග විවර වන්නට පලා ගත් දිග සායද තම අඟ පසග වල සුන්දරත්වය ප්‍රදර්ශනය කරන්නට යොදා ගත්තීය .
සාරි හැට්ට අඳින ආසියාතික ගැහැණිය නිතඹ වටා තද කර පටලවන සාරියෙන් පිරිමි ඇස් වලට ඉඟි මැරූ අතර හැට්ටය සහ ඉඟ අතර පරතරය ඇති නැති පරතරය සේ පුළුල් වන්නට ඉඩ හැරියාය .
මව් කුසේ දී හුස්ම ගෙන අත හළ නාභිය කරාබුවක් පළඳා සරසා යළි සේවා නියුක්ත කළාය .
අතීතයේදී දෙපියොයුරු බෙදෙන තැන යාන්තම් පෙන්වූ හැට්ටයේ කර පළල් කරමින්ද , අත ගැඹුරට කපමින්ද සාහසික ලෙස පරිනාමය වූවාය .

වික්ටෝරියානු යුගයේ බොස්තරොක්ක හැඳ , ළමැද එළියට පනින්නට ඔන්න මෙන්න ලෙස පුම්බා ඒ දෙස කෙළ හලන පිරිමි ඇස් දැක නොරිස්සුම් මුහුණු පෙන්වා යටි සිතින් ආඩම්බර වූවාය .
වේදිකාවේ තිරය වැනි සාරි පොට ඉහළට ඇද ළමැද වසා ගන්නටත් .කුළු ගැන්විය යුතු පිරිමියෙක් හමුවේ සාරි පොට පහළට ඇද ළමැද අහම්බෙන් මෙන් පෙනෙන්නට සැළැස්වීමටත් තරම් ඇය හුරු බුහුටි විය .
කණට නහයට තොලට දිවට මූකූත්ති , කඩුක්කන් , කරාබු පළඳා , ඉණට හවඩි බැඳ , අතට වළළුද , පයට සළඹද , ගෙළට මාළද ,අත් පා ඇඟිලි වලට මුදුද , දමා ඒ ඒ අංග පසඟ වලට ආකර්ෂණය ලබා ගත්තාය .
කීකරු පිරිමි දෑස් වැඩිපුර ගැවසෙන ස්ථානවල පච්ච කොටා ගත්තාය .

මේ සියල්ල දෙස බැලීමේදී ගැහැණියකගේ වටිනාම අංගය වීම සඳහා ලමැද ,දෙතොල , නිතඹ ,කලවා දෑස දෙකන් දෙතොල් අතර දැඩි තරඟයක් හට ගනී .
එහෙත් සැබවින්ම ගැහැණියකගේ සිරුරේ අගනාම තැන කුමක්ද ?

ජීවිතය තිත්ත වූ මිනිසෙකුට , ජීවය ලබාදෙන , මාතෘත්වයේ මහිමය කියාදෙන , තැනක් ඇගේ සිරුරේ තිබේ .
ලෝකයේ කිසිදු තැනකින් දයාර්ද වදනක් හිමි නොවූ හදවතකට ආරක්‍ෂිත නවාතැනක් ඇගේ සිරුරේ තිබේ .
එතැන හිස තබා උඩු බැළි අතට ලෝකය දෙස බැලූ විට මෙතෙක් නොදුටු හැඩයකින් ලෝකය පෙනෙන්නට පටන් ගනී .
එතැන කරුණාවද ,ආදරයද , දුර්වල වූ පිරිමියෙකු බල ගන්වන ශක්තිය හා ජීවයද උතුරන මහා පුදුම තැනකි .
බොහෝ ගැහැණු තමන් සතු ඒ උත්තුංග ශරීරාංගයේ සැබෑ අර්ථය නොහඳුනති .
ඈ පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ වැටුණු මිනිසෙකු නැගිටවන්නට හා පරාජය වූ පිරිමියෙකු ජයග්‍රහණය වෙත රැගෙන යන්නට ඇයට පමණක් ඇති අසම සම ශක්තිය තේරුම් ගත් විට පමණි .
ආදරණීය ගැහැණියකගේ "උරහිස" තරම් වටිනා ,ස්නේහයේ උණුසුම දැනෙන ඉසව්වක් මේ විශ්වයේ නැත .
හර්දයංගම පිරිමියෙකු සොයන්නේ එවැනි උරහිසකි .

එවැනි උරහිසක සිට අනෙක් අඟපසඟ වලට වැඩි දුරක් නැති බව වෙනම කථාවකි

...................නාරද විජයසූරිය
 

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    ඇඳුම් ඇඳීමේදී නිරාවරණය කර හෝ යාන්තමින් පෙනෙන්නට සළස්වා ඔවුන් පිරිමි හද ගැස්ම වැඩි කිරීමේ මාර්කටිං උපක්‍රම අනුගමනය කළෝය.
    අතීතයේදී දෙපියොයුරු බෙදෙන තැන යාන්තම් පෙන්වූ හැට්ටයේ කර පළල් කරමින්ද , අත ගැඹුරට කපමින්ද සාහසික ලෙස පරිනාමය වූවාය.
    කීකරු පිරිමින්ගේ දෑස් වැඩිපුර ගැවසෙන ස්ථානවල පච්ච කොටා ගත්තාය .

    සම්පූර්ණයෙන්ම සාහසිකයි.:lol::lol: