ඕගොල්ලො බදින්න ඉන්න කෙල්ලගෙ/කොල්ලගෙ අම්මට ඔගොල්ලො කියන්නෙ / කියන්න යන්නෙ අම්මා කියලද ඇන්ටි කියලද ?
මගේ පෞද්ගලික මතයනම් තමන්ට ඉන්නෙ එක අම්මයි. එයාට විතරයි අපි අම්මා කියලා කතා කරන්න ඕනෙ.
මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.
අදහස් ප්‍රකාශ කරමු
මම නම් යාලුවන්ගේ අම්මලටත් අම්ම කියලයි කියන්නේ.....![]()

ඒ අයට එහෙම කියද්දි හෙන සතුටුයි බං.. මාර විදියට දැනෙනවා ඒක..
අනික පිට මිනිස්සුන්ට ප්‍රිය වචනයෙන් හැම වෙලාවේම කතා කරන්න ඕනි ..තමන්ගේ අයට වගේම එක අපේ පවුර්ශ්යේම කොටසක් කියලයි මට හිතෙන්නේ

කතා කරන කොට හැම වෙලාවේම නිහතමානී ප්‍රියකරු විදිහට අම්මේ තාත්තේ කිවුවහම හිතට එන බැදීම වෙන එකකින් ගන්න බැහැ ...වචනයක් පිටකරන්න ඔච්චර තණ්හා වෙන්නේ මොකටද බ්‍රෝ .....එක මවකගේ දරු කැල කියලා ජාතික ගියෙත් තියෙනවනේ
