ගෑනු තුන්දෙනා

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ගෑනු තුන්දෙනෙක් ඇක්සිඩන්ට් එකකින් මැරිලා දිවියලෝකෙ ගියාලු. දිවියලෝකෙ ගේට් එකේ ඉන්න ගාඩ් කිවුවලු "මෙහේ එකේ නීතියයි තියෙන්නෙ. තාරාවන්ව පාගන්න එපා" කියල.

    ගෑනු තුන්දෙනා ඇතුලට ගියාම හැමතැනම තාරාවො ඉන්නවලු. තාරාවෙක්ව පෑගෙන්නෙ නැතුව ඇවිදිනව කියන්නෙ බොහොම අමාරු වැඩක්ලු.

    තුන්දෙනාම අමාරුවෙන් තාරාවො මග ඇරල ඇවිද්දට පලවෙනි දවස හවස් වෙද්දිම එක ගෑනු කෙනෙක්ට තාරාවෙක්ව පෑගිලා.

    ඔන්න එතකොට අර ගාඩ් එක්කන් ආවලු කැතම කැත මිනිහෙක්. ගෙනෙල්ලා ඒ මිනිහගෙයි ගෑනු කෙනාගෙයි එක අත ගානෙ මාංචු දාල කිවුවලු "උඹල දෙන්න සදහටම එකට ඉන්න ඕනෙ" කියල.

    කොහොම හරි දෙවනි දවස වෙද්දි ඉතුරු ගෑනු දෙන්නගෙන් එක්කෙනෙටත් වැරදිලා තාරාවෙක් පෑගිලා. එයාටත් අර පලවෙනි එක්කෙනාට වෙච්ච එකම තමා වෙලා තියෙන්නෙ.

    මේක දැක්ක තුන්වෙනි ගෑනු කෙනා බයටම තාරාවො පාගන්නෙ නැතුව ඉන්නවලු. සති ගානක් ගියාලු. ඒත් මෙයා පරිස්ස්සමින් ඉන්නවලු.

    ඔහොම මාස ගානක් යද්දි එක දවසක් ගාඩ් එනවලු පට්ටම පට්ට සිරා හැන්ඩ්සම් ඩයල් එකක් එක්ක. ඇවිල්ලා ඌව මේ ගෑනි එක්ක මාංචු දාල කිවුවලු "උඹල දෙන්න සදහටම එකට ඉන්න ඕනෙ" කියල.

    ගෑනි : අනේ මංදා ඇයි මාව උඹ වගේ සිරා ඩයල් එකක් එක්ක සෙට් කරේ.
    බුවා : ඒක නම් මම දන්නෙ නෑ. හැබැයි මට තාරාවෙක් පෑගුනා


    ;)++
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :lol:

    14.gif
    3+