ගෑනු කිව්වට පිරිමි ප්‍රශ්නයක් මේක. ඇයි ගොඩක් පිරිමින්ට බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙන්නෙ? ගොඩක් ගෑනු වෙන මිනිස්සුන්ගෙන් ආදරෙ හොයන්නෙත් ඔය ප්‍රශ්නෙ නිසා. මම කියන්නෙ වටේ යන බඩු නෙමෙයි. හොද අහිංසක ගෑනු පවා ඒ විදිහෙ දේවල් වලට පෙලඹෙනවා ඒ වගේ වෙලාවල් වලදි. යාලුවෙන්න කලින් හොදට ඉදලා බැන්දට පස්සෙ තමන්ගෙ ගෑනිව එපාවෙනවා. බොරු කියන්න ඕනෙ නෑ මටත් මම යාලුවෙලා හිටපු කෙල්ලව එපාවුනා. හැබැයි මම අදටත් දුක්වෙනවා ඒ ගැන. එහෙම නොවී ඉන්නෙ කොහොමද? ඇයි පිරිමින්ට එහෙම වෙන්නෙ?
