ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සමහර වෙලාවට රජයේ රෝහල වල බෙහෙත් නෑ මචං. ඒ වෙලාවට අසරණ මිනිස්සු මොනව කරන්නද? උඹට කිව්වට විශ්වාස කරන එකක් නෑ හෝමගම මූලික රෝහලක් වෙලත් සමහර වෙලාවට පොඩි දරුවන්ට උණ බහින්න දෙන ඩොම්පෙරිඩොන් ඉන්ජෙකෂන් එක (බ්‍රෑන්ඩ් එක නම් ගනන් එකක් - මොටුලිනම්) නෑ. වලිප්පුව හැදෙන මට්ටමට උණ අරං ආපු දරුවෙක් ගේ ජීවිතේ බේර ගන්න පූලූවන් ඔය ඉන්ජෙක්ෂන් එකෙන්. සමහර වෙලාවට නෙබුලයිස් කරන්න ගන්න සැල්බියුටමෝල ලික්විඩ් එක නෑ....ඔක්කොම පැත්තක තියපං, දරුවන්ට දෙන පැරසිටමෝල් සිරප් එක නැහැ කිව්වම එක සැරයක් බලද්දී............

    රෝහලකට බෙහෙත් ටිකක් අරං දෙනව කියන්නෙ නම් මචං නිවන් අත්වෙන පිංකමක් මම හිතන්නේ. අනික ඒ තැන් වලට යන්නේ අපේ අම්මලා, තාත්තලා. අපේ ම සහෝදර සහෝදරියෝ.

    :eek::eek::rolleyes::rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,017
    113
    -In Darkness-
    හොද වැඩක් මචන්. මේක කියෙව්වාම මතක් උනේ. දවසක් පාන්දර කැළණියෙ ගියවෙලාවක අම්ම කනෙක් අවිත් වදිනව. අපි වැදල ඉවරයි එතකොට. එන්න ලැස්තිවෙනවා. අපි ගාවට ඇවිත් පුතාල ගාව ගෙනාපු තේ තියෙනවද කියල ඇහුවා. අපි ගෙදරින් එන්නෙ මහ පාන්දර නිසා මොකුත් ගේන්නෙ නෑනෙ. ඉතින් නෑ කියන්නත් ලෝබයි හරි අසරණ විදියට ඇහුවෙ. ඉතින් මම ඇහුව උදේට කාලද කියල. නෑ කිව්වා. එයාගේ ප්‍රශ්න ගැනත් කිව්වා. අතේ කීයක් වත් නැතුව කිව්වා කැළණි ආවේ දුක කියන්න. ඉතින් දුවල ගියා පල්ලෙහාට කඩ ඇරලද බලන්න. ඒ වෙනකොටත් ලාවට කරුවලයි. එකම එක කඩයක් ඇර තිබුනා. එවෙල දාපු මාලුපාන් එකයි රෝල් එකකුයි ටී එකකුයි අගෙන පංසලටම ගෙනත් දුන්නා. අතේ තිබුනේ පොඩි ගානක්. එකත් දුන්නා. අනේ මගෙ ඇස්වලට කදුලු ආවා ඒක ගත්තු ඒ අම්ම මට පන්සලේ වැන්දා. මට මාර අප්සෙට්. ටක්ගාල මම අත්දෙකෙන් අල්ලගෙන අන් මට පව්සිද්දවෙයි කියල අතින් අල්ලගෙන වාඩි කෙරෙව්වා. එතන ඉන්න මට හිත දුන්නෑ. මම යන්නම් කියල ඉක්මටන ආව. මගෙ යාලුවන්ට මම කිව්වා අතන අම්මකෙනෙක් ඉන්නවා පුලුවන්නම් ගිහින් කීයක් හරි දෙන්න කියල. මාත් එක් අපු දෙන්නෙක් ඒ අම්මට මුදල් දුන්නා.

    තව දවසක් මම වැඩ ඇරිල එනගමන්. 5.15 ට විතර ඔෆිස් එකෙන් ආවෙ. ටික්ක පරක්කුයි. හංවැල්ලට ඇවිත් 143 කොළඹ රජයේ බස් එකක් (CTB) එකක නැග්ග ඉක්මනට එන්න ඕනෙ නිසා. සෙනග හිටයෙත් නෑ සීට් තිබුනා. මමත් ජනේලයක් ලගින් වාඩිවෙලා ආවා. නවගමුවෙ දේවාලෙ ගාව බස්එක ටික වෙලාවක් නවත්තගෙන හිටිය. ඉස්සරහ දොරෙන් අම්ම කෙනෙක් නැගල ඩයිවර්ට මොනවද කියනව දැක්ක. මම වෙන කල්පනාවක හිටයෙ. ඩයිවර් ටිකක් හයියෙන් මොනවද කියනව ඇහුන. මේවා රජයේ වාහන කයලත් කිව්වා. අර අම්ම බැහැල ගියා. මගේ පිටිපස්සෙ හිටපු අක්ක කෙනෙක් ජනේලෙන් අත දාල අර අම්මට කතාකරල සල්ලි වගෙයක් දුන්න. ඊට පස්සෙ අර අම්ම පස්සෙ දොරෙන් මම හිටපු බස්එකටම නැගග. මම ඇහුවා ඒ අක්කගෙන් ඇයි කියල. එතකොට තමයි කිව්වේ ඩයිවර් බැන්නලු නිකන් බස්වල එක්කගෙන යන්නෙ නෑ. ආඩුවෙ වාහනවල වෙන එකක එන්න කියල. මට මාර දුකයි මට ඒ වචන ටික ඇහුනෙ නැති එකට. ඉවසගෙන ඉදල කඩුවෙල කිට්ටුවට ආවම මම ගියා අම්ම ගාවට. ගිහින් ඇහුවා කොහෙන්න බහින්නෙ කියල. ඔරුගොඩවත්තෙන් කිව්වා. තොරණ හංදිය පැත්තෙ ඉන්නව කිව්වෙ. අතේ සල්ලි තියෙනවද ඇහුවා අර නෝනා දුන්න කියල අර අක්කව පෙන්නුවා. මමත් පොඩි මුදලක් දුන්න මේක තියාගන්න බස් වියදමට කියල. ගත්තෙ නෑ මේ ඇති කිව්වා ගෙදර යන්න. කමක්නෑ මේක තියාගන්න කියල මම දීල කඩුවෙලින් බැහැල ගිය.

    :D:D මේවා නම් ගොඩක් හොඳ වැඩ. ගොඩක් අම්මලා තාත්තලාව දරුවෝ අමතක කරලා දානවා. කන්නේ බොන්නේ , ඉන්නේ හිටින්නේ කොහෙද කියලාවත් හොයන්නේ නෑ. උඹ ඔය කරන දේවල් වලින් කවදා හරි උඹට දරුවෝ ඉන්නකොට ඒ ළමයි අතින් උඹට ඒ වගේ වරදක් වෙන්නේ නෑ මචං :yes::yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    මචන් අපි හොඳ වැඩක් හරියට කරාම පිනක් සහ කුසල කර්මයක් කියන දෙකම සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස අපිට මෛත්‍රී සිතක් පහල වෙලා දානයක් දුන්නා කියල හිතමු. මෙතැනදී අපිට පහල වූ මෛත්‍රී සිත හෙවත් ලෝභයෙන් තොර සිත තමයි කුසල කර්මය. අපිට ඒක මතක් වෙනකොට අපහු අලෝභ මෛත්‍රී සිතක් පහල වෙනවා. මේක තමයි කුසල කර්මය. මේ වගේ දන් දීල අලෝභ මෛත්‍රී සිත ආත්ම ගානක් දියුණු කරාම තමයි අවසානයේ අලෝභ අද්වේශ අමෝහ කියන තුනෙන් අලෝභ කියන සිත සදාකාලිකවම ඇති කරගෙන මාර්ගඵල ලබා ගන්න පුළුවන්. අද්වේශ අමෝහ කියන දෙකටත් මේ වගේ සිත පුරුදු කරන්න ඕනේ.

    පින් කියන්නේ ලෞකික දේවල්. ඒ කියන්නේ අපි අකමැත්තෙන් දානයක් දුන්නත් පිනක් ලැබෙනවා. හැබැයි කුසල කර්මයක් නෑ. මාර්ගඵල ලබාගන්න කුසල කර්ම විතරක් මදි. කුසල් දියුණු කරගන්න හොඳ තැනක උපදින්න ඕනේ, හොඳ වටපිටාවක් තියෙන්න ඕනේ. හොඳ තැනක උපදින්න සහ කුසල් කිරීමට සුදුසු වටපිටාවක් ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ.

    මාර්ගඵල ලබාගන්නවා කියන්නේ හරියට ගින්නක් හටගන්නවා වගේ.
    අපේ සිත හරියට room එකක් වගේ,. කුසල් කරනවා කියන්නේ ගින්නක් පත්තු කරන්න වායු ගෝලයෙන් hydrogen එකතු කරනවා වගේ වැඩක්. අපේ room එකේ තියෙන අනිත් වායු හෙමින් අයින් කරන ගමන් hydrogen පුරවගන්නවා. කාලයත් සමග කුසල් සිත් දියුණු කරලා, ඒ කියන්නේ හරියට අපේ room එක hydrogen වලින් පුරවගත්තත් එක පාරට මාර්ගඵල ලබා ගන්න බෑ. එකට spark එකක් තියෙන්න ඕනේ. hydrogen ගිනිගන්න spark එකක්. එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. පොඩි spark එකකින් සිත දියුණු කරලා තියෙන පුද්ගලයෙක්ට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. හරියට spark එකෙන් room එකේ hydrogen ගිනි අරගන්නවා වගේ. ඊට පස්සේ ගින්න නීවී යනවා.

    පින් සහ කුසල කර්මය කියන්නේ දෙකක් කියලා මට කලින් හිතිලා තිබුන් නෑ. උඹ කිව්වමත් හිතුන් නෑ. search කරත් ඒ දෙක ගැන වෙන වෙනම විස්තර කරපු තැනක් හොයා ගන්න බැරි උනා. ඒත් වචන මොනවා උනත් උඹ පැහිදිලි කරලා කියලා තියෙන හරය ඇත්ත කියල නං මං දැනන් හිටිය. නෙට් එකෙනුත් දැන් පැහැදිලිව දෙයක් හරියටම හොයා ගන්න අමාරුයි. එකම දේ ටික ටික වෙනස් විදියට තියෙන්නේ එක එක ලිපි වල. හාමුදුරුවරුන්ගේ දේශනාත් ටික ටික වෙනස්.

    උඹ කිව්වනේ දානයක් දෙද්දී කුසල කර්මය කියන්නේ මෛත්‍රී සිත කියලා. එතකොට 'අකමැත්තෙන් දානයක් දුන්නොත් කුසල කර්මයක් නෑ පිනක් විතරයි තියෙන්නේ' කියල උඹ කියපු එකම වෙනත් විදියකට කිව්වොත් 'අකමැත්තෙන් දානයක් දුන්නොත් මෛත්‍රී සිතක් නෑ පිනක් විතරයි තියෙන්නේ'. ඒක හරි කියලා මටත් හිතෙනවා.

    ඒත් මට හිතෙන විදියට නං කුසල් සහ පිං කියන්නේ දෙකම එකයි වගේ. උඹ කිව්වා වගේ දානයක් දෙද්දී පහළ වන මෛත්‍රී සිත වගේ, පොදුවේ සිත නිවැරදිව පිහිටවා ගැනීම විතරයිද කුසල කර්මයට අයිති වෙන්නේ? සිත නිවැරදිව පිහිටවා ගැනීම සහ එසේ පිහිටවන් කරපු ක්‍රියාව යන දෙකම කුසල කර්මය නෙවෙයිද? මට හිතෙන්නේ ඒ දෙකම කුසල කර්මයට අයිති කියලා.

    "බුදුන්වහන්සේ කුසල කර්ම තුනක් පිළිබඳ ව මූලිකව උගන්වනවා. දානමය ක්‍රියාවස්තු, සීලමය ක්‍රියාවස්තු හා භාවනාමය ක්‍රියාවස්තු. මේවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා වශයෙනුත් පෙන්වා දෙනවා. දාන සීල, භාවනා පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්ම දේශනා, ධම්ම සවනං හා දිට්ඨිය්‍යො කම්ම. ඒ කියන්නෙ සිත නිවැරැදිව පිහිටුවා ගැනීම. මේවා ප්‍රධාන හැටියට බුදුන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ වගේම අටමහ කුසල්. සාංඝික දානය, අටපිරිකර පූජා ආදී මේවා කුසල ධර්ම."   source - http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar11051513

    පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක හරිද කියලා මං අහපු දේට උත්තරේ නං උඹ දීලා නෑ මචන්. මං මෙතන පිනක් කියන එකෙන් අදහස් කරේ දානයක් වගේ හොඳ වැඩක්. ඒ වෙනුවට උඹ පින කියන එකට අර්ථ දැක්වීමක් වගේ දෙන්න හදලා තියෙන්නේ.:)

    අර අනිත් එක්කෙනා දීපු ධර්ම දේශනාවේ කියනවා පිං කරලා ප්‍රර්ථනා කරලා ලබා ගන්න පුළුවන් හා ගැනුණු දේවල් කීපයක් සම්බන්ධයෙන් පොඩි සඳහනක්. ඒකට අනුව පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එකේ වැරද්දක් නෑ මට හිතුන විදියට.

    මේ මාතෘකාවට අදාළ නෑ. ඒ උනත් ඒකෙ එක තැනක ඒ හාමුදුරුවෝ කියනවා සිල් ගත්ත කෙනෙක්ගේ දත් අස්සේ හිර වෙලා තියෙන දෙයක් හරි පස්සේ ගිලුනොතෝ විකාල බෝජනන් සිල් පදය කැඩෙනවලු. දැන හෝ නොදැන උගුරෙන් පල්ලෙහාට දත් අස්සේ හිර වුන දෙයක් ගියොත් ඒ සිල් පදය කැඩෙනවලු. ඒක නිසා දත් පිරිසිදු කරන කතාවකුත් කියනවා කෑවට පස්සේ. උඹට කියන්න බං, මං youtube එකේ ටික දවසකට කලින් අහපු බණක තව හාමුදුරු කෙනෙක් කිව්වා සිල් ගත්ත ගෑනු ළමයි වගයක් කෑම කාලා දත් මදිනවා දැකලා මොකද ඔය කරන්නේ ඇහුවම 'දත් අස්සේ හිරවුන කෑම ගිලුනොත් සිල් කඩෙන නිසා දත් සුද්ද කර ගන්නවා' කියල කිව්වම ඒකට ඒ හාමුදුරුවන්ට හිනා ගිහින් ඒ ගෑනු ළමයි නොන්ඩි වෙන්න තව මොකක් හරි කියපු කතාවක්. ඒ හාමුදුරුවන්ට අනුව ඒක මෝඩ වැඩක් එහෙම සීලයක් කැඩෙන් නෑ. ඒ හාමුදුරුවෝ එහෙම දෙයක් ඊට කලින් අහලවත් නෑ මං හිතන්නේ.(අර ගෑනු ළමයි අහල තියෙනවා වගේ හැබැයි :yes:). එක එක හාමුදුරුවරු එක එක දේවල් කියනවා. හැම දෙයක් ගැනම ත්‍රිපිටකයෙන් කරුණු හොයා ගන්න තරන් දැනුමක් නෑනේ අපිට. හාමුදුරුවරු කියන දේවල් අහන් ඉදලා ඊට පස්සේ ඒවගෙන් අපිට හරියි කියල හිතෙන විදියට වැඩ කරන්න වෙලා තියෙන්නේ. දත් අස්සේ හිරවුන දෙයක් නොදැනුවත්ව ගිලීමෙන් වැළකීම නෙවෙයිනේ සිල් ගැනීමේ අරමුණ. ඒ නිසා එහෙම ගිලුනා කියලා සීලයෙන් වෙන සෙතට හානියක් නෑ කියලයි මට නං හිතෙන්නේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මට හිතෙන විදියට මචන් කුසල කර්මය කියන්නේ සිතේ ඇති වෙන පිරිසිදු සිතුවිලි වලට. අලෝභ,අද්වේශ සහ අමෝහ. අකුසල කර්ම කියන්නේ මේකේ අනිත් පැත්ත. භාවනාව මගින් කරන්නෙත් සිත පිරිසිදු කර ගැනීමක්. එකෙන් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කුසල කර්මයක් සිද්ධ වෙනවා. ක්‍රියාව අයිති වෙන්නේ පින් වලට.

    අනිත් එක තමයි මම හිතන විදියට අපි පිනක් කරලා අපිට ඒකෙ ප්‍රතිපල මෙහෙම ලැබෙන්න කියල ප්‍රර්ථනා කරලා වැඩක් නැහැ. එහෙම ප්‍රර්ථනා කරත් අපිට ඒ ප්‍රර්ථනා කරන දෙය ඉටුවෙන්නේ නෑ. ඒක ස්වභාවික random ක්‍රියාවලියක්. නමුත් කුසල කර්මයක් කරලා ඒ කුසල කර්මය මාර්ගඵල ලබා ගන්න උපකාර වේවා කියල ප්‍රර්ථනා කරන්න පුළුවන්. මොකද කුසල කර්මය කියන්නේ මාර්ගඵල ලබා ගැනීමට පුරුදු වෙන මාර්ගය නිසා.

    උබ කියල තියෙන විදියට සිල් අරන් කට ඇතුලේ තිබුන මොකක් හරි ගිලුනට පව් නෑ.
     
    May 19, 2013
    1,864
    81
    0
    උඹ කියන විදියට කුසල කර්මය කියන්නේ හිතේ ඇති වෙන පිරිසිදු සිතිවලටයි. පිං කියන්නේ ක්‍රියාවටයි කියලා කිව්වොත් මේ සිද්ධිය තේරුම් ගන්න ගොඩක් පහසුයි. ඒක එහෙම වෙන්නත් ඇති සමහර විට. කර්ම කිව්වම ක්‍රියා වගේ අදහසක් එනවා කියල හිතෙන හින්දයි මේ ඔක්කොම පටලැවිල්ල මට. අර ලිපියේ හාමුදුරුවොත් 'ඒ කියන්නෙ සිත නිවැරැදිව පිහිටුවා ගැනීම' කියල කියලා තියෙනවනේ අන්තිමට. උඹ කියන එක හරි ඇති සමහර විට.
    Thanks a lot!!! :)
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    පිනක් කරලා හරියට ප්‍රාර්ථනාවක් කරන විදිය bawddahayo හැටියට හැමෝම දැන ගත යුතුය.
    පහත සදහන් ලින්ක් එකෙන් ඔබට හරියට ප්‍රාර්ථනාවක් කරන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්.

    https://t.co/Tw583hJh0k
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිනක් කලොත් ප්‍රාර්ථනාවක් කල යුතුමය.අසූ මහා ශාර්වකයාණන් වහන්සේලා තමන්ගේ නිවනට අමතරව විශේෂ ස්ථාන ප්‍රර්ථනා කරලා තියෙනවා. .
    පිනක් කලොත් ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ කියල තිරිපිටක අට්ටකථා වල සදහන් වෙනවා .

    * ප්‍රාර්ථනාව පමණක් තිබිලා වැඩක් නැහැ . පිනත් ඕනේ.දණ්ඩක් අහසට විසි කලාම මුලින් වැටෙනවද අගින් වැටෙනවද කියලා කියන්න බැහැ . ඒ වගේම පිනක් කරලා හරියට ප්‍රාර්ථනාවක් කලේ නැත්තම් පල දෙන විදිය ගැටලුවන් වෙන්න පුළුවන්. නිශ්චයක් නැහැ.ප්‍රර්ථනාවෙන් පින හරි දිශාවකට යොමු වෙනවා.

    මේ පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගන්න මේ සාකච්චාවට සවන් දෙන්න.

    http://www.aathaapi.org/dwncounter.php?number=101

    උපුටාගැනීම http://www.aathaapi.org/

    Darshana2000 සහෝ දිපු මේ ලිංක් එකේ තියෙන බණ ගොඩක් වටිනවා. ඒ වගේම හොදට කරුණු පැහැදිලි වෙනවා. ඔබට ගොඩක් පිං
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    තෙරුවන් සරණි..!!!

    ඔය ධර්ම දේශනා ගොඩක් වටිනවා ,මොකද ත්‍රිපිටකයෙන් පමණක් කරුණු අරගෙන දේශනාව කරන්නේ.තමන්ගේ අදහස් කියන්නේ නැහැ.අද කලේ අපි බණක් ඇහුවොත් හාමුදුරුවෝ ත්‍රිපිටකයෙන් නෙමෙයි බන කියන්නේ ,තමන්ගේ අදහස්.මේ බුද්දාගමේ තමන්ගේ දේවල් කියන්න බැහැ . බුදුහාමුදුරුවෝ කියපු විදියටම ඒ දේවල් කියන්න .

    *බුදුහාමුදුරුවෝ දේශනා කරලා තෙයෙනවා දෙන්නෙක් බුදුහාමුදුරුවොන්ට බනිනවා කියල.
    1) වැරදියට ධර්මය ඉගෙනගෙන බනින කෙනා.
    2) ශරධ්දාවෙන් වැරදි ධර්මය දේශනා කෙනා.

    සිවුරක් ඇදගත් හාමුදුරුනමක් තමන්ගේ අදහස් කිව්වට එක ධර්මය වෙන්නේ නැහැ . බුදුහාමුදුවෝ කිසිම අවසරයක් දීල නැහැ තමන්ගේ අදහස් කියන්න ආනන්ද හාමුදුරුවොත් "ඒවං මේ සුතං " කියල තමයි පටන් ගන්නේ . මේ සියලුම භාග්‍ය වූ දේ සුගතයන් වහන්සේගේමය.එම නිසා "මා විසින් මෙසේ අසන ලදී ."

    ආතාපි දේශනා සවන් දෙන පිළිවෙල ගැන වැඩිදුර විස්තර දෙන්න පුළුවන් උනන්දුවක් තියෙනව නම්.

    මුලින්ම Bana 23 - Tathagata Bala (1h 3m 29.2 Mb) අසන්න.
    FAQ 01 - Sil ( අෂ්ටාංග සීලය ) on 20 May 2011- Qatar (1h 22m 37.6 mb ) මේකත් අසන්න.

    සත්‍ය වූ නිවරදි ධර්මය අසන්නට දරන්නට පුරුදු පුහුණු කරන්නට හැකියාව ලැබේවා !!!
    තෙරුවන් සරණි..!!!

    Pure Theravada Buddhism Exposed according to The Original Pali Canon
    http://www.aathaapi.org/
     
    Last edited:

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    රජ්ජුරුවෝ;16210469 said:
    පින් සහ කුසල කර්මය කියන්නේ දෙකක් කියලා මට කලින් හිතිලා තිබුන් නෑ. උඹ කිව්වමත් හිතුන් නෑ. search කරත් ඒ දෙක ගැන වෙන වෙනම විස්තර කරපු තැනක් හොයා ගන්න බැරි උනා. ඒත් වචන මොනවා උනත් උඹ පැහිදිලි කරලා කියලා තියෙන හරය ඇත්ත කියල නං මං දැනන් හිටිය. නෙට් එකෙනුත් දැන් පැහැදිලිව දෙයක් හරියටම හොයා ගන්න අමාරුයි. එකම දේ ටික ටික වෙනස් විදියට තියෙන්නේ එක එක ලිපි වල. හාමුදුරුවරුන්ගේ දේශනාත් ටික ටික වෙනස්.

    උඹ කිව්වනේ දානයක් දෙද්දී කුසල කර්මය කියන්නේ මෛත්‍රී සිත කියලා. එතකොට 'අකමැත්තෙන් දානයක් දුන්නොත් කුසල කර්මයක් නෑ පිනක් විතරයි තියෙන්නේ' කියල උඹ කියපු එකම වෙනත් විදියකට කිව්වොත් 'අකමැත්තෙන් දානයක් දුන්නොත් මෛත්‍රී සිතක් නෑ පිනක් විතරයි තියෙන්නේ'. ඒක හරි කියලා මටත් හිතෙනවා.

    ඒත් මට හිතෙන විදියට නං කුසල් සහ පිං කියන්නේ දෙකම එකයි වගේ. උඹ කිව්වා වගේ දානයක් දෙද්දී පහළ වන මෛත්‍රී සිත වගේ, පොදුවේ සිත නිවැරදිව පිහිටවා ගැනීම විතරයිද කුසල කර්මයට අයිති වෙන්නේ? සිත නිවැරදිව පිහිටවා ගැනීම සහ එසේ පිහිටවන් කරපු ක්‍රියාව යන දෙකම කුසල කර්මය නෙවෙයිද? මට හිතෙන්නේ ඒ දෙකම කුසල කර්මයට අයිති කියලා.

    "බුදුන්වහන්සේ කුසල කර්ම තුනක් පිළිබඳ ව මූලිකව උගන්වනවා. දානමය ක්‍රියාවස්තු, සීලමය ක්‍රියාවස්තු හා භාවනාමය ක්‍රියාවස්තු. මේවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා වශයෙනුත් පෙන්වා දෙනවා. දාන සීල, භාවනා පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්ම දේශනා, ධම්ම සවනං හා දිට්ඨිය්‍යො කම්ම. ඒ කියන්නෙ සිත නිවැරැදිව පිහිටුවා ගැනීම. මේවා ප්‍රධාන හැටියට බුදුන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ වගේම අටමහ කුසල්. සාංඝික දානය, අටපිරිකර පූජා ආදී මේවා කුසල ධර්ම."   source - http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar11051513

    පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක හරිද කියලා මං අහපු දේට උත්තරේ නං උඹ දීලා නෑ මචන්. මං මෙතන පිනක් කියන එකෙන් අදහස් කරේ දානයක් වගේ හොඳ වැඩක්. ඒ වෙනුවට උඹ පින කියන එකට අර්ථ දැක්වීමක් වගේ දෙන්න හදලා තියෙන්නේ.:)

    අර අනිත් එක්කෙනා දීපු ධර්ම දේශනාවේ කියනවා පිං කරලා ප්‍රර්ථනා කරලා ලබා ගන්න පුළුවන් හා ගැනුණු දේවල් කීපයක් සම්බන්ධයෙන් පොඩි සඳහනක්. ඒකට අනුව පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එකේ වැරද්දක් නෑ මට හිතුන විදියට.

    මේ මාතෘකාවට අදාළ නෑ. ඒ උනත් ඒකෙ එක තැනක ඒ හාමුදුරුවෝ කියනවා සිල් ගත්ත කෙනෙක්ගේ දත් අස්සේ හිර වෙලා තියෙන දෙයක් හරි පස්සේ ගිලුනොතෝ විකාල බෝජනන් සිල් පදය කැඩෙනවලු. දැන හෝ නොදැන උගුරෙන් පල්ලෙහාට දත් අස්සේ හිර වුන දෙයක් ගියොත් ඒ සිල් පදය කැඩෙනවලු. ඒක නිසා දත් පිරිසිදු කරන කතාවකුත් කියනවා කෑවට පස්සේ. උඹට කියන්න බං, මං youtube එකේ ටික දවසකට කලින් අහපු බණක තව හාමුදුරු කෙනෙක් කිව්වා සිල් ගත්ත ගෑනු ළමයි වගයක් කෑම කාලා දත් මදිනවා දැකලා මොකද ඔය කරන්නේ ඇහුවම 'දත් අස්සේ හිරවුන කෑම ගිලුනොත් සිල් කඩෙන නිසා දත් සුද්ද කර ගන්නවා' කියල කිව්වම ඒකට ඒ හාමුදුරුවන්ට හිනා ගිහින් ඒ ගෑනු ළමයි නොන්ඩි වෙන්න තව මොකක් හරි කියපු කතාවක්. ඒ හාමුදුරුවන්ට අනුව ඒක මෝඩ වැඩක් එහෙම සීලයක් කැඩෙන් නෑ. ඒ හාමුදුරුවෝ එහෙම දෙයක් ඊට කලින් අහලවත් නෑ මං හිතන්නේ.(අර ගෑනු ළමයි අහල තියෙනවා වගේ හැබැයි :yes:). එක එක හාමුදුරුවරු එක එක දේවල් කියනවා. හැම දෙයක් ගැනම ත්‍රිපිටකයෙන් කරුණු හොයා ගන්න තරන් දැනුමක් නෑනේ අපිට. හාමුදුරුවරු කියන දේවල් අහන් ඉදලා ඊට පස්සේ ඒවගෙන් අපිට හරියි කියල හිතෙන විදියට වැඩ කරන්න වෙලා තියෙන්නේ. දත් අස්සේ හිරවුන දෙයක් නොදැනුවත්ව ගිලීමෙන් වැළකීම නෙවෙයිනේ සිල් ගැනීමේ අරමුණ. ඒ නිසා එහෙම ගිලුනා කියලා සීලයෙන් වෙන සෙතට හානියක් නෑ කියලයි මට නං හිතෙන්නේ.

    පින සහ කුසලය කියල දෙකක් බුද්දාගමේ නැහැ .
    දෙකම එකයි.

    "ඉධං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු " (මේ පින කෙලෙස් නැති කිරීම පිණිස වේවා )

    දීඝ නිකායෙහි චක්කවත්ති සූත්‍රයෙහි මෙසේ සංග්‍රහ වන්නේය . "කුසලානං භික්ඛවේ ධම්මානං සමාදාන හේතූ එවමිදං පුඤ්ඤං පවඩ්ඩති "(කුසල් දහම් සමාදන් වීමෙන් භික්ෂුණි මෙවැනි පින් වැඩේ...)

    උපුටාගැනීම
    http://www.aathaapi.org/dwncounter.php?number=31

    http://www.aathaapi.org/dwncounter.php?number=31
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පින සහ කුසලය කියල දෙකක් බුද්දාගමේ නැහැ .
    දෙකම එකයි.

    "ඉධං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු " (මේ පින කෙලෙස් නැති කිරීම පිණිස වේවා )

    දීඝ නිකායෙහි චක්කවත්ති සූත්‍රයෙහි මෙසේ සංග්‍රහ වන්නේය . "කුසලානං භික්ඛවේ ධම්මානං සමාදාන හේතූ එවමිදං පුඤ්ඤං පවඩ්ඩති "(කුසල් දහම් සමාදන් වීමෙන් භික්ෂුණි මෙවැනි පින් වැඩේ...)

    උපුටාගැනීම
    http://www.aathaapi.org/dwncounter.php?number=31

    http://www.aathaapi.org/dwncounter.php?number=31

    හොද පැහැදිලි කිරීමක් වගේම නිෂ්චිත කෙටි උත්තරයක් දුන්නට ඔබට පිං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ධර්ම දේශනා ගොඩක් වටිනවා ,මොකද ත්‍රිපිටකයෙන් පමණක් කරුණු අරගෙන දේශනාව කරන්නේ.තමන්ගේ අදහස් කියන්නේ නැහැ.අද කලේ අපි බණක් ඇහුවොත් හාමුදුරුවෝ ත්‍රිපිටකයෙන් නෙමෙයි බන කියන්නේ ,තමන්ගේ අදහස්.මේ බුද්දාගමේ තමන්ගේ දේවල් කියන්න බැහැ . බුදුහාමුදුරුවෝ කියපු විදියටම ඒ දේවල් කියන්න .

    *බුදුහාමුදුරුවෝ දේශනා කරලා තෙයෙනවා දෙන්නෙක් බුදුහාමුදුරුවොන්ට බනිනවා කියල.
    1) වැරදියට ධර්මය ඉගෙනගෙන බනින කෙනා.
    2) ශරධ්දාවෙන් වැරදි ධර්මය දේශනා කෙනා.

    සිවුරක් ඇදගත් හාමුදුරුනමක් තමන්ගේ අදහස් කිව්වට එක ධර්මය වෙන්නේ නැහැ . බුදුහාමුදුවෝ කිසිම අවසරයක් දීල නැහැ තමන්ගේ අදහස් කියන්න ආනන්ද හාමුදුරුවොත් "ඒවං මේ සුතං " කියල තමයි පටන් ගන්නේ . මේ සියලුම භාග්‍ය වූ දේ සුගතයන් වහන්සේගේමය.එම නිසා "මා විසින් මෙසේ අසන ලදී ."

    ආතාපි දේශනා සවන් දෙන පිළිවෙල ගැන වැඩිදුර විස්තර දෙන්න පුළුවන් උනන්දුවක් තියෙනව නම්.

    මුලින්ම Bana 23 - Tathagata Bala (1h 3m 29.2 Mb) අසන්න.
    FAQ 01 - Sil ( අෂ්ටාංග සීලය ) on 20 May 2011- Qatar (1h 22m 37.6 mb ) මේකත් අසන්න.

    සත්‍ය වූ නිවරදි ධර්මය අසන්නට දරන්නට පුරුදු පුහුණු කරන්නට හැකියාව ලැබේවා !!!
    තෙරුවන් සරණි..!!!

    Pure Theravada Buddhism Exposed according to The Original Pali Canon
    http://www.aathaapi.org/

    ත්‍රිපිටකයෙන් පමණක් කරුණු අරගෙන කරලා තියෙන දේශනාවක් අහන්න ලැබීමත් පිනක්. ඔබට ගොඩක් පිං සහෝදරයා.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අද කනා පොරේ වැඩක් සෙට් වුනා. උදේ පාන්දරම කටුණායක යන්න කියලා ගියා ස්ටෑන්ඩ් එකට. ටිකකින් මනුස්සයෙක් ඇවිත් සල්ලි ඉල්ලුවා කන්න දෙයක් ගන්න කියලා :sorry::sorry: පොර ගොලු ඩයල් එකක්. මුන්ට සල්ලි දෙන්නත් බෑ ශුවර් නෑ කීයක් හරි එකතු වෙච්ච ගමන් කියන්න ඕනේ නෑනේ ශොට් එකක් දානවා:angry::angry: ඒත් පොර දැක්කම මට සිරාවටම දුක හිතුනා. ඒ පාර කඩේකට එක්ක ගිහින් කන්න අරන් දුන්නා. කැමැති දෙයක් ගන්න කිව්වාම ලැවරියාද මොනවාද වගයක් ගත්තා. බොන්න මොකුත් ඇහුවාම එපා කිව්වා. පස්සේ මම සල්ලි ගෙවලා ආවා එන්න. අවිශ්වාසෙන් සල්ලි දෙනවාට වඩා ඒ වගේ දෙයක් කරාම හිතටත් නිදහස් :D:D

    මාත් මෙහෙම දෙයක් කළා දවසක්.. :yes:. වයසක සීයා කෙනෙක් කන්න ඉල්ලුවා..දුර ඉදන් ආවේ කොළඹ..ආයිත් යනකම් බඩගින්නේ..අතේ සල්ලි නෑ කිවුවා කන්න..පස්සේ මගේ යලුවෙකුයි මායි ඒ සීයව කඩේකට එක්කන් ගිහින් කන්න දෙයක් ගන්න කිවුවම පොඩි කෑමක් ගත්තා..බොන්න ප්ලේන් ටී එකක් ගත්තා..පස්සේ ඒවාට සල්ලි ගෙවලා ඉතුරු උන සල්ලිත් අපි ඒ වයසක සීයාට දීලා ආවා.. :) හිතට හරිම සතුටක් දැනුනා ඒ කරපු උදවුව නිසා..කෙනෙක්ගේ බඩගින්න නිවන්න අපිට පුළුවන් උන නිසා.. :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,017
    113
    -In Darkness-
    මාත් මෙහෙම දෙයක් කළා දවසක්.. :yes:. වයසක සීයා කෙනෙක් කන්න ඉල්ලුවා..දුර ඉදන් ආවේ කොළඹ..ආයිත් යනකම් බඩගින්නේ..අතේ සල්ලි නෑ කිවුවා කන්න..පස්සේ මගේ යලුවෙකුයි මායි ඒ සීයව කඩේකට එක්කන් ගිහින් කන්න දෙයක් ගන්න කිවුවම පොඩි කෑමක් ගත්තා..බොන්න ප්ලේන් ටී එකක් ගත්තා..පස්සේ ඒවාට සල්ලි ගෙවලා ඉතුරු උන සල්ලිත් අපි ඒ වයසක සීයාට දීලා ආවා.. :) හිතට හරිම සතුටක් දැනුනා ඒ කරපු උදවුව නිසා..කෙනෙක්ගේ බඩගින්න නිවන්න අපිට පුළුවන් උන නිසා.. :)

    ඔව්. හිතට අමුතු සතුටක් දැනෙනවා තව කෙනෙක්ගේ බඩගින්නක් නිවුවානේ කියලා :yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමනම් ගිය අවුරුද්දේ පිං ගොඩාක් කර ගත්තා..
    පුලුවන් හැම වෙලේම පන්සලේ කඨින පූජා වලට ගියා..
    අන්තිමට කඨින පෙරහර කලෙත් අපේ කොල්ලෝ ටික එකතු වෙලා..
    මාරම සතුටු දවසක්.. සෑහෙන හොඳ කමෙන්ට්ස් හම්බුනා...

    ඒ වගේම ගිය අවුරුද්දට 3 පාරක් අනුරාධපුරේ රුවන්වැලි සෑය වැන්දා....

    මේ අවුරුද්දේ 4 පෝයටම කැලණි පන්සල් යන්න පටන් ගත්තා...:yes::yes::yes:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමනම් ගිය අවුරුද්දේ පිං ගොඩාක් කර ගත්තා..
    පුලුවන් හැම වෙලේම පන්සලේ කඨින පූජා වලට ගියා..
    අන්තිමට කඨින පෙරහර කලෙත් අපේ කොල්ලෝ ටික එකතු වෙලා..
    මාරම සතුටු දවසක්.. සෑහෙන හොඳ කමෙන්ට්ස් හම්බුනා...

    ඒ වගේම ගිය අවුරුද්දට 3 පාරක් අනුරාධපුරේ රුවන්වැලි සෑය වැන්දා....

    මේ අවුරුද්දේ 4 පෝයටම කැලණි පන්සල් යන්න පටන් ගත්තා...:yes::yes::yes:

    :):)
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    2008 - රුවන්වැලි මහා සෑය මල් පූජාව
    2009 - රුවන්වැලි මහා සෑය මල් පූජාව
    2009 - ජේතවනාරාමය වෙසක් මල් පූජාව
    (මේ සියලුම මල් පූජා වලින් , මලේ සුවද පැහැය භාග්‍යවතුන් වහන්සේට පූජා වේවා )

    2009- කැලණිය විද්‍යාලංකාර පිරිවෙණ ධාතු ප්‍රදර්ශනයට ගිලන්පස පූජාව.(විශේෂ පිගන් සහ කෝප්ප -රත්රන් අලෙපිතයි.-චතුමදුර පූජාව )
    2010 පොසොන් - සේරුවාවිල චුඩා මාණික්‍ය පූජා කිරීම.

    සන වෙනත් පින්කම් රැසක් මෙතනින් බලා ගත හැකිය.

    පින් කැමති සැදැහැවතුන් අනුමෝදන් වෙත්වා...!!!

    මේ සියලුම පින්කම් මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්

    http://www.aathaapi.org/RuwanWeliSeya2008.php
    http://www.aathaapi.org/RuwanWeliSeya2009.php
    http://www.aathaapi.org/Jethawanaramaya.php
    http://www.aathaapi.org/GilanpasaPujawa2009.php
    http://www.aathaapi.org/Seruwawila.php
    http://www.aathaapi.org/Vidyalankara.php
    http://www.aathaapi.org/Seruwawila2012.php
    http://www.aathaapi.org/Garaduwa_Dharmashalawa.php

    http://www.aathaapi.org/Medinnoruwa20130820.php
     
    Last edited: