මචන් අපි හොඳ වැඩක් හරියට කරාම පිනක් සහ කුසල කර්මයක් කියන දෙකම සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස අපිට මෛත්රී සිතක් පහල වෙලා දානයක් දුන්නා කියල හිතමු. මෙතැනදී අපිට පහල වූ මෛත්රී සිත හෙවත් ලෝභයෙන් තොර සිත තමයි කුසල කර්මය. අපිට ඒක මතක් වෙනකොට අපහු අලෝභ මෛත්රී සිතක් පහල වෙනවා. මේක තමයි කුසල කර්මය. මේ වගේ දන් දීල අලෝභ මෛත්රී සිත ආත්ම ගානක් දියුණු කරාම තමයි අවසානයේ අලෝභ අද්වේශ අමෝහ කියන තුනෙන් අලෝභ කියන සිත සදාකාලිකවම ඇති කරගෙන මාර්ගඵල ලබා ගන්න පුළුවන්. අද්වේශ අමෝහ කියන දෙකටත් මේ වගේ සිත පුරුදු කරන්න ඕනේ.
පින් කියන්නේ ලෞකික දේවල්. ඒ කියන්නේ අපි අකමැත්තෙන් දානයක් දුන්නත් පිනක් ලැබෙනවා. හැබැයි කුසල කර්මයක් නෑ. මාර්ගඵල ලබාගන්න කුසල කර්ම විතරක් මදි. කුසල් දියුණු කරගන්න හොඳ තැනක උපදින්න ඕනේ, හොඳ වටපිටාවක් තියෙන්න ඕනේ. හොඳ තැනක උපදින්න සහ කුසල් කිරීමට සුදුසු වටපිටාවක් ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ.
මාර්ගඵල ලබාගන්නවා කියන්නේ හරියට ගින්නක් හටගන්නවා වගේ.
අපේ සිත හරියට room එකක් වගේ,. කුසල් කරනවා කියන්නේ ගින්නක් පත්තු කරන්න වායු ගෝලයෙන් hydrogen එකතු කරනවා වගේ වැඩක්. අපේ room එකේ තියෙන අනිත් වායු හෙමින් අයින් කරන ගමන් hydrogen පුරවගන්නවා. කාලයත් සමග කුසල් සිත් දියුණු කරලා, ඒ කියන්නේ හරියට අපේ room එක hydrogen වලින් පුරවගත්තත් එක පාරට මාර්ගඵල ලබා ගන්න බෑ. එකට spark එකක් තියෙන්න ඕනේ. hydrogen ගිනිගන්න spark එකක්. එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. පොඩි spark එකකින් සිත දියුණු කරලා තියෙන පුද්ගලයෙක්ට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. හරියට spark එකෙන් room එකේ hydrogen ගිනි අරගන්නවා වගේ. ඊට පස්සේ ගින්න නීවී යනවා.