ගිය ආත්මය ආවර්ජනය(past life regression)

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මෝහනය කරනකොට අදියරෙන් අදියරට පස්සට ගෙනියනවා ,එතකොට අදාළ කාලයේ දේවල් එළීයට ගන්න පුලුවන්, ගොඩක් තොරතුරු මතකයේ රැදිලා තියෙනවා ,පොඩි ළමයෙක් ලේසියෙන් තමන්ගේ පෙර භවය ගැන කියන්නේ ඒ නිසයි, ළමයා ලොකු වෙනකොට ඒවා අමතක වෙනවා තමයි නමුත් මෙතන අමතක වෙනවා කියලා කියන්නේ වැලි කැට ජලයේ පතුලට කිදා බහිනවා වගේ දෙයක්. දැන් අපි අද පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතන්න, ඊට පස්සේ අපි අවුරුද්දකට පස්සේ revision කරන්නේ ඇයි? ඒ මොකද අපි ඉගෙන ගත්ත දේ උඩට මතු කරලා ගන්නයි, revision වල තේරුම එකයි, අපේ මනස සකස් වෙලා තියෙන්නේ ඒ විදියටයි, අපි වැඩියේ භාවිතා කරන තොරතුරු උඩට එනවා, එහෙම නැති ඒවා යටට යනවා, ඒවා නමුත් අමතක වෙන්නේ නෑ, අපිට ඒ පරන දේවල් මතු කරලා ගන්න පුලුවන් නැවත නැවතත් ඒ ගැන සිතා බැලීමෙන්. මොළය වැඩ කරන්නේ hard disk එකක් වගේ නෙවෙයි, data overwrite වීමක් නෑ. මෝහනයෙන් මේ භවයේ දේවල් විතරක් නෙවෙයි කලින් භවයේ තොරතුරුත් අදුනාගන්න පුලුවන්. අපි මෝහනය කරලා අදුනාගන්න තොරතුරු සහතික කරගන්න ක්‍රමයක් නෑ ,නමුත් මෝහනය කරාම කිසිම කෙනෙක් බොරු කියන්නේ නෑ.

:yes::yes::yes: සමහර රටවල් අපරාධ සම්බන්ධයෙන් ගැටලූ සහිත අවස්ථා වලදි මෝහන ක්‍රමය යොදාගන්නවා සැකකරුවන්ව ප්‍රශ්ණ කරන්න
 
Last edited:

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

ස්වයං මෝහනය යනු කුමක්ද? ස්වයං මෝහනය යනු මෝහනයේම තවත් එක් වර්ගයක්. මෙය සිදුවන්නෙ යම් පුද්ගලයක් තමන් විසින් තමන්ටම සිදුකරන ස්වයං යෝජනා මාලාවක් මගිනුයි.මීට අමතරව අප නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනව. හිතල බලන්න ඔබ වඩාත් ආදරය කරන ගීතයක් වාදනය වන අවස්ථාවක් පිළිබඳව.ඔබ නොදැනුවත්වම වෙනත් ලෝකයකට ගමන් කරනව නේද?,මතක් කරල බලන්න ඔබ වඩාත් කැමති චිත්‍රපටයක් නැරඹූ අවස්ථාවක් පිලිබඳව ඔබ එම චිත්‍රපටයේ චරිත අතර සැරිසරන්න ඇති.ඉතින් මම ඔබට ඉහතින් ඉදිරිපත් කලේ ඔබ නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්විය හැකි අවස්ථා දෙකක් පිලිබඳව.ඉතින් දැන් ඔබට තේරෙනව ඇති මේ ස්වයං මෝහනය යනු බොහොම ස්වාභාවික කාර්යාවලියක් බව ඒ වගේම ඔබට පැවසිය යුතුඅනෙක් වැදගත් කරුණ නම් මෙය කිසිදු හානියකින් තොර කාර්යාවලියක් බව. මම හිතනව ඔබට දැන් ස්වයං මෝහනය පිලිබඳව මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියල.


STEP-01
පලමුවෙන්ම ඔබ නිශ්ෂබ්ද කාමරයක් තෝරාගන්න. අනතුරුව සුව පහසු පුටුවක හෝ ඇඳක් මත වාඩි වන්න. ඔබගේ අත් හෝ කකුල් එක මත එක තඛාගැනීමෙන් වලකින්න. කිසිදු හේතුවක් මත ඇඳමත දිගාවීමෙන් වලකින්න මන්ද යත් ඔබට නින්දයාමට ඇති අවස්ථාව වැඩි වීමයි.


STEP-02
පැය 1/2 පමණ කාලයක් ඇතුලත කිසිදු බාධාවක් නොවන ලෙස පරසරය සකස් කර ගන්න. ඔබ සතුව ජංගම දුරකතනයක් ඇත්නම් එය off කර පැත්තකින් තබන්න.

STEP-03
දැන් සෙමින් ඔබගේ ඇස් පියාගන්න. ඔබගේ මනසේ ඇති පීඩනය, භය, විඩාව, feelings ආධිය ක්‍රමානුකූලව ඉවත්කරන්න. මුලදී ඔබට මෙම feelings පාලනය කර ගැනීමට අපහසු වුවත් ඔබගේ මනසට පැමිනෙන හැගීම් බලහත්කාරයෙන් නැවැත්වීමට උත්සාහ නොකරන්න. ඒවාට නිදහසේ ගලා යාමට ඉඩදෙන්න. මෙම පියවරේදී ඔබට ආනපානසති භාවනාව වුවත් යොදාගත හැකියි.

STEP-04
ඔබගේ ශරීරයේ ඇති පීඩනය හදූනාගන්න. ඔබගේ පාදවල ඇගිලි වලින් පටන්ගෙන ඔඛගේ ශරීරයේ ඇති පීඩනය ක්‍රමානුකූලව ඉවත් වී නැතිවීයන ආකාරය සිතින් දකින්න. මෙලෙස පීඩනය ඉවත්වූ කොටස් දිගින් දිගටම සැහැල්ලු වන ආකාරය සිතින් දකින්න. මෙලෙස ඔබගේ පාදවල ඇගිලි සැහැල්ලු කරන්න. මීලගට ඔබේ පාදය, කලව, බඩ, පපුව, අත් අවසානයේදී බෙල්ල සහ හිසද සැහැල්ලු කරන්න. ඔබ සිතින් මවාගත් ඕනෑම දෙයක් මෙම කාර්යාවලිය සඳහා හාවිතා කල හැකියි. උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙන් වේගයෙන් ඇතුල්වන ජල පහරක් මගින් ශරීරයේ ඇතිවන පීඩනය ක්‍රමානුකූලව ගසාගෙන යනවා දැකීම.

STEP-05
සෙමින් ගැඹුරු හුස්ම ලබාගන්න. ඉන්පසු ඔබ ප්‍රශ්වාස කරන වට ඔබගේ ශරීරය තුල ඇති පීඩනය සහ සෘන සිතුවිලි අදූරු දුමක් ලෙස ඔබගේ ශරීරයෙන් ඉවත්වීයන ආකාරය දකින්න. ඔබ නැවත ආශ්වාස කරන විට එම ආශ්වස වාතය සමග දීප්තිමත් ආලෝකයක් සහිත ශක්තිය ඔබ තුලට ඇතුල්වන ආකාරය දකින්න.

STEP-06
තේරුම්ගන්න ඔබ දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ඇති බව. සිතින් මවාගන්න පඩි 10 ක් සහිත තරප්පු පෙලක්. එහි 5 වනි පඩියේ සිට පහලට ඇති කොටස ජලයේ ගිලිලයි පවතින්නෙ. දැන් ඔබ 10 වෙනි පඩියේ සිට සෙමින් පහලට බසින්න. බසින සෑම පඩියක් පාසාම පඩියේ අංකය සිතින් දකින්න ඒ වගේම ඔබ අවට ඇති වට පිටාව පිලිබඳවත් හොඳින් අවධානය යොමු කරන්න. ඔබ 5 වැනි පඩියේ සිට පහලට බසින විට ඔබගේ ශරීරයට ජලයේ සිසිලස දැනෙන ආකාරය දකින්න. වගේම ඔබ පා තබන සෑම පඩියක් පාසාම ඔබ තදින්ම සැහැල්ලු වනවා ඇත.

STEP-07
ඔබ දැන් සිටින්නෙ තරප්පු පෙලේ පහලම කොටසෙ. ඔබට මෙම අවස්ථාවේදී දැනෙන්නෙ ඔබ ජලය තුල පාවෙන්නාක් බදූ හැගීමක්. මෙම අවස්ථාවේදී ඔබට ඇති ප්‍රශ්න සාකච්චා කල යුතුයි. ඔබ දකින්න දිය යට ඇති පෙට්ටි කිහිපයක් මෙම එක් පෙට්ටියේ ඔබට දියුණු කරගතයුතු ගුනාංග ඇතුලත් කර තබන්න. උදාහරනයක් ලෙස ඔඛට අවශ්‍යය ඔබේ මතක ශක්තිය වැඩිකරගැනීමටනම් ඔබ යම් පෙට්ටියක් විවෘත කරන විට එයින් නිකුත් වන ශක්තියෙන් ඔබගේ මතක ශක්තිය වැඩිවන ආකාරය සිතින් දකින්න. ඒ වගේම ඔබට මෙම අවස්ථාවේදී ස්වයං යෝජනා ඔබගේ සිතට ඉදිරිපත් කරන්නත් පලුවන්.

STEP-08
ඔබගේ මනාපය පරිදි නැවත නැවතත් ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් 2 හෝ 3 වතාවක් පමණ සෑහේ.

STEP-09
ඔබ සෑහිමකට පත්වූ පසු නැවතත් තරප්පු පෙල දිගේ සෙමින් ඉහලට පැමිණෙන්න.

STEP-10
ඔබ ඉහලට පැමිනි පසු ඇස් විවෘත කිරීමට පෙර මිනිත්තු කිහිපයක් නිශ්චලව සිටින්න. දැන් සෙමින් ඔබගේ ඇස් වීවෘත කරන්න.

ගත්තේ මෙතැනින්

http://everythinginuns.blogspot.com/2014/08/10-ten-steps-to-self-hypnosis.html



 

thanujaka

Well-known member
  • මෝහනය කරනකොට අදියරෙන් අදියරට පස්සට ගෙනියනවා ,එතකොට අදාළ කාලයේ දේවල් එළීයට ගන්න පුලුවන්, ගොඩක් තොරතුරු මතකයේ රැදිලා තියෙනවා ,පොඩි ළමයෙක් ලේසියෙන් තමන්ගේ පෙර භවය ගැන කියන්නේ ඒ නිසයි, ළමයා ලොකු වෙනකොට ඒවා අමතක වෙනවා තමයි නමුත් මෙතන අමතක වෙනවා කියලා කියන්නේ වැලි කැට ජලයේ පතුලට කිදා බහිනවා වගේ දෙයක්. දැන් අපි අද පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතන්න, ඊට පස්සේ අපි අවුරුද්දකට පස්සේ revision කරන්නේ ඇයි? ඒ මොකද අපි ඉගෙන ගත්ත දේ උඩට මතු කරලා ගන්නයි, revision වල තේරුම එකයි, අපේ මනස සකස් වෙලා තියෙන්නේ ඒ විදියටයි, අපි වැඩියේ භාවිතා කරන තොරතුරු උඩට එනවා, එහෙම නැති ඒවා යටට යනවා, ඒවා නමුත් අමතක වෙන්නේ නෑ, අපිට ඒ පරන දේවල් මතු කරලා ගන්න පුලුවන් නැවත නැවතත් ඒ ගැන සිතා බැලීමෙන්. මොළය වැඩ කරන්නේ hard disk එකක් වගේ නෙවෙයි, data overwrite වීමක් නෑ. මෝහනයෙන් මේ භවයේ දේවල් විතරක් නෙවෙයි කලින් භවයේ තොරතුරුත් අදුනාගන්න පුලුවන්. අපි මෝහනය කරලා අදුනාගන්න තොරතුරු සහතික කරගන්න ක්‍රමයක් නෑ ,නමුත් මෝහනය කරාම කිසිම කෙනෙක් බොරු කියන්නේ නෑ.

    පොඩි ළමයි පෙර ආත්මේ කියනවා කියල කරන්නේ කතා ගෙතිල්ලක්..
    සාර්ථකව පෙර ආත්මේ කියපු එක ළමයෙක් වත් ඉන්නවද?
    කියපුව සේරම පස්සේ බොරු කියල අහුවෙනවා..
    ඔව්.. උඹ කියන දේ හරි.. මොලය කියනදේ තියෙන්නේ මගේ මේ ආත්මේ ශරීරයේ..
    මම මැරුණම මොළෙත් ඒ ශරීරෙ දාලමයි යන්නේ.. ඊලග ආත්මේ මගේ ශරීරයේ මොලයක් අමුතුවෙන්ම හැදෙනවනේ.. ඉතිං මං මැරුණු ආත්මේ මොලේ තියෙන මතකයන් කොහොමද මේ ආත්මෙ මොලයට මාරු වෙන්නේ.. එතන ඒ ඩේටා මාරු වෙන්නේ කොහොමද..
    අපි revision කරන එකයි පෙර ආත්මෙක දේවල් මතක් වෙනවයි කියන එකයි 100%ක්ම නොගැලපෙන 100%ක්ම එකකට එකක් වෙනස් කතාවක්..
    අපි රිවිෂන් කරලා ගිය ආත්මේ ඉගෙනගත්ත ගණන් පාඩම් මතක් කරගන්නේ නෑනේ බං..
    මේ ආත්මේ, මේ ශරීරයේ හටගත්තු මොලේට අපි දාපු දේවල් නැවත ආවර්ජනාවක් විතරයි එතනදි වෙන්නේ..
    ඔය revision කතාවයි hard disk, data overwrite වෙන කතාවයි මෙතනදී කොහොමත්ම අදාළ කරගන්න එපා.. ඒ සේරම ඇත්ත.. ඔය උඹ කියන කතන්දර සේරම කරලා අපි කරන්නේ මේ ආත්මේ, මගේ මේ උප්පත්තියේදී, මගේ මේ ශරීරයේ හටගත්ත මොලයට මම දාපු තොරතුරු කලත්තන එක විතරයි.. එහෙම කරලා යට ගිය දේවල් උඩගන්න එක හරි..
    ගිය ආත්මෙක මගේ ශරීරයක තිබුන මොලයක තිබ්බ මතක, මගේ මේ ආත්මෙදි මේ ශරීරයේ හටගත්ත අලුත් මොලේ හාරවුස්සල එහෙමත් නැත්තන් උඹ ඔය කියන විදිහට revision කරලා ගන්නේ කොහොමද?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොඩි ළමයි පෙර ආත්මේ කියනවා කියල කරන්නේ කතා ගෙතිල්ලක්..
    සාර්ථකව පෙර ආත්මේ කියපු එක ළමයෙක් වත් ඉන්නවද?
    කියපුව සේරම පස්සේ බොරු කියල අහුවෙනවා..
    ඔව්.. උඹ කියන දේ හරි.. මොලය කියනදේ තියෙන්නේ මගේ මේ ආත්මේ ශරීරයේ..
    මම මැරුණම මොළෙත් ඒ ශරීරෙ දාලමයි යන්නේ.. ඊලග ආත්මේ මගේ ශරීරයේ මොලයක් අමුතුවෙන්ම හැදෙනවනේ.. ඉතිං මං මැරුණු ආත්මේ මොලේ තියෙන මතකයන් කොහොමද මේ ආත්මෙ මොලයට මාරු වෙන්නේ.. එතන ඒ ඩේටා මාරු වෙන්නේ කොහොමද..
    අපි revision කරන එකයි පෙර ආත්මෙක දේවල් මතක් වෙනවයි කියන එකයි 100%ක්ම නොගැලපෙන 100%ක්ම එකකට එකක් වෙනස් කතාවක්..
    අපි රිවිෂන් කරලා ගිය ආත්මේ ඉගෙනගත්ත ගණන් පාඩම් මතක් කරගන්නේ නෑනේ බං..
    මේ ආත්මේ, මේ ශරීරයේ හටගත්තු මොලේට අපි දාපු දේවල් නැවත ආවර්ජනාවක් විතරයි එතනදි වෙන්නේ..
    ඔය revision කතාවයි hard disk, data overwrite වෙන කතාවයි මෙතනදී කොහොමත්ම අදාළ කරගන්න එපා.. ඒ සේරම ඇත්ත.. ඔය උඹ කියන කතන්දර සේරම කරලා අපි කරන්නේ මේ ආත්මේ, මගේ මේ උප්පත්තියේදී, මගේ මේ ශරීරයේ හටගත්ත මොලයට මම දාපු තොරතුරු කලත්තන එක විතරයි.. එහෙම කරලා යට ගිය දේවල් උඩගන්න එක හරි..
    ගිය ආත්මෙක මගේ ශරීරයක තිබුන මොලයක තිබ්බ මතක, මගේ මේ ආත්මෙදි මේ ශරීරයේ හටගත්ත අලුත් මොලේ හාරවුස්සල එහෙමත් නැත්තන් උඹ ඔය කියන විදිහට revision කරලා ගන්නේ කොහොමද?

    ඒකනේ, මේ field එක ගැන දන්නේ නෑ කියන්නේ, පොඩි ළමයි කථා ගොතන්නේ නෑ. සමහර විට එක් කෙනෙක් දෙන්නෙක් එහෙම කරනවා ඇති නමුත් මේවා ගැන වාර්තා වෙලා තියෙනවා ලෝකය පුරාම.
    මොළය කියන්නේ host එකක් විතරයි, ජීවය තියෙන්නේ මනසේ.
     

    thanujaka

    Well-known member
  • ඒකනේ, මේ field එක ගැන දන්නේ නෑ කියන්නේ, පොඩි ළමයි කථා ගොතන්නේ නෑ. සමහර විට එක් කෙනෙක් දෙන්නෙක් එහෙම කරනවා ඇති නමුත් මේවා ගැන වාර්තා වෙලා තියෙනවා ලෝකය පුරාම.
    මොළය කියන්නේ host එකක් විතරයි, ජීවය තියෙන්නේ මනසේ.

    අහ්හ් උඹ ෆීල්ඩ් එක දන්නා එකා මට එහෙනං කියපන්කො මතකය කියන දේ තියෙන්නේ මොලයේද මනසේද?
    මෝහනය කරලා අවුසන්නේ ජීවයද මතකයද?
    ඔන්න ඕකයි උඹල පටලවන් ඉන්නේ..
    මතකය තියෙන්නේ උබේ මොලේ..
    උබේ මොලේ උබ මළාම වලදානවා..
    උබ මළාම වළදාපු මොලේ තිබ්බ මතක අලුත් මොලේට මාරුවෙන්නේ කොහොමද කියන සරල කතාව මම උඹෙන් අහන්නේ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අහ්හ් උඹ ෆීල්ඩ් එක දන්නා එකා මට එහෙනං කියපන්කො මතකය කියන දේ තියෙන්නේ මොලයේද මනසේද?
    මෝහනය කරලා අවුසන්නේ ජීවයද මතකයද?
    ඔන්න ඕකයි උඹල පටලවන් ඉන්නේ..
    මතකය තියෙන්නේ උබේ මොලේ..
    උබේ මොලේ උබ මළාම වලදානවා..
    උබ මළාම වළදාපු මොලේ තිබ්බ මතක අලුත් මොලේට මාරුවෙන්නේ කොහොමද කියන සරල කතාව මම උඹෙන් අහන්නේ..

    මේ ගැන මට මතකයි එක පත්තරයකත් දාලා තිබ්බා, ඒක මිනිහෙක්ගේ operation එකකදි, ඒ මිනිහගේ මනස ඉහළ ඉදලා තමන්ගේ සැත්කම දිහා බලාගෙන ඉදලා තියෙන හැටි, පස්සේ ඒ මිනිහා ඒක විස්තර කරලා තියෙනවා. එතකොට දත්ත රැස් වෙන්නේ මොළයේ නෙවෙයි, මොළය අපේ විඤ්ඤාණයට host එකක් වෙනවා විතරයි.
     

    thanujaka

    Well-known member
  • මේ ගැන මට මතකයි එක පත්තරයකත් දාලා තිබ්බා, ඒක මිනිහෙක්ගේ operation එකකදි, ඒ මිනිහගේ මනස ඉහළ ඉදලා තමන්ගේ සැත්කම දිහා බලාගෙන ඉදලා තියෙන හැටි, පස්සේ ඒ මිනිහා ඒක විස්තර කරලා තියෙනවා. එතකොට දත්ත රැස් වෙන්නේ මොළයේ නෙවෙයි, මොළය අපේ විඤ්ඤාණයට host එකක් වෙනවා විතරයි.

    ඔන්න ඕක තමයි ලොකුම වැරැද්ද..
    Youtube එකේ මොකක් හරි වීඩියෝ එකක් දැක්කම, නිව්ස් එකක මොකක් හරි දැක්කම හානේ ඇත්තනේද කියල සේරම විශ්වාස කරන්න යන එක..
    මිනිස්සු ජනප්‍රිය වෙන්න ඔය වගේ බොරු කතා ඕන තරං කියනවා..
    මටත් පුළුවන් නේ බං හෙට පත්තරේට කියන්න මම නිදාගෙන ඉන්නකොට මාව මගේ ඇගෙන් එලියට ගියා.. මම මාවම දැක්ක.. අගට මාර සැහැල්ලුවක් දැනුනා මාව පාවෙලා පාවෙලා ඈතට ගියා කියල බයිලාවක් කියන්න.. එතකොට උඹ එකත් විශ්වාස කරනවද...
    දත්ත රැස් වෙන්නේ මොලේ නෙමේ නං මෝහනය කරලා ආත්ම ගානක තොරතුරු රිකවර් කරන්න පුළුවන් වෙන්න එපයි බං එහෙනං..
    මතකය තියෙන්නේ ඒ ඒ ආත්මේ ශරීරයට ලැබෙන මොලේ නෙමෙයි මනසේ නං අපි මේ සංසාරය පුරා ඇවිදිද්දී උපන් හැම ආත්මයකම මතකය උඹ ඔය කියන මනසේ තියෙන්න එපයි..
    එහෙමනං උඹ කියන කතාව අනුව ආත්ම 50ක් උනත් මෝහනය කරලා මතක අවුසන්න පුළුවන් වෙන්න ඕනේ..
    කොහෙවත් පබ්ලිෂ් වෙන නිවුස් බල බල දේවල් කිරල මැනල බලන්න යන්න එපා..
    මම දෙයක් ඉගෙනගත්ත නං ඒක මතකයක් වෙලා මගේ මොලේ තියෙන්නේ.. මම දෙයක් දැක්ක අහුවනං එක මතකයක් වෙලා මගේ මොලේ තියෙන්නේ..
    දැන් මං මැරිලා ලබන ආත්මේ පොඩි එකක් වෙලා ඉපදුනාම මේ ආත්මේ මගේ මතක ඒ ආත්මේ පොඩි එකා වෙලා ඉපදෙන මට කොහොමද මතක තියෙන්නේ? ඒ මොලේ වලේ..
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    thread එක කියවන්න උනේ නෑ :sorry:
    යටිසිත ගැන ප්‍රශ්න තියෙනවා නං පිලිවලට අහන්න අයියලා එකින් එකට උත්තර දෙන්නන් :P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අහ්හ් උඹ ෆීල්ඩ් එක දන්නා එකා මට එහෙනං කියපන්කො මතකය කියන දේ තියෙන්නේ මොලයේද මනසේද?
    මෝහනය කරලා අවුසන්නේ ජීවයද මතකයද?
    ඔන්න ඕකයි උඹල පටලවන් ඉන්නේ..
    මතකය තියෙන්නේ උබේ මොලේ..
    උබේ මොලේ උබ මළාම වලදානවා..
    උබ මළාම වළදාපු මොලේ තිබ්බ මතක අලුත් මොලේට මාරුවෙන්නේ කොහොමද කියන සරල කතාව මම උඹෙන් අහන්නේ..

    මතකය තියෙන්නේ මොලයේ ... :yes: අපේ ශරීරය කියන්නේ හරියට යන්ත්‍රයක් වගේ ... එකේ එන්ජින් එක තමයි මොලය .. එකේ පවර් සෝස් එකක් තමයි මනස ..
    මනස කියන්නේ ශක්තියක් .. විශ්ව ශක්තිය වගේ .. මනස කියන එක ගැන මවා ගන්නකොට ඒක අපිට දකින බැරි දෙයක් වුනත් බල්බ් එකක් නැති ලයිට් එළියක්(ශක්ති ප්‍රභවයක්) විදිහට හිතා ගත්තම ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා ..
    ඒ කිව්වේ මෙහෙමයි .. මනස කියන ශක්ති ප්‍රභවය අවකාශයේ කැරකි කැරකි තියෙනවා .. එතකොට කොහේ හරි අම්ම කෙනෙක් ගේ බඩින් මිනිසා කියන යන්ත්‍රයක් නිපදවන්න පටන් ගන්නවා කියල ඔන්න ඒ ශක්ති ප්‍රභවයට දැනෙනවා .. එතකොට ඒ ශක්ති ප්‍රබවය ඒ නිපදවෙන යන්ත්‍රයේ මොලය කියන කොටසට ගිහින් තැන්පත් වෙනවා . එතකොට එකට ජීවය ලැබෙනවා ..
    එතකොට අපි ඒ ශක්ති ප්‍රභවය හදුන්වනවා මනස කියල ... මනස කරන්නේ මොලෙයට අවශ්‍ය ජීව ශක්තිය සපයන එක .. මොලේ කියන යන්ත්‍රයේ එක කොටසක තමයි මතකය තැන්පත් වෙන්නේ.. හරියට හාඩ් ඩිස්ක් එකක් වගේ ..
    එත් අපි ජීවිතයේ දි ලබන අත්දැකීම් තමයි මතකය කියන කොටසට අයත් වෙන්නේ .. මනස කියන කොටසට අයත් වෙන්නේ අපි හිතන විදිහ .. තීරණ ගන්න විදිහ .. අපි බය මොනවටද .. බය නැත්තේ මොනවටද කියන එක තැන්පත් වෙලා තියෙන්නේ මනසේ .. එහෙම නැත්තන් මම අර කිව්ව ශක්ති ප්‍රභවයේ ...
    එතකොට දැන් තියෙන ප්‍රශ්නේ ඒ ශක්ති ප්‍රභයට කොහොමද අපි තීරණ ගන්න විදිහ , හිතන පතන විදිහ ඇතුලත් වෙන්නේ කියල නෙ ? එක වෙන්නේ අපේ කර්ම ශක්තිය අනුව ...
    එතකොට මෝහනයේදී වෙන්නේ , මතකය සහ මනස කියන දෙකේම අවදි වීමක් .. මතකයෙන් අපේ අත්දැකීම් සහ අසාවන් වගේ දේවල් දැන අවධි වෙනවා .. මනස කියන එකෙන් වෙන්නේ අපි ඒ තීරණ වලට ආවේ කොහොමද .. එහෙම එන්න අපි හිතුවේ කොහොමද කියන කාරනා ... :yes: