මෝහනය කරනකොට අදියරෙන් අදියරට පස්සට ගෙනියනවා ,එතකොට අදාළ කාලයේ දේවල් එළීයට ගන්න පුලුවන්, ගොඩක් තොරතුරු මතකයේ රැදිලා තියෙනවා ,පොඩි ළමයෙක් ලේසියෙන් තමන්ගේ පෙර භවය ගැන කියන්නේ ඒ නිසයි, ළමයා ලොකු වෙනකොට ඒවා අමතක වෙනවා තමයි නමුත් මෙතන අමතක වෙනවා කියලා කියන්නේ වැලි කැට ජලයේ පතුලට කිදා බහිනවා වගේ දෙයක්. දැන් අපි අද පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතන්න, ඊට පස්සේ අපි අවුරුද්දකට පස්සේ revision කරන්නේ ඇයි? ඒ මොකද අපි ඉගෙන ගත්ත දේ උඩට මතු කරලා ගන්නයි, revision වල තේරුම එකයි, අපේ මනස සකස් වෙලා තියෙන්නේ ඒ විදියටයි, අපි වැඩියේ භාවිතා කරන තොරතුරු උඩට එනවා, එහෙම නැති ඒවා යටට යනවා, ඒවා නමුත් අමතක වෙන්නේ නෑ, අපිට ඒ පරන දේවල් මතු කරලා ගන්න පුලුවන් නැවත නැවතත් ඒ ගැන සිතා බැලීමෙන්. මොළය වැඩ කරන්නේ hard disk එකක් වගේ නෙවෙයි, data overwrite වීමක් නෑ. මෝහනයෙන් මේ භවයේ දේවල් විතරක් නෙවෙයි කලින් භවයේ තොරතුරුත් අදුනාගන්න පුලුවන්. අපි මෝහනය කරලා අදුනාගන්න තොරතුරු සහතික කරගන්න ක්රමයක් නෑ ,නමුත් මෝහනය කරාම කිසිම කෙනෙක් බොරු කියන්නේ නෑ.


සමහර රටවල් අපරාධ සම්බන්ධයෙන් ගැටලූ සහිත අවස්ථා වලදි මෝහන ක්රමය යොදාගන්නවා සැකකරුවන්ව ප්රශ්ණ කරන්න
Last edited:


