මට උඹ දාපු ත්රඩ් එක නිසා පරණ සීන් එකක් මතක් වුණා.. ඔන්න මම වැඩ කරන තැන පොරකගෙ උපන්දින පාටියක් තිබුණා.. ඕකට ඉතින් උගේ ගමේ යාළුවොත් ඇවිල්ලා හිටියා.. අපේ සෙට් එකත් හැන්දෑ වෙන්න ඔය පැත්තට ගියා.. බොන්නත් තිබුණා.. ඌට විෂ් කරලා අපි ඉතින් අර අනිත් කොල්ලො එක්ක ඩ්රින්ක් එක දාන්න සෙට් වුණා.. ඊට පස්සෙ උන් සිංදු කියන්න පටන් ගත්තා.. කොහොම උනත් සිරාවට සිංදු කියන්න පුළුවන් සෙට් එකක් හිටියා.. ඕකෙ කිව්වා මිල්ටන් මල්ලවආරච්චි මහත්තයගෙ එදා රෑ ගුවන් තොටුපලේදී මා කියන සිංදුව.. ලස්සනටම කිව්වා කොල්ලෙක්.. ඉතින් ඔය සිංදුව කියලා ඉවර උනාම එකෙක් කිව්වා මෙහෙම දෙයක්..
මචං ඔය සිංදුවෙ හැටියට ආසිරී වගේ යාළුවෙක් අපිටත් හම්බවෙනවා නම් කොච්චර හොදයි.. ඌට කොච්චර යාළුවො හිටියත් අන්තිමට ආසිරී විතරයි උගේ දුකට හිටියෙ.. අපේ එවුනුත් ඉන්නෙ තියෙනකන් විතරනෙ.. නැති දාට දාලා යනවා.. බලපං ඌ ගුවන්තොටුපලටත් ගිහින් ඌ රට යනකොට..
දැන් ඉතින් කට්ටිය අන්දුන්කුන්දුන් වෙලා බලන් ඉන්නවා මූ කියන එක.. එකෙක් ඇහුවා මොන ආසිරීද කියලා.. මේකා ඒපාර කිව්වා මෙහෙම
ඇයි යකෝ තේරෙන්නෙ නැද්ද ඔය සිංදුවෙ කියන්නෙ නෑ සිය මිතුරන් පැමිණිලා.. ආසිරී සුභපැතුම් පැතුවා ඔබ නාවෙ ඇයි මිහිරියේ කියලා..
ඒත් අපිට සීන් එක තේරුනේ නෑ.. පස්සෙ ඌ මෙහෙම පැහැදිලි කලා..
යකෝ නෑ සිය මිතුරන් පැමිණිලා.. ඒ කිව්වෙ උගේ එක මිතුරෙක්වත් ඇවිල්ලා නෑ.. ඒත් අර ආසිරී ඇවිල්ලා තිබුණා කියලා.. අපේ එකෙක්ට බිබී හිටපු බියර් එකත් හිරවුණා ඌ කියපු එකට..
ඕවා කියනකොට මට මතක් වෙනවා,
මට මුලු ලොවම ඔබයි....
ඔබයි රම්ය සද එලිය.... වගේ කතන්දර





